බුද්ධත්වය ගැන myhublk Logic

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    මගේ ලෝක දැක්ම වැඩියෙන්ම සමපාත වෙන්නේ බෞද්ධ දර්ශනය සමඟය. සිද්ධාර්ථ ගෞතම මා වැඩියෙන්ම ගරු කරන ආගමික නායකයාය. බෞද්ධාගම මා වැඩියෙන්ම එකඟ වෙන ආගමය.
    එහෙත් මම බෞද්ධයකු නොවෙමි. සිද්ධාර්ථ ගෞතම නැමති මිනිසා, බොහෝ දෙනා කියන ආකාරයට “බුද්ධත්වය” නම් තත්වයට පත් වුනාය කියා මම පිළිනොගනිමි. බුද්ධත්වය කියා තත්වයක් තිබේය කියාද මම නොසිතමි.

    මා සිතනා අන්දමට සිද්ධාර්ථ ගෞතම යනු මම, ඔබ වැනිම මිනිසෙකි. මිනිසා සිතීමේ හැකියාව ලැබූ දා පටන් තමන් ජීවත් වන ලෝකයේ ස්වභාවයත්, තමන්ගේ පැවැත්මේ අර්ථයත් තේරුම් ගැනීමට ගත් උත්සාහයේ සන්ධිස්ථානයක් සටහන් කල තවත් එක් පුද්ගලයෙකි.

    ඔහුත්, තව බොහෝ චින්තකයන් සේම, මනුෂ්‍යය සංහතියට යමක් දායාද කල යුග පුරුෂයෙකි. ඔහුගේ ඉගැන්වීම් සමහරක් සමඟ මම එකඟ වෙමි. ඒ සමඟම ඔහුගේ සමහර ඉගැන්වීම් සමඟ එකඟ නොවෙමි.
    “ඇයි සිද්ධාර්ථ ගෞතම කියපු හැම දේ එක්කම එකඟ වෙන්න බැරි?” කෙනෙක් මගෙන් අසනු ඇත.
    මම ඔහුගෙන් පෙරළා මෙසේ ප්‍රශ්න කරමි.

    “සිද්ධාර්ථ ගෞතම හෝ වෙන ඕනෑම කෙනෙකු සමඟ සියයට සියයක් එකඟ වෙන්නේ කොහොමද? ඔබ සිද්ධාර්ථ ගෞතම හෝ වෙන කවුරුන් සමඟ හෝ සම්පූර්ණයෙන්ම එකඟ නම්, එහි යම් නොගැලපීමක්, අවුලක් ඇති බව පෙනෙන්නේ නැතිද?”

    කිසිම පුද්ගලයෙකුට තනිව හෝ කිසිම ආගමික ග්‍රන්ථයකට තනිව හෝ පැහැදිළි කිරීමට තරම් අප ජීවත් වන විශ්වය හා අපගේ පැවැත්ම යන කාරණා සරළ නැති බව මා සිතමි. සිද්ධාර්ථ ගෞතමට හෝ වෙනයම් කෙනෙකුට තබා මනුස්ස සංහතිය පැවැතී විනාශ වී යාමට පෙර අප කාටවත් එවැනි ප්‍රශ්න වලට පිළිතුරු හරි ආකාරව වටහාගැනීමට බැරි වීමට ඇති ඉඩ මා පිළිගනිමි.
    ඇරත් අද අපට අසන්නට ලැබෙන සිද්ධාර්ථ ගෞතම නම් චරිතය, ගත වූ අවුරුදු දහස් ගණනක් පුරා කවුරු කාගේ උවමනා එපාකම් මත කරුණු කාරණා අඩු වැඩි එකතු කොට ඉවත් කොට සංස්කරණය කොට නිර්මාණය කරන ලද ව්‍යාජ චරිතයක් වීමට ඇති ඉඩ, බුද්ධියක් ඇති කෙනෙකුට නොසලකා හැරිය නොහැකි බව මම සිතමි. ඔහුගේ පුද්ගල චරිතයට පමණක් නොව, ඉගැන්වීම් වලටද ඒ කරුණ අදාල වනවා නොවේද?

    මා සිතනා ආකාරයට, කවුරුන් සමඟ හෝ සියලූම මාතෘකා ගැන ඔබ එකඟ නම්, එතනදී ඔබ නැවතී යළි සිතා බැලීම නුවණට හුරුය. මන්ද, එහෙම තත්වයක් තිබේ නම් ඔබ දැනටමත් අනෙකාගේ මතවාදී වහලෙකු බවට පත් වී සිටීමට ඉතා විශාල ඉඩක් ඇති නිසාය.

    ඔබ ලෝකය දැකිය යුත්තේ ඔබේ ඇසිනි. ඔබ ලෝකය ගැන විමර්ෂනය කල යුත්තේ ඔබේ බුද්ධියෙනි. එසේ කරනවා වෙනුවට, ඔබ ලෝකය දකින්නේ සිද්ධාර්ථ ගෞතමගේ හෝ වෙනයම් කෙනෙකුගේ ඇසින් නම්, ඔබ ‘තෝරාගෙන ඇත්තේ’, ‘ඔබට කුඩා කල තෝරා දී තිබෙන්නේ’ ඔහුගේ ලෝක දැක්ම නම්, ඔබේ ලෝක දැක්ම කියා දෙයක් තිබේද? එහෙම දෙයක් අවසානයේ ඉතිරි වේද?
    සිද්ධාර්ථ ගෞතම සහ එවැනි තවත් බොහෝ චින්තකයන් කලේ ඔවුන් උපන් සමාජයන් වල, සංස්කෘතීන් වල එකල පාරම්පරිකව ආරක්ෂා වෙමින් පැවතුනු විශ්වාස, මතවාද, ආකල්ප වලට නිර්ධය ලෙස අභියෝග කරමින්, තමන්ගේම ලෝක දැක්මක් නිර්මාණය කරගැන්මට උත්සාහ කිරීමයි. සම්ප්‍රදාය මත යැපෙන නිවට වහලුන් සේ ක්‍රියා කරනවා වෙනුවට ඔවුහු ස්වාධීන පුද්ගලයෝ වූහ. ගඟ ගලනා අතට පහසුවෙන් පීනා යාම වෙනුවට, අපහසුවෙන් තනිවම උඩුගං බලා පීනීම තෝරාගත් යුග පුරුෂයන් වූහ.

    අපත් කල යුත්තේ ඔවුන්ගේ ක්‍රමය අනුගමනය කිරීම මිසක ඔවුන් කී දේවල් කරේ තියාගෙන, අපේ සම්ප්‍රදායේ කොටසක් කරගෙන අන්ධයන් සේ ඒවා රැකීමද?
    මේ මොහොතේ ඔබ සමඟ යම් දෙයක් බෙදාගනිමි. පුද්ගලිකව, මම මගේ ලෝක දැක්ම හදා ගැනීමේදී පදනම ලෙස ගන්නා කාරණා කීපයක් ඇත. ඒවා නම්,
    පළමුව, මා කිසිවක් නොදන්නා බවයි.
    දෙවනුව, මට කිසිවක් ගැන සියයට සියයක් නිශ්චිත විය නොහැකි බවයි.

    තෙවනුව, මනුෂ්‍යයකු වීමට නම් සම්ප්‍රදායෙන් සහ සංස්කෘතියෙන් තමන්ට උගන්වනු ලැබූ සියලූම දේ බැහැර කොට, එකින් එක ප්‍රශ්න කරමින් තම ලෝක දැක්ම අලුතෙන් ගොඬනඟා ගත යුතු බවයි
    සිව්වනුව, ඒ කාර්යය කිරීමේදී මට මුහුණ දීමට සිටින ලොකුම ප්‍රතිවාදියා හෙවත් මා ඉදිරියේ ඇති විශාලතම බාධකය වෙන කවුරුත් කිසිවක් නොව “මම” ම බවයි.
    මෙතුවක් කාලයකට මා තේරුම් ගෙන ඇති දේ අනුව, මම මගේ චින්තනය හැඩගස්වා ගැනීමට තෝරාගෙන ඇත්තේ ඒ ක්‍රමයයි.

    සාම්ප්‍රදාය රැකීම මම ප්‍රතික්ෂේප කරමි. කෙනෙකු සාම්ප්‍රදාය රැකීම සාධාරණ වන්නේද, සහේතුක වන්නේද ඒ කෙනා සියල්ල සර්ව සම්පූර්ණ යුටෝපියාවක ජීවත් වේ නම් පමණි. මම උපන් ලෝකය, සමාජය, සංස්කෘතිය මම උපන් ආකාරයට වඩා දශමයකින් හෝ වඩා හොඳ තැනක් කරන්නේ කෙසේද කියා කල්පනා කිරීම මිස, මා උපන් ආකාරයටම එය අනාගත පරපුරට උරුම කර දීමේ අරමුණක් මා තුළ නැත.

    මා සැමටම යෝජනා කරන්නේ කිසිම මතවාදයක, ආගමක වහලෙකු නොවන ලෙසය. කිසිම මතවාදීමය සංකේතයක් නොපළඳින ලෙසය. කිසිම කණ්ඩායම් නාමයක් සමඟ හැඟීම් බරව නොබැඳෙන ලෙසය. එසේ කරන්නා ඔහුට නොදැනීම ඔහු බැඳෙන කුමක් හෝ ඒ දෙය මඟින් මෙහෙයවනු ලබන අන්ධයෙක්, නැත්නම් සිත් පිත් නැති රොබෝ කෙනෙක් බවට පත් වීමට ඉතා විශාල ඉඩක් ඇති බව මා සිතමි.

    ලෝක දැක්මක් යනු කඩේකට ගොහින් ඇඳුමක් තෝරාගන්නවා සේ මුළුමනින්ම තෝරා ගැනීමට හැකි දෙයක් නොවේ. ලෝක දැක්ම “පැකේජ්” තෝරාගෙන, මේක මට හොඳා, මේකෙ ඔක්කොම හරි, කියා අදහා ගැනීම මට අනුව නම් තනිව සිතන්නට බුද්ධියක් නැති කම්මැලි, මන්ද බුද්ධික ක්‍රියාවකි.

    තමන්ගේ ලෝක දැක්ම තමන්ගේ විය යුතුය. එය තමන් විසින් පියවරෙන් පියවර ගොඬනඟා ගන්නා ලද එකක් විය යුතුය. තමන් විසින් සාදා ගන්නා ඒ ලෝක දැක්ම තුළ තමන්ට අසන්නට ලැබෙන, කියවන්නට ලැබෙන සිද්ධාර්ථ ගෞතමගේ අදහස් තිබිය හැක. ජේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් තිබිය හැක. ඇරිස්ටෝටල්, ප්ලේටෝ, නිට්ෂේගේ අදහස් තිබිය හැකිය. තම පියාගේ මවගේ අදහස් තිබිය හැකිය. චතුර සේනාරත්න වැනි අයගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමෙන් “නොකල යුතු දෑ” මොනවාද කියා ඉගෙනගත් පාඩම් තිබිය හැකිය. මේ සියල්ලෙන්, තමා උපන්දා සිට ඇසූ දුටු දේවල් වලින් තමන්ගේම ලෝක දැක්මක් සාදා ගැනීම හැම “බුද්ධියක් ඇති මිනිසෙකුගේම” අනිවාර්ය අංගයක් බව පුද්ගලිකව මා විශ්වාස කරමි.
    එසේම, යම් මොහොතක තමන් දරනා අදහස්, මතවාද වලට විරුද්ධ තොරතුරු, සාක්ෂි වලට විවෘත වීමත්, තමන් සිටිනා තැන වැරදි බව දුටු විගස කිසිදු පැකිලීමකින් තොරව ගිනියම් වූ යකඩයකින් අත ගන්නවා සේ එසැනින් තමන්ගේ අදහස් අතහැර දැමීමත් බුද්ධිමත් මනුෂ්‍යයකු වීමට අවැසි ප්‍රධානම ගති ලක්ෂණයක් බව මා සිතමි. අදහස් වෙනස් කර නොගන්නා පුද්ගලයා සහ ඇවිදින මළමිනියක් අතර වෙනසක් නැත.

    තමා ජීවත් වන යථාර්තය ගැන හෝ ජීවිතය ගැන ප්‍රශ්නයක් ආ කල, දුවගෙන දුවගෙන ගොස් ගෙදර මේසය උඩ ඇති තමන්ගේ දෙමව්පියන්ගෙන් උරුම වූ ආගමික ග්‍රන්ථයේ ඇති පිළිතුර ඇද බානා බුද්ධිමය අලසයෙකුගෙන් කුමන නම් පලක් ඇත්ද? ඒ කොයි තරම් පහසු, කම්මැලි, මෝඩ ක්‍රමයක්ද?
    ඔබ කවදා හෝ කිසියම් හෝ චින්තකයෙකු සමඟ ආදරයෙන් වෙළෙයි නම්, ඔහුගේ ඉගැන්වීම් සියයට සියයක් තමන් විසින් පිළිගන්නවා යැයි සිතයි නම්, ඒ දිනය ඔබගේ බුද්ධිමය සියදිවිනසාගැනීම සනිටුහන් වන දිනයයි. මිනිස් ඉතිහාසය පුරා ජීවත් වූ කිසිම මනුෂ්‍යයෙකු සර්ව සම්පූර්ණ නැත. කිසිදු මනුෂ්‍යයයෙක් සම්පුර්ණයෙන් තාර්කික නැත. කිසිදු මනුෂ්‍යයයෙකු චින්තනයේදී “නිදහස්” නැත.
    සිද්ධාර්ථ ගෞතම හෝ ජේසුස් ක්‍රිස්තුස් හෝ වෙනයම් දාර්ශනිකයෙකු හෝ කවුරුන් හෝ, යමක් ගැන නිවැරදි බව දුටු විට ඔහුව අගය කරනවා සේම, යමක් ගැන වැරදි බව දුටු විට එය ප්‍රතික්ෂේප කිරීමෙන් ඔබගේ ජීවිතයට යහපත් බලපෑමක් ඇති කල ඒ මනුෂ්‍යයා මෝඩයෙකු බව නොකියවේ. ඉන් කියවෙන්නේ ඔහුද ඔබ මෙන්ම මනුෂ්‍යයකු බවයි. ඔහුත්, ඔබ මෙන්ම මනුෂ්‍යයකු වී, ඔබ තරම්ම අපහසුවෙන්, මහන්සි වී මේ ලෝකය හා ජීවිතය තේරුම් ගැනීමට උත්සාහ කලා නම්, එය කොපමණ නම් උතුම් ව්‍යායාමයක්ද? එහි උතුම් බව ඇත්තේම, ඔහු ඔබ මෙන්ම සාමාන්‍යය මනුෂ්‍යයකු වීම නිසාම නොවේද?
    මනුෂ්‍යයකු, මනුෂ්‍යයකු වීමට නම්, චින්තකයන්ට ආදරය කිරීමෙන් මිදීමද, සාම්ප්‍රදාය රැකීමේ උන්මාදයෙන් මිදීමද, ඒ කාර්ය කිරීමේදී තමන්ගේ ප්‍රධානම සතුරා තමන්ම බව තේරුම් ගැනීමද අනිවාර්ය බව මා සිතමි.

    ගඟ යන අතට ගහගෙන යාමට දර කොටයකට වුවද හැකිය. නමුත් උඩුගං බලා පීනීමට හැක්කේ පණ ගැහෙනා මනුෂ්‍යයකුට පමණි.

    myhublk
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    myhublk Just another showOff and wannabe. We all have these different thoughts and questions. But we are not going to show that off and manipulate other's minds and thoughts using it. Because we need to respect other's beliefs. Religious believes are like sexual organs. Need to protect it, need to keep it clean, but should not uncover or reveal it in public, Specially, do not try to touch other's organs, especially don't do it in public.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    100% :love::love::love:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔහුත්, තව බොහෝ චින්තකයන් සේම, රසික සංහතියට යමක් කල Youtube චරිතයකි. ඔහුගේ අදහස් සමහරක් සමඟ මම එකඟ වෙමි. ඒ සමඟම ඔහුගේ සමහර අදහස් සමඟ එකඟ නොවෙමි 🤷‍♂️

    මේ දේවල්වලට මාත් ගොඩක් දුරට එකඟයි.

    මේ දේවල් වලට මම එකඟ නෑ
    මා සිතනා අන්දමට සිද්ධාර්ථ ගෞතම යනු මම, ඔබ වැනිම මිනිසෙකි. මිනිසා සිතීමේ හැකියාව ලැබූ දා පටන් තමන් ජීවත් වන ලෝකයේ ස්වභාවයත්, තමන්ගේ පැවැත්මේ අර්ථයත් තේරුම් ගැනීමට ගත් උත්සාහයේ සන්ධිස්ථානයක් සටහන් කල තවත් එක් පුද්ගලයෙකි.

    කිසිම පුද්ගලයෙකුට තනිව හෝ කිසිම ආගමික ග්‍රන්ථයකට තනිව හෝ පැහැදිළි කිරීමට තරම් අප ජීවත් වන විශ්වය හා අපගේ පැවැත්ම යන කාරණා සරළ නැති බව මා සිතමි. සිද්ධාර්ථ ගෞතමට හෝ වෙනයම් කෙනෙකුට තබා මනුස්ස සංහතිය පැවැතී විනාශ වී යාමට පෙර අප කාටවත් එවැනි ප්‍රශ්න වලට පිළිතුරු හරි ආකාරව වටහාගැනීමට බැරි වීමට ඇති ඉඩ මා පිළිගනිමි.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    හෝල් ලොට් ඔෆ් වර්ඩ්ස් නොට් මච් කන්ටෙන්ට්.

    කියන්න හදන්නෙ තමතමන් විවෘත මනසකින් හිඳ ලෝකය දිහා බලලා තමන්ගේම දර්ශනයක් ගොඩනගා ගත යුතුයි කියලද? එහෙම නැති අය මතවාදී වහලෙක් කියලද කියන්නෙ. මට දැණුනෙ එහෙම කතාවක්.

    දැන් ඔතනට මෙහෙම තර්ක කලොත්;

    මේ ලෝකෙ හැමෝම මතවාදී වහල්ලු තමා. දැන් උදාහරණයකට පල්ලියේ මතවාදයට විරුද්ධව අදේවවාදය ගොඩනැගෙනවා. එතනදි අදේවවාද දර්ශනය ගොඩනැගෙන්නෙ පල්ලියේ දේවවාදය විරුද්ධව, එයට සමපාතව, එයට සාපේක්ෂව, නිසා අදේවවාදය පල්ලියේ දේවවාදයේ වහලෙක්. මොකද පල්ලියේ දේවවාදී දර්ශනයට "ප්‍රතිචාරයක්" විදිහටයි අදේවවාදය නිර්මාණය වෙන්නෙ.

    සරලව කිවහොත් ප්‍රතිවාදියා පිහියක් අරං සටනට ආවම හිස් අතින් සටනට ගියහොත් පරදින නිසා අපි කඩුවක් පිහියක් තුවක්කුවක් අරන් සටනට යනවා. එතනදි අපි ආයුධයක් ගන්න හේතු උනේ ප්‍රතිවාදියාගෙ පිහිය. අන්න ඒ වගේ ගත්තම මේ ලෝකෙ කවුරු කවුරූත් කාට කාටත් වහල් තමා. කවුරු කවුරුත් ප්‍රතිචචාර දක්වන්නෙ තවත් දෙයකට සාපේක්ෂව.

    තවත් සරලව කිවහොත් විවෘත මනසක් කියලා දෙයක් නෑ. අපි අපිම තීරණ, තීන්දු, දර්ශන ගොඩනැගුවත් ඒ ගොඩනැගීම් බාහිර පරිසරයෙන් ස්වායත්තව සිදු නොවන නිසා අපි රොබෝලා වගේ තමා කොයි දේ කලත්. හිතන්න හිතන්න කරන්න කරන්න කවදාවත් මේ වහල්බාවයෙන් ගැලවීමක් නෑ.

    බටහිරින් ඔයිට ලඟින් යන මතයක් ප්‍රකාශ වෙනවා "Everything is a social construct" කියලා. එතකොට කෝ ඔය උඩුගං බලා යාම? තියෙන්නෙ ගඟෙ බෙදිච්ච අත්තක ඔහේ පාවෙලා යන එකම තමා.
     
    • Like
    Reactions: Bart_Allen

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    myhublk Just another showOff and wannabe. We all have these different thoughts and questions. But we are not going to show that off and manipulate other's minds and thoughts using it. Because we need to respect other's beliefs. Religious believes are like sexual organs. Need to protect it, need to keep it clean, but should not uncover or reveal it in public, Specially, do not try to touch other's organs, especially don't do it in public.
    That's true IF you're seeking or following a "religion"
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    දෘෂ්ටි ගත නොවී සොබා දහමේ නියාය ගැන අවබෝදය ගන්න බලන්න දර්ශනය හදාරලා.
     
    • Like
    Reactions: reddeckuka

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    Every ideology is a religion if it gets enough time to evolve
    Every religion is a philosophy at the beginning . Later becomes a religion with a lot of additions as the time goes on. So ideology and philosophy has a big difference.. If someone wants to study the true religion, he should examine the religion till he reach the philosophy behind it..
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මම කර්මය කර්මපලය පිලිබඳ විශ්වාස කිරීම, බුද්ධාගම කෙරෙහි ශ්‍රද්දවක් තිබීම, මගෙන් පිට කෙනෙක් ට ප්‍රශ්නයක් වෙනවානම් එක මගේ ගැටීමක් නොවෙයි.
    එක අදාල තැනැත්තාගේ ප්‍රශ්නයක්.
    යම් දර්ශනයක්, ලෝභය, ද්වේශය, මෝහය නොපතුරන තාක්, ඒ අනුගාමිකයන් සමාජයට ප්‍රශ්නයක් නොවේ නම්, ඇයි අනිත් යට එක ප්‍රශ්නයක් වෙන්නේ.
    නොදනිම අකුසල් සකස් කරගන්න එපා.
     
    • Like
    Reactions: supun_sg

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Religion hari mona hari owa private thiyagattama prashna adui.
    Anun hadanne mokatada ban... ehema hadannath ba. Argue kara kara inna nam puluwan. Kawruth ehema argument walin paradinna kamathy naha.

    Waste of time.

    Uuta salli tiyenawa so he can afford all this. He has time.