බුදු දහමට "මද්‍යම ප්‍රතිපදාවක්" නැත!

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    බුදු හාමුදුරුවෝ මද්‍යම ප්‍රතිපදාව අනුමත කළා නම්, මේ සියල්ල සත්‍ය වෙනවා.

    මම මද්‍යස්ථව සුරා පානය කරනවා<- මද්‍යම ප්‍රතිපදාව දහමට ගැලපෙන්නේ නැත!
    මම මද්‍යස්ථව බොරු කියනවා<- මද්‍යම ප්‍රතිපදාව දහමට ගැලපෙන්නේ නැත!
    මම ඉදල හිටලා සතෙක් මරනවා - හැමදාම නැහැ<- මද්‍යම ප්‍රතිපදාව දහමට ගැලපෙන්නේ නැත!

    මේ අදහසට හේතුව ත්‍රිපිටකය වැරදි ලෙස පරිවර්තනය කිරීම. මිට අදාළ කොටස මම පහතින් එලි දක්වනවා.

    මාඝදී

    වැරදි පරිවර්තනය

    නිවැරිදි අදහස​

    යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො, යො චායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො. එතෙ ඛො, භික්ඛවෙ, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති’’.
    ‘‘කතමා ච සා, භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං ඛො සා, භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
    මහණෙනි, පැවිද්දා විසින් සේවනය නොකළ යුතු මේ දෙකෙළවරකි. (එනම්) ලාමකවූ ගැමියන්ට අයත්වූ පෘථග්ජනයන්ට අයත්වූ උතුම් නොවූ අනර්ථය පිණිස පවතින්නාවූ වස්තු කාමයන්හි ක්ලෙශ කාමය කරණකොට යම් ඇලී වාසය කිරීමක් වේද දුක්වූ ලාමකවූ අනර්ථය පිණිස පවත්නාවූ යම් ඒ කයට දුක් ගෙන දෙන පිළිවෙතක යෙදීමක් වේද යන මේ අන්ත දෙකය.

    “මහණෙනි, ඒ මේ දෙකෙළවරට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ප්‍රඥාචක්ෂුව ඇති කරන්නාවූ, ඥානය ඇති කරන්නාවූ මධ්‍යම ප්‍රතිපදාව කෙලෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්‍යය දැනීම පිණිස චතුස්සත්‍යය අවබෝධය පිණිස නිවන් පිණිස පවතිත්"
    බික්ඛුව! ඔබ විසින් සේවනය නොකළ යුතු අන්ත 2 කකි.

    - වස්තු කාම, කෙලෙස් කාම වලට ඇලී වාසය නොකල යුතුයි
    - කයට දුක් ගෙන දෙන පිළිවෙතක යෙදෙමින් ජිවත් නොවිය යුතුයි

    ඔබ චතුරාර්ය සත්‍ය සහ නිවන අවබෝද කර ගැනීම පිණිස සියලු මත් වීම් වලින් මිදෙන මගකට අවතීර්ණ විය යුතුයි.

    (මේක වචනයන්-වචන පරිවර්තනයක් නොවේ - අදහස පමණයි)

    එතකොට, ඔබට නිවන් අවබෝධ කර ගන්න අවශ්‍ය නම් සියලු මත් වීම් වලින් මිදෙන්න අවශ්‍යයි. බුදු දහමේ මත් වෙන ආකාර 27 විග්‍රහ වෙනවා. ඒවා පහල පෙන්වා දී ඈත.

    නිවන සදහා අවශ්‍ය ප්‍රතිපදාව -> පහත සදහන් 27 ආකාර වූ මත් වීම් වලින් මිදීම​

    1. ජාති මදය - ජාතිය නිසා මත් වීම
    2. ගෝත්‍රය / කුළය නිසා මත් වීම
    3. ආරෝග්‍ය මදය - නිරෝගීකම නිසා මත් වීම
    4. යොබ්බන මදය - තරුණකම නිසා මත් වීම
    5. ජීවිත මදය - ජීවිතය නිසා මත් වීම
    6. ලාභ මදය - ලාභය නිසා මත් වීම
    7. සත්කාර මදය - සත්කාර නිසා මත් වීම
    8. ගරුකාර මදය - ගෞරවය නිසා මත් වීම
    9. පුරික්කාර මදය - කතා කිරීමේ හැකියාව නිසා මත් වීම
    10. පරිවාර මදය - පිරිවර ලැබීම නිසා මත් වීම
    11. භෝග මදය - බව භෝග ගොඩක් ලැබීම නිසා මත් වීම
    12. වන්න මදය - ශරීරය සහ රුපය ලැබීම නිසා මත් වීම
    13. සුත මද - උගත්කම නිසා මත් වීම
    14. පටිභාන මදය - තැනට සුදුසු විදියට කතා කිරීම /වැඩ කිරීම ඒ ගැන මත් වීම
    15. රත්තඥ මදය - රටේ විස්තර ගැන දැනගෙන මත් වීම
    16. අනවන්ඥාණ මදය - නින්දා නොලැබීම. දෝෂාරෝපණය හොඳින් ජීවත් වීම නිසා මත් වීම
    17. සහ අනිත් මද..
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    කිරියෙ ටේබල් ෆෝමැටින්ග් එක සතුටු කඳුලු හෙලන දවසක්. අපි ඔයාව අමතක කරල නෑ මහත්තයෝ ❤️
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,059
    54,741
    113
    Colombo

    උක්කුං පුතේ ඉස්කෝලෙ නැතෙයි ?