Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධත්වය ගැන myhublk Logic
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ලෝක දැක්ම වැඩියෙන්ම සමපාත වෙන්නේ බෞද්ධ දර්ශනය සමඟය. සිද්ධාර්ථ ගෞතම මා වැඩියෙන්ම ගරු කරන ආගමික නායකයාය. බෞද්ධාගම මා වැඩියෙන්ම එකඟ වෙන ආගමය.

එහෙත් මම බෞද්ධයකු නොවෙමි. සිද්ධාර්ථ ගෞතම නැමති මිනිසා, බොහෝ දෙනා කියන ආකාරයට “බුද්ධත්වය” නම් තත්වයට පත් වුනාය කියා මම පිළිනොගනිමි. බුද්ධත්වය කියා තත්වයක් තිබේය කියාද මම නොසිතමි.

මා සිතනා අන්දමට සිද්ධාර්ථ ගෞතම යනු මම, ඔබ වැනිම මිනිසෙකි. මිනිසා සිතීමේ හැකියාව ලැබූ දා පටන් තමන් ජීවත් වන ලෝකයේ ස්වභාවයත්, තමන්ගේ පැවැත්මේ අර්ථයත් තේරුම් ගැනීමට ගත් උත්සාහයේ සන්ධිස්ථානයක් සටහන් කල තවත් එක් පුද්ගලයෙකි.

ඔහුත්, තව බොහෝ චින්තකයන් සේම, මනුෂ්යය සංහතියට යමක් දායාද කල යුග පුරුෂයෙකි. ඔහුගේ ඉගැන්වීම් සමහරක් සමඟ මම එකඟ වෙමි. ඒ සමඟම ඔහුගේ සමහර ඉගැන්වීම් සමඟ එකඟ නොවෙමි.

“ඇයි සිද්ධාර්ථ ගෞතම කියපු හැම දේ එක්කම එකඟ වෙන්න බැරි?” කෙනෙක් මගෙන් අසනු ඇත.

මම ඔහුගෙන් පෙරළා මෙසේ ප්රශ්න කරමි.

“සිද්ධාර්ථ ගෞතම හෝ වෙන ඕනෑම කෙනෙකු සමඟ සියයට සියයක් එකඟ වෙන්නේ කොහොමද? ඔබ සිද්ධාර්ථ ගෞතම හෝ වෙන කවුරුන් සමඟ හෝ සම්පූර්ණයෙන්ම එකඟ නම්, එහි යම් නොගැලපීමක්, අවුලක් ඇති බව පෙනෙන්නේ නැතිද?”

කිසිම පුද්ගලයෙකුට තනිව හෝ කිසිම ආගමික ග්රන්ථයකට තනිව හෝ පැහැදිළි කිරීමට තරම් අප ජීවත් වන විශ්වය හා අපගේ පැවැත්ම යන කාරණා සරළ නැති බව මා සිතමි. සිද්ධාර්ථ ගෞතමට හෝ වෙනයම් කෙනෙකුට තබා මනුස්ස සංහතිය පැවැතී විනාශ වී යාමට පෙර අප කාටවත් එවැනි ප්රශ්න වලට පිළිතුරු හරි ආකාරව වටහාගැනීමට බැරි වීමට ඇති ඉඩ මා පිළිගනිමි.

ඇරත් අද අපට අසන්නට ලැබෙන සිද්ධාර්ථ ගෞතම නම් චරිතය, ගත වූ අවුරුදු දහස් ගණනක් පුරා කවුරු කාගේ උවමනා එපාකම් මත කරුණු කාරණා අඩු වැඩි එකතු කොට ඉවත් කොට සංස්කරණය කොට නිර්මාණය කරන ලද ව්යාජ චරිතයක් වීමට ඇති ඉඩ, බුද්ධියක් ඇති කෙනෙකුට නොසලකා හැරිය නොහැකි බව මම සිතමි. ඔහුගේ පුද්ගල චරිතයට පමණක් නොව, ඉගැන්වීම් වලටද ඒ කරුණ අදාල වනවා නොවේද?

