බුද්ධඝෝෂ v. සිංහලයා

hpalpola

Well-known member
  • බුද්ධඝෝෂ v. සිංහලයා

    බුද්ධඝෝෂ කියන නම ඇහෙද්දිත් කේන්ති යන අය අපේ සමාජයේ ඉන්නවා. මොකද එක පිරිසකගේ අදහස නැත්නම් මතය තමයි අටුවාව ඇතුළු සිංහල ත්‍රිපිටකය විනාශ කිරීම බුද්ධඝෝෂ විසින් සිදු කල බව. තව පිරිසක් මේ මතය පිළිගන්නෙ නෑ. කොහොමවුනත් චූළවංශය කියවද්දී දැනෙන දේ තමයි බුද්ධඝෝෂ හිමි විසින් සිංහල ත්‍රිපිටකයට හානියක් නොකළ බව. මේ වෙනකොට චූළවංශයත් අපිට කියවන්න ලැබෙන්නෙ මහාවංශයෙන් ම තමයි. ඉතින් අදාළ පිටු කිහිපය පහතින් උපුටා දක්වනවා. මේක උපුටා ගත්තේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් මුද්‍රණය කළ මහාවංශ පොතෙන්.

    Printing E-Ceylon-මහාවංශය-001.jpg

    Printing E-Ceylon-මහාවංශය-002.jpg

    Printing E-Ceylon-මහාවංශය-003.jpg

    දැන් මේ කථාවට අනුව අපිට බුද්ධඝෝෂ හිමි විසින් සිංහල ත්‍රිපිටකයට හානියක් කලා කියලා පේන්නෙ නැහැ. උන්වහන්සේ කරන්නේ උන්වහන්සේගේ ආචාරීන්වහන්සේගේ ඉල්ලීම ප්‍රකාරව ජම්බුද්වීපයට රැගෙන යන්න අවශ්‍ය විදියට සිංහල ත්‍රිපිටකය සකස් කිරීම.

    අනෙක් අතට මේ කථාවේ හැටියට බෝධිමණ්ඩලය නැත්නම් බුද්ධගයාව ආශ්‍රිතව උන්න ත්‍රිවේදයේ නිපුන බ්‍රාහ්මණ තරුණයෙක් තමයි පසුකාලීනව බුද්ධඝෝෂ වෙන්නේ. ඔහු යන්නෙ ආශ්‍රිත බෞද්ධ විහාරයකට. ඒ විහාරයෙදි අභිධර්මය අහලා තරුණයා මහන වෙනවා. මහනවීමෙන් පස්සෙ ඔහු විසින් ග්‍රන්ථ දෙකක් කරනවා. ඒ ග්‍රන්ථ අනුව තමයි විහාරයේ මහනායක ස්වාමීන්වහන්සේ බුද්ධඝෝෂ උන්නාන්සෙට කියන්නෙ ඒ වෙනකොට ධර්මය පවතින්නේ ලංකාවේ නිසා එහෙට ගිහිල්ලා ඒ ධර්මය අරන් එන්න කියලා. මේ කාලය ක්‍රි.ව. 5 විතර කාලය. මේ වෙද්දි ඉන්දියාවේ ඇත්තටම බුදු දහම පසුගාමී මට්ටමකයි තියෙන්නෙ. ඒ අනුව ලංකාවට පැමිණෙන බුද්ධඝෝෂ හිමි මහාවිහාරයට ගිහිල්ලා මහාවිහාරික භික්ෂූන්වහන්සේලාගේ අවසරය ඇතිව සිංහල බසින් තිබුන ත්‍රිපිටකය මාගධී භාෂාවට පරිවර්තනය කරනවා. ඒක තමයි බුද්ධඝෝෂ හිමියන්ට පැවරුන කාර්යය.

    අද අපි දන්නවා ක්‍රි.පූ.1 නැත්නම් ක්‍රි.ව.5 නැත්නම් ක්‍රි.ව.1950 තිබ්බ සිංහල භාෂාව නෙමෙයි ලංකාවේ තියෙන්නෙ. දවසින් දවස සිංහල භාෂාව මැරෙනවා. ඒක අපි හැමෝම දන්න දෙයක්. හැබැයි ඒ සන්තෑසිය අර භාෂාවට වෙන්නෙ නෑ. අදටත් එදා භාෂාවම තමයි. සමහරුනම් මළ භාෂාවක් විදියටයි සලකන්නෙ. අද සිංහලයට කුමාරතුංග මුණිදාස මහත්මයාගේ පොත් කියවන්නත් අමාරුයි භාෂාව නොතේරෙන නිසා. ඉතින් එවැනි තත්ත්වයක් අද උදාවෙලා තියෙද්දි සිංහල භාෂාවෙන් ත්‍රිපිටකය තිබුනා නම් දිගටම වෙන්න පුළුවන් දේ හිතා ගතෑකිනෙ. ඒ කොහොමවුනත් බුද්ධඝෝෂ හිමිගේ අතින් සිංහල ත්‍රිපිටකය විනාශ වෙන්නෙ නෑ.

    අනික තමයි බුද්ධඝෝෂ හිමිගේ කාලයෙන් පස්සෙ ලංකාවට වඩිනවා චීන ජාතික ෆා හියං භික්ෂුව. උන්වහන්සේගේ වාර්තා අනුව ඒ කාලයේදී ලංකාවේ ඉතාමත් හොඳින් බුදු දහම පවතිනවා. ඉතින් බුද්ධඝෝෂ හිමි සමහරු කියන විදියට සිංහල ත්‍රිපිටකය විනාශ කලා නම් එහෙම වෙන්න බැහැ නේ.

    මතවාද කෙසේවෙතත් අද අපිට පාලි ත්‍රිපිටකය තියෙනවා. දැනට අවුරුදු ගාණකට කලින් උන්න සිංහල මිනිස්සුන්ට පාලි භාෂාව භාවිතා කරන්න පුළුවන්කම තිබුනා. හැබැයි අපිට බෑ. ඒ නිසා අපිට අද පාලි ත්‍රිපිටකය කියෝ ගන්න බැහැ. ඒ වුනාට විජාතිකයො පාලි භාෂාව ඉගෙන ගෙන පාලියෙන් තියෙන ත්‍රිපිටකය ඉංග්‍රීසියට, ජර්මානු, ප්‍රංශ ආදී නොයෙක් භාෂාවලට පරිවර්තනය කරලා ලෝකය පුරා බුදුදහම ප්‍රචාරණය කරනවා. අපේ නොහැකියාව වහගන්න අපි බුද්ධඝෝෂ හාමුදුරුවන්ට බනිනවා.

    පාලි වේවා සිංහල වේවා බෞද්ධයාගේ සැනසීම තියෙන්නෙ ත්‍රිපිටකයෙ. ඒ නිසා තේරෙන භාෂාවකින් ත්‍රිපිටකය ගැන දැන ගන්න උත්සාහ කරන්න.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බුද්ධඝෝෂ v. සිංහලයා

    බුද්ධඝෝෂ කියන නම ඇහෙද්දිත් කේන්ති යන අය අපේ සමාජයේ ඉන්නවා. මොකද එක පිරිසකගේ අදහස නැත්නම් මතය තමයි අටුවාව ඇතුළු සිංහල ත්‍රිපිටකය විනාශ කිරීම බුද්ධඝෝෂ විසින් සිදු කල බව. තව පිරිසක් මේ මතය පිළිගන්නෙ නෑ. කොහොමවුනත් චූළවංශය කියවද්දී දැනෙන දේ තමයි බුද්ධඝෝෂ හිමි විසින් සිංහල ත්‍රිපිටකයට හානියක් නොකළ බව. මේ වෙනකොට චූළවංශයත් අපිට කියවන්න ලැබෙන්නෙ මහාවංශයෙන් ම තමයි. ඉතින් අදාළ පිටු කිහිපය පහතින් උපුටා දක්වනවා. මේක උපුටා ගත්තේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් මුද්‍රණය කළ මහාවංශ පොතෙන්.

    View attachment 138972

    View attachment 138973
    View attachment 138974

    දැන් මේ කථාවට අනුව අපිට බුද්ධඝෝෂ හිමි විසින් සිංහල ත්‍රිපිටකයට හානියක් කලා කියලා පේන්නෙ නැහැ. උන්වහන්සේ කරන්නේ උන්වහන්සේගේ ආචාරීන්වහන්සේගේ ඉල්ලීම ප්‍රකාරව ජම්බුද්වීපයට රැගෙන යන්න අවශ්‍ය විදියට සිංහල ත්‍රිපිටකය සකස් කිරීම.

