බුදුන් හැදූ සංඝ ව්‍යවස්ථාව
බුදුන්ගේ ව්‍යවස්ථාව (විනය පිටකය) අනුව ජීවත් නොවී ගිහියන්ගේ ව්‍යවස්ථාව ගැන දොඩවන භික්චූන්ලාගේ පිංඩ පාර්සල් චාරිකා -ථෙරවාදයද? චෝරවාදයද? (අංක 08)
(ලංකා ඊ නිව්ස් - 2017.ජූලි.05, ප.ව.11.55) පිඬු සිඟා යාම භික්ෂු දින චරියාවේ සාමාන්‍යය අංගයකි. භික්ෂු යන්නෙහි අර්ථයද එයයි. භික්ෂුව යන ඇමැතුම බුදු සසුනෙහි පැවිදි වූවන්ට පමණක් නොව ජෛන සහ බමුණු ශාසනයන්හි ශ්‍රාවකයන්ට ද ව්‍යවහාර වන පොදු නාමයකි. ශ්‍රමණ යන්න ද එසේම ය. ඔවුන් සිය ආහාර වේල (ලුණු ඇඹුල්) සපයා ගත්තේ පිණ්ඩපාතයෙන් ය. බුදු රදුන් සිය ශ්‍රාවකයන්ට අනු දැන වදාළේ ගෙපිළිවෙලින් (ගරපටිපාටියා) පිඬු සිඟා වඩින ලෙස ය. පිඬු සිඟා වැඩීම යනු ගෙයින් ගෙට ගොස් තමන්ට ප්‍රමාණවත් තරම් ආහාර ටිකක් ඉල්ලා ගැනීම ය. වර්තමානයේ අපේ රටේ පිඬු සිඟා වඩින භික්ෂූන් වහන්සේ නමක් දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින් ය. නම්බුකාර සංඝ සමාජය තුල ඔවුන් හැඳින්වෙන්නේ පොට්ටනි කාරයින් හැටියට ය. එහෙත් කොළඹ සහ තදාසන්න නගර වල හිටි ගමන් නම්බුකාර භික්ෂූන් වහන්සේලා සිය ගණනක් පෝලිමට පිණ්ඩපාතයේ වඩින අන්දම අප දැක තිබේ. පසුගිය ගංවතුර සමයේදී භික්ෂූන් පිරිසක් පිඬු සිඟා වැඩියේ අනාථ වූවන්ට ආධාර එකතු කිරීමට ය. පිඬු සිඟීමෙහි බුද්ධ අරමුණ කුමක් වුවත් එය ඉතා යහපත් ක්‍රියාවක් බව සිතිය හැකිය.
මේ අතර පසුගිය පස් වැනිදා ඊයේ අගනුවර බෞද්ධ සංවිධාන එකමුතුව යැයි කියා ගත් සංවිධානයක් විසින් සංවිධානය කර තිබූ අමුතුම තාලේ පිංඩපාත චාරිකාවක් ජනමාධ්‍ය මගින් අපට දැකගත හැකිවිය. කොණ්ඩය කොටට කැපූ, නා නා වර්ණ සිවුරු පෙරැවූ, කරඬු, මුරායුධ, සේසත් සහිතව, හේවිසි වාදකයන් සහ කැමරා ශිල්පීන් ද පෙරටු කරගත් භික්චූන් ලා පිරිසක් පිණ්ඩපාතේ වඩින හැටි අපූරු ය. පාත්‍රය ඇත්තේ සිවුර යටය. විච්චූර්ණ ඇඳුම් ඇඳගත් උපාසක උපාසිකාවෝ භික්චූන්ගේ සිවුර උඩ පිණ්ඩ පාර්සල් තියති. එවිට භික්චූන්ලා උපාසිකාවන් දෙස හොරැහින් බලති. සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ පාත්‍රය පෑ විට එයට දානය (ආහාර) බෙදීම ය. මෙතැන එවැන්නක් නැත. හේවිසි වාදනය කරමින් ඡායාරූප ගනිමින් කොඩි සේසත් මුරායුධ දරමින් සිවුර උඩ පාර්සල් තියාගන්නා පිණ්ඩපාතයක් ගැන අප නම් කිසි කලෙකත් අසා නැත්තෙමු.
ඇත්ටම මෙය කුසගිනි නිවා ගැනීම සඳහා ආහාර සොයා ගිය පිණ්ඩපාතයක් නොවේ. මෙය එක්තරා ආකාරයක රාජ්‍ය විරෝධී පෙළපාලියකි. අප දුටු පුවතේ හැටියට පිණ්ඩ පාර්සල් චාරිකාවට අරමුණ වී ඇත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත දේශීය යුධ අපරාධ පනතට විරෝධය පෑමට සහ දේශය රැක දුන් රණවිරුවන්ට ආශීර්වාද කිරීමට ය. ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ එසේය. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ සිය ශ්‍රාවකයින් ගැන මොන තරම් නම් වර්ණනා කළාහුද?මගේ ශ්‍රාවකයින් සුපටි පන්නය. උජුපටි පන්නය. ඥායපටි පන්නය. සාමීචී පටි පන්නය යනුවෙන් උන්වහන්සේ වදාළේ මෙවැනි චෝරවාදීන් ගැන නොවන බව අද දන්නේ කීයෙන් කී දෙනාද ? කදුළු ගෑස් ජල ප්‍රහාර ගුටි බැට නොකා විරෝධතා පැවත්වීමේ අළුත් ක්‍රමයක් මෙයින් රටට හඳුන්වා දී තිබේ.
සැබවින්ම යුද්ධය දිනීමට නායකත්වය දුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව නැති චෝදනා එල්ල කොට ඔහු බල්ලෙක් වගේ ඇද ගෙන ගොස් සිර ගත කරද්දී, මේ අර්ධමුණ්ඩක චෝරවාදියෝ පිණ්ඩ පාර්සලේ නොවැඩ්ඩේ ඇයි ? යුද්ධය හමාර කිරීමට දිවි හිමියෙන් කැපවූ සියළු දෙනාම අප විසින් අගය කළ යුතුය. එහි කිසිදු තර්කයක් නැත. යුද්ධයකට මැදිවීමෙන් සාමාන්‍ය මිනිසුන් මිය යෑම බොහෝ දුරට විය හැකි දෙයකි. එහෙත් නිළ ඇඳුමට මුවා වී නිරායුධ මිනිසුන් හා අභය දානය ඉල්ලා යටත් වූවන් මරා දැමීම, පාසල් දැරියන් තරුණියන් වැන්දඹුවන් දූෂණය කොට ඝාතනය කිරීම රණශූරයන්ගේ එඩිතර ක්‍රියාවක්ද? එසේ වන්නේ නම් යුදෙව්වන් ලක්ෂ ගණනින් දස වද දී මරා දැමීමට අණ දුන් ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසි හමුදාව ලෝකවාසී ජනතාවගේ ගෞරවයට පාත්‍ර විය යුතු මහා රණවිරුවන්ය. එසේ වූයේ නැත. ශිෂ්ඨ ලෝකයා විසින් නාසි නායකයා සහ ඔහුගේ හමුදාව මානව වර්ගයාට එරෙහි වූ ඝාතකයන් හැටියට හංවඩු ගසා හමාරය.
අති පූජනීය වන්දනීය ආදී විශේෂණයන්ගෙන් හැඳින්වුවත් භික්ෂුව යනු අද අප රටේ තවදුරටත් ශිෂ්ඨ චරිතයක් නොවේ. බුදුන් කල පවා හීන වූ ග්‍රාම්‍ය වූ පෝතුජ්ජනික වූ කහ රෙදි ඇදි මුණ්ඩකයන් සසුණෙහි සිට ඇත. වර්තමානය වන විට මොවුන් කුලවාදය අනුවද බෙදී ගිය ගෝත්‍රිකයන් පිරිසකි. අපට හමුවන එකෙකුවත් සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්ථාය (සියළු දුක් දුරුකොට නිවන් අවබෝධය) පිණිස සිවුරු පටිය කරේ බැඳ ගත්තෝ නොවෙති. නොයෙකුත් ප්‍රළාප දොඩමින්, දායකයන් මුලා කොට, ඔවුන්ගේ ධනය කොල්ල කමින්, මත් පැන් බොමින්, කාන්තාවන් සමග රති කෙළියෙහි යෙදෙමින්, ගිහියන්ටත් වඩා හිස් ජීවිතයක් ගත කරන මොවුන්ට සත්‍ය වටහා දීම ද අපහසුය.
බුදු රදුන් විසින් අනුදැන වදාල දෙසිය විසි හතක් වන විනය ප්‍රඥප්තිය හෙවත් විනය පිටකය යනු භික්ෂු ශාසනයේ ව්‍යවස්ථාවයි. ඒ අනුව සිය ඇවතුම් පැවතුම් රටාව සකස් කර නොගන්නා මොවුන් දැන් ගිහියන්ගේ ව්‍යවස්ථාව ගැන කථා කරති. ගිහියන්ගේ දේශපාලනයට නොදන්නා දෑ ගොතමින් ඊට ඇඟිලි ගසමින්, රටේ පරිපාලනය අවුල් කිරීමට වලිකන මෙවැන්නන් හමුවේ වැඳ වැටෙමින් ජනතා පරමාධිපත්‍යය බාල්දු වීමට ඉඩ හරින්නේ නම් එය නැවත විනාශයක ආරම්භය වීම නොවැලැක්විය හැකිය.
ආර්. ජී. ධර්මදාස
(සේයාරූ ලංකාදීපයෙනි)