බීම , බේබද්දා සහ බයිබලය ..

pacchasira

Member
Jun 4, 2010
205
12
0
බීම , බේබද්දා සහ බයිබලය ..

මම අහල තියෙන විදිහට .. අද ලංකාවෙ මිනිස්සු දරන පොදු මතයක් තමයි, ක්‍රිස්තියානි කාරයො අමු බේබද්දො කියන එක. අනේ මම කියන්නෑ ක්‍රිස්තියානි අය බොන්නෑ කියල.. බොන මිනිස්සුත් ඉන්නව.. නොබොන මිනිස්සුත් ඉන්නව ..


පොදුවෙ මම දන්න විදිහට ලංකාවෙ බහුතර කට්ටිය ජාති.. ආගම් බේද වලින් තොරව හොඳට බොනව. දවසක් මගෙ හොඳම යාලුවෙක් (අමු බේබද්ද ) හොඳට බීල හිටපු වෙලාවක මගෙ ලඟට ඇවිත් කිව්ව " මචන්.. ඇයි උඹ කතෝලික වෙලත් බොන්නෙ නැත්තෙ..? මම උඹේ ආගමේ උනානන් බොනව බීමාක්....... "
ඇත්තටම මත්පැන් ගැන බයිබලේ මොනාද කියල තියෙන්නෙ ?
බොන්න කියලද ? එපා කියලද ? එදා කිතුනු ආගම ඇති උන සමාජයේ වයින් කියන්නෙ බොහොම සාමාන්‍ය දෙයක් .. හරියට අපිට තේ වගේ.. මිදි ප්‍රධාන වගාවක් උනා .. වයින් හදන එක ප්‍රදාන කර්මාන්තයක් ..

ඉතින් එහෙම සමාජ පසුබිමක " වයින් ටිකක්වත් කටේ තියන්න එපා " වගේ සම්මතයක් බලාපොරොත්තු වෙන්න බෑ..

ඉතින් එහෙම එකක් මමනන් බයිබලේ දැකල නෑ..( කරුණාකරල දැකපු කෙනෙක් ඉන්නවනන් පෙන්නල දෙන්න )
හැබැයි වයින් ටිකක් බීම හා බේබද්දෙකු වීම අතර වෙනස හා දුර්විපාක නන් බයිබලේ කීප තැනකම සඳහන් වෙනව..

පහත මම උපුටා දක්වල තියෙන්නෙ බේබදුකම ගැන ඒ වගේ බයිබලේ තියෙන කොටසක් .. මේක ලියල තියෙන්නෙ ටිකක් වෙනස් විදිහකට .... හරියට ඔලුව අතගාල ටොක්කක් අයිනව වගේ..
හැබැයි හොඳ අවදානයෙන් කියෙවොත් තේරෙයි බේබදු කමේ නිෂ්පලකම ගැන අපූරුවට මේ කොටසින් විස්තර වෙනව කියල..
මේ කොටස උපුටා ගත්තෙ බයිබලේ හිතෝපදේශ කියන පොතෙන් .
බීමත්කමේ දුර්විපාක

දුක කාටද ?
කාලකණ්ණිකම කාටද ?
අඬදබර කාටද ?
මැසිවිලි කාටද ?
නිකරුණේ තුවාල කාටද ?
රතු ඇස් කාටද ?
බීම බෝතලය ලඟ පමා වන මිනිසාට ය.

තව තවත් බොන්න යන මිනිසාට ය.
මද්‍යසාර රතට රතේ දිලිසෙන විට,
වීදුරුව පෙන දමන විට,
ලස්සනට වැක්කෙරෙන විට,
ඒ දෙස නොබලන්න.
අන්තිමේදී එය,
නයෙකු මෙන් සපා කයි;
පොළඟෙකු මෙන් දශ්ට කරයි.
එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි;
ඔබේ කට විලම්බීත දොඩවයි.

එවිට ඔබ
මුහුද මැද ඒ මේ අත පෙරළෙන
කෙනෙකු මෙන්ද,
කුඹගස මුදුනේ
නිදන්න හදන කෙනෙකු මෙන්ද වෙනු ඇත.

එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත;
" ඔවුන් මට පහර දෙන්නට ඇත,
නමුත් මට රිදුනේ නැත.
ඔවුන් මට ගසන්නට ඇත,
නමුත් මට දැනුනේ නැත.
කොයි වේලේ මා අවදි වේ ද ?
එවිට මම තව උගුරක් බොමි. "


හිතෝපදේශ 18 : 29-35


ඉතින් ඔයත් බේබද්දෙක්ද ?


Source : http://sinhala-catholic.blogspot.com/2010/10/blog-post_26.html