බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දෙමව්පියන් ඇතුළු නිර්දෝෂී පුද්ගලයන්⁣ කෙරෙහි වරදවා කටයුතු කිරීමේ විපාක .

    මිනිසා පෙළන දුක පිළිබඳ සාර්ථක ම අර්ථකථනය ලෝකයට හෙළිදරවු කළේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ය. බුදු දහම පිළිබඳ අසුබවාදීව සිතන මිථ්‍යා දෘෂ්ටික පිරිස් බුදුදහමට ගරහන්නේ ද මිනිසා දුක්ඛාන්තයට ගෙන යාමක් බුදු දහමින් සිදුවන බව පෙන්වමින් ය. එහෙත් යථාර්ථය වන්නේ බුදුහිමියන් විග්‍රහ කළ දුක ලෝකයේ ජීවත් වන සියලු දෙනාටම විඳින්නට සිදු වන සත්‍යයක් වීම ය

    බුදුහිමියන් වදාළේ ලෝකය දුකයි. ලෝකය දුකයි වශයෙන් ගෙන කලකිරීමෙන් ජීවත් වන්නට නොව, ලෝකය දුක් සහිත බව තේරුම් ගෙන එයින් මිදෙන්නට මඟ කියා දීමයි. පෙළ දහම පුරා එන බොහෝ සූත්‍ර දේශනා මිනිසාට තෘප්තිමත් ජීවිත ගත කරන්නට මඟ පෙන්වයි.

    දම්සක් පැවතුම් සූත්‍රයේ දී බුදුපියාණෝ දුක පිළිබඳ විග්‍රහය ඉදිරිපත් කොට වදාළහ. එයට අනුව ඉපදීම, ව්‍යාධියට පත්වීම, මරණය, අපි‍්‍රයයන් හා එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන් වීම සිතූ දේ නොලැබීම යනාදී කරුණු ඕනෑම පුද්ගලයකු දුකට පත් කරවන හේතු සාධක වෙයි. මෙම දාර්ශනික විග්‍රහයට අමතරව සාමාන්‍ය ජීවිතයේ දී මිනිසා පීඩාවට පත් කරවන විවිධ දුක් දෝමනස්සයෝ වෙති. ඇතැම් විට අප ජීවත් වන සමාජයේ විවිධ ලෙඩ දුක් නිසා ඇතමෙක් දුකින් තැවෙති.

    මේ සියල්ල බුදුරදුන්ගේ විග්‍රහයට ලක් කෙරිණි.

    අපේ ජන ජීවිතයේ දී මිනිසුන්ගේ මුව රැඳුණු සුවිශේෂී වදනකි “දහදුක්” යන්න. බොහෝ දෙනා අර්ථයක් නොදනිතත් “දහදුක්” වින්ද බව, දහදුක් විඳින බව කථා බහේ දී පළ කරති. ජන දිවියට දහදුක් එකතු වන්නේ බුදු දහමිනි. බුදු හිමියෝ ධම්මපදයේ දී දහදුක් පිළිබඳ අර්ථවත් විග්‍රහයක් ඉදිරිපත් කළ අතර, දහදුක් විඳින්නට හේතු වන කාරණා පිළිබඳවත් දේශනා කළ සේක.

    ඒ අනුව දණ්ඩ වග්ගයේ එන මාතෘකා කළ ගාථා පාඨයෙන් දහදුක් විඳින්නට හේතුවන කාරණාව කියැවෙයි. එයට අනුව යමෙක් දඬුවමට නුසුදුසු වූ නිදොස් පුද්ගලයන් කෙරෙහි ද, කිසිවෙකුට කිසි අයුරකින් වරදක් නොකරන අය කෙරෙහි ද, දුෂ්ට සිතින් ද්වේෂ සහගත සිතින් වැරැදි කරන්නේ ද, දඬුවම් කරන්නේ ද එවැනි අයට දහදුක් විඳින්නට සිදු වන බව බුදු හිමියෝ වදාළහ.

