බීමත්ව ඊය පැදවීම
අධික ලෙස බීමත්ව මෝටර් වාහන කීපයක් හප්පා දමා පොලිස් මාර්ග බාධක පහකද නොනවත්වා ගමන් කරමින් ඊයේ (21 වැනිදා) අලුයම කොළඹ නගරය දෙවනත් කළ මෝටර් රථයක් පැදවූ පුද්ගලයකු පැයකට ආසන්න කාලයක් තිස්සේ කළ මෙහෙයුමකින් පසු එම රථයට වෙඩි තබා බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත.
බීමත් පුද්ගලයා පැදවූ මෝටර් රථය පසු පස පන්නාගෙන ගිය පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ නිලධාරීන් ඇතුළු පොලිස් ස්ථාන හතරක නිලධාරීන් මෝටර් රථයේ ටයර්වලට වෙඩි තැබීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ආයුර්වේද හන්දියේදීය.මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක නිරතවූ අයෙකි. සැකකරු රථවාහන අධිකරණය වෙත ඊයේ පෙරවරුවේ ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් හයදහසක මුදල් ඇපයක් මත ඔහු මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරුගේ රියදුරු බලපත්‍රය මාස 6 කට අවලංගු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.
පැයකට ආසන්න කාලයක් තිස්සේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් වාහන කීපයකින් මෙම බීමත් රියදුරු ධාවනය කළ මෝටර් රථය පසු පස පන්නාගෙන යැම චිත්‍රපට ජවනිකාවක් බඳු විය.
සැකකරු පෙරේදා මධ්‍යම රාත්‍රි 12.00 ට ගාලු පාර දෙස සිට සිය මෝටර් රථය ධාවනය කරගෙන කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයට පැමිණ ඇත. එහිදී ස්ථාන කීපයකදීම වාහනය නතර කරන ලෙස පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් නියෝග කළද සැකකරු නොනවත්වාම රිය ධාවනය කළේය.
පසුව පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ වාහන කීපයක් සහ කුරුඳුවත්ත, බොරැල්ල, කොල්ලුපිටිය පොලිස් ස්ථානවල වාහනද මෙම සැකකරු ධාවනය කළ රථය පසුපස පන්නාගෙන ගොස් තිබේ.
සැකකරු මහමග ගමන් ගත් වාහන කීපයක්ද හප්පාගෙන නොනවත්වාම බොරැල්ල ආයුර්වේද හන්දිය දෙසට රථය ධාවනය කර තිබිණි.
එහිදී හදිසී ඇමතුම් ඒකකයේ නිලධාරීහු ආයුර්වේද හන්දියේදී මෝටර් රථයේ ටයර්වලට වෙඩි තබා එය නතර කර සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළහ.
අත්අඩංගුවට ගත් සැකකරු අධික ලෙස බීමත්ව පියවි සිහියෙන් පවා නොසිටි බව පොලිසිය පවසයි.
කොළඹ දකුණ භාර පොලිස් අධිකාරී සංජීව ධර්මරත්න සහකාර පොලිස් අධිකාරි රොෂාන් සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

http://www.divaina.com/2011/09/22/news05.html