බුද්ධාගම ගැඹුරින් හැදැරූ සිරකරු අභිධර්ම

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බුද්ධාගම ගැඹුරින් හැදැරූ සිරකරු අභිධර්ම

    මරණ දඬුවම ලැබ සිරගතවී කළකිරී
    බුද්ධාගම ගැඹුරින් හැදැරූ සිරකරු
    අභිධර්ම විභාගයෙන් ලංකාවෙන් තෙවැනි තැනට



    Priison-415x260.jpg

    හදිසි කෝපය නිසා සිදුවූ මිනීමැරුමක් මත මරණ දණ්ඩනය නියමවූ සිරකරුවෙකු සිරේදී ආගමික පොත පත කියවා දැඩි ලෙස ඒ ගැන හදාරා පසුව ජීවිතය වෙනස් කරගෙන ආගමික විභාග වලින්ද කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා අත්කරගත් අවස්ථාවක් මහනුවර පල්ලෙකැලේ බන්ධනාගාරයෙන් වාර්තා වෙනවා.
    සිපිරිගේ දහම්පාසලේ
    නේවාසික ගුරුවරයෙකුද ලෙස දැන් කටයුතු කරන මෙම පුද්ගලයා 2015 වසරේ පවත්වන ලද අභිධර්ම විභාගයෙන් දිවයිනේ තෙවැනි ස්ථානය ලබාගෙන තිබේ.

    2006 වසරේ දී පවුල් ආරවුලකට මැදිව ජිවිතයක් අහිමි කිරීමේ චෝදනාවට ඔහු වරදකරුවී සිරගත කර තිබෙන අතර 2007 වසරේ සිටම බන්ධනාගාරයේ සිටම අභිධර්මය පිලිබඳ



    පොත පත පරිශීලනය කරන්නට ඔහු හුරුවී තිබේ. විශේෂයෙන්ම පූජ්‍ය රෙරුකානේ චන්දවිමල හිමියන්ගේ පොතපත ඔහුගේ ජීවිතය වෙනස් කරන ලද කියවීම් බවට පත්ව ඇත.

    ධර්මානුකුල ජිවිතයකට හැඩගැසුණු ඔහු මුලින්ම සිරගෙදර සිට දහම්පාසල් විභාගයට 2012 වසරේදී පෙනී සිට තිබෙනවා.ඉන් අනතුරුව 2013 වසරේදී සහ 2014 වසරේදී තරුණ බෞද්ධ සංගමය මගින් පැවැත්වූ ධර්ම විභාගවලටද කැමැත්තෙන් පෙනී සිට ඇත.2015 වසරේ තරුණ බෞද්ධ සංගමය සංවිධානය කළ අභිධර්ම ඩිප්ලෝමා විභාගයෙන් විශිෂ්ඨ සම්මාන ලබමින් දිවයිනේ තෙවන ස්ථානයට ඔහු පත්වූයේ එයින් පසුය.

    බන්ධනාගාරයේ පවත්වාගෙන යන ශ්‍රී සුචරිතෝදය දහම්පාසලේ නේවාසික ගුරුවරයෙකු ලෙසත් ගිහිපිරිත් කණ්ඩායම් නායකයා ලෙසත් කටයුතු කරන ඔහු පසුගිය වසරේ වෙසක් පොහොය දිනයේදී මරණීය දණ්ඩනයෙන් ජිවිත සමාව ලැබ දැනට ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලබා ඇත.

    තමා කළ වැරදි පිළිබඳ ඇතිවූ කලකිරීම ධර්මානුකූල අවබෝධය තුළින් පහව ගිය බව ඔහු පවසා ඇත.
    බන්ධනාගාර අධිකාරවරුන් පවසන්නේ ඔහුගේ යහපත් කල්ක්‍රියාව සම්බන්ධයෙන් සැමදෙනා පැහැදී සිටින බවවත් ඉදිරියේදී ඔහුට නිදහසක් ලබා දෙන්නට බලධාරීන් කටයුතු කරනු ඇති බවත්ය.
    විවිධ හේතුමත සිරගත කිරීමෙන් පසුවත් තමන්ගේ වැරදි වලට පාඩම් ඉගෙන නොගෙන නැවත නැවත ඒ දේවල්ම කරන අය බහුල වටපිටාවක මේ පුද්ගලයා ලැබූ පුද්ගල සංවර්ධනය කාහටත් ආදර්ශයක් බවද බන්ධනාගාර නිලධාරීන් සඳහන් කර ඇත.