    දහදුක් පිළිබඳ කෙරෙන ධර්ම විග්‍රහයේ දී ඕනෑම කෙනකුට තමන් පෙළන විවිධ දුක්ඛ දෝමනස්සයන්ට හේතුව අවබෝධ කර ගත හැකි ය. ධම්මපද දණ්ඩ වග්ගයට අනුව මේ දුක් දහය විමසා බැලීම වටී.

    🍁 ඵරුසං වේදනං - අත් පා කැඩීම්, කැපීම්, පහර වැදීම් වශයෙන් වන කටුක වේදනා ය. මීට අමතරව සුව කළ නොහැකි බොහෝ කල් පවත්නා හිස සිට දෙපතුළ දක්වා ශාරීරික වේදනා ද මීට ඇතුළත් වේ.

    🍁 ජානිං - ධන පිරිහීමයි. දුක සේ උපයා ගත් සියලු චංචල, නිශ්චල දේපළ ස්වාභවික විපත්වලට හසුවී විනාශ වී යාමයි.

    🍁 සරිරස්ස භෙදනං - සිරුර බිඳීම ය. හදිසි අනතුරු ආදිය හේතුවෙන් ශරීරාංග කැඩී බිඳී යාමයි. ඔත්පළ වීම, විරූපීවීම ආදියත් මීට අයත් වේ.

    🍁 ගරුකං ආබාධං - බලවත් රෝගවලට ගොදුරු වීමයි. මෙලොව දී ලැබෙන සැප අහිමි කරවන කුෂ්ට, පිළිකා හා ඒඩ්ස් ආදී රෝගයි.

    🍁 චිත්තක්ඛේපං - උමතු වීමයි. සිහි විකල් වීමයි. මානසික ආබාධ මෙන් ම යකුන් පිසාචයන් භූතයන් අරක් ගැනීමයි.

    🍁 රාජතො උපස්සග්ගං - රජුන්ගෙන් වන උපද්‍රවයන් ය. උසස් තනතුරු අහිමි වීම, සිරගත වීම, දේපළ රාජසන්තක කිරීම ආදියයි.

    🍁 දාරුනං අබ්භක්ඛානං - අභූත චෝදනාවලට ලක්වීමයි. තමා නොකළ වැරැදිවලට හසුවී බරපතළ ලෙස ලජ්ජාවට පත්වීමයි.

    🍁 පරික්ඛයං ච ඥාතිනං - නෑ හිතමිතුරන් අහිමි වී ගොස් කාත් කවුරුත් නොමැතිව අසරණ වීමයි. දරුවන් විසින් අතරමං කළ දෙමාපියන් ද මේ දුක් විඳින්නේ ය.

    🍁 භොගානං පභංගුරං - භෝග සම්පත් වැනසී යාමයි. කෙත් වතු, අස්වැන්න විනාශ වී යාමයි. රන් රිදී, මුතු මැණික්, මිල මුදල් විවිධ හේතු නිසා වැනසී යාම ද මේ දුක්වලට අයත් වේ.

    🍁 අගාරානි අග්ගි ඩහති - ගේ දොර ගිනි ගෙන දැවී යාමයි. ළැව්ගිනි, සතුරු උපද්‍රව ආදිය හේතුවෙන් තම දේපළ ගින්නෙන් වැනසී යයි. ඇතැම් විට ජීවිත පවා ගින්නෙන් විනාශ වෙයි.

    මේ අනුව මිනිසා දෛනික දිවියේ දී මුහුණ දෙන දුක් දොම්නස් රාශියක් ම මෙම විග්‍රහයට ඇතුළත් වෙයි. සමහරෙක් එම දුක් දොම්නස්වලට හේතුව නොදැන හූල්ලමින්, සුසුම් හෙළමින් ජීවත් වනු විනා එහි හේතුකාරක ධර්මානුකූල ව විමසා එවැනි දහදුක් විඳින්නට හේතු වන අකුසල කර්මවලින් මිදෙන්නට කල්පනා නොකරති.

    බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි. එමෙන් ම කර්මය තමාගේ දායාදයක් වන බවයි. එබැවින් දහදුක් විඳින මිනිසුනි. ඒ ඔබ කළ කර්මයේ විපාකය බව තේරුම් ගෙන සදාචාරාත්මක දිවි පෙවෙතක ඇති වටිනාකම තේරුම් ගැනීමට උත්සාහ ගන්න. සසරේදීවත් දහදුක්වලින් බේරී ජීවත් වන්නට උත්සාහ ගැනීම බුද්ධිමත් බෞද්ධයාගේ වගකීම වන්නේ ය.

    දහදුක් විඳිනවාට වඩා මැරෙන එක සැපක් යැයි ඇතැමෙක් පවසති. එහෙත් මරණයෙන් පසුව ද සුවයක් ලැබිය නොහැකි බව එයින් පෙනේ. අයහපත් කර්ම කළවුන්ට මෙලොව පරලොව දෙකෙහි ම තැවෙන්නට සිදු වන බව ද බුද්ධ දේශනාවයි. මේ ගැන ද සිතා අකුසල කර්මයෙන් මිදී ජීවත් වන්නට කල්පනා කළ යුතු ය.

    දහදුක් පිළිබඳ කෙරෙන දේශනාවේ නිදාන කථාවේ විවරණය වන්නේ මුගලන් මහ රහතන් වහන්සේ පෙළන ලද කර්මයයි. සෘද්ධිමතුන් අතරින් අග තනතුරු ලද මුගලන් තෙරණුවෝ දෙව්ලොවින් ද, දුගතියෙහි උපන් අයගෙන් ද සජීවී නිදසුන් ගෙන කුසල අකුසලයෙහි විපාක පෙන්වමින් දහම් දෙසති. මිනිසුන්ගේ සිත් කුසලට යොමු කරවති. මිථ්‍යා දෘෂ්ටික පිරිස් සම්මා දිට්ඨියෙහි පිහිටුවති. මේ නිසා තීර්ථකයන්ට ලද ලාභ ප්‍රයෝජන අහිමි වී ගියේ ය. ඔවුහු මුගලන් තෙරුන් විනාශ කරන්නට සිතූහ. ඝාතන කල්ලියක් සොයා මසු දහසක් දී මුගලන් තෙරුන් විනාශ කරන්නට කුමන්ත්‍රණ කළහ.

    මුගලන් තෙරුන් ගල්ලෙනක වාසය කරද්දී ඝාතකයෝ තෙරුන් ඝාතනය කරන්නට සූදානම් වූහ. එක් වරක් නොව කීප වරක් ම තෙරුන් වහන්සේ සොරුන් මඟහැර ඝෘද්ධියෙන් පලා ගියහ. පසුව තමන්ගේ පුරාකෘත අකුසල කර්මය මෙනෙහි කොට මේ මරණයෙන් තමාට නොමිදිය හැකි බව තේරුම් ගෙන ගල්ලෙනෙහි ම වැඩ සිටියහ. සොරුන් විසින් තමන්ට රිසි සේ තළා පෙළා මුගලන් තෙරණුවෝ ඝාතනය කෙරුණහ. අජාසත් රජතුමා එම අපරාධය කළවුන් පරීක්ෂා කොට බලා අන්තොටුවන් (අන්‍ය තීර්ථක) පන්සිය දෙනෙකු හා ඝාතකයන් පන්සිය දෙනෙකු කෲර වදහිංසාවලට ලක් කොට මැරවීය.

    ඒ ඇසූ බුදුපියාණෝ උන්වහන්සේගේ පුරාකෘත අකුසල කර්මයෙහි බරපතළ බව පෙන්වා දෙමින් පෙර අත්බවෙක සිය බිරිඳගේ බසට මුළා ව, අන්ධ මහලු දෙමාපියන් වනයට ගෙන ගොස් සොරුන් තළනා ලෙස අඟවා පහර දී රිදවා වනයෙහි දමා ගිය අකුසලයට සසර පුරා විපාක ලබා රහත් වූ ජන්මයෙහිත් විපාක දුන් සැටි පෙන්වා වදාළහ. නිදොස් උතුමනට අවැඩ කිරීමෙන් මෙම දහදුක්වලින් එකකට පැමිණෙන බව හා මරණින් පසු දුගතිගාමී වන අයුරු ද පෙන්වා දුන්හ. මුගලන් තෙරණුවෝ රහත් ව සිටි හෙයින් දුගතිගාමී නොවූහ.

    තමා වැපිරූ බීජවල අස්වැන්න තමාට ම විඳින්නට සිදු වූ අයුරු මෙයින් පෙනේ. තමන් කරන ලද කුසල අකුසල කර්මයන්ට අනුරූප විපාක තමන්ට දායාදයක් ලෙස ලැබෙන බව මේ අනුව අප කල්පනා කළ යුතු ය.

    සාමාන්‍ය ජීවිතයේ දී අප මුහුණ දෙන දුක් දොම්නස් අපගේ ම කර්මයේ ප්‍රතිඵලයකි. ඇතැම් විට අපට අමිහිරි ශාරීරික වේදනා එමෙන් ම ධන හානි හා ශරීරාංග දුබල වීම් බරපතළ රෝගාබාධ, මානසික ව්‍යාධි, අස්ථාන චෝදනා තනතුරුවලින් පහ කිරීම්, සිරගත කිරීම්, නොකළ වැරැදිවලට හසුවීම්, ඥාතීන්ගේ වෙන් වීම්, දරුවන් අහිමි වීම්, දෙමාපියන් අසරණ වීම්, කෙත්වතු විනාශ වී යාම්, ගින්නෙන් සිදුවන හානි ආදී දහදුක්වල ඇතුළත් සියල්ල අහම්බයක් නොවන බව සිතන්න. ඒ සියල්ල කර්ම විපාකවල ප්‍රතිඵලයන් ය. නියාම ධර්මයන්හි එන කර්ම නියාමයයි.

    මේ නිසා, අප ජීවත් වන සමාජයේ දී දෙමාපියන් ඇතුළු නිර්දෝෂී පුද්ගලයන් කෙරෙහි වරදවා කටයුතු කිරීමේ බරපතළ බව අවබෝධ කර ගන්න.

    පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි.
     

    nidarsha91

    Well-known member
  • බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මය අත් නොහැර තමා පසුපසම එන බවකි - කියා කියන්න එපා මචන්. මොකද පන්සල් වලින් උඹව අනිවා හොයාගෙන එනවාමයි ශොට් එක දෙන්න. පන්සල් මේන්ටේන් කරන්නේ ඔය ඇත්ත හන්ගලා. එකටම ඉරන්නෙ කර්ම සැලැස්ම ඔය ලොකු රත්තරන් ගාල තියෙන පොශ් පන්සල් වල එහෙම උන් මේක දැක්කොත් උඹවත් කුදලන් යයි හොඳේ

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Mama nan observe karala tiyenne hoda wena taramata tama karadara wedi.hoda unama mara widiyata kela wenawa.Patta kapati abuse karana unta mukuth leda ne awulak ne.oya patta moda ekek dennekta arenna
     
    • Sad
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Mama nan observe karala tiyenne hoda wena taramata tama karadara wedi.hoda unama mara widiyata kela wenawa.Patta kapati abuse karana unta mukuth leda ne awulak ne.oya patta moda ekek dennekta arenna
    මට නං එහෙම අමරුයි එමියා. සමහර කරන්නම බැරි වෙයි. මට අම්බානකම කෙලවපු එකෙක්ට වුණත් කෙලවෙලාම පල කියන්න තරම් හැකියාවක් නැහැ. ගොනෙක් පොන්නයෙක් වෙන්නෙ නෑ. ඒත්, වෛර කරන්න යන්නෙ නැහැ මචන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    මට නං එහෙම අමරුයි එමියා. සමහර කරන්නම බැරි වෙයි. මට අම්බානකම කෙලවපු එකෙක්ට වුණත් කෙලවෙලාම පල කියන්න තරම් හැකියාවක් නැහැ. ගොනෙක් පොන්නයෙක් වෙන්නෙ නෑ. ඒත්, වෛර කරන්න යන්නෙ නැහැ මචන්
    E unata ubata terenne nedda karmaya ganneth kela karana ekage side eka kiyala
     
    • Like
    Reactions: nidarsha91

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Mama nan observe karala tiyenne hoda wena taramata tama karadara wedi.hoda unama mara widiyata kela wenawa.Patta kapati abuse karana unta mukuth leda ne awulak ne.oya patta moda ekek dennekta arenna

    බලන විදිහට සාපේක්ෂව තමයි පේන්නේ. ඉතින් හරි.
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • බලන විදිහට සාපේක්ෂව තමයි පේන්නේ. ඉතින් හරි.
    මූ කියන දේ බයිල වගේ කියල හිතුනට, මූ කියන දේ මාර ගැඹුරක් එක්ක ලොකු යතාර්ථයක් තියෙනව කියල තේරෙනවා. කාලයක් යනවා දැනෙන්න. ස්තූතියි මචන්
     
    • Like
    Reactions: Fiona Dabare

    nidarsha91

    Well-known member
  • E unata ubata terenne nedda karmaya ganneth kela karana ekage side eka kiyala
    සමාවෙයන් උඹේ අදහසට විරුද්ධ වුණාට මචන්. මගේ අධ්‍යය්නයට අනුව මම නම් එහෙම හිතන්නෙ නැහැ එමියා. මම @Fiona Dabare තරම් ප්‍රඥාවන්ත නැහැ. ඒත් මගෙ තලයෙ හැටියට මම දැකල අවබෝද කරගත්ත දේ එක්ක කිව්වෙ මචන්.
     
    • Like
    Reactions: Emios

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    E unata ubata terenne nedda karmaya ganneth kela karana ekage side eka kiyala

    කෙල වීමට ලක්වීම ගෙවන්න තියන කර්ම විපාකයක් වෙන්න ඇති. කරන එකා අළුත් කර්මයක් හදාගන්නවා. ඉවරයක් නැති සයිකල් එකක්. 😵‍💫
     
    • Like
    Reactions: nidarsha91

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    කොයි විදිහට ද බලන්න ඕන

    කොහි විදිහටද බලන්නේ ඒ විදිහට පෙනෙයි. ඔයාගේ විදිහට බලලා තමයි,
    මහින්ද මහත්තයා අර ඉන්නේ සැපේ
    ඉන්නවා කියලා පෙනිලා තියෙන්නේ.

    ඔයාගේ උපාදාන රූපය (මහින්ද මහත්තයා) ඔයාට තමයි පේන්නේ. වෙන කාටවත් පේන්නැහැ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    කෙල වීමට ලක්වීම ගෙවන්න තියන කර්ම විපාකයක් වෙන්න ඇති. කරන එකා අළුත් කර්මයක් හදාගන්නවා. ඉවරයක් නැති සයිකල් එකක්. 😵‍💫
    Ow api e buddhism igena gatta hindane.dan oka suddekge side eken baluwoth universe eka tanikara kela karana ekage side eka ganne.lot of day to day examples can be seen in real life
     
    • Sad
    Reactions: nidarsha91

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Pennema boruwak unata wenne ekane.

    චිත්‍රපටියක් බලද්දි වෙනවා කියලා පේනවා. ඕකේ වෙන ක්‍රියාකාරිත්වය (ධහමට අනුවනම් පටිච්ච සමුප්පාදය) බලද්දි පේනවා, එන සිග්නල් එකක් නිසා පාට පාට ලයිට් ටිකක් නිවි නිවි පත්තු වෙනවා. චිත්‍රපටිය පේන දේ දැන් වෙලාද ඇත්තටම, නැත්තම් වෙනවා වගේ පෙනිලද?
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • කොහි විදිහටද බලන්නේ ඒ විදිහට පෙනෙයි. ඔයාගේ විදිහට බලලා තමයි,

    ඉන්නවා කියලා පෙනිලා තියෙන්නේ.

    ඔයාගේ උපාදාන රූපය (මහින්ද මහත්තයා) ඔයාට තමයි පේන්නේ. වෙන කාටවත් පේන්නැහැ.
    මේ තැනැත්තා ඉන්නෙ අපිට වඩා ස්ටේජස් ගොඩාක් ඉහලින්. සතුටුයි එහෙම කෙනෙක්ව දැකීමත්. ආයෙ ඉපදෙන කාලෙක මේ අහපු පුරුද්ද වටීවි මේ සයිකල්ස් වලින් එලියෙ දකින්න. පින් සිද්ද වෙනවා මිත්‍රයා.
     
    • Like
    Reactions: Fiona Dabare