බුදුදහම ඉදිරියේ විද්යාව වැලිකැටයක් 😂😂😂

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    Widyawa ekak thakshanaya thawa ekak .
    Mic ,Bluetooth, laptop thakshanika mewalam,
    Widyathmaka theory apply wenawa eka hari eth e theory hoya gatta paliyata laptop eka hadune naha ne ? Thakshanaya misa thama ehema une .
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    සක්වලවල් 10000 කට ඇහෙන්න බණ කියනකොට කෙලවරේම ඒව ඇරෙන්න අනිත් හැම සක්වලේම උන්ගෙ කන් අඩි Lep වෙන්න ඇති.
     
    • Haha
    Reactions: Jihadi john

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,583
    2,030
    113
    සක්වලවල් 10000 කට ඇහෙන්න බණ කියනකොට කෙලවරේම ඒව ඇරෙන්න අනිත් හැම සක්වලේම උන්ගෙ කන් අඩි Lep වෙන්න ඇති.

    ධර්මතාවය කියන එක කව්රුහරි පිලිගත්තා, නැතා, දැනගත්තා, නැතා.. වුනාට කොහොමත් වෙනවා.

    බුදු, පසේ බුදු, ආර්යන් වහන්සේලාට විහිලු කරපු, ගරහපු.. මිනිස්සු ඉස්සරත් හිටියා. හැබැයි ගත්ත ආතල් වල රිටර්න් කල්ප ගනන් ආවේ.
     
    • Like
    Reactions: chinmak and Yeezus

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    මේවගේ content share කරන උන්ට ගහන්න ඕනෙ. ignore කරන්න ඕන උන්ව form කරනව.
    බුදු දහම කියන්නෙ දර්ශනයක්, දැනුම් පද්දතියක් බුදු දහම විද්‍යාවත් එක්ක සංසන්දනය කරන එකම මෝඩ කමක් කලෙකට කලිනුත් ඔය මාත්ෘකාව ගැන සංවාද ඇති උනා...
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ධර්මතාවය කියන එක කව්රුහරි පිලිගත්තා, නැතා, දැනගත්තා, නැතා.. වුනාට කොහොමත් වෙනවා.

    බුදු, පසේ බුදු, ආර්යන් වහන්සේලාට විහිලු කරපු, ගරහපු.. මිනිස්සු ඉස්සරත් හිටියා. හැබැයි ගත්ත ආතල් වල රිටර්න් කල්ප ගනන් ආවේ.

