බුද්ධිඅංශ ඉතිහාසයේ ලොකුම පාවාදීම් දෙක

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    බුද්ධිඅංශ ඉතිහාසයේ ලොකුම පාවාදීම් දෙක

    අතුරුගිරිය මි‍ලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි යුද හමුදා බුද්ධි අංශයේ ආරක්ෂිත නිවස්නය වටලා ජාතියේ මහා පාවාදීමක් සිදු කරන්නට ශ්‍රී ලංකා ‍පොලිසියේ ‍පොලිස් අධිකාරිවරයකු කටයුතු කරන්නේ මීට වසර දහසයකට පෙරය.

    ඒ අවාසනාවන්ත සිදුවීම වූයේ 2002 ජනවාරි 02දාය. එවකට පැවතුණේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය හෙබ වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්ය. අගමැතිවරයාව දෙමළ ජාතිකයන් යොදවා ඝාතනය කිරීමට පානලුව යුද හමුදා වෙඩි භූමියේ ‘තර්මෝ බැරික්’ අවි පුහුණුවක් ලබාදෙන බව චෝදනා කරමින් මි‍ලේනියම් සිටි අංක 844 දරන නිවසේ වූ රහසිගත ආරක්ෂිත නිවස්නය වටලා හමුදා බුද්ධි අංශය දෙමළ ජාතික සෙබළුන් යොදවා කොටි ත්‍රස්තවාදයට එරෙහිව සිදු කළ හමුදා මෙහෙයුම් සියල්ල පාවා දෙන්නේය. එවකට යුද හමුදාපති මෙන්ම යුද හමුදා බුද්ධි බළකායේ නිර්මාතෘ වූයේ ජෙනරාල් ලයනල් බලගල්ලය. යුද හමුදාපති යටතේ ක්‍රියාත්මක වූ රහසිගත බුද්ධි ඒකකය පාවා දෙන්නට මහනුවර සිට පැමිණෙන ‍පොලිස් නිල සුනඛ අංශයේ ‍පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්‍පොළ කටයුතු කරන්නේය.

    දේශපාලන වාසි හා උසස්වීම් බලා‍පොරොත්තුවෙන් ජාතික ආරක්ෂාව පරදුවට තැබූ දේශපාලන ‍පොලිස් රංගනයෙන් යුද හමුදා බුද්ධි අංශය එතෙක් කොටි පාලන ප්‍රදේශවල කොටි නායකයන්ට එරෙහිව කළ සියලු රහස්‍ය මෙහෙයුම් කරළියට එන්නේය.

    කොටින්ට සහාය පළ කරමින් පළවූ සුඩර්ඔලී දෙමළ පුවත්පතේ 2002 ජනවාරි 06දා මෙම රහස්‍ය තොරතුරු ඒකකය පිළිබඳ සියලු තොරතුරු හෙළිකර තිබුණේ මහා පාවාදීමට සම්බන්ධ වූ දේශද්‍රෝහීන්ගේ සහායෙනි. රටේ ජාතික ආරක්ෂාවට වැදගත් රහස්‍ය තොරතුරු හා රහස්‍ය මෙහෙයුම් සියල්ල බන්දේසියක තබා කොටින්ට පූජා කරන්නට ‍පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්‍පොළ කටයුතු කරන්නේ බුද්ධි අංශයම පාවාදෙමිනි.

    එයින් පසු විද්‍යාකරන් නමැති හමුදා ඔත්තුකරු ඝාතනයෙන් ඇරඹි කොටි ඝාතන රැල්ල නැවතුණේ බුද්ධි අංශයේ හතළිස් හතර දෙනකුගේ ජීවිත අවසන් කරමිනි. පසුගිය එජාප ආණ්ඩුව සමයේ බුද්ධි අංශවලට අත්වූයේ එවන් ඉරණමකි.

    එදා ‍පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්‍පොළ විසින් කළ ජාතියේ මහා පාවාදීමෙන් පසුව යළිත් එවන් විශාල පාවාදීමක් වාර්තා වන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වා යටතේය. එය සිදුවන්නේ වත්මන් එජාප ආණ්ඩුව යටතේම වීම විශේෂත්වයකි.

    අද රටම කතා කරන මෙකී නියෝජ්‍ය ‍පොලිස්පතිට ඇඳුණු ප්‍රභූ ඝාතන රැල්ල කරළියට එන්නේ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර කළ හෙළිදරව්වෙනි. නාමල් කුමාර කරන හෙළිදරව්වට පෙරාතුව රටේ කොඳු නාරටිය වන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය කළ බුද්ධි මෙහෙයුමකින් ප්‍රභූ ඝාතන වැලක් මෙන්ම යළි කොටි සංවිධානය හිස ඔසවන්නට ගත් උත්සාහයද අනාවරණය කරගෙන තිබුණේය.