    gaththe gossiplanka eken
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හිරේ ඇතුලට පොත් පත්තර කොල අරං යන්න දෙනවද ? :shocked: :shocked:
    මටත් හිතෙනව කාව හරි මරල හිරේ යන්න :D :D
    ඒක ඇතුලට වෙලා නිදහසේ පොතක් පත්තරයක් බලාගෙන හිටියෑකි රස්සා කරන්න නහින්න ඕනෙත් නෑ කෑම බීම ඇඳුං සේරම free :baffled: :baffled:
     
    • Like
    Reactions: allrights

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    හිරේ ඇතුලට පොත් පත්තර කොල අරං යන්න දෙනවද ? :shocked: :shocked:
    මටත් හිතෙනව කාව හරි මරල හිරේ යන්න :D :D
    ඒක ඇතුලට වෙලා නිදහසේ පොතක් පත්තරයක් බලාගෙන හිටියෑකි රස්සා කරන්න නහින්න ඕනෙත් නෑ කෑම බීම ඇඳුං සේරම free :baffled: :baffled:
    Game of Thrones බලන්න වෙන්නෙ නැතිවෙයි. :(
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හිරේ ඇතුලට පොත් පත්තර කොල අරං යන්න දෙනවද ? :shocked: :shocked:
    මටත් හිතෙනව කාව හරි මරල හිරේ යන්න :D :D
    ඒක ඇතුලට වෙලා නිදහසේ පොතක් පත්තරයක් බලාගෙන හිටියෑකි රස්සා කරන්න නහින්න ඕනෙත් නෑ කෑම බීම ඇඳුං සේරම free :baffled: :baffled:

    Game of Thrones බලන්න වෙන්නෙ නැතිවෙයි. :(
    rep aded :yes:
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    හිරේ ගිය ගොඩක් අය හොඳ අය බවට පත්වෙනවලු. :yes:
    ඒත් හිරේ යන්න කලින් ජීවිතේ වෙනස් කරගෙන යහපත් කෙනෙක් වෙන්න පුළුවන් වුනා නම් නිරපරාදේ ජීවිතයක් නැති වෙන්නෙත් නැහැ. :no:
    ජීවිතේ ගැන කළකිරෙන්න දේවල් තියෙන්නෙ හිරේට වඩා නිදහස් සමාජයේ. :(


    බලපු ටිකෙන් fan theory හද හද ඉන්නව :sorry: :sorry:
    ඊට වඩා හොඳ විදිහක් තියෙනවා. :yes:
    Season 8 වලින් අවසන් වෙන නිසා, 2018 වෙනකන් ඉඳලා ඔක්කොම බලලා ම හිරේ ගියොත් නරක ද? :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඊට වඩා හොඳ විදිහක් තියෙනවා. :yes:
    Season 8 වලින් අවසන් වෙන නිසා, 2018 වෙනකන් ඉඳලා ඔක්කොම බලලා ම හිරේ ගියොත් නරක ද? :baffled:

    බෑ බං කොහෙද මන්ද තියෙනව දැක්ක උන් robert's rebellion එක ගැන film එකකුත් ගහන්නලු ඉන්නෙ :sorry: :sorry:
    ඕක ගහල සාර්ථක වුන ගමං ඊලඟට කැස්ටමියර් සීන් එකත් ගහයි :sorry: :sorry:
    ඔය ඔක්කොම බලල ඉවර වෙද්දි හිරේ යන්න කාලයක් නෑ :no: :no:
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    බෑ බං කොහෙද මන්ද තියෙනව දැක්ක උන් robert's rebellion එක ගැන film එකකුත් ගහන්නලු ඉන්නෙ :sorry: :sorry:
    ඕක ගහල සාර්ථක වුන ගමං ඊලඟට කැස්ටමියර් සීන් එකත් ගහයි :sorry: :sorry:
    ඔය ඔක්කොම බලල ඉවර වෙද්දි හිරේ යන්න කාලයක් නෑ :no: :no:
    චිත්‍රපටිත් එන්න තියෙනවා නම් ඔන්න ඔහේ හිරේ යන්න ඕනෙ නැහැ. :baffled:
    දුක් විඳ විඳ හරි මේ විදිහට ජීවත් වෙන එක හොඳයි. :dull:
    මොනවා වුණත් Game of Thrones බලන්න තියෙනව නේ. :love:
    ඔන්න හිරකාරයන්ට Game of Thrones පොත් කියවීම, TV series එක බැලීම, චිත්‍රපටිත් ආවොත් ඒවත් බැලීම අනිවාර්යයි කියලා නීතිගත කෙරුවොත් හිරේ යන එක ගැන සළකලා බලන්න තිබ්බා. :rolleyes: