බැක්ටීරියා වෛරස් දිලීර නවීන විද්‍යාව දියුණු වීම එක්ක ඇතිවුන සංකල්ප රාශියක්. ඒවා ඔය අර්ථවලින්ම ත්‍රිපිටකයේ තිබෙනවා කියලා තැනක් නම් මෙතෙක් අහලා,කියවලා නැහැ.
බුදුදහම සත්වයෙක් විදිහට සලකන්නෙ මෙන්න මේ කාරණා සැපිරීම මත.
“ස්වාමීනි, සත්ත්වයා සත්ත්වයායයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් සත්ත්වයායයි කියනු ලැබේද?”
“රාධය, රූපයෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශෙෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“වේදනාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ විශෙෂයෙන් ඇළුනේ වෙයිද, එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“සඤ්ඤාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශෙෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“සංස්කාරයන්හි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශෙෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එහෙයින් සත්වයායයි කියනු ලැබේ.
https://suttacentral.net/sn23.2/si/zoysa