බුද්ධාගමේ කියනවනේ

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    බුද්ධාගමේ කියනවනේ

    දන්නෙ එකෙක් මට මේකට උත්තරයක් දීපන්...දැන් බුද්ධාගමේ කියනවනේ පෙර ආත්මයක් ගැනයි මරණින් මතු ඉපදීමක් ගැනයි..එතකොට කොහොමද ලෝකෙ ජනගහනය වැඩි වෙන්නේ..මම කියන්නේ එහෙමනම් වෙන්ඩ ඔනේ එකම මිනිස්සු,සත්තු ප්‍රමාණයක් මේ ලොකේ ජීවත් වෙන්ඩ ඔනේ.මොකද මැරෙන උන්මනේ ආයෙත් ඉපදෙන්නේ..මොකද මැරුන ආත්මයක් අයෙ කලලයක් හොයාගෙන යද්දි ඩබල් වෙනවා කියලා කොතනකවත් කියලා නෑනෙ..අනික පව්කරපු අය අපාගත වෙනවා නම් ජනගහනය අඩු වෙන්ඩ එපැයි..
    උදා- ලොකේ ජීවීන් ගනන 1000යි නම්..(මිනිස්සු සත්තු ඇතුලුව )
    200ක් මැරුනොත් ඒ 200 ආයේ උපදින්ඩ ඔනේ..එකෙන් පව් කරපු අය 50ක් අපාගත උනොත් නැවත ජනගහනය 950යි..
    මේක ආගම් වාදයක් නෙමේ...මට ඇතිඋන ප්‍රශ්නයක්..හරියට පිලිගන්ඩ පුලුවන් සාක්ශි එක්ක කවුරු හරි උත්තරයක් දුන්නොත් ලෝභ නැතුව පිලිගන්නවා..මම කතෝලික,මගේ යාලුවෝ වැඩිපුර බුද්ධාගමේ..අනිත් උන් මුස්ලිම්...මට ඔය කොයි ආගමත් එකයි...

    :):):)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙහෙමනේ උඹ දන්නවද හරියටම ලෝකෙ ඉන්න ජීවීන් ගණන මෙච්චරයි කියල. අන්න එහෙම හොයාගනිපු දවසට ඔය ප්‍රශ්නෙට උත්තරයක්‌ හොයාගන්න පුළුවන්. මේ ලෝකෙ මිනිස්සු අඩිය නොතියපු බිම් කොච්චර තියෙනවද? ඒවායේ ජීව විශේෂ කොච්චර ඉන්නවද? මිනිස් ගහණය වැඩි වෙමින් ගියාට සත්ව විශේෂ කීයක්‌ වඳ වීමේ තර්ජනයට ලක්වෙලා තියෙනවද?
     
    • Like
    Reactions: NO_MeRcY

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    බුදු දහම අනාත්ම චින්තයක්, අනික ජීවින් ඉන්නේ පෘථිවියේ විතරක් නෙමේ.
     

    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    Macho budda darashanaye(agama) ugannane science neme ape jiwithe yatharathaya gana ubata eka methana therum karanna baha tred walin
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් මරණ අනුපාතය අඩුවෙලා බන්.එකයි.
    අවුරුද්දක් විතර ලෝකෙ ඔක්කොම hospitals වහල තිබ්බනම් ප්‍රශ්නෙට උත්තරේ හම්බවෙයි.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මිනිස්සු විදිහට යලි උපදින්නෙ මිනිස්සුම විතරක් නෙමේයි,,අපි පෙර ආත්මයෙ සමහර විට සත්තෙක් වෙලා උපදින්න ඉඩතිබුනා..එහෙම බලපුවම ලොකෙ ඉන්න හෑම සතා,,ජිවියා මෙච්චරඉ කියල ගනනය කරල නෑහෑනෙ මචන්
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****


    ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ මේ video එකේ ..... 5:10 සිට බලන්න ......

    පුළුවන්නම් මුළු video එකම බලන්න ........ :)
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මම දන්න විදියට උත්තරයක් දෙන්නම්. ඉස්සර කියවපු පොතක මම දැක්කා ඔය ප්‍රශ්නේ සහ ඒකට උත්තරේ..
    මුලින්ම කියන්න ඔනෙ බුදු දහමේ ආත්මයක් ගැන සදහනක් නෑ. සත්වයෙක් මැරුනට පස්සෙ විඤ්ඤානය සසරෙන් සසරට ගමන් කිරීමක් තම සිදුවන්නේ.
    විඤ්ඤානය කියන්නෙ විශ්ව ශක්තියක්. ශක්ති සංස්ථිති නියමයට අනුව ශක්තිය විනාශ කරන්න වත් මවන්නවත් බෑ. ඒ අනුව වැඩි වන ජනගහනය අවශ විඤ්ඤාන ඇති වෙන්නේ කොහොමද කියන එක වෙන්න ඔනේ ඔයාගෙ ප්‍රශ්නය. (බුදු දහම අනුව කියනව නම්).

    ශක්තිය විනාශ කරන්න වත් මවන්න වත් බැරි උනාට ශක්තිය පරිවර්තනය කරන්න පුලුවන්.

    ඒ අනුව : විඤ්ඤානය කියන කියන්නෙ විශ්ව ශක්තියක් , ඒක ඇති වන්නේ මූල ධාතු එක් වීමෙන් (පඨවි, ආපෝ , තේජෝ , වායෝ) . ඉතින් මෙතන සිදු වන්නේ මූල ධාතු එක් වීමෙන්, වැඩි වන ජනගහනයට අවශ විඤ්ඤාන ඇති වීමක්.

    මම දන්න විදියට ලෝක විනාශයකදී විඤ්ඤාන මුල් ශක්ති සන්ඝටක වලට බිදී නැවත ජීවින් ඇති වෙන තුරු විශ්ව ශක්තියක් ලෙස විශ්වයේ පවතිනවා. ජීවින් ඇති වී ජීවින් වැඩි වීමෙදී පෙරකී ශක්ති පරිවර්ථනය නැවත සිදු වනවා



    මම වැරදි නම් නිවරදි කරන්න :)
     
    Last edited:
    • Like
    Reactions: TwoTone
    මම කිසිම ආගමක් අදහන්නේ නෑ. ඇත්තටම. ඉස්සර බුද්ධාගමේ. දැන් කිසිම පන්සලකට පල්ලියකට යන්නේ නෑ. ආගම් කියන්නේ මිනිස්සු හදාගත්තු දෙයක් කියන එක පැහැදිලි නිසා.

    දිව්‍ය ලෝකය අපාය කියන්නේ මේකමයි කියන එක අපි හැමෝම දන්නවා. එහෙමනම් අපේ ප්‍රශ්නය විය යුත්තේ ඔය ස්වර්ගය කොහෙද තියෙන්නේ කියල. මොකද එහෙ ගිහින් දෙයියෝ එක්ක ඉන්නවනේ. ඉතින් දැන් ඒකෙ ජනගහනය ට්‍රිලියන් වලින් වත් මනින්න බෑ. හිතපල්ලකො අවුරුදු මිලියන ගානක් එකතු වුන මිනිස්සු ගැන.

    කොහොම උනත් ඔය නැවත ඉපදීම ගැන මම දන්නා හැටියට කියන්නම්. බුද්ධාගමේ කියල නැහැනේ දෙයියෙක් ලෝකේ මැව්වා කියල. ඉතින් නිශ්චිත ජනගහනයක් නැහැ. ඒක සයිල ජීවය දියුණු වෙලා මිනිසා පරිනාමය වුනා කියන ඒක හේතු ඵල වාදය ඇතුලේ හොඳින්ම තියනවනේ.

    නැවත ඉපදීම කියන එකත් කෙනෙකුගේ මනස මත රඳා පවතින්නක් කියන එක බුද්ධාගමේ තියනවනේ. ඒකයි අවසාන සිතුවිල්ල වැදගත් වෙන්නේ. මරණාසන්න වෙලාවේ පිරිත් කියන්නේ ඒක නිසා. අර අවසන් සිතුවිල්ල යහපත් කරන්න.

    එතකොට දැන් අපි අර ඒකසයිල ජීවියාගෙන් පරිනාමය වෙලා මිනිස්සු හැදුන එක ගැන හිතමු. එහෙම ජීවීන් ඇතිවෙන්න පුළුවන් නම් අදත් අලුතෙන් ජීවය ඇති වෙන්න පුළුවන් නේද? දැන් ඒ එක සයිල වලින් නෙවෙයි. තිබෙන ජීවීන් තුලින්ම. නැවත ඉපදීමක් ගැන කිව්වට, අලුතෙන් ජීවය ඇති වෙන්න බැහැ කියල නෑ නේද? ඉතින් තිබෙන ජීවයත්, තාමත් අලුතෙන් ඇති වී ගෙන යන ජීවයත් ඉදිරියට යනවා.

    කොහොම නමුත් මම කිසිම දෙවියෙක් ස්වර්ගයක් දිව්‍ය ලෝකයක් අපායක් විශ්වාස කරන්නේ නැහැ. මම කිව්වේ තර්කානුකූලව හිතන්න පුළුවන් විදිහ විතරයි. හැබැයි එක දෙයක්. කවුරුහරි නැවත ඉපදීම ප්‍රතික්ෂේප කරනවානම් එයාට දෙවියෝ ප්‍රොමෝට් කරන්න කොහොමවත් බැහැ. මොකද එක කොහොමවත් ඔප්පු කරන්න බැරි මෝඩම අදහස් වලින් හැදිලා තියන නිසා. ස්වර්ගය ප්‍රොමෝට් කරන්න හිතන්නවත් බැහැ. මොකද අවුරුදු මිලියන ගානක් මැරිච්ච මිනිස්සු ඔක්කොම ඉන්න තැනක් ඔප්පු කරන්න තියා හිතාගන්නවත් බැරි නිසා.

    හොඳම දේ තමයි මේ බහුබූත පැත්තක දාල ප්‍රයෝජනවත් දෙයක් ගැන හිතන එක.
     
    යාළුවා ඔයා කොනක් අල්ලාගෙන කතා කරන්නේ.... ඔයා ගැන සාක්ෂි ඇතුව ලියපු ඕන තරම් පොත් පත් තියෙනවා.... එකක් ඉස්සෙල්ල හොදින් කියවල ඇවිත් තව ප්‍රශ්න තියෙනවනම් අහන්න....
     

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..


    ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ මේ video එකේ ..... 5:10 සිට බලන්න ......

    පුළුවන්නම් මුළු video එකම බලන්න ........ :)


    මචන් මට ඔය විශ්ව සියපත් දැනට පෝස්ට් කරලා තියන complete සෙට් එකම හොයා ගන්න නැද්ද??

    මම youtube search කරාට සමහර කොටස් මිසින් වගෙයි පේන්නේ !!
     
    මේ දවස්වල ආගම් අධ්‍යයනයේ ඉන්නේ, ඕකෙත් සෑහැන්න ඉගෙනගන්න තියනවා වගේ :cool:
    මචන් ඔය ආගම් ගැන හිතන්න ගියොත් කිසි වගතුවක් නැහැ බන්. ඕව ඉගෙන ගෙන කන්නද. ඔය වෙලාවේ වැඩක් ඇති දෙයක් කරපන්. ආගම් ඉගෙන ගෙන පිස්සෝ වුනහම කරන දේවල් බලපන් ඔය මුස්ලිම් උන් දිහා. පිස්සෝ වගේ නේ. ජීවිතයක් නෑ. ඕව හොයන එක පැත්තක දාල වැඩකට ඇති දෙයක් කරපන් බන්. ඔය සයන්ස් වගේ දෙයක් කියවපන්. උඹටත් සමාජයටත් හොඳයි. :D:D
     

    dtab

    Member
    Sep 15, 2011
    57
    5
    0
    [FONT=&quot]මචන් මෙතන උඔ ලෝක ජන ගහනය ගැන කථාව පටන් අරන් උදාහරනෙ දීල තියෙන්නේ ලෝකේ ජීවීන් ගෙන්, මේ ලෝකේ කාටවත් කියන්න බෑ ලෝකේ මෙච්චර ජීවීන් ප්‍රමාණයක් ඉන්නව කියලා (බැකිටීරායවක් කියන්නෙත් යම් කිසි ජීවියෙක්). ඒක නිසා අපිට කියන්න බෑ මිනිසුන් වැඩි වීම ආත්ම ගාන වැඩි වීම කියල මොකද දැන්ටත් සෑගෙන් සත්ව විශේෂ ගණනක් මේ ලෝකෙන් වදවෙලා ගිහිල්ලා තියෙනව.. වද වෙමින් පවතිනවා. ඒ සත්තුන්ටත් ආත්මයක් තියෙනවා. ඒක නිසා ලෝක ජනගහනය වැඩි වීමයි ආත්මය කියන සංකල්පයයි අතර සම්බන්ධයක් අපිට ගොඩ නගන්න බෑ.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]අනිත් එක ශක්ති සංස්ථිති නියමයට අනුව ශක්තිය කියන දේ විනාශ වෙන් නෑ එතකොට මේ ශක්තිය කියන දේ පදනම් කරගෙන තමා පදාර්ථය නිර්මාණය වෙලා තියෙන්නෙ. පාදාර්ථය තුල පරමාණු පවතින්නේ ආකර්ෂන බල මගින් පරමාණු තුල ඉලොක්ට්‍රොන පවතින්නේ ආකර්ෂන බල මගින්,[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ ආකර්ෂන බල කියන්නෙ එක්තරා ආකාරයක් ඇලීමක්/තණ්හාවක්. එතකොට මේ ශක්ති පද්ධතිය තුලින් ඇතිවන ජීවින් සතුන් කියනවා. ඉතින් මේ ජීවීන් කියන්නේ තණ්හාව කියන දේ මුල් කරගෙන ඇති වුන දෙයක්, මේ තණ්හාව තුල තමයි ආත්මය කියන දෙත් තියෙන්නෙ. එතකොට මට තේරෙන විදිහට ජීවීන්ගේ ආරම්භයටම ආත්මය කියන සංකල්පය එකතු වෙනවා. ඒක නිසා ලෝකේ ජීවීන් ගණන ගැන ගණනයක් කරන්න බෑ වගේ ම ආත්ම ගණන ගැනත් ගණනයක් අපිට දෙන්න බෑ.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]අකික මචන් මැරෙන උන්ම අයේ ඉපදෙනවා කියල කථාවක් කොහෙවත් නෑ. පව් කරපු අය අපාගත වෙනවා කියන දෙයින් උඔ හිතන් ඉන්නේ අපාය කියල වෙනම ලෝකයක් තියනවා කියල නම් ඒකත් වැරදී මචන්. ලෝකේ ඉන්න හැම මිනිහටම එකම විදිහට හැම දේම ලැබෙන්නෑනෙ. ඒක ඒ ඒ අයගෙ පින් පව් හා තවත් හේතු මත රදා පවතින දෙයක්.
    [/FONT]


    ඔච්චර තමයි බන් මමත් දන්නෙ...
    [FONT=&quot][/FONT]
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් ඔය ආගම් ගැන හිතන්න ගියොත් කිසි වගතුවක් නැහැ බන්. ඕව ඉගෙන ගෙන කන්නද. ඔය වෙලාවේ වැඩක් ඇති දෙයක් කරපන්. ආගම් ඉගෙන ගෙන පිස්සෝ වුනහම කරන දේවල් බලපන් ඔය මුස්ලිම් උන් දිහා. පිස්සෝ වගේ නේ. ජීවිතයක් නෑ. ඕව හොයන එක පැත්තක දාල වැඩකට ඇති දෙයක් කරපන් බන්. ඔය සයන්ස් වගේ දෙයක් කියවපන්. උඹටත් සමාජයටත් හොඳයි. :D:D

    උඹ කියන දේවල් ගැන ගොඩාක් හිතන්න ඕනේ..thanks machan :D