    ජනාධිපති, අගමැති ප්‍රමුඛ රටේ ජාතික ආරක්ෂක මණ්ඩලය හමුවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාත්, සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කුත් හෙළි කළ එම අබිරහස එක දවසින් පාවා දී හමුදා මෙහෙයුම උඩු යටිකුරු කළ චෝදනාව එල්ල වන්නේද මේ කියන ඩී.අයි.ජී. නාලක සිල්වාටය.

    යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය මගින් කොටි සංවිධානය යළි හිස ඔසවන බවට අනාවරණය කරන්නේ මීට වසරකට පෙර සිටය.

    එල්ටීටීඊය ඉන්දියාවේ සිට මන්නාරම ඔස්සේ සී.ෆෝ. පුපුරන ද්‍රව්‍ය කිලෝ 40ක් රැගෙන ඒමේ සිට පුදුකුඩිඉරිප්පුහි කරන්ගේ ගරාජය මුල් කරගෙන සිදු කරගෙන ගිය සමස්ත කොටි මෙහෙයුමම බුද්ධි බළකාය මගින් අනාවරණය කරන්නේ දීර්ඝකාලීන බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසය.

    රටේ අවාසනාවට ජාතික ආරක්ෂක මණ්ඩලය මගින් මෙම මෙහෙයුමේ ඉදිරි කටයුතු භාර කරන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වාටය. යුද හමුදාව හට අත්අඩංගුවට ගැනීමට බලයක් නොවුණු නිසා ඉදිරි විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර කරන්නට ආරක්ෂක මණ්ඩලය යුද හමුදා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂවරයාට නියෝග කරන්නේය. ඒ අනුව ‍පොලිස්පතිවරයා හරහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට සියලු බුද්ධි වාර්තා ඉදිරිපත් කරන්නේය.

    ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ලොක්කන් ආණ්ඩු හදන්නට, ඉහළ පුටුවලට එන්නට සැලසුම් කරමින් කල් මරද්දී විදෙස් කොටි ඩයස්‍පෝරාව මගින් යළි මෙරට තුළ කොටි ත්‍රස්තවාදය වපුරන්නට කරන රහස්‍ය සැලසුම් හමුදා බුද්ධි අංශයේ දක්ෂතාව නිසා අනාවරණය විය.

    මෙම වසරේ ජුනි 22දා ඔඩ්ඩුසුඩාන්-පුදුකුඩිඉරිප්පු මාර්ගයේදී මාර්ග රාජකාරියේ නිරත ‍පොලිස් සැරයන් නෙරන්ජන් (10336), ‍පොලිස් කොස්තාපල් රත්නායක (8036) යන නිලධාරීන් දෙදෙනා ව්ශ්‍රීබ් 8007 දරන නිල් පැහැති ත්‍රිරෝද රථයක තිබි පුපුරන ද්‍රව්‍ය හමුවීමත් සමග ඔඩ්ඩුසුඩාන් සිද්ධිය කරළියට ආවේය.

    කිලෝග්‍රෑම් පහළොවක ක්‍ලේමෝ බෝම්බයක්, කොටි ඊළාම් කොඩි දෙකක්, බෝම්බ පුපුරවන ඩෙටනේටර් ඇතුළු අවි ආයුධ සමග කොටි ත්‍රස්තයන් තිදෙනකුද කොටු විය.

    ඒ සමගින් සමස්ත මෙහෙයුම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ඩී.අයි.ජී. නාලක ද සිල්වා යටතට භාර ගැනුණු අතර, ඉන් දින දෙකකට පසුව (24) යාපනයේ පළවන උදයන් පුවත්පත මගින් බුද්ධි අංශයේ දෙවැනි මහා පාවාදීම සිදු කළේය.
    එදා වසර දහසයකට පෙර ‍පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්‍පොළගෙන් හෙළිවූ මි‍ලේනියම් සිටි බුද්ධි අංශයේ නිවස්නය ගැන තොරතුරු සුඩර්ඔලි දෙමළ පුවත්පතෙන් පාවාදුන් ආකාරයටම මෙවර උදයන් පුවත්පත මගින් මහා පාවාදීමක් සිදු කළේය. ඔඩ්ඩුසුඩාන් බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගත් පස්දෙනා අතර යුද හමුදාවෙන් පඩිගත් ඔත්තුකරුවකු සිටින බව උදයන් පුවත්පත හෙළි කළේය. උදයන් පුවත්පතට එම තොරතුරු ගලා ගියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සැකකරුවන් රැගෙන වව්නියාව තම ඒකකය වෙත රැගෙන ආ පසුව බව මේ වනවිට අනාවරණය වන්නේය.

