බුද්ධානුස්මෘති භාවනාවේ අනුසස් බොහෝ ය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බුද්ධානුස්මෘති භාවනාවේ අනුසස් බොහෝ ය. කලක් කළ හොත් එහි අනුසස් තමාට ම දැකිය හැකි වනු ඇත. බුදුගුණ නිතර මෙනෙහි කිරීම බුදු රදුන් හා වාසය කිරීමක් වැනිය. බුදු ගුණ සිහි කරන කල්හි සිතෙහි රාගය නැගී නොසිටී. ද්වේෂය නැගී නොසිටී. මෝහය නැගී නොසිටී. ඒ නිසා බුදුරදුන් අරභයා ඔහුගේ සිත සෘජුව පවතී. නීවරණයෝ යටපත් වෙති. මේ භාවනාව කරන සමහරුන්ට බුදුරජාණන් වන්සේ පියවි ඇසින් පෙනෙන්නාක් මෙන් පෙනෙන්නට වෙයි. එයින් ඔහුට ඉමහත් ප්‍රීතියක් ලැබේ. නිතර බුදු ගුණ සිහි කරන්නා වූ පින්වතාගේ ශරීරය සර්‍වඥධාතූන් වහන්සේලා වැඩ සිටින චෛත්‍යයක් කරඬුවක් බඳු වේ. එබැවින් ඒ භාවනාව කරන සත්පුරුෂයා ගරු බුහුමන් කිරීමට සුදුසු පුද්ගලයෙක් වේ. පූජා සත්කාර ලැබෙන පුද්ගලයෙක් වේ. මේ භාවනාවෙන් ඒ ඒ පුද්ගලයන්ට උත්පත්තියෙන් හිමිවී ඇති අවාසනාවන්ත ගති ක්‍ර‍මයෙන් දුරුවේ. ග්‍ර‍හ අපල දුරු වේ. රස්සාවක් කරන්නකුට නම් එය දියුණු වේ. ඔහුගේ අදහස් ඉටු වේ.
    “ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. කතමෝ ඒකෝ ධම්මෝ? බුද්ධානුස්සති. අයං ඛො භික්ඛවේ ඒකෝධම්මෝ භාවිතො බහුලීකතෝ ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති.”
    මේ තථාගතයන් වහන්සේ විසින් බුද්ධානුස්මෘති භාවනාවෙහි අනුසස් දක්වා වදාළ පාඨයෙකි. එහි තේරුම මෙසේ ය:-
    “මහණෙනි, එක් ධර්මයක් භාවනා කරන ලද්දේ නැවත නැවත භාවනා කරන ලද්දේ ඒකාන්තයෙන් සසරට කලකිරීම පිණිස සසරට ඇති ඇලීම නැතිවීම පිණිස දුක් නිවීම පිණිස කෙලෙස් ගිනි නිවීම පිණිස විශිෂ්ට ඥානයෙන් ලෝ තතු දැන ගැනීම පිණිස චතුස්සත්‍ය අවබෝධවීම පිණිස නිර්වාණය පිණිස පවතී. කිනම් එක් ධර්‍මයක් ද යත්? බුද්‍ධානුස්මෘතිය ය. මහණෙනි, මේ එක ධර්මය භාවනා කරන ලද්දේ නැවත නැවත භාවනා කරන ලද්දේ ඒකාන්තයෙන් සසරට කල කිරීම පිණිස සසරට ඇති ඇලීම නැති වීම පිණිස දුක්ගිනි නිවීම පිණිස කෙලෙස් ගිනි නිවීම පිණිස විශිෂ්ට ඥානයෙන් ලෝ තතු දැන ගැනීම පිණිස චතුස්සත්‍යය අවබෝධවීම පිණිස නිවන පිණිස පවතී.”
    භාවෙහිබුද්ධානුස්සතිං - භාවනානමනුත්තරං
    ඉමං සතිං භාවයිත්වා - පූරයිස්සසි මානසං”
    (සුභූතිථෙරාපදාන)
    තේරුම:-
    “භාවනාවන් අතුරෙන් සියල්ලට උතුම් බුද්ධානුස් සමෘතිය භාවනා කරව. මේ භාවනාව කොට අදහස් සම්පූර්ණ කර ගනුව. මුදුන්පත් කර ගනුව.”
    බුදු ගුණ නවය ම එකවර භාවනා කරනු කැමතියන් විසින් මේ වාක්‍ය නවය පාඩම් කරගෙන භාවනා කළ යුතු ය.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    වාක්‍ය නවය ඇතුලත් කොටස සහහන් කරන්න පුලුවන්ද.

    තෙරුවන් සරණයි !!!
     
    • Like
    Reactions: S_M_S