බුදුපිළිමයටත්_බියවන_ඉරානය
පර්සියානු භාෂාවෙන් ආර්යයන්ගේ රට හැඳින්වෙන්නේ "ඉරානය" ලෙසයි. අතීතයේදී පර්සියාව ලෙසින්ද හැඳින්වූ ඉරානය ලෝකයේ 18 වැනි විශාලතම රාජ්‍යයි. ලෝකයේ පැරැණිතම ශිෂ්ටාචාරයක් ඇති රටක් වන ඉරානය ෂියා මුස්ලිම්වරුන්ගේ ලොව ප්‍රධානතම රාජ්‍යයි. 1979 දී සිදුවූ ඉරාන විප්ලවයෙන් පසු එරට ඉස්ලාමීය ජනරජයක් බවට පත්විය.
මේ ආර්යයන්ගේ රාජ්‍යයේ අනෙකුත් ආගමිකයන්ට එනම් මුස්ලිම් නොවන අයට බොහෝ තහංචි පනවා ඇත. ඇත්තෙන්ම ඉරානයේ ශරියා නීතිය ඉතාම තදින් ක්‍රියාත්මක වන අතර වෙනම ආගමික පොලිසියක්ද වේ.
රුවන්වැලි සෑ ධාතු නිදානෝත්සවයට ඉරානයෙන්ද රහත් භික්ෂූන් වැඩම කළ බව ඉතිහාසයේ සඳහන් වේ. එය අතීතයේදී බෞද්ධ රටක්ව පැවැතිනි. ක්‍රි.පූ. 224 දී ශාඝාන්ඩ් රජුගේ කාලයේදී සරකුස්ථා ආගම රාජ්‍ය ආගම කිරීමෙන් පසුව බෞද්ධයන්ට අපල කාලයක් උදාවිය. ගසාන් රජු කුඩා කාලයේදී බෞද්ධ අධ්‍යාපනය ලැබුවද පසුව ක්‍රි.ව. 1310 ඔහු මුස්ලිම් ආගම වැළඳගෙන බුදුදහම ඇදහීම තහනම් කළේය. කෙසේ නමුත් ඔහු බෞද්ධ භික්ෂූන්ට වෙනත් රටවලට යැම සඳහා අවසර ලබා දුන්නේය.
එහෙත් මීට දින කිහිපයකට පෙර ඉරාන ආර්මන් පුවත්පත වාර්තා කර තිබුණේ එරට ටෙහෙරාන් අගනුවර වෙළෙඳ සල්වල බුදුපිළිම විකිණීම තහනම් කර ඇති බවයි. බටහිරින් එන බොහෝ දේවලට විරුද්ධ වූ ඉරානය බාබී බෝනික්කන් විකිණීමද මීට පෙර තහනම් කර තිබිණි. ඉරාන සංස්කෘතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් එරට රජය පිහිටුවා ඇති ආයතනයේ ප්‍රකාශක සහීඩ් ජාබේරි අන්සාරි පවසන්නේ බුදුපිළිම හරහා සංස්කෘතික ආක්‍රමණයක් සිදුවන බවයි. බුදුපිළිම හරහා බුද්ධාගම පිළිබඳ ඉරාන ජනයා අතර පැහැදීමක් ඇතිවේ යෑයි එරට පූජාකයෝ බියවී ඇත්දැයි අපට ප්‍රශ්නයක් මතුවේ. බුදුපිළිම විකුණන ඉරාන වෙළෙන්දෙක් වන රේසා සහායි පවසන්නේ බොහෝදෙනා බුදුපිළිම මිලදී ගන්නේ ඒ ආගම ගැන උනන්දුවෙන් නොව සිය නිවස අලංකාර කිරීම පිණිස බවයි. නිවස අලංකාරයට බුදුපිළිම තැබීම ගැනත් ෂියා පූජකයන් බියවී ඇති බව පැහැදිලිය. පිළිම වන්දනාව මුස්ලිම් ආගමෙන් තහනම් කර ඇත. තලේබාන් අන්තවාදියෝ බාමියන් බුදුපිළිම විනාශ කළේද මේ අරමුණිනි. දැන් ඉරානයද තලේබාන් පැත්ත ගෙන ඇති බව පැහැදිලිය.
කෙසේ නමුත් 2001 දී ඉරාන පාර්ලිමේන්තුව නිවේදනය කර සිටියේ බාමියන් බුදුපිළිම විනාශ කිරීම හෙළා දකින බවයි. බුදුපිළිම විනාශ කිරීම හරහා මුස්ලිම් ආගම ප්‍රචණ්ඩකාරී ආගමක් ලෙස හුවා දැක්වෙන නිසා එම විනාශය වරදක් බව එවක ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක හමීඩ් රේසා ප්‍රකාශ කර සිටියේය. එහෙත් දැන් ඉරාන ආගමික පොලිසිය බුදුපිළිමයට බියවීම ගැන සැබවින්ම කනගාටු විය යුතුය. මුස්ලිම්වරුන් නම් හැකි පමණින් ආගමික ව්‍යාප්තිය සිදුකරද්දී හැකි සෑම තැනකම මුස්ලිම් පල්ලි ඉදිකරද්දී හදිසියේ හෝ කඩයක බුදුපිළිමයක් දුටු සැනින් බියෙන් වෙව්ලා ගොස් ඇති බව නම් පැහැදිලිය. පන්සලක් ඉදිකිරීමෙන් නම් ආගමික ආක්‍රමණයක් සිදුවන්නේ යෑයි තර්ක කළ හැක. එහෙත් බුදුපිළිමය හරහා සිදුවන සංස්කෘතික ආක්‍රමණය කුමක්ද? එහෙත් නිර්මල බුදුරුව මේ ආගමික මූලධර්මවාදීන් දෙසත් මහා කරුණාවෙන් දැස් යොමුවුණු ඇති බව නම් සහතිකය.
චතුර පමුණුව
"දිවයින-දියග"