බුද්ධිමත් දරුවෙක් හදන්න...…

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    @dilann mewa ube ahara welata ekathu Kara ganna
    මන් හිතන්නෙ එක හරි යන එකක් නෑහ, මොකද මිනිහ කලින් ආත්මෙක අකුසල් කරල තියෙනෙන . ඔව කමෙන් හදන්න අමරුයි මන් හිතන්නේ. :)
     
    • Haha
    Reactions: Karmaya

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo

    වචන නිසියාකාරව භාවිතා නොකිරීමෙන් ඇතිවෙන භයානක විපාක​




    මෙයින් කල්ප තිස් එකකට පමණ පෙර තිලෝගුරු’සිඛී” නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පහළ වූ සමයෙහි උන්වහන්සේගේ ශාසනයෙහි පැවිදි වී උපසම්පදාව ලැබූ ’අම්බපාලි” නම් තෙරණිය දිනක් අනෙක් භික්ෂුණීන් වහන්සේලා ද කැටුව චෛත්‍ය වන්දනාවේ යෙදෙන අතරතුර තමාට පෙරටුව ගමන් කළ එක්තරා භික්ෂුණියක හදිසියේ කිවිසීම නිසා කෙළ පිඬක් චෛත්‍ය අංගනයෙහි වැටෙනු දැක කෝපයට පැමිණ ඇයට දොස් පැවරුවා ය. එම භික්ෂුණිය අතින් ඉබේ සිදු වූ වරද සුළු කොට නොතකා කවර ගණිකාවක් විසින් සෑ මළුවට කෙළ ගසා අපිරිසුදු කරන ලද්දේ දැයි අසමින් ඇයට පරිභව කළා ය. නින්දිත වචනයෙන් අවමන් කළා ය. එදා කරන ලද එම අකුශල කර්මය හේතු කොටගෙන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි පහළ වී බුද්ධත්වය ලබන තුරු කල්ප ගණනක් මුළුල්ලෙහි සංසාරයේ උපන් බොහෝ ආත්ම භවයන් හි දී ගණිකාවක ලෙසින් ජිවිතය ගත කිරීමට ඇයට සිදු විය.