බුදුන්වහන්සේ දමනය කළ ආලවක පිටසක්වලයෙක්?

Jun 2, 2016
154
119
0
Sri Lanka
බුදුන්වහන්සේ දමනය කළ ආලවක පිටසක්වලයෙක්?

life-of-buddha-42.jpg

දිනක් බුදුන් වහන්සේ අළුයම් වෙලේ ලොව බලන සේක් අලවූ කුමරුට අනාගාමී වීමේ පිං ඇති බව දැක ආලවක යක්ෂ විමනට වැඩි සේක. ඒවේලේ අලවු යකු යක්ෂ සමාගමයට ගොස් සිටි අතර විමන භාරව සිටි ගද්‍රභයා බුදුන් වහන්සේ පිටත් කිරීමට හැකි හැම උත්සාහයක්ම දැරීය. පසුව ආලවක යක්ෂයාද පැමිණියේය.

"මහණ නිකම යව" බුදුන්ට අණ දුන්නේය.

"මැනවැයි ඇවති" බුදු හිමි කීකරුව එළියට නික්මුණ සේක.

"මහණ මෙහි එව"

බුදුන් වහන්සේ එයටද කීකරුව යළි වැඩි සේක. මෙසේ තෙවරක් සිදු විය. සිවු වෙනි වතාවේදී

"නැත ඇවැත..........නික්ම නොයමි.....කල හැක්කක් කරන්නැ " යි වදාළ සේක.

"මහණ මම නුඹෙන් ප්‍රශ්නයක් විමසමි. එය විසඳන්නට නොහැකි වුව හොත්.... ළය පලන්නෙමි.......සිත පෙලන්නෙමි.....දෙපය ගෙන පර සක්වලට දමන්නෙමි" යි යක්ෂයා ගුගුලේය.

"ඇවැත එය කළ හැක්කෙක් දෙව් මිනිස් බඹ ලොව නැත්තේය..... එහෙත් කැමැත්තක් අසන්න." බුදුන් වහන්සේ වදාළ සේක.

මෙවිට ආලවක යක්ෂයා විසින් විසදිය නොහැකි යැයි පරම්පරාවෙන් හිමිව තිබූ ප්‍රශ්න බුදු හිමිට ඉදිරිපත් කළේය...........

ආලවක සූත්‍රයේ දැක්වෙන්නේ ආලවක යක්ශයා පරම්පරාවෙන් දැනගෙන සිටි ප්‍රශ්ණත්, ඒවාට බුදුන්වහන්සේ ලබාදුන් පිලිතුරුත්ය...

කිංසූධ විත්තං පුරිසස්ස සෙට්ඨං
කිංසූ සුචින්නෝ සුඛමාවහාතී
කිංසූ හවේ සාධු තරං රසානං
කතං ජීවිං ජීවිත මාහු සෙට්ඨං

(ඉතා වැදගත් ධනය කුමක්ද? කවර හැසිරීමක් සැපයට හේතු වේද? ඉතා මිහිරි රසය කුමක්ද? කෙසේ ජීවත් වීම ශ්‍රේෂ්ඨ ද? යනු ඒ ප්‍රශ්න හතරයි. එයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ

සද්ධී ද විත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මෝ සුචින්නෝ සුඛමාවහාතී
සච්චං හවේ සාධුතරං රසානං
පඤ්ඤා ජීවිං ජීවිත මාහු සෙට්ඨං

ශ්‍රද්ධාව ඉතා වැදගත් ධනයයි. ධර්මය අනුව හැසිරීම සැපයට හේතු වෙයි. සත්‍යය ඉතාම මිහිරි රසයයි. පඤ්ඤාවෙන් යුතුව ජීවත්වීම ශ්‍රේෂ්ඨ ය.

ආලවකයා යනු කවරෙක් වියහැකිද?

ආලවකයා යක්ශයෙකු බව බණපොතේ සඳහන් වේ. යක්ශයා යනු කවරෙකුද?

ශ්‍රි ලංකාවේද යක්ශයින් සිටි බවත් බුදුන්වහන්සේ ඔවුන්ව ගිරි දිවයිනට පලවා හැරි බවත් සඳහන්වේ. බොහෝ විද්වතුන් විශ්වාසකරන ආකාරයට යක්ශයින් යනු මනුශ්‍ය ගෝත්‍රයකි. සමහරවිට නොදියුණු ගති පැවතුම් ඇති, අභාවයට ගිය පෞරාණික නියැන්ඩර්තාල් වරුන් වැනි මානව වර්ගයක ශේෂවු ගෝත්‍ර විය හැකිය. සමහරවිට ලංකාවේ සිටින්නට ඇත්තේ මෙවැනි නියැන්ඩර්තාල් හෝ එවැනි හෝමෝසැපියන් නොවන අර්ධමානව වර්ගයක් විය හැකිය.

බුද්ධ දේශනාවට සවන්දී, ධර්මය අවබෝධකරගෙන බුදුන් සරණයාමට තරම් මනස දියුණු නොවූ මේ අර්ධ-මානවයින්ගෙන් මනුශ්‍යයන් හට විය හැකි කරදර හිරිහැර මගහරවා ගැනීම පිනිස බුදුන්වහන්සේ මෙම අර්ධ-මානව "යක්ශයින්" පලවා හරින්නට ඇතැයි තර්කයක් ගොඩනැගීමට කැමැත්තෙමි...

එහෙත් ආලවකයා නොදියුණු අර්ධමානවයෙකු විය හැකිද?

ආලවකයා බුදුන්වහන්සේගෙන් ඇසූ ප්‍රශ්ණ දෙස බලනවිට ඔහු බුද්ධි-හීන නොදියුණු මානවයෙකු විය නොහැකි බව පැහැදිලිය. ඔහු බුදුන්වහන්සේගෙන් අසා ඇත්තේ සරල පැනයන් නොව ඉතා ගැඹුරු විග්‍රයක් කලහැකි, තර්ක විතර්ක ගොඩ නැගිය හැකි පැන සතරකි. බණපොතේ දැක්වෙන ආකාරයට අලවක මෙම ප්‍රශ්ණ දැනගෙන ඇත්තේ සිය පරම්පරාවෙනි. ඔහුගේ ගෝත්‍රයේ කිසිවෙකුට තර්කානුකූලව පැහැදිලිකල නොහැකිවූ, පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගෙනා මෙම පැන ගෞතම බුදුන්ට අභියෝගයක් සමග යොමුකලේ එබැවිනි...

එනම් ආලවක මෙන්ම ආලවකගේ පරම්පරාවම ඉහල බුද්ධි මට්ටමකින් යුතු, විවිධ තර්කවිතර්කයේ යෙදෙන, දැනුම පිපාසයෙන් පෙළුනු අයවලුන් විය නොහැකිද? මෙවැනි ගතිලක්ශණ බුද්ධියෙන් දියුණු හෝමෝසැපියන් මානවයන්ට අමතරව තිබිය හැක්කේ කාටද? ආලවක මනුශ්‍යයෙකු විය නොහැකිය. ඔහු මනුශ්‍යගෝත්‍රයේ නොවන බව බණපොත්වල පැහැදිලිව දක්වා තිබේ.

එසේනම් ආලවක යනු හෝමෝසැපියන්වරුන් තරමටම හෝ ඊටත් වඩා බුද්ධියකින් යුතු ජීවියෙකු විය යුතුය. ඒ අනුව ඔහු පිටසක්වලයෙකු විය නොහැකිද?

09.jpg

බටහිර විද්‍යාඥයින් පිටසක්වල ජීවීන් ප්‍රධාන වර්ග දෙකකට ගොනුකල හැකි බවට අනුමාන කරයි. මේ වර්ග දෙක;

1. Benevolent extraterrestrial [කරුණාවන්ත පිටසක්වයින්]
2. Malevolent extraterrestrials [අනර්ථකාමී පිටසක්වලයින්]

අනර්ථකාමී පිටසක්වලයින් මනුශ්‍ය වර්ගයා පිලිබඳව තැකීමක් නොකරන, එසේත් නැතිනම් විනාශමුඛයට පැමිණවිය හැකි දරුණු ජීවීන්වේ. ඔවුන් මෙලොවට පැමිණියහොත් ඔවුන්ගේ දියුණු තාක්ශණය මිනිස්වර්ගයාගේ විනාශයට යෙදෙවුනු ඇතැයි සිතිය හැකිය.

life-of-buddha-48.jpg

ආලවකයාට "යක්ශ" යන යෙදුම භාවිතා කෙරුනේ ඔහු Malevolent වර්ගයේ දරුණු පිටසක්වලයෙකු වීම නිසා වන්නට පුලුවන. මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකල ඔහු සමහරවිට විනෝදාංශයක් ලෙස මිනිස්ජීවිත බිලිගන්නටද ඇත. ප්‍රිඩේටර් චිත්‍රපටයේ පිටසක්වලයාද විනෝදාංශයක් ලෙස මිනිසුන් දඩයමේ යෙදෙන අනර්ථකාමී පිටසක්වලයෙකි. අලවකයාද සිය සමාගමයද සමග පෘථිවියට පැමිණෙන්නට ඇත්තේ මිනිස් දඩයමේ යෙදෙන්නට වන්නට පුලුවන. බුදුන්දවස මිනිසුන් "ආලවක" යන නම ඇසූ පමණින් බියවන්නේ එබැවින් විය යුතුය. එවැනි දරුණු ජීවියෙකු දමණය කරන්නට තාක්ශණයක් හෝ අවි ආයුධ එකල නොතුබූ නිසා ආලවකයා ඇතුලු පිරිස සිතැඟි පරිදි සිය දරුණු ක්‍රියා කරමින් වසන්නට ඇත.

ආලවකයා අහසින් පැමිණි අමනුශ්‍යයෙක් (celestial ogre) ලෙස ආලවක සූත්‍රයේ ඉංග්‍රීසි පරිවර්තන හඳුන්වන්නේ ඇයි?

Untitled.jpg

ආලවක දමනය පිලිබඳ තොරතුරු සෙවීම සඳහා ගූගල් සෙවුම් යන්ත්‍රයේ "alavaka" යන්න සඳහන් කොට සෙවීම් සිදුකිරීමේදී හමුවූ සමහර ඉන්ග්‍රීසි ලිපිවල ආලවක "සෙලෙස්ටියල් ඕර්ග" ලෙස හඳුන්වා තිබෙන දක්නට ලැබුනි. සෙලෙස්ටියල් යනු ආකාශයෙන් පැමිනි හෝ ආකාශයේ/අභ්‍යවකාශයේ හටගත් යන තේරුම දෙයි. ඔර්ග යනු දරුණු අමනුශ්‍යයා යන තේරුම දෙයි. ඒ අනුව ආලවකයා අභ්‍යවකාශයෙන් පැමිණි අමනුශ්‍යයෙකු ලෙස යම් මූලික විශ්වාසයක් තිබෙන බවට අනුමාන කල හැකිය. මෙයද ආලවකයා දරුණු පිටසක්වලයෙකු ලෙස හඳුනා ගැනීමට සාක්ශියක් ලෙස ගැනීමට කැමැත්තෙමි.

SOURCE: http://vidya-gaweshana.blogspot.com/2012/11/blog-post.html
 
Last edited:

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    යක්ශ කියල දේව නිකායකුත් තියෙනව, ඒකියන්නෙ සක්‍රදෙවියන්ගෙ අාමි එක
     
    ඔය සීන් එක වෙන්නෙ මෙහෙමයි - මළ යක්කු බැඳගන්නවයි කියල සීන් එකක් තියෙනවනේ :confused:. ඒ කියන්නෙ ප්‍රාණය නිරුද්ධ මළ සිරුරකට යක්ෂ ආත්මයක් බන්ධනය කරනවා (කරන විදිය අදාළ නෑ, දැන් ප්‍රායෝගිකත් නෑ :yes::yes:). එතකොට මියගිය පිරිමි කයකට පිරිමි යකෙකුත්, මියගිය ගැහැණු කයකට ගැහැණු යකෙකුත් (යක්ෂණියකුත්) ගැටගහලා අර ප්‍රාණික ඇඟවල් දෙන පණ ගස්සවලා :-)no::baffled: ඔව් යකූ ඔව්, ආයෙ පණ එනවා තමයි :shocked: , හැබැයි කලින් ඇඟේ හිටපු අය නෙවී :yes:) ඊට පස්සෙ උන් දෙන්නා කසාද බැන්දොත් මොකෝ වෙන්නේ ? :oo: එයාලට උපදින්නේ රාක්ෂයො කියන වර්ගය :dull: (ඉස්සර ලංකාවෙ හිටපු කුරු මිනිස්සු වගේ මෙයාලත් දැන් වඳ වෙලා ගිහින්, නමුත් බුද්ධ කාලෙ ඉඳල තියෙනවා :yes:). එයින් කෙනෙක් වෙන්න ඇති ආලවක කියන්නේ :D. (මේ සීන් එක ලංකාවේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙක් කියපු දෙයක්, මගෙ කතාවක් නෙවෙයි)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඉදිරියේ රාළ;20878759 said:

    :rofl::nerd::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආලවක පිටසක්වල ජිවියෙක් වෙන්න පුලුවන්.
    රාවණා රජු උනත් පිටසක්වල ආභාශයක් තිබ්බ කෙනෙක්.
    ඉස්සර අපේ රටේ පිටසක්වල එක්ක ගනුදෙනු කරපු මිනිස්සු හිටියා.
    වෙන රටවල් වලත් එහෙම ඉන්න බැරි නෑ පිටසක්වල එක්ක වැඩකරපු මිනිස්සු.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එක එක විශ්වාස තියනවා.
    යක්ක කියලා ගෝත්‍රයක් තිබිලා තියනවා ඉස්සර.
    එකේ කොටසක් සැහෙන දරුණු සෙට් එකක්. දැනටත් මිනි මස් කන ගෝත්‍ර ඇමසන් වනාන්තර වල ඉන්නවා කියන්නේ. ඒ වගේ.
    ඕක ඉස්සරහට ඇදගෙන ගියොත් වෙනම කතාවකින් නවතින්නේ.
     
    Jun 2, 2016
    154
    119
    0
    Sri Lanka
    ආලවක පිටසක්වල ජිවියෙක් වෙන්න පුලුවන්.
    රාවණා රජු උනත් පිටසක්වල ආභාශයක් තිබ්බ කෙනෙක්.
    ඉස්සර අපේ රටේ පිටසක්වල එක්ක ගනුදෙනු කරපු මිනිස්සු හිටියා.
    වෙන රටවල් වලත් එහෙම ඉන්න බැරි නෑ පිටසක්වල එක්ක වැඩකරපු මිනිස්සු.

    :yes::yes:
     
    පිටසක්වලක් කියල එකක් නෑ බං. තියෙන්නෙ මේ සක්වලේම තමා. සමාන්තර ලෝක 31ක් තියෙනවා. සුද්දන්ට ඒවා දැනගන්න ක්‍රමයක් නැති හිංදා තමා ඔය පිටසක්වලක් කියල එකක් මවාගෙන තියෙන්නේ. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඉදිරියේ රාළ;20878894 said:
    පිටසක්වලක් කියල එකක් නෑ බං. තියෙන්නෙ මේ සක්වලේම තමා. සමාන්තර ලෝක 31ක් තියෙනවා. සුද්දන්ට ඒවා දැනගන්න ක්‍රමයක් නැති හිංදා තමා ඔය පිටසක්වලක් කියල එකක් මවාගෙන තියෙන්නේ. :yes:

    දැන් සමාන්තර ලෝක 31 k තියෙනවා කියල උයා දන්නේ කොහොමද?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉදිරියේ රාළ;20878759 said:
    ඔය සීන් එක වෙන්නෙ මෙහෙමයි - මළ යක්කු බැඳගන්නවයි කියල සීන් එකක් තියෙනවනේ :confused:. ඒ කියන්නෙ ප්‍රාණය නිරුද්ධ මළ සිරුරකට යක්ෂ ආත්මයක් බන්ධනය කරනවා (කරන විදිය අදාළ නෑ, දැන් ප්‍රායෝගිකත් නෑ :yes::yes:). එතකොට මියගිය පිරිමි කයකට පිරිමි යකෙකුත්, මියගිය ගැහැණු කයකට ගැහැණු යකෙකුත් (යක්ෂණියකුත්) ගැටගහලා අර ප්‍රාණික ඇඟවල් දෙන පණ ගස්සවලා :-)no::baffled: ඔව් යකූ ඔව්, ආයෙ පණ එනවා තමයි :shocked: , හැබැයි කලින් ඇඟේ හිටපු අය නෙවී :yes:) ඊට පස්සෙ උන් දෙන්නා කසාද බැන්දොත් මොකෝ වෙන්නේ ? :oo: එයාලට උපදින්නේ රාක්ෂයො කියන වර්ගය :dull: (ඉස්සර ලංකාවෙ හිටපු කුරු මිනිස්සු වගේ මෙයාලත් දැන් වඳ වෙලා ගිහින්, නමුත් බුද්ධ කාලෙ ඉඳල තියෙනවා :yes:). එයින් කෙනෙක් වෙන්න ඇති ආලවක කියන්නේ :D. (මේ සීන් එක ලංකාවේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙක් කියපු දෙයක්, මගෙ කතාවක් නෙවෙයි)

    5ulVOte.png
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20878894 said:
    පිටසක්වලක් කියල එකක් නෑ බං. තියෙන්නෙ මේ සක්වලේම තමා. සමාන්තර ලෝක 31ක් තියෙනවා. සුද්දන්ට ඒවා දැනගන්න ක්‍රමයක් නැති හිංදා තමා ඔය පිටසක්වලක් කියල එකක් මවාගෙන තියෙන්නේ. :yes:

    FYJVexl.gif
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    වෙනත් කෝනයක් සහ දැනුවත් කිරීමක්... බෙදාගත්තාට තුති...
     
    දැන් සමාන්තර ලෝක 31 k තියෙනවා කියල උයා දන්නේ කොහොමද?

    අතිපුජ්‍ය බෙල්ලන ඤාණවිමල
    මහ නාහිමියෝ ඤාණාලෝකයෙන්
    දෙව් බඹුන් වෙසෙන ලෝක සහ
    අනාගත අභ්‍යවකාශ සෝපාන
    මෙසේ දැක ගනිමු. සක්වළ සක්මනේ
    පස්වෙනි පියවරයි මේ.

    මහානායක හාමුදුරුවනේ, මේ අනන්තවත් සක්වළවල් අතර අපි හුදකලා ලෝකයක ජීවත් නොවීමට නම්, අප වටා තවත් ජීව ලෝක තිබිය යුතු නේද? ඒ මොනවාද?
    ඉතා පැහැදිලිව ජීව ලෝක 31 ක් ගැන බුදුදහමේ විස්තර කර තිබෙනවා. කාම ලෝක 11 ක්, රූප ලෝක 16 ක් හා අරූප 04 ක් ඒ අතර වෙනවා. අප ජීවත් වන මනුෂ්‍ය ලෝකය ඇතුළු තිරිසන් ලෝකය, පේ‍්‍රත ලෝකය, පේ‍්‍රතාසුර හා නිරය මෙන්ම සදෙව් ලෝකය (දිව්‍ය ලෝක 06) මෙම කාම ලෝක 11 ට ඇතුළත් වෙනවා.
    ඒ වගේම, රූප ලෝක ගණයට සොළොස් බඹ ලොවක් ගැන විස්තර කෙරෙනවා. ඊගාවට ,ආකාසනාඤ්චායතනය ආදී අරූපාවචර ලෝක (සිත මිස ඇති කය නැති බඹ ලොව) හතරක් පිළිබඳවත් විස්තර වෙනවා.

    :D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20878759 said:
    ඔය සීන් එක වෙන්නෙ මෙහෙමයි - මළ යක්කු බැඳගන්නවයි කියල සීන් එකක් තියෙනවනේ :confused:. ඒ කියන්නෙ ප්‍රාණය නිරුද්ධ මළ සිරුරකට යක්ෂ ආත්මයක් බන්ධනය කරනවා (කරන විදිය අදාළ නෑ, දැන් ප්‍රායෝගිකත් නෑ :yes::yes:). එතකොට මියගිය පිරිමි කයකට පිරිමි යකෙකුත්, මියගිය ගැහැණු කයකට ගැහැණු යකෙකුත් (යක්ෂණියකුත්) ගැටගහලා අර ප්‍රාණික ඇඟවල් දෙන පණ ගස්සවලා :-)no::baffled: ඔව් යකූ ඔව්, ආයෙ පණ එනවා තමයි :shocked: , හැබැයි කලින් ඇඟේ හිටපු අය නෙවී :yes:) ඊට පස්සෙ උන් දෙන්නා කසාද බැන්දොත් මොකෝ වෙන්නේ ? :oo: එයාලට උපදින්නේ රාක්ෂයො කියන වර්ගය :dull: (ඉස්සර ලංකාවෙ හිටපු කුරු මිනිස්සු වගේ මෙයාලත් දැන් වඳ වෙලා ගිහින්, නමුත් බුද්ධ කාලෙ ඉඳල තියෙනවා :yes:). එයින් කෙනෙක් වෙන්න ඇති ආලවක කියන්නේ :D. (මේ සීන් එක ලංකාවේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙක් කියපු දෙයක්, මගෙ කතාවක් නෙවෙයි)

    දැන් ඔය මළමිනිය දිරල ගිහින් ඇට පෑදිච්ච එකක් උනත් පණ ගන්න පුලුවන්ද ? :oo:
     
    දැන් ඔය මළමිනිය දිරල ගිහින් ඇට පෑදිච්ච එකක් උනත් පණ ගන්න පුලුවන්ද ? :oo:
    බෑ - අංගෝපාංග වලට මොන අයුරකින් හෝ හානියක් වුණ එවා ගන්න බෑ. ඒ හිංදයි දැන් ඔය වැඩේ ප්‍රායෝගික නැත්තේ. මොකෝ දැන් එම්බාම් කරනවා නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඉදිරියේ රාළ;20879121 said:

    දැන් අපි මේක පිළිගන්න ඔනාද ?
    මං අහන්නේ කව්රුහරි කියපු පලියට අපි ඒක ඇත්ත කියල පිළිගන්න ඔනාද ?
    දැන් ඔය රතුමිරිස් කතාව වගේ නම් ඔන්න පිළිගන්න පුළුවන් නේ අපි අත්දැකීමෙන්ම දන්නවනේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඉදිරියේ රාළ;20879190 said:
    බෑ - අංගෝපාංග වලට මොන අයුරකින් හෝ හානියක් වුණ එවා ගන්න බෑ. ඒ හිංදයි දැන් ඔය වැඩේ ප්‍රායෝගික නැත්තේ. මොකෝ දැන් එම්බාම් කරනවා නේ.

    දැන් පණගට්ට උන්ට කන්න බොන්න දෙන්න වෙනවද ? උන් වයසට යන්නේ නැද්ද ?
     
    දැන් අපි මේක පිළිගන්න ඔනාද ?
    මං අහන්නේ කව්රුහරි කියපු පලියට අපි ඒක ඇත්ත කියල පිළිගන්න ඔනාද ?
    දැන් ඔය රතුමිරිස් කතාව වගේ නම් ඔන්න පිළිගන්න පුළුවන් නේ අපි අත්දැකීමෙන්ම දන්නවනේ.
    අන්න ඒ වගේ හිතේ අත්දැකීම් එකතු වෙනකොට ඔයාත් කවුරුහරි කියපුවා පිළිගන්න තත්වයට පත් වෙයි ;)