බුද්ධ_ජයන්තිය_2550?_2600

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බුද්ධ_ජයන්තිය_2550?_2600

    නිවැරදි ශ්‍රී සම්බුද්ධ ජන්ම කේන්ද්‍රය කුමක්ද?


    ක්‍රි.ව 1956 වසරේදී බුද්ධ ජයන්තියක් ලෝකයේ බෞද්ධ රටවල් සියල්ල වාගේ එකතුව මහා ඉහලින් සැමරූ බවත් එය 2500 වැනි බුද්ධ ජයන්තිය ලෙස සැමරූ බවත් මගේ වැඩිහිටියන් විසින් පවසා ඇත.1956 වසරේදී 2500 වැනි බුද්ධ ජයන්තිය සැමරුම තිබුණි නම් 2011 වසරේදී යෙදෙන්නේ 2550 වැනි සැමරුම විය යුතු වුවත් 2600 වැනි සම්බුද්ධජයන්තිය ලෙස ලේබල් කර ඇත්තේ මන්දැයි අයකුට ගැටළුවක් පැන නැගිය හැක.2011 වසරේ වෙසක් පෝ දිනට බුදු රදුන් බුදුවී වසර 2600කි.පිරිනිවන් පා වසර 2550 කි.මෙම සැමරුම් දෙකේ වෙනස දැන් වැටහේ යැයි සිතමි.ඒ පිළිබදව ඊට වැඩි විස්තරයක් අනවශ්‍යය.

    මේලිපිය ලිවීමේ ප්‍රධාන අරමුන ලෙස දැක්විය යුත්තේ ගෞතම මුනිදුන්ගේ සත්‍ය ජන්ම කේන්ද්‍රය පිළිබදව අදහස් දැක්වීමක් කිරීමය.මෙය කියන විටම ඇතැම් අයට එකවරම සිතට එන්නේ ජ්‍යොතිෂය බුද්ධාගමට සම්බන්ධ කිරීමට මේ ලේඛකයා උත්සාහ කිරීමකට සූදානම් වීමක් බවයි.එය වැරදි වැටහීමකි.මා කිසි විටෙක මේ බ්ලොගය තුල බුදුදහම හා ජ්‍යොතිෂය එකිනෙකට සම්බන්ධ කොට ලිපි දක්වා නැත.බුදුදහම ජ්‍යොතිෂය හෝ වෙනත් විද්‍යාවක් අනුසාරයෙන් විග්‍රහ කිරීම අමනෝඥ ක්‍රියාවකි.මා මෙහිදී කතා බහ කරන්නේ බුද්ධ කේන්ද්‍රය පිළිබදව පමනි.බුද්ධ කේන්ද්‍රය පිළිබදව වැඩිපුර කතා කරමින් ඒ අනුව බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා කීපයක් පිළිබදව කතා කරනවා හැර උත්තරීතරවූ බුදු දහමට ජ්‍යොතිෂය සම්බන්ධ කිරීමක් මෙම ලිපිය තුල නොවන බව අවධාරණය කළ යුතුය.ගෞතම බුද්ධ ශාසනය තුල මුලින්ම රහත් භාවයට පත්වූයේද දෛවඥයෙක් බව කීවොත් ඔබ මා සමඟ උරණ වනු ඇත.නමුත් එය සත්‍යයකි.සිදුහත් කුමරුගේ නම් තැබීමේ උත්සව අවස්ථාවට පැමිණි දෛවඥ බමුනන් අතර සිටි ලාබාලතමයා වූ කොණ්ඩඤ්ඤ බමුණා කුමරුගේ නළලේ වූ දක්‍ෂිණාවෘත ඌර්ණ රෝම ධාතුව හා වෙනත් පුරුෂ ලක්‍ෂණ සලකා සිදුහත් කුමරා ඒකාන්තයෙන් බුදුවන බව අනාගත වාක්‍ය පැවසුවේ ජ්‍යොතිෂයේම අංගයක් වූ දේහ ලක්‍ෂණ විද්‍යාව අනුව සලකමිනි.එමෙන්ම සිදුහත් කුමරුගේ නම් තැබීමේ උළෙලට සහභාගී වූ අනිත් බමුණන්ද පසුව එය වටහා ගෙන සිදුහත් කුමරු බුදුවන විට තමන් ජීවත්ව නොසිටියත් ඒ වන විට ජීවත් වන කොණ්ඩඤ්ඤ බමුණා සමග බුදුන්ගෙන් ප්‍රථම ධර්මය ඇසීමට තම දරුවන් හතර දෙනෙකු කොණ්ඩඤ්ඤ බමුණාගේ ප්‍රධානත්වයට භාර කළේය.පස්වග මහනුන්ගෙන් ඉතිරි හතර දෙනා මෙම පිරිසයි.
    සිදුහත් බෝසතානන්ගේ ජන්ම කේන්ද්‍රය පිළිබදව මත කිහිපයකි.නාඩි පත් තීරුවල ලියවුනු කේන්ද්‍ර හා විවිධ ජ්‍යොතිෂ පඩිවරු දක්වා ඇති ආකාරයට බුද්ධ කේන්ද්‍රය සදහා නිර්දේශ කේන්ද්‍ර සටහන් සංඛ්‍යාව 10 කට නොඅඩු ගනනකි.ජ්‍යොතිෂයේදී වේදයේදී හා අන්තර්ජාතිකව භාවිතා කෙරෙන වර්ෂ ක්‍රම නිසා ඇතිවන පැටලීම් වෙනස්කම් නිසා මෙලෙස බුද්ධ කේන්ද්‍රය සදහා විවිධාකාරවූ නිර්දේශ කේන්ද්‍ර සටහන් ඉදිරිපත් වී ඇති බව දැක්විය හැක.ඇත්තටම වසර 2500 ක් යනු කාල වකවානු දින පැටලීමට තරම් විශාල කාලයක් නොවේ.බුද්ධ කේන්ද්‍රය පිළිබදව විස්තර දැක්වීමට පෙර ඉහත සදහන් කළ වර්ෂ ක්‍රම පිළිබදව විස්තර කිරීමක් අත්‍යාවශ්‍ය බැවින් ඉතා සරල වශයෙන් එම වර්ෂ ක්‍රම ගැන පත දක්වා ඇත.


    ක්‍රිස්තු වර්ෂ ක්‍රමය.
    මෙය විසින් අංකනය කෙරෙන දින දර්ශන යුගය පදනම් වී ඇත්තේ ජේසුස් වහන්සේගේ උපත හෝ පිළිසිඳීම සිදුවූවා යැයි සාම්ප්‍රදායිකව පිළිගැනෙන වසර මතය. මෙම යුගය ඇරඹීමට පෙර වූ කාලවකවානුව හැඳින්වීමට සිංහල භාෂාවෙහි භාවිත වන්නේ ක්‍රිපූ හෝ ක්‍රී.පූ. ලෙස සංක්‍ෂිප්ත කෙරෙන ක්‍රිස්තු පූර්ව යන්නයි.
    වසර 525 දී ක්‍රිස්තු වර්ෂ දින වකවානු ක්‍රමය සකස් කෙරුනද, මෙම කුමය බටහිර යුරෝපයෙහි ප්‍රචලිත ලෙස භාවිත වීම සිදුවූයේ 8වන සියවසෙහිදීය. කතෝලික විශ්වකෝෂයට අනුව, පාප් වහන්සේ තුමන් පවා ලිපි ලේඛන මත දින යෙදුවේ රාජ්‍යත්ව වර්ෂයන් අනුව වන අතර, ක්‍රිව භාවිතය ක්‍රමයෙන් යුරෝපය තුල සාමාන්‍ය භාවිතයක් බවට පත් වූයේ 11වන සිට 14වන සියවස අතරතුර කාල වකවානුවේදීය.ඳ4ක්‍ෂ වසර 1422 දී, ක්‍රිස්තු වර්ෂ ක්‍රමය අනුගමනය කිරීමට එකඟ වූ අවසාන බටහිර යුරෝපීය රට බවට පෘතුගාලය පත්විය.
    මෙම වර්ෂ ක්‍රමයේදී ජූලියන් හා ජෝර්ජියන් ලෙස කැළැන්ඩර් ක්‍රම දෙකක් ඇති අතර ජූලියන් කැළැන්ඩරය ජූලියස් සීසර් විසින් භාවිතය ආරම්භ කළ බවත බවත් සදහන්ය ජෝර්ජියන් කළෙැන්ඩරය පිළිබද විස්තරයක් මෙතනින් බලන්න
    පසු කලෙක නැවත එය සංශෝධනය කළ නිසා අද වන විට ජෝර්ජියන් හා ජූලියන් කැළැන්ඩර එක සමානය.මේ වනවිට ගතවන්නේ 2011 වෙනි ක්‍රිස්තු වර්ෂයයි.


    ශ්‍රී බුද්ධ වර්ෂ ක්‍රමය.
    ගෞතම බුදු රදුන්ගේ පරිනිර්වානය සිදුවූ වෙසක් පෝ දිනයේ සිට ඊලඟ වෙසක් පෝය දක්වා වූ වසරක කාලය මිණුමක් ලෙස මෙම වර්ෂ ක්‍රමය නිර්මාණය වී ඇත .ඒ අනුව මේවනවිට ගතවන්නේ 2555 වෙනි ශ්‍රී බුද්ධ වර්ෂයයි.


    ශක වර්ෂ ක්‍රමය.(සූර්ය වර්ෂ ක්‍රමය.)
    ශක වර්ෂ ( = ශාලිවාහන ශක වර්ෂ) යනු සූර්ය වර්ෂ සඳහා සිංහලයන් භාවිතාකරන වර්ෂ ක්‍රමයයි.
    මෙම ක්‍රමයම Hindu calendars, the Indian national calendar, and the Cambodian Buddhist calendar ද භාවිත කරයි.
    ක්‍රි.ව.78 දී මෙම වර්ශ ක්‍රමය ආරම්භ විය.
    සතවාහන අධිරාජ්‍යයයේ ((Satavahana) ශාලිවාහන රජ ((Shalivahana) ( ගෞතම්පුත්‍ර සතකර්ණී නමින්ද හැදින් වූ) තමන් ක්‍රි.ව.78දී අවන්ති නුවර (Ujjain city) වික්‍රමාදිත්තට විරුද්ධව ලැබූ විජයග්‍රහණය සැමරීමට ශාලිවහන ශක වර්ෂ ක්‍රමයය ආරම්භය කලේය. ජග්‍රහණයෙන් පසු සක Western Satraps රාජධානිය පිහිටුවන ලදී, එය ශත වර්ෂ 3 කටත් වැඩි කාලයක් පැවතින.සූර්යයා මිනයේ සිට මේෂයට සංක්‍රමනය වීම සමග මෙම ශක වර්ෂ ක්‍රමය හෙවත් සූර්ය වර්ෂ ක්‍රමය ආරම්භවේ.මේ ගත වන්නේ 1933 වෙනි ශක වර්ෂයයි.
    කිස්තු වර්ෂ ක්‍රමය තුල මාස දින සදහා ජනවාරි,පෙබරවාරි,....... හා ඉරිදා,සදුදා ...... යෙදීම් වෙනුවට මෙහිදී දුරුතු,නවම්,මැදින්,... යන චන්ද්‍ර මාස හා රවි,චන්ද්‍ර,කුජ,.... දින ක්‍රමය යොදා ගැනේ.
    මෙහි ඇති විශේෂත්වය වන්නේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ මෙන් එක් එක් මාසයට විවිධවූ දින ගනන්(ජනවාරි 31,පෙබරවාරි 28 ආදී) වෙනුවට චන්ද්‍රයාගේ ගමනින් සෑදුනු පෑලවිය,දියවක,...පසලොස්වක හෝ අමාවක ආදී ලෙස වූ පුර හා අව පස තිථි 30කින් සෑම චන්ද්‍ර මාසයක්ම ක්‍රමානුකූලව ලැබීම ගෙවීම සිදු වීමයි.දිනය ආරම්භයද ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ මෙන් රාත්‍රී 12 ට නොව එදිනෙදා සූර්ය උදාව අනුවය.


    Code:
    lankajhothisha.blogspot.com