බුදු දහමේ විද්‍යා ඤාණ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බුදු දහමේ විද්‍යා ඤාණ

    නූතන විද්‍යා අභිබවන බුදු දහමේ විද්‍යා ඤාණ

    තම දැන උගත්කම් අන් අයට හඟවන්නට සිතන, පණ්ඩිත මානයෙන් පිරුණු මානසිකත්වයක් ඇති අය බුදුදහම නවීන විද්‍යා සමඟ සසඳන්නට නොයෙක් අදහස් හා තර්ක විතර්ක මත පළ කරති. එසේම මේ පිළිබඳ ලියැවුණු පොත්ද බහුලව දකින්නට ලැෙයි.

    රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, මනෝ විද්‍යාව, තරකා විද්‍යාව භූගෝල විද්‍යාව, සාගර විද්‍යාව, කෘෂි විද්‍යාව, දේශපාල විද්‍යාව, ආර්ථික විද්‍යාව ආදී මෙකී නොකී විද්‍යා, ප්‍රමාණයෙන් සිය දහස් ගණනක් ඇත. මෙසේ නොයෙකුත් විද්‍යා හා විද්‍යාඥයන් අද ලෝකය පුරාම ඇත. මේ කිසිම විද්‍යාවකට හෝ විද්‍යාඥයකුට දැනට අවුරුදු 2551 කට පෙර සියලු විද්‍යා අවබෝධ කළ අමා මෑණි බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කොට වදාළ ත්‍රි විද්‍යා, අෂ්ට විද්‍යා සහ ලෝක විද්‍යාව ග්‍රහණය කරගන්නට හෝ එය වෙනස් කර විකල්ප ගොඩනගන්නට නොහැකි වී ඇත. ඒ නිසාම බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රි විද්‍යා අෂ්ඨ විද්‍යා ත්‍රි විද්‍යානම්,

    පුබ්බේ නිවාසානුස්සති ඤාණය

    චුතුපපාත ඤාණය

    ආසවක්ඛය ඤාණය යන තුනයි.

    පුබ්බේ නිවාසානුස්සති ඤාණය

    අගක් මුදල් නොපෙනෙන සංසාරයේ පෙර භවයන්හි දී ඉපදී සිටි අයුරු දැන ගන්නා විද්‍යාව පුබ්බේනිවාසානුස්සති ඤාණයයි. බුදුරජාණන් වහන්සේගෙන් පසු එම විද්‍යා පහළ කර ගත් අභිඥාලාභී මහරහතන්වහන්සේ හැරුණු කොට, මෙම විද්‍යා දැනගත් කිසිම විද්‍යාඥයකු ගැන දැනගන්නට නැහැ. පුනර්භවයක් ඇත හෝ නැත යනුවෙන් තර්ත විතර්ක ඉදිරිපත් කරන උගත්තු ලෝකය පුරාම විසිරී සිටිති. මෑත යුගයේ එඩ්ගා කේසී නම් පුද්ගලයන්ගේ් පෙර භව ගැන විශේෂ තොරතුරු හෙළි කළ අයෙකි. පුබ්බේනිවාසානුස්සති ඤාණය නමැති විද්‍යාව නවීන සියලුම විද්‍යා අභිබවා ගිය අසම සම විද්‍යාවකි. එය ගෙවී ගිය සිය වසර 2551 තුළදී මෙන්ම අනාගතයේදී ද කිසිම නවීන විද්‍යාවකින් හෝ නවීන විද්‍යා තාක්ෂණ උපකරණයකට හෝ ග්‍රහණය කර ගැනීමට නොහැකි වන්නකි. සර්වඥයන් වහන්සේ නමකටම විශේෂ වූ කල්ප ගණයක් පෙර භව ගැන කාල, දීප, දේශ සත්ව යෝනි ආදි සියලු තොරතුරු ඉතා නිවැරැදිව ලබාගත හැකි ඥාණය බදු තාක්ෂණික උපකරණයක් මෙතෙක් නිපදවා නැත. එය අනාගතයේදීත් කිසිම දවසක කිසිම විද්‍යාඥයකුට බුදු දහමින් බැහැර වෙනත් විද්‍යාවකින් කළ නොහැකි දෙයකි.

    චුතුපපාත ඤාණය

    මෙයද නවීන විද්‍යාව හමුවේ ඇති අභියෝගයෙකි. සත්වයෙකු මියගිය පසු ඔහු සියලු කෙලෙස් ප්‍රහීණ කළ අයකුª නොවේනම් නැවත කුමන හෝ ප්‍රතිසන්ධි තලයක පුනර්භයක් ලබයි. මෙසේ සත්වයන් මතුª ඉපදෙනවාද? නැද්ද යන්නට පාව නිශ්චිත පිළිතුරක් දීමට අසමත් නවීන විද්‍යාධරයන්ට සත්වයන් නැවත උපදින ස්ථාන තාක්ෂණ උපකරණයකට අසුකර ගැනීමට මෙතෙක් බැරිවූවා මෙන්ම අනාගතයටද එම අභියෝගය එසේම පවතිනවා ඇත.

    ආසවක්ඛය ඤාණය

    නවීන ලෝකයේ බොහෝ ප්‍රශ්න වලට මුල තෘෂ්ණාවයි. යුද ගැටුම්, දේශ සීමා අරගල, බෙදුම්වාදී ත්‍රස්තවාදී ක්‍රියා, ලෝක බලවතුන් වීමේ තරගකාරී ප්‍රයත්න, න්‍යෂ්ටික අවි ආයුධ නිපදවීම් ආදී සෑම විනාශකාරී මුල මිනිසුන්ගේ් සිත් තුළ පහළ වන රාග, ද්වේශ, මෝහ ආදි ක්ලේශම ය. නා නා විධ ක්ලේශ මාන නිසා එකකු පරයා තවකෙක් නැගී සිටීමට දඟලන තරගකාරි මානසිකත්වයක් ලෝකය පුරා වෙසෙන බොහෝ දෙනෙකු තුළ පවතී.

    සිතක පහළ වන කෙළෙස් වර්ග වශයෙන් 1500 ටත් වැඩිය. (අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නා හිමියන්ගේ කෙලෙස් 1500 නමැති ධර්ම පුස්තකයේ ඒ ගැන සඳහන් වෙයි.) මිනිසුන් එකිනෙකා ඇන කොටා ගන්නේත් , හොරකම් කරන්නේත්, බොරු කියන්නේත්, වංචා - කපටිකම් කරන්නේත්, කෙටියෙන් කියනවානම් දස පාප ක්‍රියාම කරන්නේ ඔවුන්ගේ් සිත් තුළ පැලපදියම්ව පවතින කෙළෙස්මල නිසා ය. එවන් මිනිසුන්ගේ සිත් විසින් එම කෙලෙස් ඉවත් කර සිත් පිරිසිදු කිරීමට හැකි වෙනත් නව විද්‍යාවක් මෙතෙක් සොයා ගැනීමට නොහැකිවී ඇත. වෛද්‍ය විද්‍යාවේ ඉගැන්වෙන පංච කර්ම මගින්ද එය කළ නොහැකි ය. කෙලෙස් මල ඉවත් කළ හැකි ඖෂධයක් හෝ සැත්කමක් කිසිම වෛද්‍ය ක්‍රමයක් තුළ දක්නට නොලැබේ. විවිධ විද්‍යා දැනුම් උදෙසා, විද්‍යාජෝති, නොබෙල් ආදි සම්මාන පිරිනැමුණත් ත්‍රිවිද්‍යා නැති විද්‍යා ඤාණ සම්බුද්ධ ශාසන ප්‍රතිපදාවෙන් බැහැර ව කිසි විද්‍යාඥයකුට ලබාගත නොහැකි ය. ලෝක සත්ත්වයන්ට සදාතනික වූ නිවන් සුවය ලබා දෙන සියලු කෙලෙසුන් නිරුද්ධ කිරීමේ විද්‍යාව කිසිම විද්‍යාකට සමකළ නොහැකිය.

    බුදුන්වහන්සේ තම අරිය පර්යේෂණය මගින් පෙන්වා දී ඇති අෂ්ඨ විද්‍යාවක් ගැද දහමෙහි සඳහන් වෙයි.

    විදර්ශනා ඤාණය නම් වූ විද්‍යාව : සෑම දෙයක් පිළිබඳ ව ඇත්ත ඇති සැටියෙන් විනිවිද දැකීමේ විශේෂ නුවණ

    මනෝභය සෘද්ධි ඤාණය - බොහෝ දෙනකු ලෙස පෙනී සිටීම, නොපෙනී සිටීම

    සෘද්ධිවිධ ඤාණය - අහසින්යෑම, දිය මත ඇවිදීම, පොලොවේ කිමිදී යෑම, ගිනිමත සිටීම. (මේ ඤාණලාභීන්ට මෙසේ මේ සෘද්ධි ප්‍රතිහාරයේ පෑමට අද මෙන් යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය නැත.)

    දිව්‍ය ග්‍රෝත ඥානය - දුර පවතින ශබ්ද , යන්ත්‍ර වලටවත් අසුනොවන සියුම් ශබ්ද ආදිය ඇසීමේ විද්‍යාව

    පරචිත්තවිජානන ඤාණය - අනුන්ගේ සිත් දැනගැනීමේ විද්‍යාව (මෙය නූතන මනෝ විද්‍යාව මඟින්වත් මෙතෙක් කළ නොහැකිව තිබේ)

    පුබ්බේනිවාසානුස්මෘති ඤාණය - පෙර භව ගැන දැනීමේ විද්‍යාව (ත්‍රී විද්‍යා යටතේ ද මෙය සඳහන් වෙයි)

    දිව්‍ය චක්ඛු ඤාණය - ඕනෑම දුරක පවතින දෙයක් දැනීමේ විද්‍යාව (මෙය නවීන රූපවාහිනි, චන්ද්‍රිකා, ඉන්ටර්නෙට්ය ආදි තාක්ෂණ මගින් පවා දැකගත නොහැකි තරම් දුර හා සියුම් දෑ දැකගත හැකි විද්‍යාවෙකි

    ආශ්‍රවක්ෂයකර ඤාණය - ආශ්‍රව ක්ෂය කිරීමේ විද්‍යාව (ත්‍රී විද්‍යා යටතේ් ඉහත විස්තර කර ඇත.)

    ගුවන් විදුලි හා දුරකතන මගින් අද දුර ඇති ශබ්ද ඇසීමට හැකි විද්‍යාවක් මෙන්ම දුර පවතින රූප දැකීමට හැකි රූපවාහිනී චන්ද්‍රිකා තාක්ෂණයක් ද ඇතත්, ඉහත අෂ්ට විද්‍යා යටතේ දැක්වෙන විද්‍යාවලට ඒවා කෙසේවත් සමකළ නොහැකියි. ඉහත සියලු විද්‍යා කිසිම බාහිර වස්තුවක් හෝ බලයක් පිළිසරණ කර ගන්නේ නැතිව දාන, ශීල, භාවනා ආදී කුසල් පිළිවෙත් මගින් සිත දියුණු කිරීමේ විශේෂයෙන් භාවනාව මගින් සිත පිරිසුදු කර දියුණු කර ගැනීම මගින් උපදවාගත යුතු ඤාණ විශේෂ වෙයි.

    ලෝක පිළිබඳ විද්‍යාව

    ලෝක ධාතු පිළිබඳ බුදුරජාණන් වහන්සේ නමක් සතු විද්‍යාත්මක විශ්ව දැකීමෙන් අංශුමාත්‍රයක් පමණක්වත් නවීන විද්‍යා තාක්ෂණය තුළින් හෙළිකරගෙන නැත. ලෝක විෂය අචින්ත්‍ය බව බුද්ධ දේශනාවයි. පෘථිවි තලයට දිස්වන ඉර හඳ තත්කාවලට අමතරව, අපට නොපෙනෙන සූර්ය හා චන්ද්‍රයන් විශ්වයේ අප්‍රමාණ සංඛ්‍යාවක් පවතී. ලෝක ධාතු ගැන ෂස්තර දේශනා කොට ඇති බුදුරජාණන්වහන්සේ, ලෝක විෂය පිළිබඳ සිත දැන ගැනීමට අපට නොහැකි බැවින් ඒ ගැන වෙහෙස නොවී බඹයක් පමණ වූ ශරීරය තුළ පවතින ලෝක ස්වභාවය අවබෝධ කර ගන්නා ලෙස වදාළේ ය. එසේම උන්වහන්සේ සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය යැ සකල ලෝකය ත්‍රිවිධ ක්ෂේත්‍රයක් යටතේ අවබෝධ කර ගත් නිසා ලෝකවිදූ නම් විය. මේ අනුව විශ්වය තුළ ජීවින් සිටින ලෝක, සකස් වෙමින් පවතින ලෝක, විනාශ වෙමින් පවතින ලෝක අනන්ත අප්‍රමාණව පැවතුණත් නවීන විද්‍යාව මගින් අභ්‍යාවකාශතරණය කොට මේ දක්වා මිනිසකු පා තබා ඇත්තේ පෘථිවියට ආසන්නම ග්‍රහයා වන සඳ මතට පමණකි. පෘථිවියට ආසන්න තවත් ග්‍රහයන්ගේ තොරතුරු බිඳක් චන්ද්‍රිකා තාක්ෂණය මගින් ලබා ගෙන ඇත.

    බුදුදහම ට අනුව යමෙකුට ලෝකය පිළිබඳව යථාර්ථය අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් ඔහු තම සිත පිරිසුදු කර දියුණු කර ගත යුතුය. ඒ සඳහා තිබෙන ඒකායන මාර්ගය වන්නේ භාවනා ප්‍රඤාව දියුණු කර ගැනීමයි. යමෙක් සතර සතිපට්ඨානය (කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා) වැඩීමෙන් බුද්ධ දේශනාවට අනුව, සත්ව ලෝකය සංස්කාර ලෝක හා අවකාශ ලෝකය පිළිබඳව යථා අවබෝධය ඇතිවේ. මෙසේ විදර්ශනා භාවනා බහුල වශයෙන් වඩන අයකුට ධර්මය තරම් නිවැරැදි විද්‍යාවක් හී බුදුරදුන් හා ශ්‍රාවක පිරිස තරම් උසස් විද්‍යාඥයන් පිරිසක් තවත් නැති බව ප්‍රත්‍යක්ෂවම අවබෝධ වනු ඇත.

    කොබ්බෑවලසුමනදාස වීරසිංහ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
     
    • Like
    Reactions: Dr.Amdan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    .................

    පුබ්බේ නිවාසානුස්සති ඤාණය

    අගක් මුදල් නොපෙනෙන සංසාරයේ පෙර භවයන්හි දී ඉපදී සිටි අයුරු දැන ගන්නා විද්‍යාව පුබ්බේනිවාසානුස්සති ඤාණයයි. බුදුරජාණන් වහන්සේගෙන් පසු එම විද්‍යා පහළ කර ගත් අභිඥාලාභී මහරහතන්වහන්සේ හැරුණු කොට, මෙම විද්‍යා දැනගත් කිසිම විද්‍යාඥයකු ගැන දැනගන්නට නැහැ. පුනර්භවයක් ඇත හෝ නැත යනුවෙන් තර්ත විතර්ක ඉදිරිපත් කරන උගත්තු ලෝකය පුරාම විසිරී සිටිති. මෑත යුගයේ එඩ්ගා කේසී නම් පුද්ගලයන්ගේ් පෙර භව ගැන විශේෂ තොරතුරු හෙළි කළ අයෙකි. පුබ්බේනිවාසානුස්සති ඤාණය නමැති විද්‍යාව නවීන සියලුම විද්‍යා අභිබවා ගිය අසම සම විද්‍යාවකි. එය ගෙවී ගිය සිය වසර 2551 තුළදී මෙන්ම අනාගතයේදී ද කිසිම නවීන විද්‍යාවකින් හෝ නවීන විද්‍යා තාක්ෂණ උපකරණයකට හෝ ග්‍රහණය කර ගැනීමට නොහැකි වන්නකි. සර්වඥයන් වහන්සේ නමකටම විශේෂ වූ කල්ප ගණයක් පෙර භව ගැන කාල, දීප, දේශ සත්ව යෝනි ආදි සියලු තොරතුරු ඉතා නිවැරැදිව ලබාගත හැකි ඥාණය බදු තාක්ෂණික උපකරණයක් මෙතෙක් නිපදවා නැත. එය අනාගතයේදීත් කිසිම දවසක කිසිම විද්‍යාඥයකුට බුදු දහමින් බැහැර වෙනත් විද්‍යාවකින් කළ නොහැකි දෙයකි.
    .........
    කොබ්බෑවලසුමනදාස වීරසිංහ

    :nerd::nerd: මේවා ඇත්තද කියල කොහොමද දන්නේ? :confused: ලබාගන්න ඒවා නිවැරදි කියල කොහොමද දන්නේ? :confused::confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දැන් ඉතින් සමහරක් උබෙන් අහයි මේවා උබ ප්‍රායෝගිකව අවබෝද කරගත්තද කියලා. .
    පාර පෙන්නලා තියෙද්දි ඒ පාරේ යනවා වෙනුවට ගොඩක් අය කරන්නේ ඒ පාරට බැන බැන ඉන්න එක. .
    ඒපාරේ ගිහින් මේදේ ලබාගත්ත කොපමන පිරිසක් හිටියා කිව්වත් පිලිගන්නෙත් නෑ ඒ නොපිලිගන්න අය අඩුම තරමේ මේවා ඇත්තද කියලා අත්හදාබලන්න වත් උත්සහයක් ගන්නේ නෑ. .