    අනෙක් අතට මේ කථාවේ හැටියට බෝධිමණ්ඩලය නැත්නම් බුද්ධගයාව ආශ්‍රිතව උන්න ත්‍රිවේදයේ නිපුන බ්‍රාහ්මණ තරුණයෙක් තමයි පසුකාලීනව බුද්ධඝෝෂ වෙන්නේ. ඔහු යන්නෙ ආශ්‍රිත බෞද්ධ විහාරයකට. ඒ විහාරයෙදි අභිධර්මය අහලා තරුණයා මහන වෙනවා. මහනවීමෙන් පස්සෙ ඔහු විසින් ග්‍රන්ථ දෙකක් කරනවා. ඒ ග්‍රන්ථ අනුව තමයි විහාරයේ මහනායක ස්වාමීන්වහන්සේ බුද්ධඝෝෂ උන්නාන්සෙට කියන්නෙ ඒ වෙනකොට ධර්මය පවතින්නේ ලංකාවේ නිසා එහෙට ගිහිල්ලා ඒ ධර්මය අරන් එන්න කියලා. මේ කාලය ක්‍රි.ව. 5 විතර කාලය. මේ වෙද්දි ඉන්දියාවේ ඇත්තටම බුදු දහම පසුගාමී මට්ටමකයි තියෙන්නෙ. ඒ අනුව ලංකාවට පැමිණෙන බුද්ධඝෝෂ හිමි මහාවිහාරයට ගිහිල්ලා මහාවිහාරික භික්ෂූන්වහන්සේලාගේ අවසරය ඇතිව සිංහල බසින් තිබුන ත්‍රිපිටකය මාගධී භාෂාවට පරිවර්තනය කරනවා. ඒක තමයි බුද්ධඝෝෂ හිමියන්ට පැවරුන කාර්යය.

    අද අපි දන්නවා ක්‍රි.පූ.1 නැත්නම් ක්‍රි.ව.5 නැත්නම් ක්‍රි.ව.1950 තිබ්බ සිංහල භාෂාව නෙමෙයි ලංකාවේ තියෙන්නෙ. දවසින් දවස සිංහල භාෂාව මැරෙනවා. ඒක අපි හැමෝම දන්න දෙයක්. හැබැයි ඒ සන්තෑසිය අර භාෂාවට වෙන්නෙ නෑ. අදටත් එදා භාෂාවම තමයි. සමහරුනම් මළ භාෂාවක් විදියටයි සලකන්නෙ. අද සිංහලයට කුමාරතුංග මුණිදාස මහත්මයාගේ පොත් කියවන්නත් අමාරුයි භාෂාව නොතේරෙන නිසා. ඉතින් එවැනි තත්ත්වයක් අද උදාවෙලා තියෙද්දි සිංහල භාෂාවෙන් ත්‍රිපිටකය තිබුනා නම් දිගටම වෙන්න පුළුවන් දේ හිතා ගතෑකිනෙ. ඒ කොහොමවුනත් බුද්ධඝෝෂ හිමිගේ අතින් සිංහල ත්‍රිපිටකය විනාශ වෙන්නෙ නෑ.

    අනික තමයි බුද්ධඝෝෂ හිමිගේ කාලයෙන් පස්සෙ ලංකාවට වඩිනවා චීන ජාතික ෆා හියං භික්ෂුව. උන්වහන්සේගේ වාර්තා අනුව ඒ කාලයේදී ලංකාවේ ඉතාමත් හොඳින් බුදු දහම පවතිනවා. ඉතින් බුද්ධඝෝෂ හිමි සමහරු කියන විදියට සිංහල ත්‍රිපිටකය විනාශ කලා නම් එහෙම වෙන්න බැහැ නේ.

    මතවාද කෙසේවෙතත් අද අපිට පාලි ත්‍රිපිටකය තියෙනවා. දැනට අවුරුදු ගාණකට කලින් උන්න සිංහල මිනිස්සුන්ට පාලි භාෂාව භාවිතා කරන්න පුළුවන්කම තිබුනා. හැබැයි අපිට බෑ. ඒ නිසා අපිට අද පාලි ත්‍රිපිටකය කියෝ ගන්න බැහැ. ඒ වුනාට විජාතිකයො පාලි භාෂාව ඉගෙන ගෙන පාලියෙන් තියෙන ත්‍රිපිටකය ඉංග්‍රීසියට, ජර්මානු, ප්‍රංශ ආදී නොයෙක් භාෂාවලට පරිවර්තනය කරලා ලෝකය පුරා බුදුදහම ප්‍රචාරණය කරනවා. අපේ නොහැකියාව වහගන්න අපි බුද්ධඝෝෂ හාමුදුරුවන්ට බනිනවා.

    පාලි වේවා සිංහල වේවා බෞද්ධයාගේ සැනසීම තියෙන්නෙ ත්‍රිපිටකයෙ. ඒ නිසා තේරෙන භාෂාවකින් ත්‍රිපිටකය ගැන දැන ගන්න උත්සාහ කරන්න.
    බෞද්ධ ග්‍රන්ථ ගිණිබත් කරන්න බුද්ධඝෝෂ හාමුදුරුවන්ට ඉඩදුන්නා කියලා හිතනවද?

    බෞද්ධ ග්‍රන්ථ ගිණිබත් කරන්න තරම් බුද්ධඝෝෂ හාමුදුරුවන්ට පිස්සු කියලා හිතනවද?

    ගිණිබත් නොව ගිණිපත් කලා කියලා මතයක් තියෙනවා. ගිණිපත් කියන්නෙ රන්පත් වලට.

    රත්තරං පත්‍රවල ත්‍රිපිටකය ලියලා ස්වර්ණමය මහා අලි තුන්දෙනෙක්ගෙ ඇතුලෙ ඒ රන්පත් හෙවත් ගිණිපත් තැන්පත් කලා යැයි මතයක් තියෙනවා.

    ස්වර්ණමය මහා අලි තුන් දෙනෙක් තැන්පත් කර ඉදිකල සෑයක් නිසා ස්වර්ණ+මහා+අලි හෙවත් ස්වර්ණමාලි මහා සෑය ලෙස නම් කල බැව් ඒ මතයේ සදහන් වෙනවා.

    දාගැබ හෝ ස්ථූපය වෙනුවට මහාසෑය ලෙස ස්වර්ණමාලි මහාසෑය හැදින්වීම ගැනත් වෙනම මතයක් තියෙනවා...
     
    • Dislike
    Reactions: Ragna_SL

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    වැදගත් ලිපියක්. හැබැයි...

    අද අපි දන්නවා ක්‍රි.පූ.1 නැත්නම් ක්‍රි.ව.5 නැත්නම් ක්‍රි.ව.1950 තිබ්බ සිංහල භාෂාව නෙමෙයි ලංකාවේ තියෙන්නෙ. දවසින් දවස සිංහල භාෂාව මැරෙනවා. ඒක අපි හැමෝම දන්න දෙයක්.
    සිංහල භාෂාව මැරෙණවා නෙවෙයි පරිණාමය වෙනවා. ව්‍යවහාරයේ පවතින භාවිතයේ පවතින කවර භාෂාවක් වුණත් වෙනස් වෙනවා. ඒකට තමයි භාෂා පරිණාමය කියන්නේ. ඒක ජීව භාෂාවක ලක්ෂණයක්. ඇත්තටම මළ භාෂාවක් වෙමින් පවතින්නේ පාලිය. භාෂාවක්, මළ භාෂාවක් වෙන්නේ ව්‍යවහාරයෙන් ඉවත් වුණහම. තවදුරටත් යාවත්කාලීන වීමක් භාෂාව තුළ නැති වුණහම.

    එතෙක් සිංහලෙන් පැවති අටුවාවල සාරය ගෙන පුනරුක්ති ඉවත්කොට ප්‍රතිවිරුද්ධ මත, සාවද්‍ය අර්ථ ග්‍රහණය සහ තත්කාලීන ආචාර්‍යවාද දක්වමින් රචිත පාලි අට්ඨකථා හුදු පරිවර්ථන නෙවෙයි.

    අනෙක් අතට පාලි ත්‍රිපිටකය අද අපට තියෙන්නේ බුද්ධඝෝෂ හිමියන් නිසා නෙවෙයි. බුද්ධඝෝෂ හිමියන් කළේ පෙළ ත්‍රිපිටකය පාලියට නැගීම නෙවෙයි. සිංහල අටුවා පාලිය නැගීම. බුද්ධඝෝෂ හිමියන්ගේ කාලයේ පැවතියේත් පාලි ත්‍රිපිටකයම යි.

    බුද්ධඝෝෂ හිමියෝ සිංහල අට්ඨකථා (හෙළ අටුවා) විනාශ කළේ නෑ. නමුත් පාලි අට්ඨකථා බිහිවීම හේතුවක් වුණා හෙළ අටුවා අභාවයට යන්න. පාලි අට්ඨකථා භාවිතයට ආපු නිසා හෙළ අටුවා ග්‍රන්ථ භාවිතය අවම වුණා. නඩත්තුව හා සැලකිල්ලත් ඒ සමගම අවම වන්නට ඇති.

    බුද්ධඝෝෂ හිමියන්ට චෝදනා කරන්නේ ධර්මයත් පාලියත් නොදන්න ධර්ම විකෘතිකයෝ. මොකද පෙළ ධර්මයේ ගැටළු තැන් අවබෝධ කර ගන්න උපයෝගි වෙන්නේ අටුවා. අටුවා නැති නම් කැමති කැමති අටියෙන් ධර්මය විකෘති කරන්න පහසුයි නොවැ.
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858

    බුද්ධඝෝෂ හිමියන් (හෝ මහානාම හිමියන්) අනාගාමි (හෝ අරහත්) මාර්ගඵල ලබා තිබුණ බවක් (හෝ පසුකාලීනව මාර්ගඵල ලැබූ බවක්) මම අහලා තියෙනවා.
     
    • Like
    Reactions: shadow134