බීලා නටන ‘‘බීච් පාටි’’

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බීලා නටන ‘‘බීච් පාටි’’

    බීලා නටන ‘‘බීච් පාටි’’

    සාගරය සම්බන්ධයෙන් ලියැ වී ඇති කවි, සිංදු අපමණය. සාගරය ගැන එතරම් නිර්මාණ බිහිවී ඇත්තේ එහි ඇති සුන්දරත්වය නිසාමය. සිනමා ශාලා තුළ බොක්ස් කුටි, සහ නගර මධ්‍යයේ කාමර වැඩි වශයෙන් නොමැති අවධියේ බොහෝ පෙම්වතුන් පෙම්සුව විඳින්නට ගියේ මුහුදු වෙරළටය.

    පෙම්වතුන් පමණක් නොව පවුල් පිටින් විනෝද වන්නට යන්නන් ද ගියේ මුහුදු වෙරළට ය.

    DSC_3456.jpg
    දවාලට එතරම් සුන්දර මුහුදු වෙරළ අඳුර වැටීගෙන එද්දී කොතරම් සුන්දර වන්නේද? රෑ කොළඹ වටා යන ගමනේ අප ඊළඟට ගියේ ගල්කිස්ස මුහුදු වෙරළටය.

    දිවාකාලයේ සුන්දරත්වය ඒ ආකාරයටම රාත‍්‍රියට ද ඇත. වෙරළේ එක් පසෙකින් මහා සාගරයය. අනෙක් පසින් විවිධ මාදිලියට ඉදි කරන ලද හෝටල් ය.
    දෙස් විදෙස් සංචාරකයනට රෑ දවල් කියා මුහුදු වෙරළේ වෙනසක් නැත. ඔවුහු විනෝද වෙති. වැල්ලේ බිම වාඩි වී පෙම් සුව විඳින පේ‍්‍රමවන්තයෝ දිවා කාලයේ පමණක් නොව රාත‍්‍රියේ ද වෙති.

    වෙරළේ පෙම් සුව විඳින ජෝඩු කෙතරම් වේලාවක් එසේ සිටීවිද? ඔවුන්ගේ සතුට කෙතරම් කාලයක් රැඳී පවතීද? ඒ ගැන දෙවරක් සිතන්නට සිදු වනුයේ පසු ගිය කාලයේ මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් නිසාය.

    .අපි මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් ඉන්නකොට තරුණ ජෝඩුවක් ඉන්නවා දැක්කා. ටිකක් ඈතට වෙන්න හිටියේ. ටික වෙලාවකින් අපි දැක්කා දෙන්නෙක් ඒ පැත්ත බලාගෙන ඉන්නවා. අපි ළගට ගිහින් බලද්දි මේ මිනිස්සු දෙන්නා ඒ ජෝඩුව දිහා බලාගෙන ස්වයං වින්දනයක් ලබනවා.

    ඊට පස්සේ අපි ඒ දෙන්නට ගහලා පැන්නුවා. ඒ වගේ දේවල් ගොඩක් මේ පැත්තේ වෙනවා.. එසේ පැවසුවේ වෙරළේ ක‍්‍රීඩා කරමින් සිටි තරුණයෙකි.
    තරුණ තරුණියෝ මුහුදු වෙරළට ආයුබෝවන් කියා කාමරවලට, සිනමා ශාලාවල බොක්ස් කුටි තුළට යෑමට පුරුදු වී ඇත්තේ මුහුදු වෙරළේ සිදු වන මෙවැනි ක‍්‍රියා නිසා බව බොහෝ දෙනා කියති.

    ගල්කිස්ස වෙරළ තීරයේ බොහෝ දුරක් ඇවිද ගියක් එක පොලිස් නිලධාරියෙක්වත් දැකගන්නට නොහැකි විය.

    .අපි දවසක් කොල්ලෝ තුන් දෙනකුයි කෙල්ලෝ තුන් දෙනෙකුයි වෙරළට ආවා සෙල්ලම් කරන්න. මුලින්ම ආවේ මමයි තව කොල්ලෙකුයි, කෙල්ලෝ තුන් හතර දෙනෙකුයි. මමයි අනෙක් යාළුවයි වෙරළට වෙලා ඉන්දි කෙල්ලෝ ටික රැුල්ල පාගමින් සෙල්ලම් කරමින් හිටියා.

    එතනට ආවා පොරි විකුණන මනුස්සයෙක්. ඇවිත් කිව්වා පොරි ගන්න කියලා. අපි පැකට් දෙකක් ගත්තා. ඊට පස්සේ අර මනුස්සයා තර්ජනය කළා කෙල්ලො එක්ක මෙහේ ආවනම් එහෙම හරියන්නේ නෑ. තව පහක් ගන්න කියලා. එයාලගේ කට්ටිය වෙරළේ ඉන්නවා. ගත්තේ නැත්නම් ප‍්‍රශ්නයක් වෙයි කියලා අපි ගත්තා. . යැයි පැවසුවේ පානදුර තරුණයෙකි.

    ඊට සමාන කතාවක් තවත් තරුණයෙක් අප සමග පැවසීය.

    .මමයි ගෑණු ළමයයි මෙහෙ ආවා. අපි දැක්කා තවත් දෙමළ කපල් එකකුත් ඇවිත් ඉන්නවා. ටික වෙලාවකින් අපි ඉන්න තැනට පොරි, අයිස්ක‍්‍රීම් එහෙම විකුණන කෙනෙක් ආවා. අපි එකක් ගත්තා. ඊට පස්සේ අර දෙමළ කපල් එක ගාවට ගියා. ටික වෙලාවකින් ඒ වෙළෙන්දා දුවනවා දැක්කා. අපි ළගට ගිහින් බලද්දි අර දෙන්නත් එකක් ගන්න පර්ස් එක අදිද්දිම පර්ස් එකේ තිබුණු රුපියල් 500 කොළයක් අරගෙන දුවලා.

    මේ පැත්තේ මෙහෙම දේවල් ගොඩක් වෙනවා..

    මෙවැනි සොරුන්, ගැට කපන්නන්, මානසික ලෙඞ්ඩුන් නිසා මුහුදු වෙරළේ සුන්දරත්වය විදින්නට එන්නෝ බොහෝ අපහසුතාවන්ට පත් වෙති.
    රාත‍්‍රියට මුහුදු වෙරළේ විවිධ උත්සව , සාද ඇත. එවැනි .බීච් පාටි. අතර හොද ඒවා මෙන්ම යෞවනයන් විනාශ කරන ඒවාද නැතුවාම නොවේ.
    .රෑට වෙරළේ බීච් පාටි තියෙනවා. සමහර වෙලාවක පන්ති යන ළමයි එනවා. ඇවිත් ඒ පාටිවලදි ඇති වෙනකම් බොනවා. බීලා බීලා නටලා යනවා. තවත් සමහර බීච් පාටි වලදි තරුණ ජෝඩු එනවා. සමහරු පාසල් යන වයසේ ළමයි. එයාලට ඕනෑම දෙයක් ප‍්‍රසිද්ධියේ කර ගන්න පුළුවන්. හැම බීච් පාටියකම එහෙම නෑ. . යැයි ප‍්‍රදේශවාසියකු පැවසීය.

    තරුණ ජීවිත විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරමද එහි අප‍්‍රසිද්ධියේ සිදු වෙයි. මත් ද්‍රව්‍ය මිලදී ගැනීමට රාත‍්‍රියට මුහුදු වෙරළට එන තරුණයෝ ද වෙති.
    වෙරළේ සිටි තරුණයෙකු පැවසුවේ කේරල ගංජා සහ ගංජා ව්‍යාපාරය එහි වැඩි වශයෙන් ක‍්‍රියාත්මක වෙන බවයි.


    DSC_3453.jpg



    රුපියල් 500ත් 1000ත් අතර මුදලකට කේරළ ගංජා අලෙවි වෙන බවත්, රුපියල් 150ත් 300ත් අතර මුදලකට ගංජා අලෙවි වෙන බවත් ඔහු කීවේය.
    තවත් මත්ද්‍රව්‍ය රාශියක් එහි ඇති බවත්, ඒවා මිලදී ගන්නේ බෝහෝ විට තරුණයන් බවත් කියති.

    සුන්දර වෙරළ අසුන්දර වන තවත් දෑ ඇත. පෙම්සුව විදින්නට වෙරළට පැමිණි ජෝඩුවක පෙම්වතාට පහරදී පෙම්වතිය දුෂණ කළ අවස්ථාවක් ද මෑතකදී වාර්තා විය. සුන්දර වෙරළ අසුන්දර කරන තවත් දෑ මොනවාද? ලබන සතියේ රසවිතෙන්.

    DSC_3459.jpg

    DSC_3492.jpg

    DSC_3496.jpg



    05%28363%29.jpg

    ලංකාදීප


     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    tfs machan 6+


    ewage prashnayak na lankawath usa wenna yanne happy eke idapan echcharai

    apith mount thama .. but rata nam beach yanne na ... ponnayo pirila :P





    kiyala wedak ne. reata nemei dawal wath kellek ekka yana eka gena hithanna wenawa .

    නැකැත් රාල;16148824 said:
    හොඳ ලිපියක්:yes::yes:
    rep +
    :D:D
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    vijaya news papers mawbima ekka thiyana tharage thamai meken penne,
    lankadeepeth issarahata mawbima ganata watei wage.