මා සිතනා ආකාරයට, කවුරුන් සමඟ හෝ සියලූම මාතෘකා ගැන ඔබ එකඟ නම්, එතනදී ඔබ නැවතී යළි සිතා බැලීම නුවණට හුරුය. මන්ද, එහෙම තත්වයක් තිබේ නම් ඔබ දැනටමත් අනෙකාගේ මතවාදී වහලෙකු බවට පත් වී සිටීමට ඉතා විශාල ඉඩක් ඇති නිසාය.

ඔබ ලෝකය දැකිය යුත්තේ ඔබේ ඇසිනි. ඔබ ලෝකය ගැන විමර්ෂනය කල යුත්තේ ඔබේ බුද්ධියෙනි. එසේ කරනවා වෙනුවට, ඔබ ලෝකය දකින්නේ සිද්ධාර්ථ ගෞතමගේ හෝ වෙනයම් කෙනෙකුගේ ඇසින් නම්, ඔබ ‘තෝරාගෙන ඇත්තේ’, ‘ඔබට කුඩා කල තෝරා දී තිබෙන්නේ’ ඔහුගේ ලෝක දැක්ම නම්, ඔබේ ලෝක දැක්ම කියා දෙයක් තිබේද? එහෙම දෙයක් අවසානයේ ඉතිරි වේද?

සිද්ධාර්ථ ගෞතම සහ එවැනි තවත් බොහෝ චින්තකයන් කලේ ඔවුන් උපන් සමාජයන් වල, සංස්කෘතීන් වල එකල පාරම්පරිකව ආරක්ෂා වෙමින් පැවතුනු විශ්වාස, මතවාද, ආකල්ප වලට නිර්ධය ලෙස අභියෝග කරමින්, තමන්ගේම ලෝක දැක්මක් නිර්මාණය කරගැන්මට උත්සාහ කිරීමයි. සම්ප්රදාය මත යැපෙන නිවට වහලුන් සේ ක්රියා කරනවා වෙනුවට ඔවුහු ස්වාධීන පුද්ගලයෝ වූහ. ගඟ ගලනා අතට පහසුවෙන් පීනා යාම වෙනුවට, අපහසුවෙන් තනිවම උඩුගං බලා පීනීම තෝරාගත් යුග පුරුෂයන් වූහ.

අපත් කල යුත්තේ ඔවුන්ගේ ක්රමය අනුගමනය කිරීම මිසක ඔවුන් කී දේවල් කරේ තියාගෙන, අපේ සම්ප්රදායේ කොටසක් කරගෙන අන්ධයන් සේ ඒවා රැකීමද?

මේ මොහොතේ ඔබ සමඟ යම් දෙයක් බෙදාගනිමි. පුද්ගලිකව, මම මගේ ලෝක දැක්ම හදා ගැනීමේදී පදනම ලෙස ගන්නා කාරණා කීපයක් ඇත. ඒවා නම්,

පළමුව, මා කිසිවක් නොදන්නා බවයි.

දෙවනුව, මට කිසිවක් ගැන සියයට සියයක් නිශ්චිත විය නොහැකි බවයි.

තෙවනුව, මනුෂ්යයකු වීමට නම් සම්ප්රදායෙන් සහ සංස්කෘතියෙන් තමන්ට උගන්වනු ලැබූ සියලූම දේ බැහැර කොට, එකින් එක ප්රශ්න කරමින් තම ලෝක දැක්ම අලුතෙන් ගොඬනඟා ගත යුතු බවයි

සිව්වනුව, ඒ කාර්යය කිරීමේදී මට මුහුණ දීමට සිටින ලොකුම ප්රතිවාදියා හෙවත් මා ඉදිරියේ ඇති විශාලතම බාධකය වෙන කවුරුත් කිසිවක් නොව “මම” ම බවයි.

මෙතුවක් කාලයකට මා තේරුම් ගෙන ඇති දේ අනුව, මම මගේ චින්තනය හැඩගස්වා ගැනීමට තෝරාගෙන ඇත්තේ ඒ ක්රමයයි.

සාම්ප්රදාය රැකීම මම ප්රතික්ෂේප කරමි. කෙනෙකු සාම්ප්රදාය රැකීම සාධාරණ වන්නේද, සහේතුක වන්නේද ඒ කෙනා සියල්ල සර්ව සම්පූර්ණ යුටෝපියාවක ජීවත් වේ නම් පමණි. මම උපන් ලෝකය, සමාජය, සංස්කෘතිය මම උපන් ආකාරයට වඩා දශමයකින් හෝ වඩා හොඳ තැනක් කරන්නේ කෙසේද කියා කල්පනා කිරීම මිස, මා උපන් ආකාරයටම එය අනාගත පරපුරට උරුම කර දීමේ අරමුණක් මා තුළ නැත.

මා සැමටම යෝජනා කරන්නේ කිසිම මතවාදයක, ආගමක වහලෙකු නොවන ලෙසය. කිසිම මතවාදීමය සංකේතයක් නොපළඳින ලෙසය. කිසිම කණ්ඩායම් නාමයක් සමඟ හැඟීම් බරව නොබැඳෙන ලෙසය. එසේ කරන්නා ඔහුට නොදැනීම ඔහු බැඳෙන කුමක් හෝ ඒ දෙය මඟින් මෙහෙයවනු ලබන අන්ධයෙක්, නැත්නම් සිත් පිත් නැති රොබෝ කෙනෙක් බවට පත් වීමට ඉතා විශාල ඉඩක් ඇති බව මා සිතමි.

ලෝක දැක්මක් යනු කඩේකට ගොහින් ඇඳුමක් තෝරාගන්නවා සේ මුළුමනින්ම තෝරා ගැනීමට හැකි දෙයක් නොවේ. ලෝක දැක්ම “පැකේජ්” තෝරාගෙන, මේක මට හොඳා, මේකෙ ඔක්කොම හරි, කියා අදහා ගැනීම මට අනුව නම් තනිව සිතන්නට බුද්ධියක් නැති කම්මැලි, මන්ද බුද්ධික ක්රියාවකි.

තමන්ගේ ලෝක දැක්ම තමන්ගේ විය යුතුය. එය තමන් විසින් පියවරෙන් පියවර ගොඬනඟා ගන්නා ලද එකක් විය යුතුය. තමන් විසින් සාදා ගන්නා ඒ ලෝක දැක්ම තුළ තමන්ට අසන්නට ලැබෙන, කියවන්නට ලැබෙන සිද්ධාර්ථ ගෞතමගේ අදහස් තිබිය හැක. ජේසුස් ක්රිස්තුස්ගේ ඉගැන්වීම් තිබිය හැක. ඇරිස්ටෝටල්, ප්ලේටෝ, නිට්ෂේගේ අදහස් තිබිය හැකිය. තම පියාගේ මවගේ අදහස් තිබිය හැකිය. චතුර සේනාරත්න වැනි අයගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමෙන් “නොකල යුතු දෑ” මොනවාද කියා ඉගෙනගත් පාඩම් තිබිය හැකිය. මේ සියල්ලෙන්, තමා උපන්දා සිට ඇසූ දුටු දේවල් වලින් තමන්ගේම ලෝක දැක්මක් සාදා ගැනීම හැම “බුද්ධියක් ඇති මිනිසෙකුගේම” අනිවාර්ය අංගයක් බව පුද්ගලිකව මා විශ්වාස කරමි.

