බුද්ධාගමේ උන්!

villa pro

Well-known member
  • Feb 10, 2021
    538
    672
    93
    මචං උදව්වක් බලාපොරොත්තුවෙන් දාන tread එකක්!

    ටිකක් දිගට ලියන්නම් point එක miss වෙන්න පුලුවන් නිසා!

    මේ ගැන පොඩි හෝ සැලකිල්ලක් දක්වන්න ඕනි කියලා හිතෙන නිසා දාන්නෙ! උබලට පොඩි හෝ කැක්කුමක් බුද්ධාගම නැත්තම් මේක කියවන්නත් එපා උබෙ කාලෙ අපරාදේ, hate comments වලය reply දාන්නත් මට ඕනි කමක් නෑ,

    මුලින් පොඩි හෑල්ලක් දාන්නම් ඇයි මේ අමාරුව කියලා 🤦😂

    මන් අහන්නම් උබෙන් ප්‍රශ්නයක්

    ලංකාව බුද්ධාගමික රටක් නොවුනානම් උබලා කැමති මොන ආගමික රටක් වුනානම්ද? මෙතන ඉඩ හිතෙන් පුරවපන්!

    ..........................................

    හෝ උබ කැමතිද
    නිරාගමික වෙනවට!

    මන් අනිත් ආගම් ගැන ලොකුවට දන්නෑ ඒත් හිතපම් මේ රට අරාබි රටක් වගේ කියලා
    උබ කැමති ආගමක් එහෙම අදහන්න පුලුවන් වෙයිද? මන් දන්නෑ කියන්න, උබෙන්ම අහපන්!

    අනිත් බුද්ධාගමේ උන් ගැන මන් දන්නෑ! මන් හැදුන වැඩුන පරිසරයේ සහ උපතින්ම බුද්ධාගමේ නිසා මටනම් පට්ට නිදහසක් තියෙන්නෙ අනිත් ආගම් ගැන ඉගෙන ගන්න හෝ ඕනිනම් අදගන්න හරි! කවෘත් උබට එපා කියන්නෙත් නෑ කරන්න බල කරන්නෙත් නෑ! බුද්ධාගමේ කියලා අනිත් ආගම් වලින් ගන්න පුලුවන් දේවල් නොගෙන ඉන්නෙත් නෑ මන්,

    සෝම හාමුදුරුවෝ කියනවා බුද්ධාගම බුදුහාමුදුරුවෝ දේශනා කරේ බුද්ධාගමේ උන්ට නෙවෙ මිනිස්සුන්ට කියලා! අන්න එතන මන් නම් ඉන්නෙ!

    මේ විඩියෝ කෑල්ල බලපන්! ඒත් බුද්ධාගම දැන් තියන තැන



    අනිත් රටවල උන් එක්ක වැඩ කරන නිසා දන්නව උන් උන්ගේ ආගම ප්‍රචාරය කරන්න දෙන්නෙ පට්ට ගේමක්!

    මේක කියවන අනිත් ආගම් වල උන් තරහ ගන්න එපා, මන් හිතන්නෙ උබලටත් ඒ ආගමික නිදහස තේරෙන්නෙ ඒක නැති උන දවසකට තමා! බුද්දාගමත් නැති වෙලා යන ගමන් තියෙන්නෙ

    මගේ කනගාටුව අනිත් ආගම් ලංකාවෙ ප්‍රචාරය නෙවෙ බුද්ධාගමේම චීවර ධාරියෝ මේක කන එක ගැන!

    එකට අපිට පුලුවන් මට්ටමින් මොනා හරි කරන්න ඕනි කියලා මට හිතෙනවා!

    හරි මේකයි මට ඕනි

    උබට video editing පුලුවන් නම් මේ විඩියෝ කෑල්ල පොඩි වෙනසක් කරන්න ඕනි

    අපි දන්නවා සෝම හාමුදුරුවොන්ගෙන් පස්සෙ
    භද්දිය හාමුදුරුවො තමයි හරියට මේක කතා කරන්න දන්නෙ හොඳ ස්වාමීන්වහන්සේ නමක්!

    Social research side එකේ වැඩ කරන නිසා අපි ගොඩක් data එකතු කරනවා!

    මේ විඩියෝ එකෙන්




    වැලිමඩ සීවලි හාමුදුරුවෝ පොඩ්ඩක් අයින් කරලා පොඩි සංස්කරණයක් ඉල්ලන්නෙ!

    මට මේ විඩියෝවේ දෙවැනි කොටසට

    සෝම හාමුදුරුවෝ (exists in video)

    අංකුඹුරේ අමිතදීප හිමි (exists)

    භද්දිය හාමුදුරුවො (need to add)

    Buddhism in english youtube channel එක කරන හාමුදුරුවෝ

    ඇඩ් කරලා සංස්කරණයක් කරගන්න ඕනි! මට video editing බෑ ඒ නිසයි උදව් ඉල්ලන්නෙ! Video එඩිටින් වැඩ්ඩොන්ගේ උදව් ඕනි ඒකට!

    Source ටික මන් දාන්නම්

    Video need to edit

    Buddhism in english

    භද්දිය ස්වාමින්වහන්සේ

    Background music එක හොයාගන්න බැරි උනා මට කවෘරු හරි tread එකේ දාන්න

    පොඩි වැඩක් නෙවෙයි තමා ඒත් කාට හරි වැඩ්ඩෙක්ට පුලුවන් ලොකු දෙයක්!

    වෙසක් එකට කලින් දැම්මනම් ඇති!

    උබලා දන්න වැඩ්ඩොන්ව දැනුවත් කරන්න!

    දෙවැනි අදියර විදියට අපි මේක fb page හරහා promote කරන්න බලාපොරොත්තු වෙනවා

    උබලගේ opinion එකත් මෙතන ලියපන්!

    Bump එකත් දැම්මත් වඩේට සම්මාදම් වීමක් 🙏
     
    Last edited:
    • Like
    Reactions: lankalk and B.Chat

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    538
    672
    93


    මේ විඩියෝ එකේ දෙවැනි සංස්කරණය ඕනි!
    වෙනස් වෙන්න ඕනි මේකේ දෙවැනි කොටසට භද්දිය හාමුදුරුවෝ ඇඩ් වෙන්න ඕනි
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    538
    672
    93
    මේ හාමුදුරුවො දෙන්නා විතරයි දැන් හොඳ...

    බඩ මැද්දේ බුරියානන්ද හිමි
    මඩ කුඹුරේ එරුණානන්ද හිමි
    හොඳ අය නරක අය ඉන්නවා බන්, ඒත් pramote කරන්න ඕනි මේ හොඳ අය මුලින්! අපි හිතනවට වඩා සෙට් එක කොටුවෙ පොඩිගෙ, උමන්දාවෙ බන අහලා ඔලුව කුරුවල් කරන් ඉන්නෙ
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    19,461
    1
    32,551
    113
    චූවගෙ රෑෂ් එකේ
    හොඳ අය නරක අය ඉන්නවා බන්, ඒත් pramote කරන්න ඕනි මේ හොඳ අය මුලින්! අපි හිතනවට වඩා සෙට් එක කොටුවෙ පොඩිගෙ, උමන්දාවෙ බන අහලා ඔලුව කුරුවල් කරන් ඉන්නෙ
    සමාන්තබද්‍ර හාමුදුරුවොන්ගේ වැරද්දක් නම් මම දකින්නේ නෑ. අර භද්දිය කියන කෙනාත් උඩින් ඔපේ යටින් හපේ.