බීඩි_බොමු

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    සිගරට් පානය කිරීමේදී ශරීරයට සිදුවන හානියට වඩා බීඩි පානය කිරීමේදී සිදුවන හානිය අඩුබව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා.
    කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.


    දැනට දුම්වැටි වලට පනවා ඇති බදු ඉහළ දැමීම බීඩි ඇතුළු විකල්ප දුම්කොළ නිෂ්පාදන සඳහා ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ බීඩි නිෂ්පාදන සඳහාද බදු ක්‍රියාත්මක බවයි.


    මිල වැඩි කිරීම නිසා සිගරට් භාවිතාව සහ දුම් පානය අඩුවී ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියා.


    බීඩි නිෂ්පාදනයට යොදාගන්නා අමුදුව්‍ය වලින් ශරීරයට සිදුවන හානියට සාපේක්ෂව දුම්වැටියක අඩංගු සංඝටක රැසකින් සිරුරට අහිතකර බලපෑම් එල්ලවන බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ.
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    tumblr_m9xk3mOLfe1qipvddo1_1280.jpg