බීපු කතා

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අපේ එක එකා බිලා ගෙදරට මාට්ටු වෙච්ච කතා හෙන ගොඩක් තියනවා. මේක දාපුවාම වෙන එවුන්ටත් බීලා මාට්ටු වෙච්ච කතා කෝටියක් උනත් දාන්න පුලුවං. මම දන්න තරමට අපේ ඔෆිස් එකේ එවුන්ගෙං ධම්මිකය තරං බීලා ගෙදරට මාට්ටු වෙච්ච එකෙක් නෑ. ඌ බීලා මහ රැ ගෙදර යන්නේ. :yes:

    එක දවසක් ඕකා අම්ම රෑ දොර අරිනකොට මූන හංගගන්න බිම බලාගෙන පාපිස්සේ කකුල පිහිනකොට කකුල පැටලිලා බිමවැටිලා නලලේ මැහුම් තුනක් දැම්මා.:shocked:

    ඕකට මඩට කියන එක සූටි මඩ කතාවක් තමා මේක. දම්මිකය බීල ගෙදර ගියපු දවසක කොච්චර බීපු එක හංගන්න හැදුවත් අම්මට හරි තාත්තට හරි වැඩේ මාට්ටු වෙනවා. දවසක් දම්මිකය ඔෆිස් එකේ කට්ටියත් එක්ක පදමට සෙට් වෙලා ඊට පස්සේ ගෙදර ගියා. දම්මිකය ගෙදර යනකොට ගෙදර අම්මයි තාත්තයි සාලෙට වෙලා ටීවී බලනවා.:sorry:
    දම්මිකයා හිමිට කාමරේට රිංගලා ඇඳුම මාරුකරගෙන ලිඳට ගිහිල්ලා නෑවා. මූ හොඳට නලා ඇඟ එහෙම පිහ දාගෙන සරම්ක් ඇඳලා තුවායත් කරේ දාගෙන , සාලේ අම්මලා ඉන තැනට ඇවිල්ල හොඳ මිනිහා වගේ ඉඳගෙන ටීවී බලන්න ගත්තා.
    :cool:


    එතකොට දම්මිකයගෙ තාත්තා කිව්වා ”ධම්මික උඹ අදත් බිව්ව නේද? “:shocked:


    “නැ තාත්තේ. පිස්සුද මම බිලා නැ” දම්මිකයා මොකූත් දන්නෙ නැති ගානට කිව්වා :nerd:
    “තමාට හොඳටම විස්වාසද?”:frown:
    “ඔව් තාත්තේ….. ඔව් ”:yes:


    එතකොට දම්මිකයගෙ තාත්තා කිව්වා “එතකොට තමුසේ දැං නානකොට සපත්තු මේස් දාගෙන නෑවේ කකුල් දෙකට සීතල වදින හිංදද?”
    :shocked::lol::lol:
    :sorry: :sorry: :sorry: :sorry: :sorry:
    .
    .

    පජාතයි නේද...?
    .
    .
    :sorry: :sorry: :sorry: :sorry: :sorry: