බුද්ධිමය දේපළ සහ ඔබ(copyright law)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    බුද්ධිමය දේපළ සහ ඔබ(copyright law)

    copyrightcriminal.jpg


    මේ දවස් වල එක එක කට්ටිය අනිත් අයගෙ බුද්ධිමය දේපළ හොරකම් කරනව කියල කට්ටිය කෑ ගහන නිසා මේ ගැන ලියන්න හිතුව.


    මුලින්ම, මොකද්ද මේ බුද්ධිමය දේපළක් කියන්නෙ?

    ඒ කියන්නෙ මිනිහෙක් තමුන්ගෙ බුද්ධිය මෙහෙයවල කරන නිර්මාණයකට. තාක්ෂණික නිපැයුම්, වෙළඳ ලකුණු හා නාම, භාණ්ඩයකට නව පෙනුමක් ලබා දෙන නිර්මාණයක්, ශාස්ත්‍රීය හා කලාත්මක නිර්මාණයන්, ගීත, කලා කෘති හා එවෙනි දේ ඇතුලත් කර තනනු ලැබූ තැටි, පටිගත කිරීම්, ගුවන්විදුලි රූපවාහිනී වැඩසටහන්, මේ වගේ ගොඩක් දේවල්. මීට අමතරව ආර්ථික වටිනාකමින් යුතු නාම, වෙළඳ රහස් හා එවැනි ප්‍රසිද්ධ නොකරන ලද තොරතුරු, අසාධාරණ තරඟකාරිත්වයට එරෙහි සිද්ධාන්ත ආදී තවත් අංග රැසක් මේක ඇතුළෙ තියෙනව.

    බුද්ධිමය දේපළ අයිතීන්

    තම නිර්මාණය ගැන නිර්මාණකරුට තියෙන හිමිකම තමා “බුද්ධිමය දේපළ අයිතිය” කියල සැළකෙන්නෙ. නීතියෙන් පිළිගත් කාලසීමාවක් තුළ ප්‍රධාන වශයෙන් ඒ නිර්මාණය භාවිතා කිරීමේ අයිතිය ඇතුළු අයිතීන් කිහිපයක් මේකට ඇතුළත්. මානව හිමිකම් පිළිබඳ විශ්ව සම්මුතියේ 27 වන ව්‍යවස්ථාවෙන් බුද්ධිමය දේපළ අයිතීන් මානව හිමිකමක් විදිහටත් පිළිගන්නව.
    හිමිකරුගේ අවසරයක් නැතුව නීතියෙන් පිළිගත් කාලසීමාවක් තුළ මෙම අයිතීන් වෙනත් අයෙකු විසින් භාවිතා කිරීම නීතියෙන් තහනම්. එහෙම කළොත් ඒවයෙ හිමිකාරයට පුළුවන් සිවිල් හා අපරාධ අධිකරණ ක්‍රියාමාර්ගයක් මගින් බුද්ධිමය අයිතීන් උල්ලංඝණය කිරීමට එරෙහිව ක්‍රියා කරන්න.

    බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීමට හේතු

    යම් රටක බුද්ධිමය දේපළ වල ආරක්ෂාව තහවුරු කිරීමට හේතු වෙන ප්‍රධාන කාරණා වලින් කිහිපයක් කියන්නම්.

    ►නව නිර්මාණකරණය දිරිමත් කිරීම.
    උදාහරණයක් කිව්වොත්, තාක්ෂණික නව නිපැයුමක හිමිකම තහවුරු කිරීමෙන් ඒ නිර්මාපකයා තවත් නව නිර්මාණ කිරීමට පෙළඹෙනවා. කළාකරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමෙන් ඔවුන් තව තවත් නිර්මාණ කරනවා.

    ►නව නිර්මාණකරණය රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට ක්‍රියාශීලී දායකත්වයක් සපයනවා. නිදසුනක් කිව්වොත්, අලුත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් නව නිෂ්පාදන වගේම රැකියා අවස්ථාද හිමි වෙනවා.

    ►බුද්ධිමය දේපළ වෙනත් විවිධ ආකාර වලින් රටක ආර්ථිකා හා සාමාජීය සංවර්ධනයට දායක වෙනවා. තාක්ෂණික හුවමාරුවට, ආයෝජන ප්‍රවර්ධනයට, පර්යේෂණ සඳහා තාක්ෂණික තොරතුරු සැපයීමට, භාණ්ඩ හා සේවා වාණිජකරණයට වගේ දේවල් වලට ඒව දායක වෙනවා.
    බුද්ධිමය දේපළ වලින් පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා. වෙළඳ ලකුණු වංචනික ලෙස යොදාගනිමින් පාරිභෝගිකයින් නොමඟ යැවීම වැලැක්වීමට වෙළඳ ලකුණු නීතිය මගින් උත්සාහ කරනවා.

    ►හිමිකාරයගේ අයිතිය හා සමාජ අවශ්‍යතා අතර සමබරතාවයක් ඇති කිරීමේ අරමුණෙන්, බුද්ධිමය දේපළ සාධාරණ විදිහට භාවිතා කරන්න ඉඩ දීල තියෙනව. උදාහරණයක් විදිහට, ආරක්ෂිත බුද්ධිමය දේපළක් අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා හිමිකාරයගේ අවසරයකින් තොරව භාවිතා කරන්න පුළුවන්.
     

    sasanka06

    Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    බොහොම ස්තූතියි...... දන්නෙ නැති දේවල් ගොඩක් දැන ගත්තා....
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ලංකාවෙ නම් ඉතින් ඕව ගැන කතා කරල වැඩක්නෑ...:nerd: හොඳ post එකක්.. :)

    අපිව දැනුවත් කලාට ස්තූතියි:)

    බොහොම ස්තූතියි...... දන්නෙ නැති දේවල් ගොඩක් දැන ගත්තා....

    Good post bro!!

    :):):)
     

    Similar threads