එසේම, යම් මොහොතක තමන් දරනා අදහස්, මතවාද වලට විරුද්ධ තොරතුරු, සාක්ෂි වලට විවෘත වීමත්, තමන් සිටිනා තැන වැරදි බව දුටු විගස කිසිදු පැකිලීමකින් තොරව ගිනියම් වූ යකඩයකින් අත ගන්නවා සේ එසැනින් තමන්ගේ අදහස් අතහැර දැමීමත් බුද්ධිමත් මනුෂ්යයකු වීමට අවැසි ප්රධානම ගති ලක්ෂණයක් බව මා සිතමි. අදහස් වෙනස් කර නොගන්නා පුද්ගලයා සහ ඇවිදින මළමිනියක් අතර වෙනසක් නැත.

තමා ජීවත් වන යථාර්තය ගැන හෝ ජීවිතය ගැන ප්රශ්නයක් ආ කල, දුවගෙන දුවගෙන ගොස් ගෙදර මේසය උඩ ඇති තමන්ගේ දෙමව්පියන්ගෙන් උරුම වූ ආගමික ග්රන්ථයේ ඇති පිළිතුර ඇද බානා බුද්ධිමය අලසයෙකුගෙන් කුමන නම් පලක් ඇත්ද? ඒ කොයි තරම් පහසු, කම්මැලි, මෝඩ ක්රමයක්ද?

ඔබ කවදා හෝ කිසියම් හෝ චින්තකයෙකු සමඟ ආදරයෙන් වෙළෙයි නම්, ඔහුගේ ඉගැන්වීම් සියයට සියයක් තමන් විසින් පිළිගන්නවා යැයි සිතයි නම්, ඒ දිනය ඔබගේ බුද්ධිමය සියදිවිනසාගැනීම සනිටුහන් වන දිනයයි. මිනිස් ඉතිහාසය පුරා ජීවත් වූ කිසිම මනුෂ්යයෙකු සර්ව සම්පූර්ණ නැත. කිසිදු මනුෂ්යයයෙක් සම්පුර්ණයෙන් තාර්කික නැත. කිසිදු මනුෂ්යයයෙකු චින්තනයේදී “නිදහස්” නැත.

සිද්ධාර්ථ ගෞතම හෝ ජේසුස් ක්රිස්තුස් හෝ වෙනයම් දාර්ශනිකයෙකු හෝ කවුරුන් හෝ, යමක් ගැන නිවැරදි බව දුටු විට ඔහුව අගය කරනවා සේම, යමක් ගැන වැරදි බව දුටු විට එය ප්රතික්ෂේප කිරීමෙන් ඔබගේ ජීවිතයට යහපත් බලපෑමක් ඇති කල ඒ මනුෂ්යයා මෝඩයෙකු බව නොකියවේ. ඉන් කියවෙන්නේ ඔහුද ඔබ මෙන්ම මනුෂ්යයකු බවයි. ඔහුත්, ඔබ මෙන්ම මනුෂ්යයකු වී, ඔබ තරම්ම අපහසුවෙන්, මහන්සි වී මේ ලෝකය හා ජීවිතය තේරුම් ගැනීමට උත්සාහ කලා නම්, එය කොපමණ නම් උතුම් ව්යායාමයක්ද? එහි උතුම් බව ඇත්තේම, ඔහු ඔබ මෙන්ම සාමාන්යය මනුෂ්යයකු වීම නිසාම නොවේද?

මනුෂ්යයකු, මනුෂ්යයකු වීමට නම්, චින්තකයන්ට ආදරය කිරීමෙන් මිදීමද, සාම්ප්රදාය රැකීමේ උන්මාදයෙන් මිදීමද, ඒ කාර්ය කිරීමේදී තමන්ගේ ප්රධානම සතුරා තමන්ම බව තේරුම් ගැනීමද අනිවාර්ය බව මා සිතමි.

ගඟ යන අතට ගහගෙන යාමට දර කොටයකට වුවද හැකිය. නමුත් උඩුගං බලා පීනීමට හැක්කේ පණ ගැහෙනා මනුෂ්යයකුට පමණි.

myhublk

[QUOTE="JohnSnow, post: 26108174, member: 561961"] මගේ ලෝක දැක්ම වැඩියෙන්ම සමපාත වෙන්නේ බෞද්ධ දර්ශනය සමඟය. සිද්ධාර්ථ ගෞතම මා වැඩියෙන්ම ගරු කරන ආගමික නායකයාය. බෞද්ධාගම මා වැඩියෙන්ම එකඟ වෙන ආගමය. එහෙත් මම බෞද්ධයකු නොවෙමි. සිද්ධාර්ථ ගෞතම නැමති මිනිසා, බොහෝ දෙනා කියන ආකාරයට “බුද්ධත්වය” නම් තත්වයට පත් වුනාය කියා මම පිළිනොගනිමි. බුද්ධත්වය කියා තත්වයක් තිබේය කියාද මම නොසිතමි. මා සිතනා අන්දමට සිද්ධාර්ථ ගෞතම යනු මම, ඔබ වැනිම මිනිසෙකි. මිනිසා සිතීමේ හැකියාව ලැබූ දා පටන් තමන් ජීවත් වන ලෝකයේ ස්වභාවයත්, තමන්ගේ පැවැත්මේ අර්ථයත් තේරුම් ගැනීමට ගත් උත්සාහයේ සන්ධිස්ථානයක් සටහන් කල තවත් එක් පුද්ගලයෙකි. ඔහුත්, තව බොහෝ චින්තකයන් සේම, මනුෂ්යය සංහතියට යමක් දායාද කල යුග පුරුෂයෙකි. ඔහුගේ ඉගැන්වීම් සමහරක් සමඟ මම එකඟ වෙමි. ඒ සමඟම ඔහුගේ සමහර ඉගැන්වීම් සමඟ එකඟ නොවෙමි. “ඇයි සිද්ධාර්ථ ගෞතම කියපු හැම දේ එක්කම එකඟ වෙන්න බැරි?” කෙනෙක් මගෙන් අසනු ඇත. මම ඔහුගෙන් පෙරළා මෙසේ ප්රශ්න කරමි. “සිද්ධාර්ථ ගෞතම හෝ වෙන ඕනෑම කෙනෙකු සමඟ සියයට සියයක් එකඟ වෙන්නේ කොහොමද? ඔබ සිද්ධාර්ථ ගෞතම හෝ වෙන කවුරුන් සමඟ හෝ සම්පූර්ණයෙන්ම එකඟ නම්, එහි යම් නොගැලපීමක්, අවුලක් ඇති බව පෙනෙන්නේ නැතිද?” කිසිම පුද්ගලයෙකුට තනිව හෝ කිසිම ආගමික ග්රන්ථයකට තනිව හෝ පැහැදිළි කිරීමට තරම් අප ජීවත් වන විශ්වය හා අපගේ පැවැත්ම යන කාරණා සරළ නැති බව මා සිතමි. සිද්ධාර්ථ ගෞතමට හෝ වෙනයම් කෙනෙකුට තබා මනුස්ස සංහතිය පැවැතී විනාශ වී යාමට පෙර අප කාටවත් එවැනි ප්රශ්න වලට පිළිතුරු හරි ආකාරව වටහාගැනීමට බැරි වීමට ඇති ඉඩ මා පිළිගනිමි. ඇරත් අද අපට අසන්නට ලැබෙන සිද්ධාර්ථ ගෞතම නම් චරිතය, ගත වූ අවුරුදු දහස් ගණනක් පුරා කවුරු කාගේ උවමනා එපාකම් මත කරුණු කාරණා අඩු වැඩි එකතු කොට ඉවත් කොට සංස්කරණය කොට නිර්මාණය කරන ලද ව්යාජ චරිතයක් වීමට ඇති ඉඩ, බුද්ධියක් ඇති කෙනෙකුට නොසලකා හැරිය නොහැකි බව මම සිතමි. ඔහුගේ පුද්ගල චරිතයට පමණක් නොව, ඉගැන්වීම් වලටද ඒ කරුණ අදාල වනවා නොවේද? මා සිතනා ආකාරයට, කවුරුන් සමඟ හෝ සියලූම මාතෘකා ගැන ඔබ එකඟ නම්, එතනදී ඔබ නැවතී යළි සිතා බැලීම නුවණට හුරුය. මන්ද, එහෙම තත්වයක් තිබේ නම් ඔබ දැනටමත් අනෙකාගේ මතවාදී වහලෙකු බවට පත් වී සිටීමට ඉතා විශාල ඉඩක් ඇති නිසාය. ඔබ ලෝකය දැකිය යුත්තේ ඔබේ ඇසිනි. ඔබ ලෝකය ගැන විමර්ෂනය කල යුත්තේ ඔබේ බුද්ධියෙනි. එසේ කරනවා වෙනුවට, ඔබ ලෝකය දකින්නේ සිද්ධාර්ථ ගෞතමගේ හෝ වෙනයම් කෙනෙකුගේ ඇසින් නම්, ඔබ ‘තෝරාගෙන ඇත්තේ’, ‘ඔබට කුඩා කල තෝරා දී තිබෙන්නේ’ ඔහුගේ ලෝක දැක්ම නම්, ඔබේ ලෝක දැක්ම කියා දෙයක් තිබේද? එහෙම දෙයක් අවසානයේ ඉතිරි වේද? සිද්ධාර්ථ ගෞතම සහ එවැනි තවත් බොහෝ චින්තකයන් කලේ ඔවුන් උපන් සමාජයන් වල, සංස්කෘතීන් වල එකල පාරම්පරිකව ආරක්ෂා වෙමින් පැවතුනු විශ්වාස, මතවාද, ආකල්ප වලට නිර්ධය ලෙස අභියෝග කරමින්, තමන්ගේම ලෝක දැක්මක් නිර්මාණය කරගැන්මට උත්සාහ කිරීමයි. සම්ප්රදාය මත යැපෙන නිවට වහලුන් සේ ක්රියා කරනවා වෙනුවට ඔවුහු ස්වාධීන පුද්ගලයෝ වූහ. ගඟ ගලනා අතට පහසුවෙන් පීනා යාම වෙනුවට, අපහසුවෙන් තනිවම උඩුගං බලා පීනීම තෝරාගත් යුග පුරුෂයන් වූහ. අපත් කල යුත්තේ ඔවුන්ගේ ක්රමය අනුගමනය කිරීම මිසක ඔවුන් කී දේවල් කරේ තියාගෙන, අපේ සම්ප්රදායේ කොටසක් කරගෙන අන්ධයන් සේ ඒවා රැකීමද? මේ මොහොතේ ඔබ සමඟ යම් දෙයක් බෙදාගනිමි. පුද්ගලිකව, මම මගේ ලෝක දැක්ම හදා ගැනීමේදී පදනම ලෙස ගන්නා කාරණා කීපයක් ඇත. ඒවා නම්, පළමුව, මා කිසිවක් නොදන්නා බවයි. දෙවනුව, මට කිසිවක් ගැන සියයට සියයක් නිශ්චිත විය නොහැකි බවයි. තෙවනුව, මනුෂ්යයකු වීමට නම් සම්ප්රදායෙන් සහ සංස්කෘතියෙන් තමන්ට උගන්වනු ලැබූ සියලූම දේ බැහැර කොට, එකින් එක ප්රශ්න කරමින් තම ලෝක දැක්ම අලුතෙන් ගොඬනඟා ගත යුතු බවයි සිව්වනුව, ඒ කාර්යය කිරීමේදී මට මුහුණ දීමට සිටින ලොකුම ප්රතිවාදියා හෙවත් මා ඉදිරියේ ඇති විශාලතම බාධකය වෙන කවුරුත් කිසිවක් නොව “මම” ම බවයි. මෙතුවක් කාලයකට මා තේරුම් ගෙන ඇති දේ අනුව, මම මගේ චින්තනය හැඩගස්වා ගැනීමට තෝරාගෙන ඇත්තේ ඒ ක්රමයයි. සාම්ප්රදාය රැකීම මම ප්රතික්ෂේප කරමි. කෙනෙකු සාම්ප්රදාය රැකීම සාධාරණ වන්නේද, සහේතුක වන්නේද ඒ කෙනා සියල්ල සර්ව සම්පූර්ණ යුටෝපියාවක ජීවත් වේ නම් පමණි. මම උපන් ලෝකය, සමාජය, සංස්කෘතිය මම උපන් ආකාරයට වඩා දශමයකින් හෝ වඩා හොඳ තැනක් කරන්නේ කෙසේද කියා කල්පනා කිරීම මිස, මා උපන් ආකාරයටම එය අනාගත පරපුරට උරුම කර දීමේ අරමුණක් මා තුළ නැත. මා සැමටම යෝජනා කරන්නේ කිසිම මතවාදයක, ආගමක වහලෙකු නොවන ලෙසය. කිසිම මතවාදීමය සංකේතයක් නොපළඳින ලෙසය. කිසිම කණ්ඩායම් නාමයක් සමඟ හැඟීම් බරව නොබැඳෙන ලෙසය. එසේ කරන්නා ඔහුට නොදැනීම ඔහු බැඳෙන කුමක් හෝ ඒ දෙය මඟින් මෙහෙයවනු ලබන අන්ධයෙක්, නැත්නම් සිත් පිත් නැති රොබෝ කෙනෙක් බවට පත් වීමට ඉතා විශාල ඉඩක් ඇති බව මා සිතමි. ලෝක දැක්මක් යනු කඩේකට ගොහින් ඇඳුමක් තෝරාගන්නවා සේ මුළුමනින්ම තෝරා ගැනීමට හැකි දෙයක් නොවේ. ලෝක දැක්ම “පැකේජ්” තෝරාගෙන, මේක මට හොඳා, මේකෙ ඔක්කොම හරි, කියා අදහා ගැනීම මට අනුව නම් තනිව සිතන්නට බුද්ධියක් නැති කම්මැලි, මන්ද බුද්ධික ක්රියාවකි. තමන්ගේ ලෝක දැක්ම තමන්ගේ විය යුතුය. එය තමන් විසින් පියවරෙන් පියවර ගොඬනඟා ගන්නා ලද එකක් විය යුතුය. තමන් විසින් සාදා ගන්නා ඒ ලෝක දැක්ම තුළ තමන්ට අසන්නට ලැබෙන, කියවන්නට ලැබෙන සිද්ධාර්ථ ගෞතමගේ අදහස් තිබිය හැක. ජේසුස් ක්රිස්තුස්ගේ ඉගැන්වීම් තිබිය හැක. ඇරිස්ටෝටල්, ප්ලේටෝ, නිට්ෂේගේ අදහස් තිබිය හැකිය. තම පියාගේ මවගේ අදහස් තිබිය හැකිය. චතුර සේනාරත්න වැනි අයගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමෙන් “නොකල යුතු දෑ” මොනවාද කියා ඉගෙනගත් පාඩම් තිබිය හැකිය. මේ සියල්ලෙන්, තමා උපන්දා සිට ඇසූ දුටු දේවල් වලින් තමන්ගේම ලෝක දැක්මක් සාදා ගැනීම හැම “බුද්ධියක් ඇති මිනිසෙකුගේම” අනිවාර්ය අංගයක් බව පුද්ගලිකව මා විශ්වාස කරමි. එසේම, යම් මොහොතක තමන් දරනා අදහස්, මතවාද වලට විරුද්ධ තොරතුරු, සාක්ෂි වලට විවෘත වීමත්, තමන් සිටිනා තැන වැරදි බව දුටු විගස කිසිදු පැකිලීමකින් තොරව ගිනියම් වූ යකඩයකින් අත ගන්නවා සේ එසැනින් තමන්ගේ අදහස් අතහැර දැමීමත් බුද්ධිමත් මනුෂ්යයකු වීමට අවැසි ප්රධානම ගති ලක්ෂණයක් බව මා සිතමි. අදහස් වෙනස් කර නොගන්නා පුද්ගලයා සහ ඇවිදින මළමිනියක් අතර වෙනසක් නැත. තමා ජීවත් වන යථාර්තය ගැන හෝ ජීවිතය ගැන ප්රශ්නයක් ආ කල, දුවගෙන දුවගෙන ගොස් ගෙදර මේසය උඩ ඇති තමන්ගේ දෙමව්පියන්ගෙන් උරුම වූ ආගමික ග්රන්ථයේ ඇති පිළිතුර ඇද බානා බුද්ධිමය අලසයෙකුගෙන් කුමන නම් පලක් ඇත්ද? ඒ කොයි තරම් පහසු, කම්මැලි, මෝඩ ක්රමයක්ද? ඔබ කවදා හෝ කිසියම් හෝ චින්තකයෙකු සමඟ ආදරයෙන් වෙළෙයි නම්, ඔහුගේ ඉගැන්වීම් සියයට සියයක් තමන් විසින් පිළිගන්නවා යැයි සිතයි නම්, ඒ දිනය ඔබගේ බුද්ධිමය සියදිවිනසාගැනීම සනිටුහන් වන දිනයයි. මිනිස් ඉතිහාසය පුරා ජීවත් වූ කිසිම මනුෂ්යයෙකු සර්ව සම්පූර්ණ නැත. කිසිදු මනුෂ්යයයෙක් සම්පුර්ණයෙන් තාර්කික නැත. කිසිදු මනුෂ්යයයෙකු චින්තනයේදී “නිදහස්” නැත. සිද්ධාර්ථ ගෞතම හෝ ජේසුස් ක්රිස්තුස් හෝ වෙනයම් දාර්ශනිකයෙකු හෝ කවුරුන් හෝ, යමක් ගැන නිවැරදි බව දුටු විට ඔහුව අගය කරනවා සේම, යමක් ගැන වැරදි බව දුටු විට එය ප්රතික්ෂේප කිරීමෙන් ඔබගේ ජීවිතයට යහපත් බලපෑමක් ඇති කල ඒ මනුෂ්යයා මෝඩයෙකු බව නොකියවේ. ඉන් කියවෙන්නේ ඔහුද ඔබ මෙන්ම මනුෂ්යයකු බවයි. ඔහුත්, ඔබ මෙන්ම මනුෂ්යයකු වී, ඔබ තරම්ම අපහසුවෙන්, මහන්සි වී මේ ලෝකය හා ජීවිතය තේරුම් ගැනීමට උත්සාහ කලා නම්, එය කොපමණ නම් උතුම් ව්යායාමයක්ද? එහි උතුම් බව ඇත්තේම, ඔහු ඔබ මෙන්ම සාමාන්යය මනුෂ්යයකු වීම නිසාම නොවේද? මනුෂ්යයකු, මනුෂ්යයකු වීමට නම්, චින්තකයන්ට ආදරය කිරීමෙන් මිදීමද, සාම්ප්රදාය රැකීමේ උන්මාදයෙන් මිදීමද, ඒ කාර්ය කිරීමේදී තමන්ගේ ප්රධානම සතුරා තමන්ම බව තේරුම් ගැනීමද අනිවාර්ය බව මා සිතමි. ගඟ යන අතට ගහගෙන යාමට දර කොටයකට වුවද හැකිය. නමුත් උඩුගං බලා පීනීමට හැක්කේ පණ ගැහෙනා මනුෂ්යයකුට පමණි. [URL='https://www.youtube.com/c/myhublk']myhublk[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom