බුද්ධ කාලයට සමානුපාතිකව ගල්ගමුවේ ජනාවාස

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    බුද්ධ කාලයට සමානුපාතිකව ගල්ගමුවේ ජනාවාස

    මනුල වික්‍රම

    ගල්ගමුව අන්දරවැව ප්‍රදේශයේ ඉපැරණි සොහොන් බිමකින් ලබාගත් අස්ථි කොටස් කිහිපයක් ක්‍රිස්තු පූර්ව 500 ට අයත් බවට ඇමරිකාවේ බීටා ඇනලිටික් පර්යේෂණ ආයතනය කාලනිර්ණය කර රජරට විශ්ව විද්‍යාලයට දැනුම් දී තිබේ.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සුසාන භූමියකින් අක්ෂර සහිත මැටි වළං කැබලි තුනක් ද අන්දර වැව පුරා විද්‍යා කැණීමේ දී සොයාගත් බව එම පර්යේෂණයේ නියැළි ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා හා උරුම කළමනාකරණ අංශයයේ ආචාර්ය තුසිත මැන්දිස් මහතා අනාවරණය කළේය.

    රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරන අංශය මගින් මීට මාස කිහිපයකට පෙර අන්දරවැව ප්‍රදේශයේ වනගත වු අක්කර දාහතරක පමණ භූමි ප්‍රදේශයක් තොරාගෙන පුරා විද්‍යාත්මක පර්යේෂණ ආරම්භ කළේ ය.

    පූර්ව ඉතිහාසයට හෙවත් මීට වසර 2800කට පමණ පෙර යුගයට අයත් සුසාන භූමි (මෙගලිතික සුසාන) මෙම ප්‍රදේශයේ හඳුණාගෙන තිබේ. ඒවා මුල්කරගෙන විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා විෂය හදාරන සිසුන් සමග ආචාර්යවරුන් මෙම පරික්ෂණයන් ආරම්භ කරන ලද්දේ අනුරාධපුර අගනුවර කේන්ද්‍රස්ථානයට බටහිර හා වයඹ දිශාවෙන් පූර්ව ඓතිහාසික යුගයේ පැවැති සමාජ සංස්කෘතික තත්ත්වයන්,තාක්ෂණය,ග්‍රාමීය සංස්කෘතිය හා විකාශය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහායි.


    ඒ අනුව පසුගිය මාසයේ දි ඇමරිකානු පර්යේෂණ ආයතනයට යැවූ අස්ථි කොටස් දෙක ලබාගෙන ඇත්තේ මෙම කැණීමේ දී හමුවු සුසාන භූමියක වූ මැටි මුට්ටියක් තුළ ය.බීටා ඇනලිටික් ආයතනයෙ ලොව පිළිගත් පුරා විද්‍යා කාල නිර්ණ ක්‍රමය වන කාබන් දාහතර (C 14) පරීක්ෂාව සිදුකර මෙම නිර්ණය ලබා දී තිබේ. ඒ අනුව ගල්ගමුව ප්‍රදේශයේ ජනාවාස බුද්ධ කාලයට සමානුපාතික බවට තහවුරු වන බවත් මීට පෙර එවැනිම ජනාවස පොල්පිතිගම,යාපහුව හා පිංවැව යන යාබද ප්‍රදේශවල ඇති බවත් ඒවා හඳුණා ගැනීමට මෙම තහවුරුව ගැලපෙන බවත් ආචාර්ය තුසිත මැන්දිස් පැවැසීය.

    image_a14e350f9b.jpg


    image_eb7a61ca22.jpg


    image_ddaba96f53.jpg


    http://www.lankadeepa.lk
     
    • Like
    Reactions: kasun69

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඔය එළි වෙන්නේ අපි ඉතිහාසය. අපි විජයගෙන් පැවතගෙන එන එවුන් කියන මතේ අපේ පොත්පත්වලට ඔලුවට දැම්මේ සුද්දෝ සහ කළු සුද්දෝ. ඒ අපිට අතීතයක් නැති එවුන් බව ඒත්තු ගන්වන්න.
    මේ රටේ අනෙක් සියලුම ජාතීන්ට තියෙන්නේ බෞද්ධ ඉතිහාසයක්. මොකද පිටරටවලින් සංක්‍රමණය වෙච්ච ඉංග්‍රීසින්/මුස්ලිම් ජාතිකයන් වගේම බොහෝ දමිළ ජාතිකයනුත් කසාද බැන්දේ සිංහල බෞද්ධ කාන්තාවන්. ඒ නිසා ඔවුන්ගේ අගත් සිංහල බෞද්ධ. ඒක ඔවුන් පිළිගත්තේ නැතත් ඇත්ත ඒකමයි. සිංහල - සිංහල මිනිස්සු ඇණ කොටාගෙන මේ රටේ සුළුතරයක් වෙනකං මේ කකුලෙන් ඇදිලි/ ඊරිසියාව/වෛරය සිංහල මිනිස්සු අතරම තියෙයි. සුළුතරය වුණු දවසට තේරෙයි අපිට කෙළවුණේ අපේම වැරදිවලින් නේද කියලා. එතකොට පරක්කු වැඩි වෙයි. හැමදේම දේශපාලනයට තියලා බලාගෙන ඉන්න නිවට ජාතිකයක් තමයි සිංහලුන් කියන්නේ. ඒක කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා. සමාවෙන්න.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ඉන්දියාව කියන පීචං රටෙන් අපු සල්ලාල විජයට කඩේ යන තට්ට කුකුළන්ට රිදෙයි :lol::lol::lol:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    විජය කියන කොහෙන්ද කඩාපාත් වෙච්ච කල්ලතෝනියගෙන් අපි පැවතගෙන එනවා කියල හිතන උන්ට හොඳ කනේ පාරක්. ලෝකෙම ජනාවාස කරපු රටට අද වෙලා තියෙන දේ දැක්කම ඇත්තටම දුකක් දැනෙනවා. සියල්ල අනිත්‍ය ලෝකේ කොහෙද අපිට විතරක් වෙනසක් ...
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලංකාව wonder women ඉන්න දුපත කියල සමහර උන් හිතන් ඉන්නේ හි ඉන්දියාවෙන් 700ක් ඇවිත් තමයි දැන් ඉන්න ලංකවේ උන් breed වෙලා තින්නේ කලින් ඉඳල තින්නේ ගෑනු විතරයි :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ විජය අල්ලගෙන දගලන එක මෝඩ වැඩක්..මහා වශය පැහැදිලිව කියනව විජය එද්දි කුවේනිය කපු කටිමින් සිටියාය..කුවේනියගේ සහයෙන් විජය ලකා රාජ්ජය අල්ලා ගත්තාය..පන්ඩුකාබය රජතුමාගෙන් පසු දෙපිරිස සමගි උනාය කියල....අනික ස්වදේශිකයන් හා විදේශිකයන්ගෙන් එකතුවෙන් බිහි වන්නෝ අලුත් ජාතියක් තමයි උන් යක්ක දේව නාග හෝ රාක්ශ වෙන්නෙ නැනෙ..

    විජය භීතිකාවක් මවන්නෙ ඉතිහාසය නොදන්න උන්..කොහෙන් හරි ඇහිදගෙන කියෝනව..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලකාවෙ ඉතිහාසය බුද්ධකලයට එහාටත් යනව..බුදු හාමුදුරුවො උනත් ලකාවට තුන් වරක් වැඩිය කියල පහැදිලිව සදහන් වෙනව.. කැලනි මහා වෙහෙර හැදුවෙ, තපස්සු බල්ලුක වෙලෙන්දන් කේසධාතු නිදන් කරල හදාපු වෙහෙර ඔව බුද්ධකාලයේදිම ලකාවෙ ඉදිඋන ඒව...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    විජය කියන කොහෙන්ද කඩාපාත් වෙච්ච කල්ලතෝනියගෙන් අපි පැවතගෙන එනවා කියල හිතන උන්ට හොඳ කනේ පාරක්. ලෝකෙම ජනාවාස කරපු රටට අද වෙලා තියෙන දේ දැක්කම ඇත්තටම දුකක් දැනෙනවා. සියල්ල අනිත්‍ය ලෝකේ කොහෙද අපිට විතරක් වෙනසක් ...
    ලෝකෙම ජනාවාස කරපු :baffled: