උපුල් ඔය කතාව දේශපාලනිකයි. මොකද සමාජ සත්තාවක් ඇතුලෙ පවතින සියළු ම දේ දේශපාලනික්,ආර්ථික කාරණා. (මිනිහෙකුට පඩයක් ගියත් ඒක දේශපාලනිකයි කියලයි මම හිතන්නේ...)
ඔබ කියන දේට මම පාර්ශවිකව එකග වෙනවා. මේ රට වින්‍යාසකරණකට ලක් කළ යුතුයි. ඒක වෙන්න ඕන පවතින බල අධිකාරියෙන්.
රටේ මිනිස්සු සූදානම් නැත්තං රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න, විනයවත් ව රටේ ජීවත් වෙන්න ඒ කැපකිරීම බලෙන් කරව ගන්න, විනය බලෙන් හදන ව්‍යුහයට තමා දේශපාලනයෙ දී රජයක් කියන්නේ. හැබැයි එහෙම කරන්න නම් ඒ “රජය“ “කරවන මිනිසුන්“ කලින් ඒ කැපකිරීම සහ විනය පැවැත්විය යුතුයි. ලෙනින් කිව්වේ “රජයක් ජනතාව අතර ජනප්‍රිය විය යුතු නැත. නමුත් රජයකට ජනතාව බිය විය යුතුය“ කියලා
මේ රටට ඕන ඔය කියන දේවල් බලෙන් කරවන උපරි ව්‍යුහයක්. එහෙම නැතුව මේ රටේ ඉන්න ඔලමොට්ටල හුකංපාරුවො හදන්න බෑ.
මිනිස්සු රට වෙනුවෙන් කැප කිරීම් කරන්න ලෑස්තියි ඒවාට ප්‍රතිඵල තියෙනවා කියල පේනවානන්. හොදම උදාහරනේ යුද්ද කාලේ. මිනිස්සු බඩු මිල වැඩී, අරක නෑ මේක නෑ කිය කිය හිටියේ නෑ. යුද්දෙ නැගල යන නිසා ඉවසගෙන හිටියා. ඒවගේම තමයි ගෝටා කොළඹ හදපු කාලේ. මිනිස්සු පාරට කුණු දැම්මෙත් නෑ කැත වෙන නිසා. ඒ නිසා මිනිස්සු විනය හදාගනී ආණ්ඩුව ඒ ඒ විදියට වැඩ කරනවානන්. බලෙන් විනයවල් හදලා තේරැමක් නෑ.



