බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාව

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාව

    බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාව

    බුදුන් උපන් දේශයේ අසිරිමත් පුදබ්ම්
    image_ff3c039493.jpg

    කුසිනාරාව



    image_2dcf1bfb77.jpg

    ආදාහන චෛත්‍ය


    image_6e36f0d82d.jpg

    දෝණ බමුණා ධාතු බෙදූ ස්ථානය


    image_ffb3bb3b2a.jpg

    මල්ල රාජධානිය යනු බුද්ධ කාලීන භාරතයේ පැවති සොළොස් මහා ජනපදවලින් එකකි. මෙහි අගනුවර වූයේ කුසිනාරා නුවරයි. මෙහි ස්වතන්ත්‍ර පාලන ගෙන යන ලද්දේ මල්ල රජ දරුවන් විසිනි.

    මෙම රජ දරුවන්ට අයිති වූ උපවත්තන නම් සල් උයනක් හිරණ්‍යවතී සහ අචිරවතී ගංගාවල බටහිර ඉවුර අසල පිහිටා තිබුණේය. අලංකාර සල් ගසින් යුතු මෙම උයන ගව් ගණන් දුර ගෙවා යන්නෙකුට විවේක සුවය ලැබීමට සුදුසු වූ මනරම් උද්‍යානයක් වූවේය.

    අසුවස් එළඹි අප ගෞතම බුදුරාජාණන් වහන්සේ විශාලා මහනුවරින් නික්මී භෝග නගරය පසු කොට පාවා නුවරට වැඩි සේක. එහිදී විවේක සුවයෙන් වෘක්ෂ ලතා මූලව වැඩසිටි උන් වහන්සේ දුටු පුක්කුසාති නම් රාජ පුත්‍රයා වැඳ එකත්පස්ව හිඳ ධර්මය ශ්‍රවණය කළේය. ඉන් පසු බුදු රජාණන් වහන්සේට රන්සළු පූජාවක් ද සිදු කළේය.

    බුදුන් වහන්සේ යළිත් ගමන් ඇරඹි සේක. හිරණ්‍යවතී ගංගාව තරණය කර කුසිනාරා නුවරට වැඩියහ. විඩාවත්, රෝගී තත්ත්වයත් නිසා විවේක සුවය සඳහා මඟ නතර වූ බුදුරදුන් ගමන නිම කරන ලද්දේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනෙහිදිය.

    බුදුන් වහන්සේ තුරුගොමුවලින් සපිරි උයනට පා ගමනින් වැඩම කළහ. එහිදී ඉතා උස් වූ සල්ගස් හතරක් සහිත භූමියක් දැක එහි ආසනයක් පිළියෙල කරන්නැයි අග්‍ර උපස්ථායක තනතුර දරූ අනඳ තෙරුන්ට පැවසූසේක.

    එසේම අනඳ තෙරණුවෝ අරභයා සල් ගස් දෙකක් අතර උතුරට හිස සිටින ආකාරයේ සයනයක් සැකසිය යුතු බවටත් උපදෙස් දුන් සේක. අනඳ තෙරණුවෝ බුදුන් කී ආකාරයටම කළ සේක. එම සයනයෙහි සිංහ සෙයියාවෙන් සැතපුණු බුදුන් වහන්සේ වැඳ පුදා ගැනීමට අප්‍රමාණ වූ දෙව් දේවතාවෝ මනු ලොවට වැඩියහ.
    ඔවුහු සුවඳ මලින් හා දිව්‍ය සුගන්ධයෙන් මුනිඳු පිදූහ. එදින රාත්‍රියෙහි පෙර යාමයේ මල්ල රජ දරුවන් සහිත වූ පිරිවරට දහම් දෙසූ සේක. ඉන් පසු මැදියම් රාත්‍රියෙහි සුභද්‍ර පරිබ්‍රාජකයාට ද දහම් දෙසූහ.


    අවසානයේදී සියලු භික්ෂූන් වහන්සේ අමතා, “මහණෙනි, සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය. නොපමාව කුසල් දමෙහි යෙදෙන්න” යනුවෙන් අවසාන බුදු වදන වදාළ සේක. ඉන් පසු පිළිවෙළින් ධ්‍යානයන්ට සම වැදුණ සමිඳාණෝ ඉන් නැගී සිට සැතපී සියලු සංස්කාරයන්හි අනිත්‍යතාව ලෝක සත්වයාට අවබෝධ කරමින් වෙසක් පුනු පොහෝදා අපවත් වූ සේක. සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳ ශෝචනීය පුවත ඇසූ මල්ල රජ දරුවෝ බොහෝ ශො​්ක වූහ. බුදුන් වහන්සේගේ ශ්‍රී දේහයට දැක්විය යුතු සියලු පුද සැලකිලි දක්වා ආදාහන උත්සවයට කටයුතු සුදානම් කළහ.

    එහිදී සම්බුද්ධ දේහය වටිනා වස්ත්‍ර දහසකින් වසා සත් රුවන් දෙනක බහා විසිතුරු මණ්ඩපයක තැන්පත් කිරීම සිදු විය.
    එම අවස්ථාවට පැමිණි සැදැහැවත් බෞද්ධයෝ සුවඳ මල් සහ සුවද සුනු වලින් මුනිඳුන්ගේ ශ්‍රී දේහය පිදූහ.


    සතියක් පුරා මෙලෙසින් පූජා පවත්වා සිවිගෙය මහ පෙරහරකින් වඩමවා ගෙන ගියහ.

    image_a868fcaf96.jpg

    සර්වඥ ධාතු නිදන් කර සෑදු ස්තූපය

    image_f613f87afd.jpg

    image_f9ff1402f9.jpg

    පිරිනිවන් මංචකය.
    image_2f53fc1de0.jpg



    ඉන් පසුව රන් දෙණ සුවඳ තෙලින් පුරවා සුවඳවත් වූ දර සෑයක් මත දෙණ තබා ආදහනය කිරීමට කටයුතු කෙරිණ.
    එහෙත් එය ගිනි නොදැල්වුණු බැවින් මල්ල රජ දරුවන්ට ශ්‍රී දේහය ආදාහනය කළ නොහැකි විය.


    අවසානයේ රජ දරුවෝ දිවැස් ලාභී භික්ෂූන් වහන්සේ නමක වූ අනුරුද්ධ මහතෙරුන් හමු වී ඊට හේතුව විමසුවෝය.

    අනුරුද්ධ තෙරණුවෝ ඊට හේතූන් ලෙස මහා කාශ්‍යප තෙරණුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිස බුදුන්ගේ ශ්‍රී දේහය තවමත් වන්දනා නොකළ බවත් ඒ සඳහා ඒ භික්ෂූන් වහන්සේලා පාවා නුවරින් නික්මී පැමිණෙමින් සිටින බවත් එසේ සිදු වන තුරු චිතකය ගිනි දැල්විය නොහැකි බවත් වදාළ සේක. හිමියන් පැවසූ දෙය එසේම වේවායි පතමින් රජ දරුවෝද මහා කාශ්‍යප හිමි ඇතුළු පිරිස එම ස්ථානයට ළඟා වන තුරු ශ්‍රී ​ෙද්හය ආදාහන කිරීමට කටයුතු නොකළෝය.

    මහා කාශ්‍යප තෙරුන් වහන්සේ රහතුන් 500 සමග ශ්‍රී දේශය තැන්පත් කර තිබූ ස්ථානයට වැඩම කළහ. ඉන් පසු මහා පාංශුකූල සිරුර ඒකාංග කොට පොරවා දොහොත් මුදුන් දී ශ්‍රී දේශයට නමස්කාර කර තුන් වරක් චිතකය වටා ගමන් ගත් සේක. එසේ ගමන් ගන්නා විට දී ශ්‍රී දේහය පිළිබඳ සිහි කරමින් අභිඤ්ඤ පාදක චතුර්ග ධ්‍යානයට සම වැදුණහ.
    එසේම ශාස්තෲන් වහන්සේගේ සිරිපා යුගළ ශ්‍රී දේහය ඔතා තිබූ කපු පුළුල් පටල සහ රන්දෙණ දෙබෑ කරගෙන මතුව කාශ්‍යප හිමියන්ගේ හිස මත්තෙහි පිහිටන්නැයි අධිෂ්ඨාන කළේය. එම අධිෂ්ඨානය ඒ ආකාරයෙන්ම සිදු විය. සිරිපාද යුග්මය සිය දෑතින් අල්ලා ගත් කාශ්‍යප හිමියෝ එය සිය හිස මත තබා ගත්හ.


    ​ෙම් ආශ්චර්යය දුටු පැමිණි සියලු දෙනා සාධු කාර දෙන්නට වූවෝය. ඉන් පසු සියලු භික්ෂූන් වහන්සේ ශ්‍රී දේහයට නමස්කාර කළ අතර එය අවසන් වූ පසු පෙර තිබූ අාකාරයෙන්ම ශ්‍රී දේහය දෙණෙහි තැන්පත් වූවේය.

    ඉන් පසු දේවානුභාවයෙන් චිතකය ගිනි ගත්තේය. බුදුන්ගේ ශ්‍රී දේශය දැවී අවසන් වූ පසු දහසක් වස්ත්‍ර වලින් උඩින්ම තිබූ වස්ත්‍රය සහ යටින්ම තිබූ වස්ත්‍රය දැවී නොතිබුණේය. රන්දෙණ ද දැවී නොතිබූ අතර ශාරීරික ධාතූන් වහන්සේ ඉතිරිව තිබුණේය.

    ලලාට ධාතුව දෙඅකු ධාතුන් සහ සතර දළදාව යන මහා ධාතූන් වහන්සේලා කිසිදු හානියකින් තොරව ඒ ස්ථානයේම පැවති​යේය. අන් සියලු ධාතු කොටස් වෙන් වී විසිර ගියේය.
    අවසානයේ ධාතු සහිත වූ රන්දෙණ මැනවින් සරසා ඇතකු පිට තබා පෙරහරකින් මගධයේ ඇතුළු නුවරට වැඩමවා සරසන ලද මණ්ඩපයක තැන්පත් කෙරිණ.


    මේ ආකාරයට ධාතුන් වහන්සේ තැන්පත් කළ පසු මගධයේ අජාසත් රජු කපිලවස්තුපුර ශාක්‍ය රජවරු රාම ගාමයේ කෝලිය රජු පවා නුවර ධබ්බ මල්ලව රජු, වේශාලියේ ලිච්චවී රජවරුන්, අල්ල කප්පයේ බුලියෝ, රවට දීප - බ්‍රාහ්මණයන් කුසිනාරාවේ මල්ල රජු ආදී පිරිස් වෙත සම සමව ද්‍රෝණ බමුණා විසින් ධාතු කොටස් බෙදා දෙනු ලැබිණ.

    අද එම ස්ථානයේ කුඩා චෛත්‍ය අටක් දක්නට ලැබේ. එම සිදුවීම සිහි වීම සඳහා නිම වන ලද ඒවා බව ඉතිහාස මූලාශ්‍ර වල සඳහන්ය.

    තවද බුදුන් වහන්සේ ග්‍රීවා ධාතුව සරුසඳ නම් තෙරනමක් විසින් ලංකාවට ගෙන ආ බවද ඉතිහාස මූලාශ්‍ර වල සඳහන් වෙයි.

    බුදු රදුන්​ගේ යටි වම් දළදාව සියලු කෙලෙසුන් නැසූ ඛේම නම් භික්ෂුන් වහන්සේ නමක් ලබාගෙන කාලිංගයට වැඩි බව සඳහන් වෙයි.

    ගුහශිව රජු දවස හේමමාලා සහ දන්ත කුමරු අත ලංකාවට වැඩම කරවන ලද්දේ එම දන්ත ධාතූන් වහන්සේය.

    මෙවන් වූ ඓතිහාසික සිදු වීමක් සහිත කුසිනාරාව සෑම බෞද්ධයෙකු විසින්ම දැක වැඳ පුදා ගත යුතු සහ සං​ෙව්ගය උපදවා ගත යුතු ප්‍රධාන ස්ථාන හතරෙන් සිව් වන ස්ථානය වන්නේය.

    සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මල්ල රජ දරුවන් විසින් මෙම ස්ථානයේ සර්වඥ ධාතු නිදන් කොට චෛත්‍යයක් කරවා ඇත.

    ​ෙමම ස්ථානය වඩාත්ම දියුණු කර ඇත්තේ අශෝක රජු සමයේය. සම්බුද්ධ පරිනිර්වාණය හා සම්බන්ධ ස්ථානවල ආරාම කරවා වන්දනීය පූජනීය ස්ථානයක් බවට පත් කර තිබේ.

    හියුංසියෑං තෙරුන් සඳහන් කරන පරිදි සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ ස්ථානයේ අශෝක අධිරාජ්‍යයා විසින් පරිනිර්වාණ චෛත්‍යය සාදවා ඇත්තේය.

    එසේම කාර්ලයිල් මහතාට අනුව මෙහි ඇති ගඩොල්වල වෙනස්කම් නිසා මුලින් තිබූ චෛත්‍යය ප්‍රතිසංස්කරණයක් වී තිබෙන බව කිව හැකිය.

    මීළඟට දක්නට ලැබෙන්නේ පරිනිර්වාණ විහාරයයි. මෙය ස්තූපයක් මෙන් වේදිකාවක් මත ගොඩ නගා ඇත. එහි ඇති පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමාවද 1876 දී කාර්ලයිල් මහතා විසින් සොයාගෙන තිබේ.

    එ් පිළිබඳ කරන ලද පුරා විද්‍යාත්මක ගවේෂණයේදී බුදු පිළිම වහන්සේ මහා විහාරාධිපති හර්බල නම් භික්ෂූන් වහන්සේ නමක් විසින් සාදවා ඇති බව තහවුරු වී ඇත්තේය.
    මෙම ස්ථානයේදී දැක ගත හැකි තවත් පූජනීය වස්තුවක් වන්නේ අාදාහන චෛත්‍යයයි.


    බුදු සිරුර ආදාහනය කළ ස්ථානයේ මෙය නිමවා ඇත. අතීතයේ දී මෙය මකුට බන්ධන චෛත්‍යය ලෙස ද හඳුන්වන්නට ඇති බව විශ්වාස කෙරේ.

    මීට අමතරව ද්‍රෝණ බමුණා විසින් ශාරීරික ධාතු කොටස් අටකට බෙදූ තැන ද ස්තූපයන් කරවා තිබේ. එය අශෝක රජු කරවූ බව පැවසෙයි. හියුංසියෑං භික්ෂූන් වහන්සේට අනුව මහා කාශ්‍යප හිමි විසින් බුදුන් වන්දනා කළ ස්ථානයේ අශෝක රජු ශිලා ස්තම්භයක් සහ ලේඛනයක් කරවා ඇත.

    image_bb9653fff8.jpg

    image_e75c72f54b.jpg

    image_fa75df5acf.jpg

    පරිනිර්වාණ ස්තූපය



    ආදාහන චෛත්‍යයට සමීපව තිබූ පාදමත් ජනරාල් කනිංහැම් මහතා සොයා ගෙන ඇති අතර එය කසුප් හිමි වන්දනා කළ ස්ථානය ලෙස පෙර හියුංසියෑං භික්ෂූන් වහන්සේ අර්ථ දැක් වූ ස්ථානය විය හැකිය.

    කාලයත් සමග වල් බිහි වී තිබූ කුසිනාරාවට නව පණක් ලැබුවේ ශ්‍රීමත් කනිංහැම් ආචාර්ය කාලයිල් සහ මහාචාර්ය හිරානන්ද ශාස්ත්‍රී කළ කැණීම් වලින් පසුය.
    එනම් ඉන් සෙල්ලිපි හා ආරාමවල නටබුන් සහ පිිළිම වහන්සේලා ආදී කෞතුක වස්තු රාශියක් හමු වී තිබේ.


    1956 න් පසු ඇති වුණ බෞද්ධ ප්‍රබෝධයට තවත් හේතුවක් වූයේ අම්බේඩ්කාර්ය. ඔහුට පන්සිල් දී බුදු දහමේ පිහිටෙවුවේ කුසිනාරාවේ පැවති පැරණි බුරුම පන්සලේ සිටි බාබා චන්ද්‍රමුඛීය. ධර්මපාලතුමා කුසිනාරාවට යන විට දී දක්නට ලැබුණේ එම බුරුම පන්සලය. ධර්මපාලතුමා ද එහි සිට කුසිනාරාව දියුණු කිරීමට අදාළ කටයුතු සිදු කළේය.
    අද වන විට කුසිනාරාවේ ශ්‍රී ලංකා පන්සලක් සේම බුරුම, තායි, වියට්නාම, කාම්බෝජ, ටිබෙට්, චීන පන්සල් ද දක්නට ලැබේ.


    ලංකා පන්සලේ සිටින හල්විටිගල අස්සජී හිමියන් මඟින් කුසිනාරාව වන්දනා කරන පිරිසට අඩු මුදලකට බෞද්ධ මධ්‍යස්ථානයක් නවාතැන් ගැනීමට සඳහා ඉඩ වෙන් කරවා ගත හැකිය. එහි එකවර 200 ට නවාතැන් ගත හැකි ඉඩ පාඩු ඇත.

    ගොරක්පූර් සිට කුසිනාරාමයට ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර් 50 කි. දිල්ලියේ සිට ලක්නව් වෙත පැමිණ දුම්රියෙන් ගොරක්පූර් වෙත පැමිණිය හැකිය. තවද ගුවනින් ද ගොරක් පුර වෙත පැමිණීමේ පහසුකම් තිබේ. එසේම මදුරාසිය කල්කටාව බරණැස සහ ලක්නව් නගර වල සිටද ගොරක්පූර් වෙත පැමිණිය හැකිය.




    සටහන කුමාරි හේරත්
    ඡායාරූප අන්තර්ජාලයෙනි