බුද්ධි තොරතුරු නැතුව පාස්කු ප්‍රහාරය කලි

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බුද්ධි තොරතුරු නැතුව පාස්කු ප්‍රහාරය කලි

    අප්‍රේල් 21 වෙනිදා ලංකාවේ උන මුස්ලිම් ත්‍රස්තවාදී ප්‍රහාරය, මුළු ආණ්ඩුවම කලින් දැනගෙන හිටපු, නමුත් වලක්වා ගත්තු නැති ප්‍රහාරයක් කියල දැන් හැමෝම දන්නවා.. ඒ උන්ට බුද්ධි තොරතුරු ලැබිලත්, MY3 ආරක්ෂක මන්ඩලේදී සීලිම දිහා බලන් හිටපු නිසා කියල දැන් ප්‍රසිද්ධ රහසක්..

    උන් තොරතුරු ලැබිලත් සාමාන්‍ය ජනතාවට කියපු නැති එකේ, මේ පිපිරීම ගැන අදහසක් පල කරපු එකම ජෝතිශ්‍යවෙදියා වෙන්නේ පියසේන රතුවිතාන මහතා විතරයි.. එතුමා ඒ පිළිබද අදහස් දක්වන්නේ හරියටම අප්‍රේල් 21 වැනිදා, එනම් හරියටම ප්‍රහාරය එල්ල උණු දවසේ පල වුනු 'දිවයින' පුවත්පතට...(මේ පුවත්පත මුද්‍රණය කරන්නේ සිකුරාදා) එතුමා මේ ගැන ලියන්නේ, 2019 සිංහල අවුරුද්දේ නැකත් වල දෝෂ සම්බන්දයෙන් පල කරපු අදහස් එක්ක.. ඒ නිසා මට නම් කියන්න තියෙන්නේ, මුස්ලිම් ත්‍රස්තවාදය ගැන කිසිම හෝඩුවාවක් සාමාන්‍ය ජනතාවට නොතිබුණු අවස්තාවක, එතුමා කියපු 'පිපිරීම' සම්බන්ද ලිපිය, සැබවින්ම එතුමාගේ ජෝතිෂ්‍ය ශාස්ත්‍රය පිළිබද තියෙන මනා නිපුණත්වය සහ කියන්න තියෙන දේ කෙලින්ම කියන පුද්ගලයෙක් විදිහට සමස්ත ජාතියේම ප්‍රණාමය හිමි වෙන්න ඕනේ කියල..


    කට්ටියට අමතක උනාට, මෙතුමා විතරයි 2017 දී අලුත් අවුරුදු නැකත් වැරදියි කියල කියපු එකම ජෝතිර්වෙදියා.. ඒ වගේම ඒ වැරදි නැකත් නිසා මුළු රටටම විපත් වෙනවා කියල කෙලින්ම කියපු කෙනා.. එතුමා කිව්වා වගේම අවුරුදු නැකත් සතිය ඉවර වෙන්නත් කලින් මීතොටමුල්ල කුණු කන්දමැ නාය ගිහින් මුළු රටම මල ගෙයක් උනා..අන්න ඒ ගැනත් පහත ඇති, ඒ ලිපිය කියවල බලන්න...


    එතුමාගේ අවුරුදු 50 කට වැඩි අත්දැකීම් වගේම එතුමාගෙන් ඉගෙනගත්තු මංජුල පීරිස් වගේ අය අද ක්ෂේත්‍රයේ ඉහලටම ගිහින්..නමුත් වෙන කිසිම ජෝතිර්වේදියෙක් කොන්ද කෙලින් තියාගෙන ඔය දේ කලින් කියන්න බය උනා, එහෙම නැත්නම් උන් දන්න අටමගලක් නෑ..උන් කරන්නේ computer එකේ software එකට පින්සිද්ද වෙන්න කේන්දර බලන එක විතරයි.. (අන්න ඒ වගේ හොරු නිසා තමයි ජෝතිෂ්‍ය ශාස්ත්‍රය ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසය නැති වෙලා තියෙන්නෙත්)

    ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ අර JVP එකේ බත් මුට්ටි කන ඉන්දික තොටවත්ත වත්, මහින්දව විනාස කරපු සුමනදාසයා වත් වෙඩි තියාගන්නවා කියල කියපු අනිත් හොරාටත්, 2017 දී මිනී උස්සන නැකතක් අවුරුදු නැකත විදිහට මුළු රටටම ලියල දුන්න, ඉන්දික ඈපා සෙනෙවිරත්න, අසංක පිලපිටිය, ආනන්ද සෙනෙවිරත්න වගේ හොරුන්ට අහු වෙන්නේ නැතුව, මේ වගේ ප්‍රවීණ, ලංකාවේ ඉන්න දක්ෂම ජෝතිර්වීදීකුගෙන් විතරක් ඔබේ කේන්දර, නැකත් හදා ගන්න කියලා.. නැත්නම් වෙන්නේ හෙබිරිස්සාව හොද කරගන්න හොර වෙදෙක් ලගට ගිහින් කකුලක් කපල ගෙදර එව්වම, මුළු වෛද්‍යවරු සංහතියම හොරු කියල කෑ ගගහ යන මෝඩයෙකුගේ ගානට වැටෙන එක..


    http://www.divaina.com/sunday_preview/index.php/deshapalana2/9403-2019-04-18-10-44-92



    index_r1_c1.gif


    අපරභාගයේ උදාවූ අවුරුද්ද රටට කොහොමද?


    ආචාර්ය පියසේන රතුවිතාන



    සිංහල අලූත් අවුරුද්ද ගෙවී ගියේ ය. අතීතයේදී මෙන් අවුරුදු උණුසුම සතියක් හමාරක් පැවති බවක් නොපෙනේ. එයට හේතුව මෙවර අවුරුදු උදාව පිළිබඳව දැඩි සතුටක් ජනතාව තුළ නොවීම ය.

    සාමාන්‍ය ජනතාවගේ අත්දැකීම් සහිත පලපුරුද්ද හැම ශුභ වැඩක්ම දවසේ උදාකාලය මුල් කරගෙන රවි, තත්කාල කේන්ද්‍රයේ 11 වැන්නේ තබා නැකතක් සාදා ගැනීමය. විවාහයත්, නිවාස තැනීමත් හෝ එවැනි අනෙක් ශුභ කටයුත්තක්ම හිරුගේ ගමන ශක්තිමත් ගමන මුල් කරගෙනම කටයතු කිරීමයි. එහෙත් අවුරුද්ද උදාවන්නේ ජනතාවට අවශ්‍ය වේලාවට නොවේ. සූර්යයා මීන රාශිය පසු කොට තමාගේ රාජ්‍ය ස්ථානයට පැමිණෙන වේලාව අවුරුදු උදාවට සම්බන්ධ වේ. එසේම අවුරුදු නැකැත් මාලාව එක් පුද්ගලයෙකු සඳහා නිර්මාණය කරන්නක් නොවේ. පොදුවේ රටටම අදාළ අයුරින් සකස් කරන්නකි. එහෙයින් හිරුගේ සම්ප‍්‍රාප්තියට එක`ගව අවුරුදු නැකත නිර්මාණය කරන්නට වෙයි. එය වෙනස් කිරීම සම්ප‍්‍රදායට පටහැනිය.

    මෙවර අවුරුදු උදාව සතුටු විය හැකි එකක් නොවේ. එහෙත් අවුරුදු කුමරු (හිරු) පැමිණෙන වේලාවට පිළිගත යුතුමය. ඒ පැමිණීමේ ප‍්‍රතිඵලය අවැඩදායක විය හැකිය. මෙයට පළමුවත් දවසේ මළහිරු බසින දිනවල සිංහල අවුරුද්ද උදා වී ඇත. ඒ හැම අවුරුද්දකම නොසිතූ අයුරින් රාජ්‍ය තන්ත‍්‍රයේ ප‍්‍රබල වෙනස්වීම් වූ බව නිදසුන් වශයෙන් ඉදිරිපත් කළ හැකිය.

    1988 අප‍්‍රියෙල් මස 13 වැනිදා අවුරුදු උදාව උදේ 08.48 සිට රාත‍්‍රී 09.36 දක්වා විය. කිරිබත ළිප තැබුවේ සවස 06.45 ටය. ආහාර අනුභවය ? 08.09 ට ය. ඒ විභව නම් සංවත්සරයයි.

    එසේම 1989 අප‍්‍රියෙල් 13 වැනිදා අවුරුදු උදාව සවස 02.58 සිට රාත‍්‍රී 03.40 දක්වාය. ආහාර පිසීම රාත‍්‍රී 09.33 ටය. අනුභවය හා ගනුදෙනු රාත‍්‍රී 10.21 ටය.

    මේ 2019 අවුරුදු උදාවත් රාත‍්‍රී කාලයට නැඹුරුය. මේ වූ කලී විකාරී නම් වූ සංවත්සරයයි. මෙයට පෙර වූ තෙවර්ෂය තුළ දුර්මුඛ, හේමලම්භි හා විලම්භි වර්ෂ ගෙවී ගියේය. මේ විකාරී නම් වර්ෂ සංවත්සරය වේ. වර්ෂ නාමයෙන්ම වර්ෂයේ විකාරී බව සිතාගත හැකි ය. විකාරී වර්ෂය මෙසේ හැඳින්වේ. විකාරීණො විකාර්යඛ්දේ පිත්ත රෝගා දිහතරඃ මේඝෝ චෂිති සම්පූර්ණඃ සමුද්‍රිවසනක්ෂි භෞ විකාරී නම් වර්ෂයේදී මනුෂ්‍යයෝ චිත්ත පීඩාදීන්ගෙන් පීඩිත වෙති. භූමියේ විපත් බොහෝ වේ. මේ එළැඹියේ විකාරී වර්ෂය බවත් එය ශෝභමාන නැතිබවත් සිතාගත හැකිය. දුර්මුඛ හා හේමලම්බි වර්ෂ උදාවන්නට පෙර (මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලය තුළ) වූ නන්දන, විජය, ජය යන වර්ෂ නාමයෙන්ම ඒ ගෙවී ගියේ ජයග‍්‍රාහී වර්ෂ බව සිතා ගත හැකිය.

    2019 සිංහල අවුරුද්ද උදාවන දවසේ උදා ලග්නය කටක වේ. පක්‍ෂියා පිංගල ය. ඒ පක්‍ෂියා මරණ අවස්ථාවය. පක්‍ෂියා මර නිසා සඳුගේ බලයක් නැත. මාස තුනක් තුළදී සිත් රිදවන සිදුවීම් පෙන්වයි. 1959 වර්ෂයේදීත් මේ උදාවූ විකාරී වර්ෂයම විය. ඒ අනුව 1959 වර්ෂය තුළ සිදූ වූ පරාජිත අත්දැකීම් මේ වර්ෂය තුළදීත් සිදුවීමට ඉඩ ඇති බවක් පෙන්වයි. 1959 දී කිසිවකු නොසිතූ අයුරින් සිරිමා බණ්ඩාරනායක මහත්මිය දේශපාලනයෙන් කැපී පෙනුනේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක තනතුර පමණක් නොව මේ රටේ අගමැති පදවියටත් පත් වූවා ය. ඒ බණ්ඩාරනායක මහතාගේ අභාවයත් සමගය. මේ වර්ෂයේ අවුරුද්ද උදාවීමේ දී නැකැත් පක්‍ෂියා මරණ අවස්ථාවේ වීම විපාකය සිත් රිදවන්නක් විය හැකි ය. පක්‍ෂියා මර අවස්ථාවේ වීම කිසියම් පිපිරීමකට ඉඩ ඇති එකකි. විකාරී යන වචනයේ අරුත බිඳ වැටීමයි. ඒ නිසාම දේශපාලන පක්‍ෂවල ගැටුම් ද පෙන්නුම් කරයි. රටට විරුද්ධ සතුරන් රට තුළින්ම ඇතිවිය හැකිය.එසේ සඳහන් කළේ පක්‍ෂියා මර අවස්ථාවේ නම් සඳු කොපමණ බලවත් වුවත් එයින් ප‍්‍රයෝජනයක් නැති නිසාය.

    1959 දීත් විකාරී වර්ෂය ලබා තිබිය දී ඇමරිකාව වියට්නාමයට විරුද්ධව යුද්ධ ප‍්‍රකාශ කළේය. ඒ සටනින් ඇමරිකාව පරාජිත විය. වියට්නාමය ජයගත්තේය. අවුරුදු නැකත හදා ඇත්තේ පවත්නා රජයේ වාසිය සලකාගෙන බවක් ප‍්‍රචාරයේ පවතී. එය ඇස්පනාපිට බොරුවක් වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නැකැත් පක්‍ෂියා 75% ක් පමණ බලයෙන් යුතුව සිටින බැවිනි.

    1959 දී වර්ෂය උදා වූ විකාරී නම් වර්ෂය තුළ මේ රටේ දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළ මේ රටේ නොපැතූ නොසිතූ කෙනෙකු රාජ්‍ය බලයට පත් වූ සේම, මේ වර්ෂයේ (විකාරී) බලපෑම අනුව මෙතෙක් දේශපාලන කරළියේ නොසිටි කෙනෙකුගේ මතු වී පෙනීමක්ද දක්නට ලැබේ. අවුරුදු නැකැත් උදාවේ විපරීත බව අනුව විශ්ව සාධාරණ නීතියට පටහැනිව කටයුතු කළොත් එහි විපාකය තමා පසුපසම ලූහු බඳින බව අමතක කළ යුතු නැත.

    2019 අප‍්‍රියෙල් 14 වැනිදාට යෙදුණ අවුරුදු තත්කාල කේන්ද්‍රය වූ කලී ඉදිරි දොළොස් මාසයටම වලංගු ස්වභාවයක් ඇති ලෝකායතන කේන්ද්‍රයකි. ලෝකායතන කේන්ද්‍ර හයෙන් බලවත්ම කේන්ද්‍රය මෙයයි. ඒ නිසා එම තත්කාල කේන්ද්‍රය ඉදිරි වර්ෂයටම බලපෑම් ඇති එකකි. උදා අවුරුදු නැකත අස්ලිස වූයෙන් එයද බුධට අයත්ය. තත්කාල කේන්ද්‍රයේ මේ බුධ නීචය. ඒ නිසා සඳුගේ බලවත් බව හීන කරයි. එහෙයින් ඉදිරි වර්ෂයම බුද්ධිය දුබල තීරණ වලට නැඹුරුය. මේ වර්ෂයේ ඉදිරියට පවත්නා ග‍්‍රහ යුද්ධ 06 න්ම 04 ක් සෙනසුරු ජයග‍්‍රහණය කරයි. මේ රටේ දේශපාලනයට සෙනසුරු ඍජු බලපෑමක් කරයි. සෙනසුරු කම්කරු ජනතාව හා ගොවි ජනතාව පිළිබඳ කාරක අයිතියක් ඇති ග‍්‍රහයා ය. එහෙයින් ඉදිරි මැතිවරණයකදී සෙනසුරු විසින් රටේ නායකත්වයට ඍජු බලපෑම් ඇති කරයි.

    2019 වර්ෂය තුළ පමණක් නොව 2020 අප‍්‍රියෙල් මස 13 වැනිදා සිංහල අලූත් අවුරුද්ද උදාවන්නේත් රාත‍්‍රී 08.23ටය. ඒ අනුව ඉදිරි වර්ෂය ගැනත් කල්තබා සිතා ගත හැකිය.



     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ තමයි මීතොටමුල්ල ඛේදවාචකය උන 2017 අවුරුද්දේ, මුළු රටටම හදල දුන්න අවුරුදු නැකත් වැරදියි කියල කියපු එකම මනුස්සයා... ඒ හදපු නැකත් වල වගකීම ගන්නවා කියපු පාහර ජෝතිර්වීදියෝ, මිනිස්සු කුණු කන්දට යට වෙලා මළාම හොයා ගන්නත් බැරි උනා...


    index_r1_c1.gif




    අවුරුදු නැකත හරිද වැරදිද!


    2017 ට නිර්දේශ කර ඇත්තේ අවමංගල නැකතකි
    ආචාර්ය පියසේන රතුවිතාන



    නැකතක්‌ සාදන විට අනෙක්‌ සියල්ලට වඩා සඳුගේ බලය තිරසාර විය යුතුය යනු ජ්‍යෙdතිෂ රීතියයි. අටළොස්‌ ඉසිවරුන්ම ඒ මතය අවිවාදයෙන් පිළිගෙන ඇත. හෝරාභරණයේ 2 වැනි පිටුවේ 492 වැනි ශ්ලෝකයෙහි එය සඳහන් කර ඇත. තිථිරේක ගුණාප්‍රොaක්‌තා... යනාදී ශ්ලෝකයෙන් එය විස්‌තර වේ. එම ශ්ලෝකයේ අරුත මෙසේය.

    තිථියක බලය එකකි. දිනයක බලය 14 කි. නැකතෙහි බලය 16 කි. යෝගයෙහි බලය 100 කි. හිරුගේ බලය 1000 කි. සඳුගේ බලය ලක්‍ෂයකි යනු වේ. ඒ අනුව බලවත් නැකතක්‌ සෑදීමේදී සඳු නීචවීම, සඳු 6, 8,12 යන දුෂ්ට රාශියක වීම නොවිය යුතුමය. එහෙත් රජයේ නැකත් මඬුල්ල විසින් 2017 අවුරුදු නැකත සාදා ඇත්තේ තත්කාල කේන්ද්‍රයේ සඳු නීචව, 8 වැනි රාශියේ සිටින අයුරින්ය. එබඳු නැකතක්‌ හදන්නේ අවුරුදු නැකැත් සඳහා නොව මෘත දේහය තැන්පත් කළ පෙට්‌ටිය නිවසින් එළියට ගැනීමට හෙවත් මෘත කලේබරය එසවීමටය. ඒ අනුව සලකන විට නැකැත් කමිටුව නිර්දේශ කර ඇත්තේ ඉදිරි වර්ෂය සැපවත් කිරීමට උචිත නැකතක්‌ නොව අවමංගල උළෙලකට ගැලපෙන නැකතකි.

    නැකැත් කමිටුව විසින් නිර්දේශිත නැකතට ළිප ගිනි මොළවා කිරි බතක්‌ පිස අනුභව කිරීම හා ගනුදෙනු කිරීම සඳහා යොදා ගත්තොත් රටම හිඟමනට පත්වෙයි. ඒ නැකතට කටයුතු කරන ජනතාවම පරිහානියේ ප්‍රපාතයට වැටෙයි. මේ දුර්මුඛ වර්ෂයයි. ගෙවී ගිය නන්දන විජය වැනි වර්ෂයන් නොව "විනාශ කාලේන විපරීත බුද්ධිඃ" යි සඳහන් කළ පිස්‌සන් සමූහයක්‌ විසින් හැදූ නැකතකි. නිශ්ශාරා පෘථිවි නිරෙඬෂධි රසා... ධර්මෝ වනන්තර ගතඃ" යි සඳහන් කළ සෘෂි පාඨයට අයත් එකකි.

    නැකැත් කමිටුව 2017 අවුරුදු නැකත හදා ඇත්තේ තක්‌කාල ලග්නය මේෂය වශයෙන් ගෙන නැකතක්‌ සඳහා ඉතාම පවිත්‍රව සිටිය යුතු සඳු 8 වැන්නේ තැබීමෙනි.

    තක්‌කාල කේන්ද්‍රයේ 4 අධිපති සඳු නීචව 8 වැන්නේය. 4 යනු නිවසයි. මුළුතැන් ගෙයයි. ඒ නිසා මුළුතැන්ගෙය හිමි ග්‍රහයා නීචව 8 වැන්නේ වීම පරිහානියට නෑකම් කියන්නකි. එසේම තත්කාල කේන්ද්‍රයේ බලවත්ම ග්‍රහයන් දෙදෙනා වන ගුරු - සිකුරු දෙදෙනාම දුෂ්ට රාශි වලය ලග්නයට කිසිම ශුභ දෘෂ්ටියන් නැත. ඒ නිසා අවුරුදු චාරිත්‍ර සඳහා මේෂ ලග්නය තෝරා ගැනීම ශුභ නැත.

    2017 අප්‍රියෙල් 14 වැනිදා අලුයම 2.13 ට හිරු, මීන රාශියෙන් මේෂ රාශියට පිවිසෙයි. අවුරුදු නැකැත් හැදීමේ රීතිය අනුව සූර්යයා මේෂ රාශියට එළැඹීමට පෙර පැය 6 විනාඩි 24 ක්‌ කාලයේ විෂම අවස්‌ථාවයි. ඒ පැය 6 තුළ පෘථිවිය ආසන්නයේ සිටින දෙවිවරුන් පොළොව අතහැර යති. එය "නොනගතය" නමින් හැඳින්වේ. එහි අරුත තවම පැමිණියේ නැත යන්නයි. ගල්ගුහාවල කොටා ඇති අගත, අනගත, චතුදිශ,ඒ යන්න ගැන හිතන්න එහි අරුත පැමිණි නොපැමිණි යන්නයි.

    සංක්‍රාන්ති සමයෙන් පසු පැය 6 වි. 24 ක්‌ තුළ අවුරුදු චාරිත්‍ර විය යුතු බව ඉසිවර මතයයි. ඒ අනුව 14 වැනිදා උ දේ 5.03 ට රවි හෝරාව උදා වෙයි. රවි ගිනි ග්‍රහයකු බැවින් ඒ හෝරාව තුළ කටයුතු ඇරැඹිය හැකිය. නෛසර්ගික ශුභ ග්‍රහයෙක්‌ උච්ච බල යුතුව ලග්නයේම වෙයි. ලග්නාධිපති වන ගුරුට ලග්නය, එකොළොස්‌ වැන්න හා 3 න් වැන්න පෙනේ. සඳු නීච වුවත් ලක්‌ෂ්මී ස්‌ථානයේය. උච්ච බලයෙන් සිටින සිකුරුගේ දෘෂ්ටිය නීච සඳුට පෙනෙයි. අමාත්‍ය කාරක 4, 5 අධිපති බුධ රාජ්‍ය කාරක රවි සමඟ යෝගව ඇත. මීන ලග්නය ගෙවී යැමට පෙර අවුරුදු චාරිත්‍ර කළ හැකිය.

    මේ නිසා ළිප ගිනි දැල්වීමට, අනුභවයට, ගනුදෙනුවට රවි හෝරාවේ බුධ අන්තරය යොදා ගත හැකිය. ඒ (විනාඩි 24) ප්‍රමාණවත් නැත්නම් රවි හෝරාවේ ගුරු පංචමය යොදා ගත හැකිය. ඒ ආහාර අනුභවයටය. රවි හෝරාවේ ගුරු අන්තරය විෂ පංචම හෝරාවක්‌ බව සැබැවි. එහෙත් දෛවඥ කාමෙ�නුව අනුව ඒ මොහොතේ පක්‍ෂියා භෝජන ගමන අවස්‌ථාවක නම් එම පංචම විෂ හෝරා දෝෂය මගහැරේ. ඒ අනුව උදේ 5.57 ට උතුර බලා යටකී ශුභ කටයුතු සඳහා යොදා ගත හැකිය.

    මනස්‌කාරක සඳුගේ පිහිටීම අනුව මිනිසකු ගේ ජීවන ගමනේදී රාශි 12 තුළදී චරිත 12 ක්‌ වෙයි. නැකැත් 27 අනුවත් එසේය. භාරතීය ජ්‍යෙdතිෂඥයේ සඳුගේ පිහිටීමට කොතරම් වැදගත්කමක්‌ දී ඇත්දැයි කියතොත් ඒ අය ලග්න කේන්ද්‍රය නොව (චන්ද්‍ර) රාශි කේන්ද්‍රය ප්‍රමුඛ කරති. සඳු ග්‍රහයා රියෑදුරෙකුට උපමා කළ හැකිය. රථය වේගයෙන් පැදවිය යුතුද නැතහොත් සෙමෙන් පැදවිය යුතුදැයි තීරණය කරනු ලබන්නේ චිත්තකාරක සඳු විසිනි.

    සඳුගේ වාහනය ඇතටත්. ඇඳුමේ ශක්‌තිය, බඳපටියටත්, පැහැය, අති පවිත්‍ර සුදටත් පවරා ඇත්තේ සඳු සුවිශේෂ ග්‍රහයා බැවිනි. මවු කාරකයා චිත්තකාරකයාය. එයින් ගම්‍ය වන්නේ සඳු සුවිශේෂ ග්‍රහයා බවය. ශ්‍රීමත් භට්‌ටාචාර්යතුමාගේ චමත්කාර චින්තාමණියෙහි සඳු 8 වැන්නේ තබා හදන නැකත අශුභ බව විධත්තේ ධනං හීනං දේහං දරිද්‍රං, ජඩඃ ගෝත්‍ර හීනං නරං ශේෂ ලග්නේ යන්නෙන් ප්‍රකට වේ. එහි අරුත සඳු 8 වැන්නේ තැබීම අධම බවකි. දිළිඳුකම මතු කරන්නකි යන්නයි. අවුරුදු නැකතට අදාළ කේන්ද්‍රයේ සඳු 8 වැන්නේ තබා හදන නැකත අනුගමනය කරතොත් මුළු රටම ද්‍රරිද්‍රතාවට පත්වනු ඇත.

