බී ලූනු, ටිකිරි කුමාරි හා ජාතික දදේ..!
මහින්ද රාජපස්ස මහත්තයාගේ කතාවක් ප්‍රවෘත්තිවලට යයි..
“දැන්.. කොහොමද..? බී..... ලූ....ණු.... කී...ය....ද...? දැ....න්... ස....නී.....ප....ද...?” ඔහු කියයි..
“අම්මට හුඩු .. දැං රටේ තියෙන එකම දැවෙන ප්‍රශ්නේ බොම්බයි ලූනු වෙන්ටැති... නැත්තං රාජපස්ස මහත්තයා තරං මහජන ගැටළු ගැන දන්න වෙන කෙනෙක් නෑනේ... ඒ හන්දා ඒවට දෙන්ඩ ඕනෑ සංගරහයත් එතුමා ම දන්නවා නොවැ.. ඒක ම හන්දා වෙන්ඩැති ඡන්ද රැස්වීමටත් මහා බොම්බයි ලූනු ප්‍රශ්නේ අරං ඇවිත් තියෙන්නේ...”
“කිරි අම්මේ... උඹ කිව්වා හරි.. මේ සැරේ නං මේ ආණ්ඩුවට ලේසි වෙන්නෑ...”
“ඒ මොකද .. බොලං.. ආයේ වංගියක් නානසාර හාංදුරුවෝයි, රතනසාර ..නෑ.. නෑ.. රතන හාංදුරුවොයි මාරාන්තික උපවාසයක්වත් පටං අරං ද..?”
“උඹට පිස්සි ද කිරි අම්මේ... එහෙම මගුලක් නෙමේ.. දැන් රටේ ම තියෙන ජාතික ප්‍රශ්නේ.. ගැන ඔන්න රාජපස්ස මහත්තයා කතා කරනවා... බොම්බයි ලූණු ගණං ගිහින්ලු... දැං ඉතිං ආංඩුව ඉවරයි... ඔය අනිත් ප්‍රශ්න වගේ නෙමෙයිනේ බොම්බයි ලූනු ප්‍රශ්නේ..”
“ඒ කියන්නේ...”
“ඒ කියන්නේ කිරි අම්මේ... බොම්බයි ලූනු ගණං යන්නේ මෙහේ ලූනු නැති හන්දනේ.. එතකොට ඉන්දියාවෙන් ගෙන්නන්ඩ වෙනවා. ආංඩුව ඉන්දියාවෙං ඕක ගෙන්නනවා කියන්නේ රාජපස්ස මහත්තයාලට කතා කරන්ඩ මාත්තුරුකාවක් නැති වෙනවා.. ඒක කෙළිං ම රටේ දැවෙන ප්‍රශ්නෙකට ඉන්දියානු මැදිහත්වීමක්.. ඉන්දියාව පිටිපස්සේ ඉන්නේ ඇමරිකාව.. ඒක හන්දා මේක ලේස් පේසි වෙන්නෑ.. අන්තිමට විමල් වීරවංශ මහත්තයා මාරාන්තික උපවාසයක් පටං ගනීද දන්නෑ බී ලූනු හරහා අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණයක් කියළා... “
“අනේ.. උඹ දන්න පුකක් නෑ... “ කියමින් අතුළෙයා නිවසට ඇතුල් වුයේ මේ වෙලාවේය..
“අනේ කිරි අම්මේ .. උඹත් හරියට මයිත්තිරිපාල ලොක්කා වගේ තමයි. මූනට එකක්... නැතිකොට තව එකක්...”
“ඇයි උඹ එහෙම කතාවක් කිව්වේ..”
“ඇයි බං.. නිලනිවාසේ ගන්නකං සුවාදීන යි. එහෙම කියළා එයාගේ කන්ඩායම ම පොහොට්ටුවට ඇරියා. දැං නිල නිවාසේ බුද්ද බෝගෙටම ගත්තනේ.. හෙට අනිද්දා පතුරු අරින්ඩ ගත්තම තමයි ආණ්ඩුවට නිල නිවාසේ රඟේ තේරෙන්නේ..”
“ඈ... මචං... උඹ දන්නවද වැඩක්...”කියමින් අතුළෙයා මාව කාමරයට ඇදගෙන ගියේය.
“ඒ මොකක්ද..?” දැයි ඇසූ මම ඔහු පසුපස ගියෙමි. අතුළෙයා කාමරයට ඇද ගෙන යන්නේ වැඩිහිටියන්ට ම පමණයි කතාවක් කීමට බව මම අත්දැකීමෙන් දනිමි.
“අර කාම සූත්තරේ... දැන් ගෝඨා ට බැහැලා වැඩ...”
“කාම සූත්තරේ කිව්වේ..”
“ඇයි යකෝ අර අනුෂා දමයන්ති කියන්නේ..”
“අම්මට හුඩු... නැගලා යනවනේ.. ස්ටේජ්වලත් කතා කරනවාද..?”
“කතා කරනවා නෙවෙයි ස්ටේජ් පළනවා.. පළනවා නෙවෙයි ඉරණවා...”
“ඉරණවා කියන්නේ...”
“ඉරණවා කියන්නේ ගෝඨා ට වැටෙන ඡන්ද ටික...”
“ඇයි යකෝ ඕකි දැං අර සෙක්ස් ඇක්ටිං නවත්තලාද..?”
“නවත්තලා නෙවෙයි.. දැං වැළ වෙලානේ...ඒ හන්දා නැවතිලා..
“එතකොට..?”
"රාජපස්ස රජ්ජුරුවෝ රට පාලනය කරන කාලේ හිටියේ පබාලා, කලී ලා, ලතා ලා, ගිත ලා වගේ අය.. වැළ වුනාම යන්නේ යන්නේ ඒ පස්සෙට තමයි.. ඒ කාලේ ඔය රාජපස්ස බේබිලා ට හොඳ පුහුණුවක් දුන්නානේ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන එකට... ඊට පස්සේ තමයි තුන් දෙනාම එක පෝළිමට බැන්දේ.. පබාලා, අනර්කලී ලා ට්‍රේනින් දුන්නා කියන්නේ ආයේ බඩුම තමයි.. “
"ඉතින්"
“අනුෂා දමයන්තිකතාවක් කරා කඩුවෙළ දී සරුවංගෙ ම මයිල් කෙළින් වෙන්ඩ..”
“මොනවද කිව්වේ...”
“වං අත උරුක් කරළා.. දබරැගිල්ල උස්සලා.. මෙහෙම... මෙහෙම.. මෙහෙම.. කඩුවෙළ පරංගි සමුලගාතනය කරන්ඩ ආපු ටිකිරිකුමාරි ලා කියළා..”
“කවුද ටිකිරි කුමාරි කියන්නේ...”
“ටිකිරි කුමාරි කියන්නේ ටිකිරි බණ්ඩාර කුමාරයාට.. පස්සේ සීතාවක රාජසිංහ කියළා රජ වුනේ..”
“එතකොට ඇයි රාජසිංහ රජ්ජුරුවන්ට රජ්ජුරුවන්ට ටිකිරි කුමාරි කියන්නේ..ඒක අපහාසයක් නෙමෙයිද..?”
“යකෝ…. දේවාළේ තීන්ත ගාන එකා දේව රූපේ කර උඩට නැගලා තීන්ත ගෑවා කියළා පව් සිද්ද වෙනවද..? ඕනෑ එකෙක් ඕනැ කසඩ කතාවක් රාජපස්ස වේදිකාවේ කිව්වට පාරාජිකා වෙන්නෑ.. සිංහල බෞද්ධ නායකයානේ.. ඒ වුනාට වෙන එකෙක් කිව්වොත් එදාම උගේ හත්මුතු පරම්පරාවම ඉවරයි... හරියට දැං රතනලා, හිස්බුල්ලලා, කරුණලා, පිල්ලෙයාන්ලා, නානසාරලා, තව්පික් ජමාද්ලා ඔය ඔක්කොම රාජපස්ස වේදිකාවේ ඉන්නේ.. හැබැයි ඔය එකෙක්වත් අනිත් පැත්තට ගියොත් ඉතිං ඕන්න රට පාවලා දෙනවා... ආයෙත් කොටියා ඔළුවයි වළිගෙයි දෙකම උස්සනවා ඕවා තමයි...”
"අනුෂා වෙන මොනවද කීවේ?"
"දදයක් ගැනත් කිව්වෙ"
"ඒ කියන්නෙ?"
"ජාතික දදය ගැන කිව්ව බං.. ඒකි ධජය දන්නෙත් නෑ දදය දන්නෙත් නෑ.."
“ඒ වේදිකාවේ රාජපස්ස මහත්තයා කතා කළේ නැද්ද..?”
“කතා කළා..”
“බී ලූණු ගැන කිව්වේ නැද්ද..?”
“උඹත් නිකං අර මොකක්ද කතාව වගේ තමයි.. කොහෙන් හරි ගිහිං එන්නේ මැක්කා ගාවට..”
“ඇයි බං දැවෙන ප්‍රශ්නේ ඒකනේ...”
“ඒ මොකක්ද..?”
“ බී... ලූ.. නු.. දැං.. කී... ය...ද...? වෙ...න...ස... දැ..න්... සැ...ප...ද..?”
“එහෙනං රාජපස්සලා බලයට ආවාම එක පවුළකට බී ලූනු කිලෝ අට ගානේ නොමිළේ දෙනවා කියළා කියයි ද දන්නෑ...”
“එහෙමත් බැරි පුතයා... මොක කිව්වත් හිටපු රජානේ.. සාදු.. සාදු කියළා වඳින්ඩ පිලිගන්ඩ කට්ටිය සැදී පැහැදී ඉන්නවානේ..”
පොලොන්නරුවේ අප්පුආමි ලියයි