බුදු දහමට වැරදි අර්ථකථන

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    බුදු දහමට වැරදි අර්ථකථන

    644395_415920898501420_1107824663_n.jpg


    බුදු දහමට වැරදි අර්ථකථන දෙමින් දහම විකෘති කළ ‍පොත්පත් හා සඟරා දහසක් පමණ දැනට වෙළෙඳ‍පොළේ ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලය කළ සමීක්ෂණයකින් හෙළිවේ. වැරදි අර්ථකථන දෙන මෙම ග්‍රන්ථ සමාජගත කිරීම හරහා බුදු දහමට එරෙහිව විශාල කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි එම ධර්ම පර්යේෂණාලය පවසයි. විශේෂයෙන් මහරහත් හා සෝවාන් යැයි හඳුන්වා ගන්නා උදවිය ලියූ ග්‍රන්ථවලින් එම ධර්ම විරෝධී සංකල්ප සමාජගත කර ඇතැයි හෙළි වී තිබේ. සංයුක්ත නිකායේ පාෂාණ සූත්‍රය එක් ග්‍රන්ථයක හඳුන්වා ඇත්තේ ගල්ගෙඩි පෙරළෙන සූත්‍රය ලෙසින් බවත්, තවත් ග්‍රන්ථයක පටිච්ච සමුප්පාදය යනු ඉනේ බඳින පටියක් යැයි අර්ථ විග්‍රහ කර ඇති බවත්, ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති. තමන්ට රාත්‍රියේදී බුදුරජාණන් වහන්සේ කතා කරන බව සඳහන් කරන අයෙකු බුදුරජාණන් වහන්සේ හා කතා කළා යැයි කියන දේවල් අඩංගු කර ග්‍රන්ථයක් ලියා වෙළෙඳ‍පොළට නිකුත් කර ඇතැයි පර්යේෂණාලය පවසයි. එසේම තවත් පිරිසක් ත්‍රිපිටකය සම්පූර්ණයෙන් විකෘති කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයිද විපස්සි හිමියෝ පවසති. මෙම දහම විකෘති කළ ග්‍රන්ථ නිසා විවිධ පූජා විධි ආරම්භ වීමෙන් සමාජය භක්තිවාදයට යොමු වී ඇතැයිද මෙම සමීක්ෂණයෙන් හෙළි වී ඇත. එසේම විවිධ බෞද්ධ නම් භාවිතා කරමින් නිකුත්කරන එම ග්‍රන්ථවල දහමට අදාළ කිසිදු කරුණක් ඇතුළත් නොකර කාමය උද්දීපනය කරන කරුණු ඇතුළත් කර ඇති බවද හෙළි වී ඇත. නිවැරැදි දහම විකෘති කරන මෙවැනි කුමන්ත්‍රණකාරී ව්‍යාපෘති නිසා අනාගතයේදී නිවැරැදි දේ යටපත් වී වැරැදි දේ සමාජගත වීමට ඉඩ ඇති නිසා බෞද්ධ ග්‍රන්ථ මුද්‍රණය සඳහා වහාම යම් කිසි ක්‍රමවේදයක් යෙදිය යුතුව ඇතැයි ද විපස්සි හිමියෝ පෙන්වා දෙති.
    මෙසේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පවත්වන ධර්ම සාකච්ඡාවලදී ධර්මය පසෙකලා පුද්ගලයන් ඉස්මතු වීම නිසා ඔවුන්ගේ වැරදි මත සමාජගත වන බවත් හෑගොඩ හිමියෝ පෙන්වා දෙති. බෞද්ධ ග්‍රන්ථ මුද්‍රණය කර සමාජගත කිරීමට පෙර ඒවා යම් කිසි බුද්ධි මණ්ඩලයකින් සමීක්ෂණයට ලක් කිරීමට වැඩපිළිවෙළක් වහාම සකස් කළ යුතුව ඇතැයිද විදේ‍යාදය විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි, හෑගොඩ කේමානන්ද නාහිමි, වැලිවිටියේ පුණ්‍යසාර නාහිමි ප්‍රධාන ගිහි පැවිදි විද්වතුන් පිරිසක් එක්ව මෙවැනි ධර්ම විරෝධී හා සාහිත්‍ය විරෝධී මෙන්ම කාමුක අදහස් දෙන සඟරා ‍පොත්පත් එකතුකර 1960 දශකයේදී ගාල්ලේදී ගිනිබත් කළ බවත් හෑගොඩ හිමියෝ ‘ලක්බිම’ට පැවැසූහ.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔව්, මෙහෙම දෙයක් වෙන බව මටත් පේනවා. බුදුදහමට ඇත්තෙන් පහර දෙන එක කරන්න බැරි නිසා තමයි මේ අය මෙහෙම බොරු දාලා ගහන්නේ.
    මට මතකයි කවුද අන්තවාදියෙන් එඩිට් කරපු පොතක ලින්ක් එකක් දාලා "ඌරු මස්" ප්‍රශ්ණය ගැන බොරුවක් ගෙතුවා. අන්තිමට ඌ දාපු පොතේ ලින්ක් එක අරන් බැලුවහම ඒක අමු බොරු ගොඩක්.