බුදු ගුණ මෙනෙහි කරමු

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මාගේ බුදුපියාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කළ සේක. රහසින්වත් පව් නොකළ සේක. දෙවියන් මනුෂ්‍යයන් ඇතුළු හැම දෙනාගෙන්ම ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට ඒකාන්තයෙන් සුදුසුවන සේක.🩵
    🌿

    බු ද්ධානුස්සති භාවනාව සිදු කරන භාවනානුයෝගියා වෙත සිතේ තිබෙන පංච නීවරණ නැති කරගෙන සිත පිරිසුදු කරගත හැකිය. එසේම ලෝභ, දෝස, මෝහ ආදී කෙලෙස්ද දුරුකර ගත හැකිය.
    🌿

    එම නිසා, භාවනා වඩන ඉරියව්වෙන් වාඩි වී දෙනෙත් පියාගෙන බුදුරජාණන් වහන්සේ සිතින් මවාගෙන බුදු ගුණ භාවනාව මෙසේ වඩමු.
    🌿

    🔘
    අරහං බුදු ගුණය.
    මාගේ බුදුපියාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කළ සේක. රහසින්වත් පව් නොකළ සේක. දෙවියන් මනුෂ්‍යයන් ඇතුළු හැම දෙනාගෙන්ම ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට ඒකාන්තයෙන් සුදුසුවන සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ අරහං නම් වන සේක.
    🌿

    🔘
    සම්මා සම්බුද්ධ බුදු ගුණ
    මාගේ බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍යය ඇතුළු සියලු ධර්මයන් මනාව අවබෝධ කරගත් සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම්වන සේක.
    🌿

    🔘
    විජ්ජාචරණ සම්පන්න බුදු ගුණ
    මාගේ බුදුපියාණන් වහන්සේ අෂ්ඨ විද්‍යාවන් මනාව අවබෝධකරගත් සේක. පසළොස් චරණ ධර්මයන් අනුව මනාව හැසුරුණු සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
    🌿

    🔘
    සුගත බුදු ගුණ
    මාගේ බුදුපියාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ යහපත් ශරීරයක් ඇති සේක. යහපත් වූ ගමන් විලාස ඇති සේක. යහපත් වූ ගතිගුණ ඇති සේක. යහපත් වූ සුන්දර වූ නිවනට වැඩිය සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ සුගත නම් වන සේක.
    🌿
    🌸
    🌾

    🔘
    ලෝකවිදු බුදු ගුණ
    මාගේ බුදුපියාණන් වහන්සේ පංචස්කන්ධ ලෝකය, මනුෂ්‍ය ලෝකය, ප්‍රේත ලෝකය, දිව්‍ය ලෝක බ්‍රහ්මලෝක, ඇතුළු සියලු ලෝකයන් පිළිබඳව මනාව අවබෝධ කරගත් සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ ලෝකවිදූ නම්වන සේක.
    🌿

    🔘
    අනුත්තරෝ පුරිසදම්ම සාරථී බුදු ගුණ
    මාගේ බුදුපියාණන් වහන්සේ මෙලොව සිටින අතිඋතුම් කෙනෙක් වන සේක. කිසිම කෙනෙකුට දමනය නොකළ හැකි සත්වයන් මනාව දමනය කොට යහපතෙහි යෙදවූ සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම් වන සේක.
    🌿
    🌸
    🌾

    🔘
    සත්ථා දේවමනුස්සානං බුදු ගුණ
    මාගේ බුදුපියාණන් වහන්සේ දෙවියන්ගේ සහ මනුෂ්‍යයන්ගේ එකම ශාස්තෘවරයාණන් වන සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ සත්ථා දේවමනුස්සානං වන සේක.
    🌿
    🌸
    🌾

    🔘
    බුද්ධ බුදු ගුණ
    මාගේ බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේම ප්‍රඥාවෙන් මනාව අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය ඇතුළු සියලු ධර්මයන් අන් අයටද මනාව අවබෝධ කර දුන් සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ බුද්ධ නම් වන සේක.
    🌿
    🌸
    🌾

    🔘
    භගවා බුදු ගුණ
    මාගේ බුදුපියාණන් වහන්සේ සසර බැඳීමට හේතු වූ සියලු කෙලෙස් ගැටලු නැතිකර දැමූ සේක. දෙවියන් මනුෂ්‍යයන් ඇතුළු හැම දෙනාගෙන්ම පුද පූජා ලැබීමටද ගරු සත්කාර සම්මාන ලැබීමට ද භාග්‍යවන්ත වන සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ භගවා නම් වන සේක.
    🌿
    🌸
    🌾

    මෙසේ බුදුගුණ භාවනාව කරන පින්වත් අයගේ සිතේ පී‍්‍රතිය ඇති වෙනව. ධාරණ ශක්තිය ඇතිවෙනව. සතර අපායට යන්නේ නැත. උතුම් අය ගරු කරනවා. දෙවියන් ආරක්ෂා කරනවා. ශරීරයේ ලේ පිරිසුදු වෙනවා. මුහුණ වර්ණවත් වෙනවා. පව් කරන්නට ලජ්ජාව භය ඇති වෙනවා. නිතර කුසල් කරන්නට සිතෙනව. බුද්ධ රූපය සිතේ තැන්පත් වෙනව. එමනිසා විවේකයක් ලැබෙන හැම වෙලාවකම බුදුගුණ භාවනාව කරන්න. එවිට තෙරුවන් පිළිබඳවම අචල ශ්‍රද්ධාව ඇතිවී නිවන් දකින්නට වාසනාව ලැබේවා
    🌿
    🌸
    🌾

    සාධු සාධු සාධු
    🙏🏻
    🙏🏻
    🙏🏻
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,872
    113
    Mother Earth
    "රහසින්වත් පව් නොකළ සේක."
    ඒ කියන්නේ රහසින් පව් කරාම පව අඩුයි නේ. 😍