    "කූඩුම්බේ රතිර් පායතේ කශ්‍ය තුච්ඡං...."
    යන යෙදුමෙන්ද ඒ බව සනාථ වේ.

    ----------------------------------------------

    අපි ලබාදීපු නැකත් හරි
    ජාතික නැකත් කමිටුවේ සාමාජික ඈපා පංචාංග ලිත ප්‍රධාන කර්තෘ ඉන්දික ඈපා සෙනෙවිරත්න

    මේ නැකත් හැදුවේ තිස්‌ දෙනකුගෙන් යුත් කමිටුවක්‌ මගින්. අලුත් අවුරුදු නැකත් උදාව හදන්නේ රවිගේ හා චන්ද්‍රයාගේ ගමනය භාවිතා කරලා.

    ඉස්‌සර අප්‍රේල් 12 හෝ 13 අලුත් අවුරුද්ද තිබුනේ. දැන් අප්‍රේල් 13 හෝ 14 දිනවල තව අවුරුදු සියයකින් 14 හෝ 15 වෙනවා. ඒක සොබාදහම.

    අවුරදු සංක්‍රාන්තිය මුළු ප්‍රමාණය පැය 12 මිනිත්තු 48 ඒකට පුණ්‍ය කාලය කියලත් කියනවා.

    2017 අවුරුදු චාරිත්‍ර ගත්විට අප්‍රේල් 13 දා අලුයම 2.04 නව වසර උදාවෙනවා. පුණ්‍ය කාලය පූර්ව හා අපර කොටස දෙකකට බෙදනවා. එවිට මුල් කොටස පැය 6 විනාඩි 24 ක්‌ එය ආගමික කටයුතුවලට යොදා ගන්නවා

    අපර කොටස පැය 6 විනාඩි 24 තුළ ප්‍රධාන නැකත් දෙක යොදා ගන්නවා. ඒක ප්‍රධාන නිතියක්‌. ඒ ආහාර පිසීම සහ ආහාර අනුභව නැකත් ආහාර පිසීම තියෙන්නේ අප්‍රේල් 14 අලුයම 5.41 ට ඒ අනුව සිංහල ක්‍රමයට ඒ වන විට තියෙන්නේ බ්‍රහස්‌පතින්දා. ඒත් ආහාර අනුභවය වනවිට සිකුරාදා ලබලා.

    ඒ අනුව අපි ලබාදීපු නැකත් හරි. මේකෙන් රටට ජනතාවට ප්‍රශ්නයක්‌ වෙන්නේ නැහැ. ඕනම නැකතක දොස්‌ දකින්න පුළුවන්. ඕනම නැකතක හොඳ වගේ ම නරක දෙක ම තියෙනවා. මේ වගේ පොදු නැකතක්‌ ගනිද්දි වඩා හොඳ නැකත අපි ගන්නේ මේ නැකත් හැදුවේ නැකත් කමිටුවෙන් ඒ වගේ කමිටුවකින් වැරදි වෙනවා අඩුයි. තනි කෙනෙක්‌ හැදුවානම් අඩු පාඩු වෙන්න පුළුවන්. ඒත් මේ වගේ නැකත් කමිටවකින් හදපු නැකත් වරදක්‌ වෙන්නේ නැහැ. මේ නිසා බය නැතුව අපි දීපු නැකත භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    ----------------------------------------------

    නැකත් කමිටුව හැටියට අප දීපු නැකත් ගැන වගකියනවා
    ජාතික නැකත් කමිටුවේ සාමාජික ජ්‍යෙdතිෂවේදී අසංක පිලපිටිය

    අප නැකත් කමිටුව හැටියට අප දීපු නැකත් ගැන වග කියනවා. අප දීපු නැකත් හරියටම හරි. ඒ නැකත්වලින් රටටම සෞභාග්‍ය උදා වෙනවා.

    ජ්‍යෙdතිෂ නීති අනුව නියම වෙලාවල් දීලා තියෙනවා.

    සූර්ය සංක්‍රාන්තියෙන් පසුව පැය 6 මිනිත්තු 24 ඇතුළත හොඳම නැකත් තමයි දීලා තියෙන්නේ.

    ජ්‍යෙdතිෂ වගේම ප්‍රායෝගික නැකත් බලලා මේ නැකත් දීලා තියෙන්නේ. නැකත් කමිටුවේ තිස්‌ දෙනකු පමණ ඉන්නවා. සාමාන්‍යයෙන් ඔය තීරණය ගන්න කොට 20-25 අතර ජ්‍යෙdතිෂවේදීන් ඉන්නවා.

    මේව මුළු රටටම හදපු නැකත්. එක පුද්ගලයකු බලලා හදපු නැකත් නෙවෙයි. මුළු රටටම එකට එකතු වෙලා කරන්න හදපු නැකත්. මේවා සුබ මුහුර්ත නෙවෙයි. අවුරුදු චාරිත්‍ර.

    ඕනම කෙනෙකුට අවශ්‍ය නම් තමන්ගේ කේන්දරේ අනුව නැකතක්‌ ගත හැකියි. පැරණි කාලයේ ගම්වල අවුරුදු නැකත දුන්නේ ඒ ඒ ගම්වල බෞද්ධ ස්‌වාමීන් වහන්සේලා මේ නැකත්වලින් නම් රටට ජනතාවට වරදක්‌ වෙන්නේ නැහැ. ජනතාව අපි කියපු නැකත් අනුව කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරනවා.

    ----------------------------------------------

    සියලුදෙනා දීර්ඝව සාකච්ඡා කර මේ නැකත් අනුමත කළා
    ජාතික නැකත් කමිටුවේ සාමාජික ජ්‍යෙdතිෂවේදී ආනන්ද සෙනෙවිරත්න මහතා,

    නැකත් කමිටුවේ සංයුතියට ලිත් කර්තෘවරු කීප දෙනෙක්‌ ඉන්නවා. ජ්‍යෙdතිෂවේදීන් ගණනාවක්‌ ඉන්නවා. මේ සියලු දෙනා දිර්ඝව සාකච්ඡා කරලා මේ නැකත් අනුමත කළේ.

    සුළුතරයකගේ මතය ඉෂ්ට නොවීමයි මෙතනදී වෙලා තියෙන්නේ.

    මේ අය ප්‍රශස්‌ත බව දක්‌වන්නේ මීන ලග්නය, ලග්නාධිපති බ්‍රහස්‌පති, ඒක සතුරු රාශි ගත වෙලා ඉන්නේ. ඒ නිසා ඒක ගන්න විදිහක්‌ නැහැ.

    චන්ද්‍රයා අටේ ඉන්නවා කියනවා. නීච චන්ද්‍රයා අටේ හිටියට නරකක්‌ කරන්නේ නැහැ.

    සූර්ය සංක්‍රාන්තිය මේ වසරේ සිදු වන්නේ මධ්‍යම රාත්‍රිය පසු වෙලා. එහෙම තිබියදී වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යන ප්‍රධාන නැකක්‌ ගත යුත්තේ පසුදා සූර්ය උදාවෙන් පසුවයි. ප්‍රශ්නයට අදාළ දවසේ සූර්ය උදාව සිදු වන්නේ උදේ 6.03 ට එහෙම නම් අප නැකත 6.03 පසු වෙලා හදන්න බැඳිලා ඉන්නවා. එම නිසා 6.03 ට පෙර නැකත් වැරදියි. එම නිසා අප 7.05 ට නැකත දුන්නේ.

    ශ්‍රී ලංකාව ස්‌වාධීන, ස්‌වෛරී රාජ්‍යයක්‌ වුණේ 1972 දී සිංහ ලග්නය උදා වෙලා පවතිද්දී, බ්‍රිතාන්‍ය කිරීටයෙන් වෙන් වුණේ සිංහ ලග්නයෙන්. ඒ නිසා සිංහ ලග්නයෙන් අට වැන්න වූ මීන ලග්නය මේ රටට සුබ නැකතක්‌ ලෙස ගන්න බැහැ.

    මේ නැකත් කමිටුව පසුගිය සෑම රාජ්‍ය නායකයකුම බලයේ ඉද්දී නැකත් හදලා තියෙනවා. රාජ්‍ය නායකයා කවුරු වුණත් ඔහුට හෝ ඇයට අසුබ නැකත් ගැනීමෙන් වළකින්න නැකත් කමිටුව උපරිම උත්සහයක්‌ ගත්තා. වර්තමාන රාජ්‍ය නායකයා තුලා ලග්නයෙන් උපත ලැබුවෙක්‌. එම ලග්නයෙන් හය වැන්න මීනයයි. හයවැන්න රෝග ස්‌ථානය වගේම සතුරන් පිළිබඳ ස්‌ථානයයි. එම නිසා මීන ලග්නය ගැනීම රටට කරන ෙද්‍රdaහීකමක්‌.

    ----------------------------------------------

    අවුරුදු නැකතේ දෝෂය රටටම හොඳ නැහැ
    ආචාර්ය ජී.ඇම්. ගුණපාල

    මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් බලවත් ආන්දෝළනයක්‌ ඇත. එය ලිප ගිනි දැල්වීම හා අනුභව නැකත් පිළිබඳවය. විශේෂයෙන්ම අනුභවය හා වැඩ ඇල්ලීමේ නැකත කිසිසේත් ශාස්‌ත්‍රීයත්වයෙන් තොර රටට ජනතාවට රජයට නායක කාරකාදීන්ට අයහපත් නැකතක්‌ බව අපගේ පිළිගැනීමයි.

    මෙම වෙලාවට යෙදී ඇත්තේ චරරාශියක්‌ වන මේෂය වන අතර කුජ හෙවත් අඟහරු රාහු සෙනසුරු ආදී සියලු පාපග්‍රහයන් අසුභ ලෙස පිහිටා ඇත. පාපයන් හැකිතරම් 3, 6,

    10, 11 සිටීම යහපත් බව ශාස්‌ත්‍රීය නිගමනයයි. සුබ ග්‍රහයෝ කේන්දරගතවද ත්‍රිකෝණ ගතවද පාපයෝ උපචය ස්‌ථානවලද සිටීම නැකතේ බලය පෝෂණය කරන්නකි. අඟහරු 2 වැන්නේද රාහු 5ද සෙනසුරු 9 ද සිටිමින් පාපයෝ සුබ ස්‌ථානගතව පාප පලදෙන ලෙස සිටියදී මේෂයට ප්‍රබලම සුබ ඵල දෙන යෝග කාරක ග්‍රහයා වන බ්‍රහස්‌පති දුෂ්ඨ ස්‌ථානයක්‌ වන 6 වැන්නේ ඇති ලෙස නැකත යොදා ගැනීම කෙතරම් අශූභද යන්න ශාස්‌ත්‍රය දන්නෝ දනිති. අප්‍රේල් 14 උදේ 7.05 ට යොදා ගෙන ඇති මෙම විෂමාකර නැකතේ හෝරාව වී ඇත්තේ බුද හෝරාවයි. බුද යනු ලග්නාධිපතිට ඉතාමත් ප්‍රධාන විරුද්ධකාරයා වන ග්‍රහයා වන අතර එම බුද මේෂ ලග්නයට අශුභම ග්‍රහයා වෙති. පරාසර මහා සෘෂිහු මේෂයට බුද ඉතාමත් තද බල පාපයා බව පවසයි. ජ්‍යෙතිෂ්‍ය ග්‍රන්ථ අතර අග්‍රස්‌ථානයෙහිලා සලකන සරාවලියේ සඳහන් වන්නේ පාපයෝ 5 හා 9 සිට 8 වැන්න වෘශ්චිකය වී පාශ දේර්කාණය වන්නේ නම් එය මළ පුඩුqවකින් ජීවිතය විනාශ වන්නක්‌ බවය. මෙම නැකතේ එම ස්‌වභාවය සම්පූර්ණයෙන් පිහිටා ඇත.

    අප අනුමත කරන නැකත 14 වැනිදා උදේ 5.53 වේ. එවිට ඇත්තේ මීන ලග්නයයි. ගුරුට අයත් මීන ලග්නයේ ගුරු 7 වැන්නේ සිට ලග්නය දකී. චන්ද්‍රයා භාග්‍යස්‌ථානයේය. එය 5 අධිපති 9 සිටීමයි. මෙය කුසලාධි කුසල යෝගයයි. ගුරු 7 වැන්නේ චන්ද්‍රයා 9 සිටීම මතම තත්කාල ග්‍රහබලය විශිෂ්ඨ බව පෙන්වයි. කුජ 3 රාහු 6 ශනි 10 නිසා උපචය ස්‌ථානවල පාපයන් සිටී. නැකතේ බලය පෝෂණය වනු ඇත. රටට රජයට ජනතාවට සිදුවන අවැඩදායක බව නිෂ්ප්‍රභා වේ. ගුරුගේ රවි පංචමය යොදා ගෙන ඇත. එය විෂ පංචමයක්‌ යෑයි පොත පතේ ඇත. එසේ නමුදු චන්ද්‍රයා පුර බලයෙන් ශූභ ස්‌ථානයක ඇත්නම් 10 අධිපති කේන්දරයේ බලවත්ව ඇතිනම් එය ඉතාමත් ප්‍රශස්‌ත බවත් සියලු විෂ දෝෂ භංග වන බවත් මුහුර්ත චින්තාමනියේ දැක්‌වේ. ලිප ගිනි දැල්වීමේ සිට අනුභවය දක්‌වා කාලය මිනිත්තු 48 ක්‌ ඇත. බුද පංචමය යොදා ගත හැකි වුවත් එවිට කාලය ප්‍රමාණවත් නොවනු ඇත. ලංකාවේ ශ්‍රෝෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක්‌ව සිටි ක්‍රිස්‌තු වර්ෂ 1304 දී පමණ අත්නගලු විහාරාධිපතිව වැඩ විසූ අනවම දර්ශි සංඝරාජ හිමියන් ලියන ලද දෛවඥ කාමධෙනුවේ රවිගේ ගුරු පංචමය ශූභදායක බව දක්‌වා ඇත. එයිනුදු මෙම නැකත ප්‍රශස්‌ත බව කිවයුතුයි. නාරද සංහිතාවේ චන්ද්‍රයා 08 වැන්නේ තබාගැනීම ඉතාමත් අධම බව දක්‌වයි. එහි විවාහ ප්‍රකරන කොටසේ සඳු සිටීම ගැන සඳහන් කරතත් එය මෙයට අදාළ නැත. චන්ද්‍රdෂ්ඨ මංච ධරනි මනාර්ථ හානි මරණානි යනුවෙන් දැක්‌වෙන පරිදි චන්ද්‍රයා 8 වැන්නේ තබා යොදා ගැනීමට අනුමත කළ දුෂ්‍ය නැකතට වඩා අප නිර්දේශ කරන නැකත සියදහස්‌ ගුණයක්‌ ශ්‍රෝෂ්ඨ වෙති.

    මේ අනුව 2017 අප්‍රේල් 14 වැනිදා උදේ 05.05 ට උතුරබලා ලිප ගනි දැල්වීමද 5.53 ට ආහාර අනුභවය හා වැඩ ඇල්ලීමද ඉතාමත් ප්‍රශස්‌තවන අතර රන්වන් වස්‌ත්‍රාභරණයෙන් සැරසී කටයුතු කළ යුතුය.

    ඔබ ඔබට දේශයට රටේ යහපත් පැවැත්මට හිතෛශී වන්නේ නම් මෙම නැකත යොදා ගැනීමට උත්සුක වන්න.

    ----------------------

    * ආචාර්ය පියසේන රතුවිතාන


    http://www.divaina.com/2017/04/07/feature02.html
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අවුරුදු නැකැත් අසුබයි
    පැය ගණනක්‌ තුළ එය ඔප්පු වුණා


    ඉදිරි මාස අටත් තීරණාත්මකයි
    එයින් මිදෙන්නට විශේෂ පුද පූජා පැවැත්විය යුතුයි

    ආචාර්ය පියසේන රතුවිතාන 'දිවයින'ට කියයි

    index_r1_c1.gif



    ජාතික නැකත් කමිටුව මගින් නිර්දේශ කරන ලද කිරි ඉතිරවීමේ නැකත හෙවත් ලිප ගිනි මෙලවීමේ නැකත පූර්ණ දොaෂ සහිත බව ප්‍රවීන ජ්‍යෙdතිෂ්‍යවේදීන් කීපදෙනෙක්‌ මුලින්ම රටට කීවේ 'දිවයින' පුවත්පත හරහාය. ග්‍රහ මඩුල්ලේ උතුම් ග්‍රහයා වන සඳු නීචව අටවැන්නේ යෙදීම අවමංගල්‍ය නැකතක්‌ බව මා 'දිවයින' පුවත්පත මගින් විස්‌තරාත්මකව රටටම කීවෙමි.