    ‘අලුත් බිල්ලකට කොටි යළි නැගිටී’ මැයෙන් කොටි යළි නැගිටින බව එම දිනයේම (24) රිවිර ඉරිදා සංග්‍රහයට මෙම ලියුම්කරුම ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවන අයුරෙන් වගකීමෙන් වාර්තා කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ලොක්කා කොටි යළි නැගිටින බව හෙළිවීම වත්මන් යහපාලන රජයේ සංහිඳියාවට බාධාවක් බව පෙන්වා දී සිද්ධිය යටපත් කරන්නට යද්දීය. කොටි යළි නැගිටින බව වසරක් තිස්සේ හෙළි කරමින් හමුදා බුද්ධි අංශය සනාථ කළ තොරතුරුවලට සම්බන්ධ කොටි කල්ලියේ කිහිප දෙනකු අහඹු ලෙස ‍පොලිසියට කොටුවීමෙන් පසුව එය උඩු යටිකුරු කර මෙම සිදුවීම් පසුපස හමුදා බුද්ධි අංශය සිටින බව රජයට ඒත්තු ගන්වන්නට අමුතු මෙහෙයුමක් දියත් වන්නේ ඩී.අයි.ජී. නාලක සිල්වා යටතේය.

    කොටින්ගේ දෙමළ ඩයස්‍පෝරාවට හා මෙරටට දෑස් යොමා සිටින විදෙස් ඔත්තු සේවාවල වුවමනාව ඉටු කරන්නාක් මෙන් හමුදා බුද්ධි අංශයේ ඔත්තුකරුවන් රටට හෙළි කරමින් බුද්ධි බළකායට එරෙහි මතයක් රජයට ඇති කරවන්නට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මෙම මෙහෙයුම දියත් කරන්නේය.

    කොටි යළි නැගිටින ආකාරය හමුදා බුද්ධි අංශ කළ හෙළිදරව්ව ගැන ඔඩ්ඩුසුඩාන්හි අවි ආයුධ හමුවූ ජුනි මාසයේ (24දා) රිවිර ඉරිදා සංග්‍රහයෙන් මෙකී ලියුම්කරු හෙළි කළ ලිපියට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රශ්න කරන්නට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ගෙන්වන්නේද එහි ලොක්කන්ගේ පාවා දෙන මෙහෙයුමට රිවිර ලිපිය බාධාවක් වූ නිසාය. මෙම ලියුම්කරු වෙත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නොමැති තොරතුරු ලැබිම ගැන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නේද මාධ්‍යවලට බලපෑමක් කර ඔවුනට එරෙහිව ඇති බාධාව නවත්වන්නටය.

    ඔඩ්ඩුසුඩාන් සිද්ධියේදී කොටු වූ දිනේෂ් හෙවත් රාජේන්ද්‍රන් රිසිකේෂන් මෙම කොටි ත්‍රස්ත ජාලයේ මහ මොළකරු විය. ශිවශංකර් ‍පොට්ටු අම්මාන්ගේ ටොසී ඔත්තු සේවාවේ සිටි කොටි බුද්ධි අංශ ප්‍රබලයකු ලෙස දිනේෂ්ව බුද්ධි අංශ හඳුනා ගත්තේය. මාත‍ලේ ප්‍රදේශයේ යුද සමයේ කරක් ගැසූ දිනේෂ් සිංහල හොඳින් කතා කළ හැකි සිංහල ජාතික හැඳුනුම්පතක් හිමි අයකුද විය.

    දිනේෂ් යටතේ පුදුකුඩිඉරිප්පුහි කරන් නමැති කොටි ප්‍රබලයාගේ ගරාජයේදී ඉදිරි මෙහෙයුම් සඳහා යතුරුපැදි අටක් හා ත්‍රිරෝද රථ හතරක් අලුත්වැඩියා කර තිබුණේය.
    ඒ සියල්ල විවිධ ද්‍රවිඩ පුද්ගලන්ගේ නම්වලට තිබූ පැරණි ඒවා වුවද අලුතින්ම අමතර කොටස් යොදවා ඉදිරි ප්‍රහාර සඳහා සූදානම් කර තිබිණි. දිනේෂ් සඳහා සැකසූ පල්සර් යතුරුපැදියේ එක් පැත්තකින් මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් රැගෙන යා හැකි පරිදි යතුරුපැදිය සකස් කර දී තිබුණේය.

    මේ සියලු වාර්තා යුද හමුදා බුද්ධි අංශය, ‍පොලිස්පතිවරයා මගින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දැනුම් දී තිබුණු නමුදු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මුල සිටම ක්‍රියා කළේ හමුදා බුද්ධි මෙහෙයුම පාවා දෙමිනි.

    කරන්ගේ පුදුකුඩිඉරිප්පු ගරාජය ගැන හමුදා බුද්ධි අංශය හෙළි කළ කරුණු ගැන පළපුරුද්දක් නොමැති බුද්ධි ආයතනයක් විලසින් ත්‍රස්ත විමර්ශන නිලධාරීන් කෙළින්ම සුදු වෑන් රථයකින් ගරාජයට ගොස් කරන් හා දිනේෂ්ව විමසා තිබුණේ සමස්ත බුද්ධි මෙහෙයුමම කඩාකප්පල් කරමිනි.

    ඉන් නොනැවතී දිනේෂ්ට යතුරුපැදි ලබා දුන් පුද්ගලයන්ගේ නිවෙස්වලට ගොස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මෙහෙයුමේ තවත් කොටසක් ගැන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට සැකයක් ඇති වන ලෙස කටයුතු කරන්නේය. නමුදු හමුදා බුද්ධි අංශය ශක්තිමත් බුද්ධි ආයතනයක් ලෙසින් කොටි ත්‍රස්තයන් අතරේ සිටි දක්ෂ කොටි ඔත්තුකරුවන් තම ඔත්තුකරුවන් බවට හරවා ගත් නිසා එය එක්වරම කොටින්ටද සොයාගත නොහැකි විය.

    එල්.ටී.ටී.ඊ.ය නැවත ප්‍රතිසංවිධානය වීම ගැන මෙන්ම විදෙස් රටවලින් අරමුදල් ගලා ඒම, අවි ආයුධ ගොඩගැනීම ගැන හමුදා බුද්ධි අංශ දිගින් දිගටම කරුණු වාර්තා කළත් ටී.අයි.ඩී. ලොක්කා යටතේ ක්‍රියාත්මක වූයේ හමුදා බුද්ධි මෙහෙයුම් හිතමතාම කඩාකප්පල් කරන සැලැස්මකි.

    බුද්ධි අංශයේ රහස් පිටතට යවා බුද්ධි අංශයේ ඔත්තුකරුවන් පාවා දෙන්නේද දෑස් පනාපිටදීම කොටි යළි හිස ඔසවන බව දැක දැකමය.

    ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ කාර්යභාරය ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මකවීම වුවද මෙහිදී නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වා කටයුතු කරන්නේ ත්‍රස්තවාදය හිස එසවීම ගැන ජාතික ආරක්ෂක කවුන්සිලය හමුවේ කළ අනාවරණයන් සියල්ල කණපිට හැරවීමය.

    හමුදා බුද්ධි අංශය විසින් එල්.ටී.ටී.ඊ. ප්‍රතිසංවිධානය වීම හා ජාතික ආරක්ෂාවට දැඩි ලෙස බලපාන තොරතුරු අනාවරණය කිරීම, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට වහකදුරු විය.

    එතැන් පටන් ඇරඹි පාවාදීම සිදුවන්නේ මෙසේය. කොටි සංවිධානයේ සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨම ක්‍රියාකාරි ඔත්තුකරුවකු ඇතුළු යළි නැගිටින කොටින් අතරට රිංගවූ හමුදා ඔත්තුකරුවන් මෙම ජුනි 24දා පළවූ උදයන් පුවත්පත හරහා එළිකිරීම පළමු මෙහෙයුම විය. ඉන් පසුව බුද්ධි නිලධාරීන්, තොරතුරු ක්ෂේත්‍ර ක්‍රියාකරුවන් ඇතුළු සියලු දෙනා ගැන පිටට හෙළි කරමින් ඔවුන් ගැන වැරදි අර්ථකථන ලබාදී තිබුණේය. අධිකරණයට පවා කරුණු වාර්තා කර තිබුණේ බුද්ධි මෙහෙයුම් අනාවරණය ලෙසය.

    මෙම පාවාදීමත් සමග හමුදා බුද්ධි අංශය හෙළිකරගත් ජාත්‍යන්තර ජාලයේ ප්‍රබලම කොටි ක්‍රියාකරුවන් රටින් පැන ගන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පින්සිදු වන්නටය.

    මෙම කොටි ජාලයට සම්බන්ධව සිටි වන්නියේ කෝටිපති දෙමළ ව්‍යාපාරිකයන් මෙන්ම දෙමළ සන්ධානයේ ප්‍රබලයන්ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හිතාමතාම ගලවා දමන්නේ ඔවුන් අත්අඩංගුවට ගෙන යහපාලන රජයෙන් ප්‍රශ්නයක් වනු ඇතැයි සිතාගෙන විය හැකිය.

    ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඔඩ්ඩුසුඩාන් සිද්ධිය හරහා අත්අඩංගුවට ගත් දහඅට දෙනා අතරින් සිරභාරයට පත් වූ දහසය දෙනා හමුවන්නට බන්ධනාගාරයට යන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඔවුන්ට නිතරම ඒත්තු ගන්වා තිබුණේද හමුදා බුද්ධි අංශය ඔවුන්ව පාවා දුන් වගය.

    නමුදු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කළ පාවාදීම ගැන තොරතුරු හෙළි කරන්නට ඔත්තුකරුවන්ගේ පවුල්වල සාමාජිකයන් පවා සූදානම් වග නීතිඥවරු පෙන්වා දුන්හ.

    මෙහිදී සිදු කළ මහා පාවාදීම නිසා මෙම ඔත්තුකරුවන්ගේ ජීවිතවලට ඇති තර්ජනය අති මහත්ය. ඔවුන්ට ජීවිතාරක්ෂාවට විදෙස් රටකටවත් පැන යාමට නොහැකි තරම්ය.

    දිනේෂ්ගේ කොටි කණ්ඩායම යළි හිස ඔසවන්නට ගත් සැලසුම අනාවරණය කරන හමුදා බුද්ධි අංශ, යළි නැගිටින කොටි ත්‍රස්තයන්ගේ ඝාතන ලැයිස්තුවක් පවා දන්වා තිබුණේය.

    එහිදී ප්‍රබලම ඉලක්ක බවට පත්ව තිබුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ, කොටි සංවිධානයේ නැගෙනහිර නායකයා වූ කරුණා අම්මාන්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන්, කොටින්ගේ ජාත්‍යන්තර ජාලයේ නායකයා ලෙස සිටි කුමරන් පත්මනාදන් (කේ.පී.) යන අයය.

    මෙම ප්‍රභූ ඝාතන සඳහා වන්නියේ කුමාන්කුලම්වලින් ගොඩගත් ස්නයිපර් වර්ගයේ ඉලක්කයට වෙඩි තබන තුවක්කුවක් ඇතුළු අවි ආයුධ නැගෙනහිරට යවන කොටි සැලසුමද බුද්ධි අංශ අනාවරණය කර තිබිණි.

    සිව්වන ඊළාම් යුද්ධයෙන් පසුව නෝර්වේ සිට ක්‍රියාත්මක වූ නෙදියවන් විසින් එවූ ගෝපි, අප්පන්, තේවියන් යන කොටි නායකයින් තිදෙනා හමුදා බුද්ධි අංශය කළ මෙහෙයුමකින් මැරුම් කන්නේ 2014 අප්‍රේල් 10 වැනිදාය.

    එදා ගෝපි, අප්පන්ලාට නවාතැන් දුන් චන්ද්‍ර මෝහන්ගේ මවට අයත් කුමාන්කුලම් නිවසක පසුපස තිබි ස්නයිපර් අවිය ඇතුළු අවි ආයුධ සැඟවූ බැරලයක් දිනේෂ්ගේ කන්ඩායම ගොඩ ගෙන තිබුණේය.

    ගෝපි, අප්පන් මරණයෙන් එම කොටි ජාලය නොනැවතුණු වග පැහැදිලි වන්නේ දිනේෂ්ගේ කණ්ඩායමටත් අවි ආයුධ ලැබෙන්නේ චන්ද්‍රමෝහන්ගේ නිවස පසුපස සගවා තබා තිබියදී හමුවීම නිසාය.
    ගෝපි අප්පන් කණ්ඩායමට සම්බන්ධ වූ දිනේෂ්ගේ කණ්ඩායමේ ඉලක්කයන් අතරේ මහින්ද රාජපක්ෂ පවු‍ලේ සාමාජිකයන් ඇතුළු ප්‍රභූවරුන් සිටියහ. ගෝපි අප්පන් කණ්ඩායම දෙහිවල ගුවන් පාලම මත බෝම්බ තබා පුපුරුවා හැර සිවිල් ජනයා ඝාතනය කිරීමටත්, ගෑස් ටැංකි රැගෙන යන බව්සරයකට කාන්දම් බෝම්බ සවිකර දකුණේ ජනාකීර්ණ තැනකදී පුපුරුවා හැර මහා විනාශයක් කිරීමත්, තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ උත්සවවලට කිලිනොච්චි ගොස් එද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැමිණෙන දුම්රියකට බෝම්බ තැබිමේ කොටි සැලසුමක් ද අනාවරණය කරගෙන තිබුණේය.

    මේ සම්බන්ධව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන කළද එතැනින් එහාට කොටින්ගේ හිස එසවීම අනාවරණය කරගත නොහැකි විය.

    යාපනය ‍පොලිසියේ කොට්ඨාස බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් 2016 මාර්තු 29 දා සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලය, ක්‍ලේමෝ පැති බෝම්බ හතර ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් එඩ්වඩ් ජුලියට් නමැති කොටියා විමර්ශන සඳහා භාර කෙරුණේ ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයටය. නමුත් ත්‍රස්ත විමර්ශන ලොක්කා කොටි යළි නැගිටින බව හෙළිකරනු වෙනුවට මෙම සිද්ධිය පසුපස හමුදා බුද්ධි අංශ ඇතැයි චෝදනා කරමින් රටම නොමග යැව්වේය.

    මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල ගෙනයාම පසුපස මෙවර කොටුවූ දිනේෂ් සිටින වග හමුදා බුද්ධි අංශ හෙළිකරගෙන තිබුණේ ‍පොලිස් ලොක්කන්ගේ බොරුව අනාවරණය කරමිනි.

    මේ කියන දිනේෂ්ගේ කණ්ඩායම කුමාන්කුලම් ගොඩගත් ස්නයිපර් අවිය ප්‍රභූ ඝාතනයක් සඳහා නැගෙනහිරට යවා ඇතැයි හමුදා බුද්ධි අංශ අනාවරණය කර තිබුණේය. කොටි ක්‍රියාකරුවන්ට අමතරව මෙවර මුදල් වියදම් කර පාතාල සංවිධනවල සහායද ගැනීමට සූදානම් වන බවද හමුදා බුද්ධි අංශ මගින් අනාවරණය කර තිබුණේ ඔඩ්ඩුසුඩාන්වලින් අවි ආයුධ හමුවන්නටත් පෙරය.

