බුකියෙ තිබුනෙ...

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    🚔
    අගමැතිගේ හදිස්සිය සහ මගේ ප්‍රමාදය..,
    🚙

    අද මම මාතලේය... අගමැති අනුරාධපුරේය.
    හවස පන්ති අවසන් කර නුවර දෙසට එමින් සිටියෙමි. ඔහු ජනපති සටනේ පළමු රැළිය අනුරාධපුරේ අවසන් කර නුවර දෙසට එමින් සිට ඇත..
    අද රන්දෝලි පෙරහැර නිසාත් කටුගස්තොට කාර්නිවල් නිසාත් අඹතැන්න හරියේ සිට මදක් ට්‍රැෆික්ය.. toyota lanka එක පසු කරනවාත් සමග ට්‍රැෆික් පොලිස් බයික් එකක් ඉඩ ඉල්ලමින් ඉදිරියට ඇදේ.. ඉඩ දුන්නෙමි... මුලින්ම බයික් එක, ඉන්පසු ජීප් දෙක තුනක් (ගාන හරියටම මතක නැත) නැවත පොලිස් බයික් එකක් නැවතත් ප්‍රභූ රථයක් සහ අවසානයට සුදු පාට වෑන් එකක් (ambulance එකක් වැනි) ගොස් ප්‍රභූ රථ පෙළපාලිය ඉදිරියට ඇදුනි... ඊට ඉඩ ලබා දී සාමාන්‍ය ජන‍යාගේ පරම යුතුකම ඉටු කර අවසන් වනවාත් සමගම මාගේ මෝටර් රථයේ යමක් වේගයෙන් ගැටුනි... රථය මාර්ගයෙන් ඉවතට තල්ලු විය... හැරී බැලුවෙමි... මගේ රථයේ ගැටුණු කැබ් රිය සුදු ඉර පැන පාරෙන් එහා පැත්තේය..
    බැලින්නම් ප්‍රභූ රථ පෙළ මගහැරුණු අගමැති මාධ්‍ය අංශයට අ‍යත් එකකි...
    අධි වේගයකින් මේ දවස් වල දුවන ප්‍රභූ දේශපාලකයින් ආවරණය කිරීමද අධි වේගයකින් කළයුතු බව මට එකවරම අවබෝධ විය....
    ඩ්‍රයිවර් මහතාට කතා කළේය... අනෙක් සගයන් ඔහු දමා බොහෝ දුර ගොස්ය. ඔහු ගත් call එකක් නිසා colombo emergency unit එකේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ වාහන පාර අයිනට ඉවත් කර ගන්නා ලෙස දැනුම් දෙන ලදී. මම වාහන වල පිහිටීම ලකුණු කළයුතුයි කී කළ කියා සිටියේ ඔවුන් පොලිසීයේ බවත් කියන දේ කරන ලෙසත් අවශ්‍ය නම් photo ගහගන්න ලෙසත් ය. පොලිස් අණ පිළිපැද්දෙමි.
    මා හට සිදු වූ අගතියට කිසියම් සාධාරණයක් ඉටු වන්නේද විමසූ විට ඩ්‍රයිවර් මහතා කිව්වේ ඔහු සොච්චම් පඩියක් ලබන රජයේ සේවකයෙක් බවත් මගේ insurance එකෙන් හදා ගන්න පුලුවන් නේද කියායතය... එය මට අමතක වී සිටියෙමි. මතක් කර දීම පිළිබඳව ඔහුට ස්තූති කළ යුතුය...
    කටුගස්තොට පොලිසිය පැමිණ කට උත්තර ගෙන වැඩ කටයුතු අවසන් කිරීමෙන් පසු ගෙදර එන විට රාත්‍රී 12.30 පමණ විය..
    ඒ වෙලාවේ අගමැති තුමා අනාගතය ගැන සුබ සිහින දකිමින් ඉන්නවා ඇති...
    ඔහු පසින් ගොස් අමාරුවේ වැටුණු ඩ්‍රයිවර් මහත්තයත් ඔහු නිසා පීඩාවට පත් වූ මමත් අපි දෙදෙනාමත් එවැනි පාරේ කටු කමින් සිටී...
    පාරේ දුවන වාහන හැප්පෙන එක අරුමයක් නොවන බව හැබෑය... හැබැයි මගේ මෝටර් රථය නොවන්නට මේ සිද්ධිය මට ඉස්සරහින් ගිය මෝටර් සයිකලයට වීමට ඉඩ තිබුණි.. එහෙම වූවා නම් මේ කතාව මීට වෙනස් වනු ඇත... එදාටත් කියන්න වෙන්නේ මැරුණු කෙනා insurance එකෙන් claim කර ගන්න කියා වෙන්න ඇති...
    ඇත්තටම මේ තරම් වේගයකින් මේ තරම් වාහන ගණනකින් ගොස් ඔවුන් අපට අත් කර දුන්නේ මොනවාදැයි තවමත් නොතේරේ..
    මේවට හුරේ දාන්න අදත් නාවලපිටියේ සිට අනුරාධපුරේට මිනිස්සුන් ගියේය..
    මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ නැද්ද...
    මේ කාබාසිනියා වැඩ වලට හුරේ දාන උන්ට කියන්න තියෙන්නේ උඹලා පව් කියලාය...
    ඒ විතරක් නෙවෙයි උඹලා වගේ උන් හින්දා අපිත් පව් කියාය..,
     
    • Sad
    Reactions: tha123