බුද්ධ ප්‍රතිමාවට වැන්ද නිසා සෞදියෙන් දඬු

eminem.mosh

Member
Nov 19, 2010
395
60
0
බුද්ධ ප්‍රතිමාවට වැන්ද නිසා සෞදියෙන් දඬු

Source: http://sinhala.adaderana.lk/news.php?nid=25608

සෞදි අරාබියේ සේවය කරන ලද ශ්‍රී ලාංකිකයෙකු බුද්ධ ප්‍රතිමාවකට වැඳුම් පිදුම් කිරීම නිසා අත්අඩංගුවට ගෙන සිරගත කරනලදැයි පළවන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

ප්‍රේමලාල් පෙරේරලාගේ තුංගසිරි නමැත්තෙකු සිය නවාතැන්පොළේ බුද්ධ ප්‍රතිමාවකට වැඳුම් පිදුම් කිරිම හේතුවෙන් උම්මුල් හමාම්හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇතැයි කොළඹ කේන්ද්‍ර කරගත්"බොදුබල සේනා"නම් සංවිධානයක් විසින් ප්‍රචාරයක් රැගෙන යන ලදී.

මේ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් උක්ත සංවිධානය විසින් CN/158/1205 දරණ අංකය යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ.

කෙසේ වෙතත් සෞදියේ ශ්‍රී ලංකා තානාපතිසේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ තුංගසිරි නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙනත් චෝදනාවන්ට බව හා මෙම පුවත මුළුමනින්ම ගොතන ලද්දක් බවයි.

සෞදි අරාබියේ රියදුරෙකු ලෙස සේවය කරමින් සිට ඇති ඔහු වෙනත් නිවසක ගෘහ සේවිකාවක ලෙසින් සේවය කරන ඔහුගේ ඥාතීයෙකු සම්බන්ධයෙන් වූ ගැටුමක් සමථයකට පත්කිරීම සඳහා එකී නිවසට‍ ගොස් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ති‍බේ.

එම සිදුවීමට තම නිවසේ හාම්පුතා කිසිදු ආකාරයකින් සම්බන්ධවී නොමැති බවට තුංගසිරි නමැති ශ්‍රී ලාංකිකයා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ප්‍රකාශ කර ඇති බවත්,කෙසේ වුවත් මේවන විට සෞදියෙන් යළි මව්රටට එවීම සඳහා ගුවන්ගමන් බලපත්‍රය හා අදාළ ලියවිලි බන්ධනාගාර බලධාරීන්ට භාරදී ඇතැයිද Arab News පුවත් සේවය සඳහන් කරයි.

රියාද් හා ජෙදාහ් නගරවල පමණක් 20,000ට අධික සිංහල බෞද්ධයින් වෙසක්,පොසොන් ආදී ආගමික උත්සව සමරන බවත්,සමස්ත සෞදි අරාබිය පුරා ලක්ෂ 5 ට අධික ශ්‍රී ලාංකික පිරිසක් වෙසෙන බවත් පෙන්වාදෙන එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ,වෙනත් අභිප්‍රායන් සඳහා සැදී පැහැදී සිටින කල්ලි කණ්ඩායම් විසින් කරමින් සිටින එරට නම කැත කිරීමේ කටයුත්තට ඉඩනොදෙන ලෙස ශ්‍රී ලාංකේය ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.



Souce: http://sinhala.adaderana.lk/news.php?nid=25608#.T_nLtzj12JI.facebook

Buddhist fundamentalist NGO is doing much harm to Buddhism than any other outside force. Such religious NGOs should be banned from Sri Lanka. :(:(:(
 
Last edited:
  • Like
Reactions: navodwickra

eminem.mosh

Member
Nov 19, 2010
395
60
0
Source: http://www.dailymirror.lk/news/20091-lankan-mission-slams-report-on-jailed-maid.html

The Sri Lankan Embassy in Saudi Arabia has rejected reports in Colombo claiming a Sri Lankan domestic worker has been arrested in Saudi Arabia for worshipping a statue of the Buddha.

According to the Bodu Bala Senaa, a Buddhist organization based in Colombo, it was alleged the youth, identified as Premanath PereralageThungasiri, was arrested by Ummu lHamam police for worshipping the statue inside his home.

It was alleged in the report Saudi authorities were planning to execute him.

The report added: “Although a complaint has been lodged at the Sri Lanka Bureau of Foreign Employment in Colombo, under complaint no: CN/158/1205, so far no action has been taken.”

Reacting to the reports, a senior official from the mission said the whole story was totally fabricated and had nothing to do with idol worship.

The diplomat, who had met Thungasiri in jail yesterday, said that he had been booked on some other charges by police in the Ummul Hammam district.
According to the official, Thungasiri, who works as a driver, had visited another Saudi's house to resolve a dispute involving a housemaid there. He said the maid was his relative, and during the dispute police arrested him.

In his statement to the embassy, Thungasiri said his Saudi sponsor had nothing to do with the case and had surrendered his passport and other documents to prison authorities for his deportation.

The diplomat, responding to the allegations, said: “So far, no Sri Lankan has been found guilty of practicing his own religion in the Kingdom.”
He added no one had been executed for practicing their religion.