    හෝමෝ සේපියං පරිමානය වෙලා තාම අවුරුදු ලස්ස 3ක් විතර හින්ද හොමෝ නියැන්ඩ්‍රතාල් කාලෙ ගත්ත ආතල් වල රිටර්න් එක දැනුයි එනව ඇත්තෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,284
    113
    Mother Earth
    මෙහෙමයි ඉතින් විද්‍යාවට අහුනොවුන ගොඩක් දේවල් තියෙනවා
    විද්‍යාවට අහු නොවෙන්නේ අපේ දැනුම තාම පුළුල් නැති නිසා. පර්යේක්ෂණ කරලා නැති නිසා. 🤷🏻‍♂️
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,183
    113
    35
    Spain
    ඔය හාමුදුරුවොන්ගේ මෝඩ කතා වලට හිනාවෙලා පල් කරලා යහතින් ඉන්න පුළුවන්, එත් ඉරානේ සවුදියේ පාකිස්තානේ බංගලාදේශේ ඔහොම කරොත්, වාසනාවක් තිබ්බොත් බෙල්ල නැති වෙයි , කරුමයක් කරලා නම් එල්ලලා පණපිටින් ගිණි තියල මරයි. ඊට පස්සේ කියාවි වර්ක්ස්පෙස් දිස්පියුට් එකක් නේ, මිනිස්සු එම නෑ, ඔය එකෙක් දෙන්නෙක් පොඩ්ඩක් එක්ට්‍රීමිස් ගගා. මේකෙත් ඔය අපුල්ලන උන් ඉන්නවා. මම නං කියන්නේ ඔය වගේ හාමුදුරුවරුන්ට විරුද්ධව කතා කරන එක බුද්ධාගමට කරන සේවයක්, මොකද මොලේ ඇති එකෙක්ට වෙනස තේරුම් අරගෙන යමක් ඉගෙනගන්න පුළුවන්.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,051
    9,694
    113
    එක තැනක නෑ
    ඔය හාමුදුරුවොන්ගේ මෝඩ කතා වලට හිනාවෙලා පල් කරලා යහතින් ඉන්න පුළුවන්, එත් ඉරානේ සවුදියේ පාකිස්තානේ බංගලාදේශේ ඔහොම කරොත්, වාසනාවක් තිබ්බොත් බෙල්ල නැති වෙයි , කරුමයක් කරලා නම් එල්ලලා පණපිටින් ගිණි තියල මරයි. ඊට පස්සේ කියාවි වර්ක්ස්පෙස් දිස්පියුට් එකක් නේ, මිනිස්සු එම නෑ, ඔය එකෙක් දෙන්නෙක් පොඩ්ඩක් එක්ට්‍රීමිස් ගගා. මේකෙත් ඔය අපුල්ලන උන් ඉන්නවා. මම නං කියන්නේ ඔය වගේ හාමුදුරුවරුන්ට විරුද්ධව කතා කරන එක බුද්ධාගමට කරන සේවයක්, මොකද මොලේ ඇති එකෙක්ට වෙනස තේරුම් අරගෙන යමක් ඉගෙනගන්න පුළුවන්.
    අනිව. බෞද්ධ උන් අනිත් ආගම් වල උන් වගේ බාබෙරියන්ස්ලා නෙමෙයි. තමන්ගෙ ආගම ගැන ඕන තරම් විවේචන කරනව ප්‍රශ්න අහනව. එහෙම කරා කියල ඌට ගහන්න මරන්න යන්නෙ නෑ. පුලුවන් නම් වෙන එකෙක් ඒක එක්ස්ප්ලේන් කරනව එහෙම නැත්තම් හරි නම් පිලිගන්නව. සිම්පල්. ආගමේ නාමයෙන්, වර්ජින්ස්ලා 72 ගන්න මිනිස්සු මරාගෙන මැරෙන්නෙ නෑ.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,869
    1
    6,707
    113

    ඔව් ... බුදු දහම ඉදිරියේ විද්‍යාව වැලිකැටයක් තමයි.

    මෙහෙමයි ඕක තීරණය කරන්න ඕනේ විද්‍යාව සහ බුදුදහම සංසන්දනය කරන්නේ කුමන පදනම මතකද යන්න සලකා බැලීමේ න්.

    ලෞකික ජීවිතයෙන් එහා, ලෝකෝත්තර ජීවිතයේ ( මරණින් මතු ජීවිතය, සංසාරය, පුනර්භවය ) සුඛ විහරණය උදෙසා විද්‍යාවේ සහ බුදු දහමේ එන ඉගැන්වීම් සංසන්දනය කිරීමේදී බුදුදහම තිබෙන්නේ ගව් ගානක් ඉදිරියෙන්.

    මතක තියාගන්න ... ලෞකික ජීවිතය විඳින්න පුළුවන් උපරිම විඳ ඒ සැප අතහැර, ලෝකෝත්තර ජීවිතයේ සැපය සුවය සොයාගෙන, දුක නැති කිරීමට පිළියමක් සොයාගෙන බවුන් දම් වඩා, දුෂ්කරක්‍රියාකොට සිද්ධාර්ථ බුදු වුණේ ...
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,583
    2,030
    113
    logic වලින් පරිබාහිරව දේවල් තියෙන්න බැහැ කියලා conclusion එකකට ආවේ මොන පදනමකින්ද?

    science චුට්ටක් ඉගෙනගත්තහම ඔහොම හිතෙනවා. හිතන පරාසය පුළුල් කර ගන්න බැරි කම තමන්ගේ නොහැකියාව. ඉතින් හැමදාම එක තැන පල් වෙවී ප්‍රමාදයටම පත් වෙනවා.

    අනන්ත උපකල්පන තියෙන්න පුලුවන්/ බැහැ.
    logic වලින් සනාථ වෙන දේවල් වලට අදාල භෞතික යතාර්ථයක් ස්වාධීනව තියෙනවා/ නැහැ.

    මේ ඔක්කොම ද්විකෝටික/ චතුස්කෝටික කතන්දර.

    ඔය ඔකිකොගෙම මුල, පැවැත්ම (existence) ඇත්ත කියන conclusion එක. ඒ පදනම උඩ ඉදලා තමයි, observation වලින් මිනිස්සු දැක්ක රටා හදුනාගෙන, ඒවා මත පදනම් වෙලා විද්‍යාව කියලා විෂයක් බිහි වෙන්නේ.

    S = ut + 1/2 at^2

    S = විස්‍්ථාපනය
    u = ආරම්භක ප්‍රවේගය
    a = ත්වරනය
    t = කාලය

    මේ මිනුම් ඔක්කොම ගොඩනැගෙන්නේ මූලික මාන 3 න්. කාලය, දිග, ස්කන්ධය.

    කාලය කියන්නේ, ඇහෙන, පෙනෙන, දැනෙන අවස්ථා දෙකක් අතර වෙනස.
    දිග කියන්නේ අවකාශය ලෙස පෙනෙන ස්ථාන දෙකක් අතර වෙනස.
    ස්කන්ධය කියන්නේ වස්තු දෙකකට, එකිනෙකට එකකට සාපේක්ෂව එසවීමේද් අතට දැනෙන වෙනස.

    වෙනස තමයි පැවැත්ම. අත්දැකීම. පන්චස්කන්ධය.

    වෙනස් වීම තුල අත්දකින රටා මත පදනම් වෙලා තමයි විද්‍යාව ගොඩනගන්නේ. ඉතින් වෙනස් වෙන ස්වභාවය, නැත්තම් පෙනීම, ඇසීම, දැනීම පරම සත්‍යක් කියන කිසිම පදනමක් නැති විශ්වාසයක් මත ගොඩනැගුනු විද්‍යාව කියන විෂයක් එක්ක, විශ්වාස මතම පදනම් වෙලා ගොඩනැගුන දැනුමට සාපේක්ෂව වෙන සන්සන්ධනයකින් ධර්මය කතා කරන්න බැහැ.

    අඩුම තරමේ ඔයාට පුලුවන්ද විද්‍යාත්මක ඔප්පු කරන්න, ඔයාට පේන මිනිස්සු ඇත්තටම ඉන්න අයද/ නැද්ද කියලා?

    ලොජික් කියන්නේ පදනම බොල් විශ්වාස ටිකක්ම තමයි. පදනම බොල් වෙන්නේ කොහොමද කියලා තමයි, සත්ධර්මය ඇසුරෙන් පෙන්නන්න උත්සහ කරන්නේ කල්‍යාණ මිත්‍රයෝ.

    අසෘතවක් පෘථග්ජනයා පදනමේ බොල්බව දැක්ක මොහෛතේ තමයි, ධර්ම ඇස (සම්මා දිට්ටිය) පහල වෙන්නේ. සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. ඉතින් අප්‍රමාද වෙන්න කියලා තමයි උබට කියන්න තියෙන්නේ.



    බුද්ධාගම කියන්නේ, මෙන්න මේකයි, මේක කරනහම නිවන් දකිනවා..
    කියලා හරි definition ටිකක් දීපන් පුලුවන්නම් මුලින්.

    උබට මනින්න පුලුවන් උබ දන්න දේවල් වලට සාපේක්ෂව තමයි. ඒ වගේ තමයි බුද්ධාගමත්. බුද්ධ ශාසනය කියලා එකක් තියෙන්නේ. ශාසනය රදාපවතින්නේ මාර්ගඵල ලාබී කල්‍යාන මිත්‍රයෝ නිසා. තව කෙනෙක්ට මාර්ගඵල ලබන්න උපනිශය වෙන්නෙත් කල්‍යාණ මිත්‍රයොම තමයි.
    ------ Post added on Oct 29, 2025 at 9:18 PM

    මන් අහපු දේ හරියට තේරුන් නැහැ ඔයාට මන් හිතන්නේ.

    ඉතින් මේක ඔප්පු කරලා පෙන්නන්න, digital cam බැරිනම් ඕන දෙයක් පාවිච්චි කරලා. ඊට පස්සේ එතනින් එහා ගැන කතා කරමුකෝ, විද්‍යාවෙන්ම.




    ඉතින් දෙකම විශ්වාස තමයි. නිරීක්ෂණය සූක්ෂම වෙලා, තියරි අප්ඩේට් කරන්. නිරීක්ෂනයට සාපේක්ෂව තමයි තියරි (කතන්දර) ගොඩනගන්නේ.

    නිරීක්ෂනය පරම සත්‍යක් කියන conclusion එකමයි මෙතනත් තියෙන්නේ. ඒත් 'සාපේක්ෂ' නිරීක්ෂනයක් පරම සත්‍යන් විදිහට පනවන්න බැහැ.

    ආයෙත්, ඔයා කොහොමද කියන්නේ ඔයාට පේන මිනිස්සු ඉන්නවා හරි නැහැ හරි කියලා?



    තේරුම් ගන්නවා කියලා ආයේ කරන්නේ ඉන්න දෘස්ටිය වෙනස් කර ගන්න එක. ඕක ගොඩනැගෙන යටම සීමාව ආයේ, පැවැත්ම/ අත්දැකීම (පෙනීම, දැනීම, ඇසීම) ඇත/ ඇත්ත කියන conclusion එක.

    ඉතින් හරි/ වැරදි හම්බෙනවා තමයි. ආයේ ද්විකෝටික/ චතුස්කෝටික හිතලු/ බයිලා වලටමයි යන්නේ. ඕක හිත හිත ඉදලා මැරිලා යන්න පුලුවන් ඉතින්, ප්‍රමාදයට පත් වෙලා.




    ඉතින් නිරීක්ෂනය ගොඩනැගෙන base එකම සාපේක්ෂ වෙද්දි, නිරීක්ෂනය හරි හෝ වැරදි කියලා කියන්නේ කොහොමද?




    නැවත ඉපදීම, කර්මය, නිවන 3 ම සංකල්ප/ කතන්දර තමයි. අවශ්‍යතාවයක් නිසා හදපු කතන්දර.

    convince කරන්න අවශ්‍යතාවයක් පැන නගින්නේ, පරම සත්‍ය කියලා *දෙයක්* දැනට හම්බෙලා ඉන්න නිසා. අනිත් අය ඇත්ත කියලා දෙයක් හොයනවා. ඉතින් හොයන අය හැම දේම හොයලා බලනවා.

    විද්‍යාවෙන් පරම සත්‍යක් දැනට හම්බෙලා තියෙනවා කියන්නේ, විද්‍යාව සම්බන්ධ අධ්‍යාපනය ඉතාම අඩුයි කියන එක. තව භෞතික විද්‍යාව ඉගෙනගන්න.

    ඕක ඇත්තටම physicists ලට එන ප්‍රශ්නයක් නෙමෙයි, මොකද physics මොඩල් හදන්නේ නිරීක්ෂනය සාපේක්ෂව, යතාර්ථය මෙහෙම වෙන්නැති.. කියලා හිතලා මිසක්, ඒකමයි යතාර්ථය කියලා නෙමෙයි. පස්සේ ඒ මොඩල් වලින්ම විස්තර කරන්න බැරි දෙයක් හම්බුනාම මොඩල ඊට සාපේක්ෂව අප්ඩේට් කර ගන්න එක කරන්නේ.

    ඇත්තටම හරියටම විද්‍යාව ඉගෙනගන්න කෙනෙක් කියන්නැහැ විද්‍යාව පරම සත්‍යක් කියලා, imo.

    projector එහෙක ඩිස්නි film එකක් පෙන්නනවා. ඒකේ y වැඩි වීමට සාපේක්ෂව x වැඩි වෙනවා, z වැඩි වීමට සාපේක්ෂව x අඩු වෙනවා.

    x කියන්නේ elsa ට හිම විදින්න පුලුවන් උපරිම වේගය, ms^-1 මනින්නේ.
    y කියන්නේ මැජික් කෑමක්, kg වලින් මනින්නේ.
    z කියන්නේ එල්සගේ බර, kg වලින් මනින්නේ.

    x = k. y/z

    k movie එක ඇතුලෙම නිරීක්ෂණයකින් ගන්න පුලුවන් අපිට ආසන්නව 1 කියලා.

    x = y/z

    x,y, z තුනම film එක ඇතුලේ තියෙනවා/ වෙනවා කියලා පේන දේවල්.

    දැන් ඕකම, ඔයාගේ live experience එකක් කියලා අරන් කියන්න,
    ඔයා කොහොමද 'ඔයාට පේන දේවල්' ඇත්තද/ බොරුද කියලා කියන්නේ?




    නිරීක්ෂණය මෙහෙම වෙන්නැති.. කියන පැහැදිලි කිරීමෙන් කියන්නේ කොහොමද, නිරීක්ෂනයේ යතාර්ථය ඒක තමයි කියලා?




    digital cam එකකින් ඔයා ඇරෙන්න තව මිනිස්සු ඉන්නවා.. කියලා ඔප්පු කරන්නේ කොහොමද එතකොට?

    මෙතන යටටටටටටටම තියෙන, observation, නැත්තම් පේන, ඇහෙන, දැනෙන *දේවල්* ඇත්ත! කියන උපකල්පනය, උපකල්පනයක් විදිහිට යට තියෙන බවවත් පේන්නැති විදිහට සූක්ෂමව යටින් තියෙනවා.

    පැහැදිලි කරන්න හදන දේම බොල් වෙද්දි, ඒක ගැන මොනතරම් තියරි ගොඩනැගුනත් වැඩක් තියෙනවද?

    මිනිස්සු සාමාන්‍ය දේවල් ගැන ප්‍රශ්න කරන්නැත්තේ, සාමාන්‍ය බව සාමාන්‍යකරණය වෙලා තියෙන නිසා.

    මනුස්සයෙක් පියාබනවා දැක්කොත්, ඒක ප්‍රශ්නයක්.

    අඹ ගහක් ගේ ඉස්සරහ තියෙනවා. උදෙන්ම නැගිටලා ගේ ඉස්සරහට ගියහම අඹ ගහ පේනවා. මේකත් ලොකු ප්‍රශ්නයක් තමයි, හරියට බැලුවොත්.

    නිරීක්ෂනයන්ට උත්තර දෙනවා නෙමෙයි, නිරීක්ෂනය පැහැදිලි කරන්න පුලුවන් සාපේක්ෂව වඩා නිරවද්‍යතාවයකින්. නිරවද්‍යතාවය සලකන්න වෙන්නෙත් ආයේ නිරීක්ෂන වලට සාපේක්ෂවම තමයි. නිරීක්ෂනය හැම වෙලේම ඇත්ත කියන උපකල්පනය උඩ තියරිය හදන්නේ.

    ඕක වඩා නිවැරදියි.. කියලා කියන්න පුලුවන් වෙන්නේ කලින් එකට සාපේක්ෂව.

    ඒ වගේම ඉස්සරහට, දැනට තියෙන වඩාත් නිවැරිදි එකෙන් පැහැදිලි කරන්න බැරි නිරීක්ෂනයක් පැහැදිලි කරන්න හදන තියරි එකකට සාපේක්ෂව, දැනට තියෙන වඩාත් නිවැරදියි.. කියාගන්න තියරිය, **ඉතාමත් වැරදි** වෙන්න පුලුවන්.

    ඉතින් මොකක්ද තියෙන වටිනාකම?

    හැමතිස්සෙම වෙන්නේ, යතාර්ථය අර්ථදක්වන්න හදන බොරු
    කතන්දරයක්.



    මිනිස්සු හදන් තියෙන වටිනාකම් වලට සාපේක්ෂව, වඩා වටින දේවල් කරන්න තමයි, මිනිස්සු ප්‍රමුඛත්වය දෙන්නේ.

    ඉතින් නිවනට වටිනාකමක් ලඝු කරන්න බැහැ භෞතිකවාදී දෘස්ටියක ඉන්න පෘථග්ජනයෙක්ට කොච්චර කිව්වත්. ශ්‍රද්ධාවෙන් අහලා මාර්ගය වැඩුවොත් හෝ නුවනින් විමසලා යෝනිසෝ මනසිකරයට පත් වුනොත් ඇරෙන්න.

    අපිට පේන observation පැහැදිලි කරා/ නොකරා observation කියන සිද්ධියම observer ට සාපේක්ෂයි, කියන දේ පේන්නැද්ද?

    ඇත්තටම observer ට ස්වාධීන පැවැත්මක් හෝ යතාර්ථයක් ගැන කතා කරන්න බැහැ.



    කර්මය ගැන කලින් කිව්වා. මෙතනත් ඒකම තමයි කියන්න තියෙන්නේ. *කර්මය* කියලා දෙයක් කලින් දැනගත්ත නිසා තමයි 1, 2, 3 ප්‍රශ්න 3 ම ඇති වෙන්නේ.

    දන්නැති දෙයක් ගැන හිතන්න පුලුවන්ද?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,740
    12,766
    113
    පවු ඕයි මේ මිනිස්සු...
    මෝඩ සිංහළු හැත්තක් ලංකාවේ ඉන්නේ