    සංස්‌කෘතික අමාත්‍යාංශයේ බලධාරීන් ඉදිරිපිට පුරාණ ආචාර්ය මත පවා ඉදිරිපත් කරමින් අප මේ බව පෙන්වා දුන් නමුත් සෙසු පිරිස එය හාස්‍යයට ලක්‌ කළහ.

    නමුත් අවුරුදු නැකත් සිදුකර පැය ගණනක්‌ තුළ එහි අසුබ බව රටටම පෙන්නුම් කළේ විශාල පිරිසකට ජීවිත අහිමි කරමිනි.

    මේ අසුභ නැකත්වල ප්‍රතිඵල ඉදිරි මාස අට තුළ ඉතාම වේගවත්වද, ඉන් පසු ඉදිරි වසර අට තුළ යම් තරමින්ද සිදුවන බව ජ්‍යෙdතිෂය මතයයි.

    එයින් මිදෙන්නට විශේෂ පුද පූජා පැවැත්විය යුතුව තිබේ.

    නැකතකදී සඳු කොතරම් වැදගත් දැයි මේ අවස්‌ථාවේ පැහැදිලි කිරීම අපගේ යුතුකමයි.

    ජ්‍යෙdතිෂය හා බැඳුණු සම්බන්ධකම අමතක කළත් බෞද්ධ ජනතාවට සඳු උත්තම ආලෝක ග්‍රහයෙකි. සඳු තිථීයෙන් තිථීයට ස්‌වකීය ස්‌වරූපය වෙනස්‌ කරයි. අමාවක, අටවක, පසළොස්‌වක ආදී වශයෙන් සඳුට අවස්‌ථා ගණනකි. පුර සඳු - අව සඳු වශයෙන් සඳුට ගමන් දෙකකි. සිදුහත් කුමරුගේ උපත සිදු වූයේ පූර්ණ චන්ද්‍රයා අති බලවත්ව සිටි අවස්‌ථාවකය. අභිනිෂ්ක්‍රමණයට සිදුහත් කුමරු තෝරා ගත්තේ ඇසළ පෝදාය. බුද්ධත්වයට පැමිණියේ වෙසක්‌ පෝදාය. පරිනිර්වාණය සිදුවූයේත් වෙසක්‌ පෝදාය. මේ හැම අවස්‌ථාවකින්ම හෙළිදරව් වන්නේ සඳු මිනිස්‌ ජීවිතයේ දුක - සැප දෙකටම එකසේ දායක වන ග්‍රහයා සඳු බවය.

    සඳු පිළිබඳ වෘත්තාන්ත බොහෝය. සක්‌ රජු විසින් සාවකුගේ රූපය සඳ මත සිතුවම් කළ බවක්‌ සස ජාතකයේ සඳහන්ය. මාතංග ඉසිවරයා සඳම`ඩල පළාගෙන පැමිණි බවක්‌ අමාවතුරේ සඳහන්ය.

    දරුවකුගේ උපත, පිළිසිඳ ගැනීම, මල්වර වීම, ඔසප් වීම යන මේ සියල්ලම සඳුගේ ගමන අනුවම සිදුවෙතැයි ආයුර්වේද විද්‍යාවේ ප්‍රසූති චිකිස්‌සාවේ සඳහන්ව ඇත. දාරකෝත්පත්තිය පිණිස ප්‍රසූතිකාගාර ප්‍රවේශයට සඳුගේ ශුභ නැකැත් අවස්‌ථාවක්‌ තෝරා ගත යුතුයයි පැරණිම ආයුර්වේද ග්‍රන්තයක්‌ වන චරක සංහිතාවේ සඳහන්ය.

    අනෙක්‌ ග්‍රහයෙකුට නැති පැතිරුණු විවිධ ස්‌වරූප ගණනාවක්‌ සඳුට වේ. ඒවා ඉසිවර මතය අනුව ඒ විවිධ ස්‌වරූපයන්, දීප්ත, සමස්‌ථ, හර්ෂිත, ශාන්ත, ශස්‌ක, ලුප්ත, දීන, පීඩිත වශයෙන් දක්‌වා ඇත. සඳු උච්ච රාශිගත වූ කල්හි දීප්ත යෑයි ද, සම ක්‍ෂේත්‍රයේ පිහිටි විට සමස්‌ථ යෑයි ද, මිත්‍ර රාශියක සිටි විට හර්ෂිත යෑයි ද, ශුභයෙකුගේ වර්ගයෙහි සිටිකල ශාන්ත යෑයි ද, දිලිසෙන රශ්මි ඇති විට ශස්‌ත යෑයි ද, අස්‌aථාන ගත වූයේ ලුප්ත යෑයි ද, නීච රාශියේ සිටි කළ දීන යෑයි ද, සතුරකුගේ රාශියේ සිටි කළ පීඩිත යෑයි ද, හඳුන්වනු ලැබේ.

    කේන්ද්‍රයක තිර සවිය උසුලන ග්‍රහයා සඳුය. එහෙයින් බලවත් නැකැතක්‌ සෑදීමේ දී අනෙක්‌ ග්‍රහයනට වඩා සඳු බලවත් විය යුතුය. එතැනදී හෝරා, තථී ආදිය පෙළගස්‌වන විට, තිථීයෙහි බලයට වඩා දවසේ බලය ද, දවසේ බලයට වඩා නැකතේ බලය ද, නැකතේ බලයට වඩා රවිගේ බලය ද, රවිගේ බලයට වඩා සඳුගේ බලය ද වැඩිය.

    එහෙයින් නැකතක්‌ සෑදීමේ දීත් පලාඵල කීමේදීත් සඳු ප්‍රමුඛ කළ යුතුය. එතැනදී,

    1. සඳු සිටි රාශිය.
    2. සඳු නියෝජනය කරන නැකත.
    3. එම නැකත හිමි ග්‍රහයා.
    4. සඳු ලබන දෘෂ්ටිය.
    5. සඳු හා ලග්නාධිපති අතර ඇති සම්බන්ධය.
    6. සඳුගේ උච්ච, ස්‌වක්‍ෂේත්‍ර, නීච ආදී ස්‌වභාවය.
    7. සඳු කෙරෙන් 6, 7, 8 සිටින ග්‍රහයා.
    8. සඳු හා යෝග වූ ග්‍රහයෝ.
    9. සඳු හා සම්බන්ධ යෝග.
    10. සඳු බාධක ග්‍රහයෙක්‌ වේද, අශුභ දෙර්කාණයකට (22) අයත් වේද, 64 වන නවාංශකාධිපතියා වේද,
    11. සඳු හා කරක ග්‍රහයා අතර ඇති සම්බන්ධකම, ආදිය පමණක්‌ නොව තවත් බොහෝ දේ පිළිබඳව විමසා බැලිය යුතුය. සඳු මේෂා දී රාශි 12 තුළ සිටින විට සඳුගේ පියවි ස්‌වභාවය වෙනස්‌වන හැටි හඳුනා ගත යුතුය.

    ජන්ම කේන්ද්‍රයක සඳුගේ පිහිටීම අනුව විවිධ යෝග නිර්මාණය වේ.

    නිදසුන් දක්‌වතොත්,

    1. චන්ද්‍ර අධියෝගය.
    2. යස යෝගය.
    3. කුලීර යෝගය.
    4. ගජකේෂරී යෝගය.
    5. සුනථා යෝගය.
    6. අනථා යෝගය.
    7. ධුරාධුර යෝගය.
    8. ත්‍රි ලෝචන යෝගය.
    9. ෙ€මදෘම යෝගය.
    10. චන්ද්‍ර මංගල යෝගය.
    11. සකට යෝගය.

    ආධුනිකයකු හට මේ යෝග හඳුනා ගැනීම අපහසු විය හැකිය. එහෙයින් එය කෙටියෙන් හඳුන්වා දීමට උනන්දුවෙමි.

    1. චන්ද්‍ර අධියෝගය.
    සඳු සිටි රාශිය කෙරෙන් 6, 7, 8 යන රාශි තුනේ ( ශුභ ) ග්‍රහයන් පිහිටීම.

    2. ලග්න අධියෝගය.
    ලග්නයෙන් 6, 7, 8 ( ශුභ ) ග්‍රහයන් වීම.

    3. යස යෝගය.
    උච්ච සඳු කේන්ස්‌ථානයක හෝ ත්‍රිකෝණ ස්‌ථානයක වීම.

    4. කුලීර යෝගය.
    සඳු ස්‌වක්‍ෂේත්‍ර බල සහිතව කුමන හෝ රාශියක වීම.

    5. ගජකේශරී යෝගය.
    ගුරු ග්‍රහයා සඳු සිටි රාශිය කෙරෙන් කේන්ද්‍රස්‌ථානගතව සිටීම.

    6. සුනතා යෝගය.
    රවි හැර වෙනත් ග්‍රහයකු සඳු කෙරෙන් දෙවැන්නේ වීම.

    7. අනථා යෝගය.
    රවි හැර අනෙක්‌ ග්‍රහයෙකු සඳු කෙරෙන් දොළොස්‌වැන්නේ වීමයි.

    8. ධුරාධුර යෝගය.
    සඳු දෙපස රවි හැර අනෙක්‌ ග්‍රහයන් දෙදෙනෙකු වීමයි.

    9. ත්‍රිලෝචන යෝගය.
    රවිත්, සඳුත්, කුජත් එකිනෙක කෙරෙන් ත්‍රිකෝණගතව සිටීමයි.

    10. චන්ද්‍ර මංගල යෝගය.
    සඳුත්, කුජත් එකම රාශියක හෝ සම සප්තමව සිටීමයි.

    11. ෙ€මදෘම යෝගය.
    සඳු දෙපස ග්‍රහයකු නොවී, සඳුට ශුභ දෘෂ්ටියක්‌ ද නොමැතිව සිටීම ( මෙය ජන්මියා දිලිඳු කරවන යෝගයකි.)

    12. සකට යෝගය.
    ගුරු ග්‍රහයා කෙරෙන් 6, 8, 12 යන තැනෙක සඳු සිටීමයි. (අශුභ යෝගයකි.)

    ඉහත සඳහන් කළ ෙ€මදෘම යෝගය බිදෙන අවස්‌ථාද වේ.

    එසේම සඳුගෙන් කුජ, බුද, ගුරු ආදී ග්‍රහයන් සිටි විටද පලාඵල වෙනස්‌ වේ. සඳු මේෂ ආදී රාශි දොළසේ සිටි අයුරින්ද පලාඵල වෙනස්‌ වේ. එසේම සඳු ලබන දෘෂ්ටිය අනුවද පලාඵල විවිධ වේ.

    හිරුට ලෝක දිවාකර යෑයි නමෙක්‌ වේ. ඒ ලොවම හෙළි කරන ග්‍රහයා නිසාය. එAත් ඇත්ත වශයෙන්ම ලෝකය පාලනය කරනු ලබන්නේ සඳු විසිනි. එයට හේතුව පෘථිවිය වටා ගමන් කරන එකම ග්‍රහයා සඳු වීමයි.

    මේ සඳුට ගමන් දෙකකි. එකක්‌ නම් රවි පසු කර යන ගමනයි. දෙවැන්න නම් සඳු සූර්යා කරා ළං වෙමින් යන ගමනයි. ජ්‍යෙdතිෂයේදී මෙය පුර සඳු - අව සඳු වශයෙන් නම් කෙරේ.

    මේ ගමන් දෙකෙන් රවි පසු කර යන ගමන බලවත්ය. සඳු, රවි සිටි රාශිය සොයා යන ගමන ශෝභන නැත. පුර පස උපත ලැබූ පුද්ගලයාගේ රූපය සිත් ගන්නා සුළුය. සඳු හා රවි එකම රාශියක යෝග වන අවස්‌ථාවක්‌ ද ඇත. ඒ අමාවක දවසයි. සඳු හා රවි ඔවුනොවුන්ට සම සප්තම වන අවස්‌ථාවක්‌ ද වේ. ඒ පුර පසළොස්‌වක දවසයි.

    පුර පසළොස්‌වක දවස මිනිස්‌ ආධ්‍යාත්මය වේගවත් කරන, නැතොත් ආශා භරිත උත්සන්න තත්ත්වයක්‌ ඇති කරයි. සොබා දහමේ පිබිදීම එයට හේතුවයි. සුනඛයා වැනි සිවුපා සතුන් ප්‍රති විරුද්ධ ලිංගිකයා සොයා රැලකනේ යැම එයට හොඳ නිදසුනකි.

    පුර පෝය දවසට පන්සලට ගොස්‌ අට සිල් සමාදන් වන්නැයි බුදුන් වහන්සේ දේශනා කරන්නට ඇත්තේ මිනිස්‌ සිතේ පහළ වන උද්වේගකර සිතුවිලි පාලනය කිරීමේ උපායක්‌ විය නොහැකිද? ජ්‍යෙdතිෂයේ දී සඳුගේ පුර - අව දෙපසදීම 4, 9, 14 යන තිථී හය රිට්‌ටා දවස්‌ වශයෙන් නම් කර ඇත්තේ සඳුගේ ගමනේ විෂම අවස්‌ථා හය විය හැකි බැවිනි. ඒ දින වල සාමූහිකව කරන කටයුතු සඳහා සුදුසු නොවේ.

    භූමිකම්පා - සුනාමි වැනි භයානක සිදුවීම් බොහොමයක්‌ සිදු වී ඇත්තේ පසළොස්‌වක හෝ අමාවක දිනවල දී බව පැහැදිළිය.

    සඳු පිළිබඳ මේසා දීර්ඝ විස්‌තරයක්‌ සඳහන් කළේ ශුභ කටයුත්තක්‌ සඳහා නැකතක්‌ සෑදීමේදී සඳුගේ පිහිටීම පිළිබඳ දැඩි අවධානයක්‌ යෙදිය යුතු බව පෙන්වා දීමටය. ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ මහ නා හිමි, ස්‌වකීය සැළලිහිණි සන්දේශය ලියමින් සැළලිහිණියාට පිටත් වීමට ශුභ නැකතක්‌ දුන්නේය. සඳු බලවත් තැනක සිටිය යුතු බව එම නැකතින් ද පසක්‌ කළහ.

    මේ බලන්න.

    උදේ සැපත් සුරගු=රු හෙළිකර අවට.

    සඳේ මුදුන් පත් අස්‌විද නැකතෙ සිට.

    සඳු යහපත් තැනක වීම නැකතකට ඇවැසි බවකි එයින් ද පළකළේ. සඳු අස්‌විද නැකතේ සිටීමට නම් මේෂ ලග්නය උදාවී සඳු ලග්නයේම සිටිය යුතුය.

    ජ්‍යෙdතිෂය පිළිබඳ විශාරද දැනුම් ඇති අය නැකතක්‌ සෑදීමේ දී අනුගමනය කරන ලද අවස්‌ථා ආධුනිකයකුට පූර්වාදර්ශයකි. අවාසනාවකට මෙන් ජ්‍යෙdතිෂය විෂයාන්තර දැනුමෙන් තොර අඳබාලයන් අතට පත්ව අයාලේ යන අවස්‌ථා ද ප්‍රකට කෙරේ.

    දැනුම පරීක්‍ෂා කර බැලීමේ ක්‍රමයක්‌ නැති රටක ඕනෑම හොරෙකුට ප්‍රවීණ ජ්‍යෙdතිෂවේදී වශයෙන් පෙනී සිටීමට දොර - කවුළු හැර තැබීම නිසා ජ්‍යෙdතිෂය නැමති උතුම් ශාස්‌ත්‍රය නැත්තටම නැති වී යන අවස්‌ථාවකට පත්ව ඇති බව සාතිශය ශෝකයෙන් යුතුව සඳහන් කිරීමට සිදු වී තිබේ.

    සඳු පිළිබඳව ඒසා දීර්ඝ විස්‌තරයක්‌ සටහන් කළේ මෙවර අවුරුදු නැකතට යොදා ගත් තත්කාල කේන්ද්‍රයේ සඳු නීචව 8 වැන්නේ තැබීමේ දෝෂය නැවත මතක්‌ කිරීමටය. එය මළ මිනියක්‌ සොහොන කරා ගෙන යන අවමංගල නැකතක්‌ බව ම විසින් පුවත් පත් කීපයකින්ම හෙළි දරව් කෙළෙමි.

    නැකත් කොමිටියේ කෙනකු කීවේ එම නැකත ජනාධිපති තුමා ගැන පමණක්‌ අරමුණු කොට හැදූ බවකි. වික්‍රමසිංහ මහතා එසේ කීවේ නැකත් කමිටුවේ සියල්ලන් ඉදිරියේ ය. එසේ නම් ඔවුන් රාජ්‍ය නායකයාට ෙද්‍රdaහිව ඒ නැකත හදා ඇති බවද පසක්‌ වේ. අවුරුදු නැකත සෑදිය යුත්තේ සමස්‌ත ජනතාවටම මිස එක්‌ පුද්ගලයෙකුට නොවේ.

    සඳු නීචව 8 වැන්නේ තබා සාදන නැකතකින් පැය 08 ක්‌ තුළ දී, දින 08 ක්‌ තුළ දී, මාස 08 ක්‌ තුළ දී සහ දුරස්‌ථ වශයෙන් වර්ෂ 08 ක්‌ තුළ දී අති භයානක විපත් පැමිණෙන බව ශ්‍රී මහෙන්ද්‍ර පාදයෝ පෙන්වා දෙති.

    මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටී 25 කට වැඩි ගණනකගේ ජීවිත නැති වීම, දේපළ විනාශ වීම, තවත් පිරිසක්‌ අස්‌ථාන ගතවීම සිදු වූයේ නරක නැකතට කිරි උතුරවා පැය 08 ක්‌ ගත වන්නට පෙරය. මෙබඳු විපතක්‌ සිදු විය හැකි බව අප විසින් පුවත්පත් මගින් හෙළි කෙළෙමු. පැසුණු - විශාරද ජ්‍යෙdතිෂ දැනුමක්‌ ඇති ආචාර්ය ජී. එම් ගුණපාල මහතා නැකත් කමිටුවේ දී සංස්‌කෘතික අමාත්‍යාංශයේ සියලුම බලධරයන් ඉදිරියේ හේතු දක්‌වමින් කියා සිටියත් නැකත් කමිටුවට රිංගාගත් ජ්‍යෙdතිෂ බබාලා එය ප්‍රතික්‍ෂේප කළේ ඒ මහතාටද අපහාස කරමිනි.

    මේ අශුභ නැකතේ දුර්විපාක නැති කර ගැනීමට කළ යුතු ශාන්තිකර්ම වේ දැයි කීප දෙනෙක්‌ම අපෙන් විමසූහ. සිදු වූ දේ දැන් සිදු වී හමාරය. සමස්‌ත සමාජයට ම එල්ල වූ අශුභ දොAෂයකට කළ යුතු පිළියම් සඳහා රජයට සම්බන්ධ කෙනෙකු ජ්‍යෙdතිෂවේදියා වෙත පැමිණ ප්‍රශ්න කළ යුතුය.

    සාමාන්‍යයෙන් මෙබඳු අවස්‌ථාවක ඇසතු ලීයෙන් නිර්මාණය කරන ලද ශ්‍රී විෂ්ණු දෙවිදුන්ගේ ප්‍රතිරූපයක්‌ එයට අදාළ පුද පූජා සහිතව බලවත් විෂ්ණු දේවාල 08 ක පූජා කළ යුතුය.




    http://www.divaina.com/2017/04/18/n...3cz031Myjlb65pRR5oQNj_dh_9xNjskG9MTcX9oy59YcM
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    එය ඇස්පනාපිට බොරුවක් වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නැකැත් පක්‍ෂියා 75% ක් පමණ බලයෙන් යුතුව සිටින බැවිනි.

    :lol::lol::lol: lol ඕයි..


     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එය ඇස්පනාපිට බොරුවක් වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නැකැත් පක්‍ෂියා 75% ක් පමණ බලයෙන් යුතුව සිටින බැවිනි.

    :lol::lol::lol: lol ඕයි..
    කලිසම තෙමා ගත්තා නේ... ගෝටාබය කියපු ගමන්.. :lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,596
    16,449
    113
    කලිසම තෙමා ගත්තා නේ... ගෝටාබය කියපු ගමන්.. :lol::lol:

    :lol:උෟට පුදුම තරහක් තියෙන්නෙ ගෝඨා ඵක්ක.ගෝඨා කියන නම දැක්කොත් අැති මොනා හරි කියනවා දුවන් අැවිත්.නැත්නම් කෑවෙ නැහැ වගේ අැති..:lol:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :lol:උෟට පුදුම තරහක් තියෙන්නෙ ගෝඨා ඵක්ක.
    දන්නවනේ ආවොත් තව අවුරුදු 20 කට මෙහා නවතින්නේ නෑ කියල...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,286
    113
    කලිසම තෙමා ගත්තා නේ... ගෝටාබය කියපු ගමන්.. :lol::lol:




    ඕක අර බිංකුංඩා වගේ.ඕකව ඵළියට ගන්න තියෙන ඵකම ක්‍රමේ ගෝට ගැන හරි පොහොට්ටුව ගැන හරි ත්‍රෙඩ් දාන ඵක.:D
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    කලිසම තෙමා ගත්තා නේ... ගෝටාබය කියපු ගමන්.. :lol::lol:

    :lol:උෟට පුදුම තරහක් තියෙන්නෙ ගෝඨා ඵක්ක.ගෝඨා කියන නම දැක්කොත් අැති මොනා හරි කියනවා දුවන් අැවිත්.නැත්නම් කෑවෙ නැහැ වගේ අැති..:lol:

    දන්නවනේ ආවොත් තව අවුරුදු 20 කට මෙහා නවතින්නේ නෑ කියල...

    ඕක අර බිංකුංඩා වගේ.ඕකව ඵළියට ගන්න තියෙන ඵකම ක්‍රමේ ගෝට ගැන හරි පොහොට්ටුව ගැන හරි ත්‍රෙඩ් දාන ඵක.:D


    කෙලින් කඩේ පලයන් මිනිහෝ.. සාස්තර කාරයෝ අල්ලනේ නැතිව.. ලොකු අප්පුච්චා කාපු කෑම කොහොමද 2015 සාස්ථාරයෝ හින්දා..

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕක අර බිංකුංඩා වගේ.ඕකව ඵළියට ගන්න තියෙන ඵකම ක්‍රමේ ගෝට ගැන හරි පොහොට්ටුව ගැන හරි ත්‍රෙඩ් දාන ඵක.:D
    :yes::D
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕක අර බිංකුංඩා වගේ.ඕකව ඵළියට ගන්න තියෙන ඵකම ක්‍රමේ ගෝට ගැන හරි පොහොට්ටුව ගැන හරි ත්‍රෙඩ් දාන ඵක.:D
    සිරාවට මචන්..මුළු ත්‍රෙඩ් එකම කියල තියෙන්නේ ජෝතිෂ්‍යය ගැන... මූට මේ ලිපි ඔක්කොමෙන්ම පෙනිලා තියෙන්නේ ගෝටබය කියන වචනේ විතරයි.. අනේ මන්දා බං, නිදහසේ ටොයිලට් යන්නත් බැරුව ඇති..:lol: පවු බං මෙහෙම ජීවිත..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    සිරාවට මචන්..මුළු ත්‍රෙඩ් එකම කියල තියෙන්නේ ජෝතිෂ්‍යය ගැන... මූට මේ ලිපි ඔක්කොමෙන්ම පෙනිලා තියෙන්නේ ගෝටබය කියන වචනේ විතරයි.. අනේ මන්දා බං, නිදහසේ ටොයිලට් යන්නත් බැරුව ඇති..:lol: පවු බං මෙහෙම ජීවිත..


    හිත රිදුනද සිගිති පුතුගේ.. හරි ගෝටාබය අන්කල් තමයි ජනාධිපති... :lol::lol::lol:



    මොනා උනත් මේ ප්‍රහාරෙන් දේශපාලන වාසි ගන්න හදන එක නම් හිරිකිතයි..
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හිත රිදුනද සිගිති පුතුගේ.. හරි ගෝටාබය අන්කල් තමයි ජනාධිපති... :lol::lol::lol:

    මොනා උනත් මේ ප්‍රහාරෙන් දේශපාලන වාසි ගන්න හදන එක නම් හිරිකිතයි..
    උබගේ කාවද සුදු වැන් එකෙන් අරන් ගියේ? අර එක්නැලිගොඩ එහෙම උබේ අන්කල් ද?