    කුමාන්කුලම්වලින් ගොඩගත් ස්නයිපර් අවිය නැගෙනහිරට යැවීම ප්‍රභූ ඝාතනවලට පාතාලය සහායට ගැනීම යන කල්තියා හෙළිවූ හමුදා බුද්ධි තොරතුරු සියල්ල ගෙතූ කතාවක් බවට පසක්කරමින් නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වා ජාතික ආරක්ෂාව පාවාදෙමින් ජනපති ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩලය නොමඟ යවමින් කළ රඟපෑම කණපිට කැරකෙන්නේ් නාමල් කුමාර කරළියට ඒමත් සමගය.

    ජාත්‍යන්තරයේ උවමනාවමෙන්ම විදෙස් ඔත්තු සේවාවල උවමනාව ද වූ මෙරට ශක්තිමත්ම බුද්ධි සේවාවක් වූ හමුදා බුද්ධි අංශය බිඳවට්ටවන මෙහෙයුම ත්‍රස්ත විමර්ශන ලොක්කා භාරගෙන ඇති වගට සැක පහළ වන්නේ ඔහුගේ එම ක්‍රියාවෙනි. හමුදා බුද්ධි අංශය රාජපක්ෂවරුන්ගේ උවමනාවට යළි කොටි නැගිටින් බවට පෙන්වා දෙන්නට උත්සාහ ගෙන ඇතැයි ආරක්ෂක මණ්ඩලය හමුවේ නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වා ගෙතූ දේශපාලන රඟපෑම ගැන දැන් අනාවරණය වී හමාරය.

    නාමල් කුමාර හෙළිකළ ජනපති හා හිටපු ආරක්ෂක ‍ලේකම් නැගෙනහිරදී ඝාතනය කිරීමට පාතාලයේ සහාය ගැනීමට නාලක සිල්වා යෝජනා කළ බව කියන චෝදනාවේ සත්‍යයක් ඇතැයි පසක්වන්නේ හමුදා බුද්ධි අංශ හෙළිකළ ස්නයිපර් අවියද නැගෙනහිරට ගොස් තිබිම නිසාය.

    හමුදා ඔත්තුකරුවන් අනාවරණය කළ එම ස්නයිපර් ගිනි අවිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සොයාගත්තාද, නැද්ද යන්නටත් මතෛක් තහවුරුවී නොමැත. නාලක කුමාරට නැගෙනහිරදී ප්‍රභූ ඝාතනයකට සැලසුම් කිරීමට යෝජනා කළ බව කියන කතාව සත්‍යයක් නම් හමුදා බුද්ධි අංශ කී කොටින්ගේ ස්නයිපර් අවිය ඒ සඳහා තබාගත්තාද යන්න ද ප්‍රශ්නාර්ථයකි.

    හමුදා බුද්ධි අංශ වසරක් තිස්සේ හෙළිකළ කොටි ජාත්‍යන්තර ජාලයේ හිස එසවීම ද ප්‍රභූ ඝාතන රැල්ල ඒ සඳහා පාතාලයේ සහාය නැතිව යන කාරණාද එකිනෙකට ගැලපෙන්නේය.

    මේ අනුව ජනාධිපතිවරයා දැන්වත් රාජ්‍ය ඔත්තු සේවාව හා හමුදා බුද්ධි අංශය ඒකාබද්ධ කර මෙහෙයුමක් අරඹන්නේ නම් මේ සියල්‍ලේ රහස් හෙළිකරගත හැකිය. සැඟවුණු කොටි ජාලයේ අභිරහස් මෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හෙළුවද අනාවරණය කරගත හැකිය.

    නාමල් කුමාරගේ ප්‍රභූ ඝාතන හෙළිදරව්වෙන් හිටපු ආරක්ෂක ‍ලේකම්වරයාත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගැන කියවුණත්, හමුදා බුද්ධි අංශ අනාවරණය කර තිබුණේ එම ලැයිස්තුවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තවත් ප්‍රභූවරුන් සිටින බවය.

    ඒ අනුව නිසි විමර්ශනයකින් මෙම ඝාතන තැත් සියල්ල හෙළිකර ගතහැකිය.
    නාමල් කුමාරගේ නිවසට ගිය ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ සිට පැමිණි මර්සියෙල් තෝමස් රහස් ‍පොලිසියට පවසා තිබුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද ජීවිත තර්ජන ඇති බවය. ඒ බව රහස් ‍පොලිසිය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට මෙම 23 දා කරුණු දැක්වීය.

    නාමල් කුමාරගේ නිවස සෙයා පසුගිය සතියේ 21 දා ගිය ඉන්දියානුවා ඉන්දීය රෝ ඔත්තු අංශයේ ක්‍රියාකරුවෙක්ද යන්නද සැක සංකා පහළවිය. මෙකී තෝමස් පවසා තිබුණේ තමන් මහින්ද රාජපක්ෂ මහතාටත් පවුලටත් තර්ජන ඇති බව කීමට කොළඹ විජේරාම නිවසට ගියද එයට ඇතුළුවීමට ඉඩ නොලැබුණු බවය. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාටද තර්ජන ඇති බව කියන්නට ඔහු සොයා ගිය බව ඔහු පවසා ඇත්තේය.

    මේ සියලු කාරණා එළියට එන්නටත් පෙර මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මෙකී ඉන්දියානුවා මානසික රෝගියකු බවට මාධ්‍යවලට කියා ඇත්තේ හොරාට කලින් කෙසෙල් කැන වැට පැන්නා මෙන්ය. රහස් ‍පොලිසිය කරුණු විමසද්දී තොරතුරු නොදැන සිටි ඉන්දියානු බලධාරින්ගේ හදිසිය සැක සහිත විය. මෙකී තෝමස් වීසා නොමැතිව මෙරට තුළ උපකාරක පංති පවා තබමින් මුදල් උපයා තිබුණේ තමන්ට ඉන්දියානු ජාතිවාදී සංවිධානයක් වූ ආර්.එස්.එස්. සංවිධානයෙන් තර්ජන ඇති බවට පෙන්වා සරණාගතභාවය ඉල්ලමිනි.

    තෝමස් නිකම්ම චරිතයක් බවට කිව නොහැක්කේ නාමල් කුමාරට සිතියම් මගින් අතුරු මාර්ග ඔස්සේ නිවසට සොයාගිය නිසාය.

    නාමල් කුමාරගේ හෙළිදරව්වෙන් පසුව විදෙස් ඔත්තු සේවාවන් වල උවමනාව මෙරට ‍පොලිස් ලොක්කන් කටයුතු කරන වගට පැහැදිලි කළ කරුණු කාරනා සාක්ෂි සහිතව ගත හැක්කේ හමුදා බුද්ධි මෙහෙයුමෙන් හෙළිවන තොරතුරු මතය. හදිසියේම මතුවූ තෝමස්ගේ ක්‍රියා කලාපයත් විදෙස් ඔත්තු සේවාවන්ට මෙරට තුළ බුද්ධි මෙහෙයුම් අඩපණ කර තම ක්‍රියාදාමයන්කරගෙන යාමටත් ඇති උවමනාව අනුව මේ සියල්ල පහසුවෙන් බැහැර කළ නොහැකිය.

    දැන් කළ යුත්තේ හමුදා බුද්ධි අංශ සොයාගත් තොරතුරු රාජ්‍ය ඔත්තු සේවාවද එක්කරගෙන සාර්ථක බුද්ධි මෙහෙයුමක් මගින් අනාවරණය කරගත හොත් රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත වනු ඇත.

    උපුටාගැනීම: http://eethalayanews.com/NewsMain.php?san=19795&em=&pwd=

    http://www.rivira.lk/online/2018/09/29/160173
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,140
    1
    28,729
    113
    මේ වගෙ කාලකන්නි රටක බුද්ධි අංශයේ වැඩ කරන වීරයො පුදුම කරුමක්කාර තත්වයකට මුහුන දීලා තියෙන්නේ. එක පැත්තකින් තමන්ගෙ පිටට පිහියෙන් අනිනවා. අනිත් පැත්තෙන් බොරු චෝදනාවලට අත්අඩංගුවට ගන්නවා. ඒ සේරටම වඩා ආන්ඩුවෙන් කිසිම ආරක්ෂාවක් නෑ බොරු සංහිඳියාවක් පස්සෙ දුවන හින්ද.

    පිට රටවල ආන්ඩු තමන්ගේ බුද්ධි අංශ කොච්චර ආරක්ශා කරනවද කිව්වොත් ඔවුන්ගෙ මෙහෙයුම් ගැන පාර්ලිමේන්තුව පවා දන්නෙ නෑ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ වගෙ කාලකන්නි රටක බුද්ධි අංශයේ වැඩ කරන වීරයො පුදුම කරුමක්කාර තත්වයකට මුහුන දීලා තියෙන්නේ. එක පැත්තකින් තමන්ගෙ පිටට පිහියෙන් අනිනවා. අනිත් පැත්තෙන් බොරු චෝදනාවලට අත්අඩංගුවට ගන්නවා. ඒ සේරටම වඩා ආන්ඩුවෙන් කිසිම ආරක්ෂාවක් නෑ බොරු සංහිඳියාවක් පස්සෙ දුවන හින්ද.

    පිට රටවල ආන්ඩු තමන්ගේ බුද්ධි අංශ කොච්චර ආරක්ශා කරනවද කිව්වොත් ඔවුන්ගෙ මෙහෙයුම් ගැන පාර්ලිමේන්තුව පවා දන්නෙ නෑ

    :yes::yes::yes:
     
    • Like
    Reactions: lankanatha

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    ඇයි පර්සි මුන්ව අල්ලලා හිරේ නොදැම්මේ ?
    අයි කෙලින් ගෝඨාබය මුන්ට නිකන් ඉන්න දුන්නේ ?
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ඇයි පර්සි මුන්ව අල්ලලා හිරේ නොදැම්මේ ?
    අයි කෙලින් ගෝඨාබය මුන්ට නිකන් ඉන්න දුන්නේ ?

    දන්නැහැ විදග්ග බ්‍රෝ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ වගෙ කාලකන්නි රටක බුද්ධි අංශයේ වැඩ කරන වීරයො පුදුම කරුමක්කාර තත්වයකට මුහුන දීලා තියෙන්නේ. එක පැත්තකින් තමන්ගෙ පිටට පිහියෙන් අනිනවා. අනිත් පැත්තෙන් බොරු චෝදනාවලට අත්අඩංගුවට ගන්නවා. ඒ සේරටම වඩා ආන්ඩුවෙන් කිසිම ආරක්ෂාවක් නෑ බොරු සංහිඳියාවක් පස්සෙ දුවන හින්ද.

    පිට රටවල ආන්ඩු තමන්ගේ බුද්ධි අංශ කොච්චර ආරක්ශා කරනවද කිව්වොත් ඔවුන්ගෙ මෙහෙයුම් ගැන පාර්ලිමේන්තුව පවා දන්නෙ නෑ

    :yes::yes:නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි.
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මේ වගෙ කාලකන්නි රටක බුද්ධි අංශයේ වැඩ කරන වීරයො පුදුම කරුමක්කාර තත්වයකට මුහුන දීලා තියෙන්නේ. එක පැත්තකින් තමන්ගෙ පිටට පිහියෙන් අනිනවා. අනිත් පැත්තෙන් බොරු චෝදනාවලට අත්අඩංගුවට ගන්නවා. ඒ සේරටම වඩා ආන්ඩුවෙන් කිසිම ආරක්ෂාවක් නෑ බොරු සංහිඳියාවක් පස්සෙ දුවන හින්ද.

    පිට රටවල ආන්ඩු තමන්ගේ බුද්ධි අංශ කොච්චර ආරක්ශා කරනවද කිව්වොත් ඔවුන්ගෙ මෙහෙයුම් ගැන පාර්ලිමේන්තුව පවා දන්නෙ නෑ

    :yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,661
    113
    රූකඩ රාජ්ජේ
    මේ අනුව ජනාධිපතිවරයා දැන්වත් රාජ්‍ය ඔත්තු සේවාව හා හමුදා බුද්ධි අංශය ඒකාබද්ධ කර මෙහෙයුමක් අරඹන්නේ නම් මේ සියල්‍ලේ රහස් හෙළිකරගත හැකිය. සැඟවුණු කොටි ජාලයේ අභිරහස් මෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හෙළුවද අනාවරණය කරගත හැකිය.




    මේ රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවද ?


    විදග්ග පුක් ශෝදක තවම බලන් ඉන්නේ මහින්දයි ගෝටයි කරනකන් ...... ඒ කියන්නේ තවම ආරක්ෂක ඇමති මහින්ද, ලේකම් ගොටාභය

    :rofl::rofl::rofl:

     
    • Like
    Reactions: lankanatha

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ





    මේ රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවද ?


    විදග්ග පුක් ශෝදක තවම බලන් ඉන්නේ මහින්දයි ගෝටයි කරනකන් ...... ඒ කියන්නේ තවම ආරක්ෂක ඇමති මහින්ද, ලේකම් ගොටාභය

    :rofl::rofl::rofl:

    :D:D:yes:
     
    • Like
    Reactions: lankanatha

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    පිට රටවල ආන්ඩු තමන්ගේ බුද්ධි අංශ කොච්චර ආරක්ශා කරනවද කිව්වොත් ඔවුන්ගෙ මෙහෙයුම් ගැන පාර්ලිමේන්තුව පවා දන්නෙ නෑ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මූ බොරු නම් ලියලා තියෙන්නේ අල්ලලා හිරේ දාපල්ලා. ඌ ලියලා තියෙන්නේ ඈත්තනම් උබලා අපි සේරටම බඩු. බඩු කියෙන්නේ සොත්තිම තමා.

    මගේ යාලුවෙක් කිව්වා කවදාවත් ලමයි නෑති එවුන්ට චන්දේ දෙන්නේනෑ කියලා. මොකද උන්ට රටට හෙන ගෑහුවත් අවුලක් නෑති හින්දා කියලා. ඒ කතාව සම්පූර්ණ ඈත්ත
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    මූ බොරු නම් ලියලා තියෙන්නේ අල්ලලා හිරේ දාපල්ලා. ඌ ලියලා තියෙන්නේ ඈත්තනම් උබලා අපි සේරටම බඩු. බඩු කියෙන්නේ සොත්තිම තමා.

    මගේ යාලුවෙක් කිව්වා කවදාවත් ලමයි නෑති එවුන්ට චන්දේ දෙන්නේනෑ කියලා. මොකද උන්ට රටට හෙන ගෑහුවත් අවුලක් නෑති හින්දා කියලා. ඒ කතාව සම්පූර්ණ ඈත්ත
    :yes::yes::yes: