බුද්ධ_පුත්‍රයෝ

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,418
    3,810
    113
    Maligawatta
    බුද්ධ_පුත්‍රයෝ

    මැණික්හින්න පල්ලිය ගිනි තියන්න ආව වෙලාවේ මුස්ලිම් අයගේ ආරක්ෂාවට නතරවූ බෞද්ධ හාමුදුරුවො

    මැණික්හින්න පල්ලිය ගිනි තියන්න ආව වෙලාවේ
    මුස්ලිම් අයගේ ආරක්ෂාවට නතරවූ
    බෞද්ධ හාමුදුරුවො

    මේ ඇවිළෙමින් පවතින්නේ ජාතිවාදයකි.1983 දීත් දෙමළ කඩවල් ගිනි තබා ප්‍රභාකරන්ලා සහ දශක තුනක යුද්ධයක් නිර්මාණය කරවූයේද මෙම නිරර්ථක ජාතිවාදයයි.
    මෙවන් අවස්ථාවක තමන්ගේ ජාතික කැක්කුම පෙන්වන්නට ඉදිරිපත්වන ඉතිහාසයේ පාඩම් නොදන්නා සිංහල හෝ මුස්ලිම් දෙපිරිසම අඳුරේ හෙළාගන්නේ තමන්ගේත් තම දරුවන්ගේත් අනාගතයයි.
    මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබිය දී මැණික්හින්නේ පිරිසක්
    කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් පාලනය කිරීමට ඊයේ සවස අහසට වෙඩි තැබූ බව පොලිසිය පවසා තිබුණි.
    ඊයේ රාත්‍රී පුද්ගලයින් 400 ක පමණ

    කණ්ඩායමක් මැණික්හින්න ප්‍රදේශයේ කළහකාරී ලෙස හැසිරෙන්නට වූ බවත්, මුස්ලිම් පල්ලියට ගිනිතබන්නට ඔවුන් උත්සාහ කළ බවත් පැවසිණි.
    ගමේ පදිංචිකරුවන් අතර ආරක්ෂක අංශවලටද සම්බන්ධ අය සිටීම විශේෂයක් විය.
    හදිසි නීතිය යටතේ පවත්නා නීතිය සහ සාමාන්‍ය නීතිය යටතේ පිරිස පාලනය කිරීමට අහසට වෙඩි තබන්නට සිදුවූ අතර පිරිස පොලිසියටද ප්‍රතිප්‍රහාර සිදු කළ නිසා පොලිසියේ තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර තිබුණි.
    තුවාල ලැබූ නිලධාරීන් මැණික්හින්න රෝහලට ඇතුළත් කර ඇත.
    අත්අඩංගුවට ගෙන ඇති සිවුදෙනාගෙන් තිදෙනෙකු ආරක්ෂක අංශ
    සාමාජිකයන් බව වාර්තා වේ.
    කෙසේ වෙතත් මෙම සිදුවීම අතර වාර්තා වන්නේ මුස්ලිම් පල්ලියේ ආරක්ෂාව වෙනුවෙන් ස්වාමීන් වහන්සේ නමක හා තවත් පිරිසක් පල්ලිය තුළ රාත්‍රිය ගත කර ඇති බවයි.
    මේ ඇවිළෙන ජාතිවාදී ගින්න හරිහැටි තේරුම් ගෙන සිංහල බෞද්ධ පිරිස් සන්සුන් කරන්නට උන් වහන්සේ මහත් උත්සාහයක් ගෙන තිබේ. ජාතියක භේදයක් නොමැතිව මේතාක් කාල් මහනුවර ඒ ඒ ප්‍රදේශවල අඩුවැඩි වශයෙන් සිංහල හා මුස්ලිම් ජාතීන් සමගියෙන් ජීවත්වූ බවත් ලොරි-ත්‍රීවීල් රණ්ඩුවක් මුල්කරගෙන මරණයට පත්වූ අය වෙනුවෙන් කියා ගම් වැසියන් බලාසිටියදී පිටස්තර පිරිසක් ජාතිය මතුකරගෙන මෙම ආරවුල නිර්මාණය කළ බවත් උන් වහන්සේ පවසා තිබේ.
    පල්ලි වලට ගිනි තැබීම ඇරඹූ පසු පන්සල්වලට ගිනි තබන්නට දැරූ උත්සාහයන්ද පසුව වාර්තා වූ අතර මෙම අවාසනාවන්ත ප්‍රකෝපකාරීත්වයට නතරවීමක් නොමැති සෙයක් පෙනී යයි

    gossiplanka_2018-03-07_15-40-12.png
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    සැගවී සිටි උන් බ්ලොක් කිරීමෙන් පසු එලි බසී