කපිල මත්ස්‍යයාගේ කථාව 🐠🙏

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    🌸 කපිල මත්ස්‍යයාගේ කථාව 🐠🙏

    සැවැත් නුවර අචිරවතී නදියෙන් කෙවුලන් පිරිසකට රන්වන් මත්‍ස්‍යයෙක් දැලට අසුවිය. ඔවුහු ඒ රන්වන් මත්ස්‍යයා දැක සතුටුව කොසොල් රජු වෙත ගෙන ගියහ. රජු බුදු සමිදු වෙත ගෙන ගියේය.

    මේ මාළුවා රන්වන් පාට නමුදු මුඛය විවර කළ කල්හි මහා දුඟදක් පිටවේ. මෙතෙම කාශ්‍යප බුදු සසුනේ පැවිදිව අවුරුදු 20000 ක් මහණකම් කළ කෙනෙකි. එකල මොහු ත්‍රිපිටකාධාරී බහුශ්‍රැත ධර්ම කථික භික්ෂුවක් වී සිටියේය.

    ඒ පරියාප්ති ධර්මය දරාගෙන සිටි බැවින්ම පිරිවර ද බොහෝ විය. පිරිවර නිසා බොහෝ ලාභ සත්කාර ද ලැබෙන්නට විය.

    හෙතෙම බහුශ්‍රැත මානයෙන් මත්ව ලාභ තන්හාවෙන් මැඩුණේ අති පණ්ඩිත මානය බැවින් අකැප දෑ කැප ලෙස ද, කැප දෑ අකැප ලෙස ද, වැරදි සහිත දෑ නිවැරදි ලෙසද, නිවැරදි දෑ වැරදි ලෙසද, ධර්ම විනය වරදවා කීය. එහිදී ලජ්ජී පේසල භික්ෂුහු ඔහු හැර දැමූහ.

    පසුව හෙතෙම දුරාචාරයේ යෙදෙමින් කාශ්‍යප සම්බුදු සසුනේ පරියාප්ති ධර්මය පසු බැස් වූ බැවින් කෙළෙසූ බැවින් අවීචී මහා නිරයේ උපන්නේය.

    බුදු සසුනේ පැවිදිව සිටි ඔහුගේ සොයුරු සෝධන තෙරුන් වහන්සේ රහත් වී පිරිනිවුණේය. භික්ෂුණී ශාසනයේ පැවිදිව සිටි සාධිනී නම් මොහුගේ මව හා තාපතා නම් බාල නැගණිය මොහුගේ දෘෂ්ඨි ගෙන පේසල භික්ෂුන්ට ආක්‍රෝෂ පරිභව කොට එම නිරයේම උපන්නීය.

    බුද්ධාන්තරයක්ම අවිචියේ පැසී පසුව අවිචියෙන් මිදී තිරිසන් ආත්මයක් ලැබී මත්ස්‍යයෙකු වී උපන්නේය. පෙර මොහු කාශ්‍යප බුදු සසුනෙ ධර්ම දේශනා කළ බුදු ගුණ කී පිනෙන් රන්වන් විය. භික්ෂුන්ට ආක්‍රෝෂ පරිභව කළ පවින් මුවින් දුඟඳ හමන්නට වූ බව වදාළ සේක.

    (ධම්ම පදට්ඨ කථා - 739 පිට )

    ඇසුර :- කර්ම විපාක - පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි

    ~~~~~~~~~~~~~~~~~~~~

    ⭕ ඔබත් ධර්ම විකෘති කිරීමට වචනයකින් හෝ උපකාර කර ගෞතම බුද්ධ ශාසනයේ පරියාප්ති ධර්මය කෙලෙසීමට සහාය වෙනවාද? එසේ නම් මේ ධර්ම දානය කියවා පවට බිය ඇති කර ගනිත්වා! ⭕

    ෴පන්සිය පනස් ජාතක කතා වස්තුව෴

    💜🙏☸ පන්සිය පනස් ජාතක කථා වස්තුව෴Pansiya Panas Jathaka Katha Wasthuwa ☸️
     
    • Haha
    Reactions: Candid-B

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    තාරකගෙ කට කොහොම ගද ගහයිද කියන කතා වලට. තව අම්ම දිහා බලන් අතේ ගහන හින්ද කලුවට කැතට උපදියි