    ඒ නිසා කවුරුහරි ඔයවගේ තර්ක ඉදිරිපත්කලොත් ඌව නොසලකා හැරපන් නිකන් උබේ කාලේ අපරාදේ. .
    මේ වගේ ත්‍රේඩ් තව තවත් දාපන් බුද්දිමතුන් කිහිප දෙනෙක්ට හරි මේ දේවල් තේරුම් ගනියි. .

    තෙරුවන් සරණයි. .
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    :cool:
     
    :eek::eek: කොයි දේ ලබාගත්තු ද? ඒවත් කිව්ව දේවල් නේ...? කොහොමද දන්නේ එක ඇත්ත කියල?

    ප්‍රශ්න කරා කියල අවුලක් වෙන්නේ නැහැනේ...:D ප්‍රශ්න නොකරොත් තේරුම් ගන්නත් බැහැනේ..:no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ඉතින් සමහරක් උබෙන් අහයි මේවා උබ ප්‍රායෝගිකව අවබෝද කරගත්තද කියලා. .
    පාර පෙන්නලා තියෙද්දි ඒ පාරේ යනවා වෙනුවට ගොඩක් අය කරන්නේ ඒ පාරට බැන බැන ඉන්න එක. .
    ඒපාරේ ගිහින් මේදේ ලබාගත්ත කොපමන පිරිසක් හිටියා කිව්වත් පිලිගන්නෙත් නෑ ඒ නොපිලිගන්න අය අඩුම තරමේ මේවා ඇත්තද කියලා අත්හදාබලන්න වත් උත්සහයක් ගන්නේ නෑ. .

    ඒ නිසා කවුරුහරි ඔයවගේ තර්ක ඉදිරිපත්කලොත් ඌව නොසලකා හැරපන් නිකන් උබේ කාලේ අපරාදේ. .
    මේ වගේ ත්‍රේඩ් තව තවත් දාපන් බුද්දිමතුන් කිහිප දෙනෙක්ට හරි මේ දේවල් තේරුම් ගනියි. .

    තෙරුවන් සරණයි. .

    :(:sorry::rolleyes::rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඉතින් සමහරක් උබෙන් අහයි මේවා උබ ප්‍රායෝගිකව අවබෝද කරගත්තද කියලා. .
    පාර පෙන්නලා තියෙද්දි ඒ පාරේ යනවා වෙනුවට ගොඩක් අය කරන්නේ ඒ පාරට බැන බැන ඉන්න එක. .
    ඒපාරේ ගිහින් මේදේ ලබාගත්ත කොපමන පිරිසක් හිටියා කිව්වත් පිලිගන්නෙත් නෑ ඒ නොපිලිගන්න අය අඩුම තරමේ මේවා ඇත්තද කියලා අත්හදාබලන්න වත් උත්සහයක් ගන්නේ නෑ. .

    ඒ නිසා කවුරුහරි ඔයවගේ තර්ක ඉදිරිපත්කලොත් ඌව නොසලකා හැරපන් නිකන් උබේ කාලේ අපරාදේ. .
    මේ වගේ ත්‍රේඩ් තව තවත් දාපන් බුද්දිමතුන් කිහිප දෙනෙක්ට හරි මේ දේවල් තේරුම් ගනියි. .

    තෙරුවන් සරණයි. .

    අල්ලාහු අක්බාර් කියල තියෙන දේවලුත් හරිම විද්‍යාත්මකයි. ඇයි අවුල් ද? අවුල් නම් ප්‍රශ්න අහන්න එපා:dull:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    තෙරුවන් සරණයි !! godakk pinn :)

    දැන් ඉතින් සමහරක් උබෙන් අහයි මේවා උබ ප්‍රායෝගිකව අවබෝද කරගත්තද කියලා. .
    පාර පෙන්නලා තියෙද්දි ඒ පාරේ යනවා වෙනුවට ගොඩක් අය කරන්නේ ඒ පාරට බැන බැන ඉන්න එක. .
    ඒපාරේ ගිහින් මේදේ ලබාගත්ත කොපමන පිරිසක් හිටියා කිව්වත් පිලිගන්නෙත් නෑ ඒ නොපිලිගන්න අය අඩුම තරමේ මේවා ඇත්තද කියලා අත්හදාබලන්න වත් උත්සහයක් ගන්නේ නෑ. .

    ඒ නිසා කවුරුහරි ඔයවගේ තර්ක ඉදිරිපත්කලොත් ඌව නොසලකා හැරපන් නිකන් උබේ කාලේ අපරාදේ. .
    මේ වගේ ත්‍රේඩ් තව තවත් දාපන් බුද්දිමතුන් කිහිප දෙනෙක්ට හරි මේ දේවල් තේරුම් ගනියි. .

    තෙරුවන් සරණයි. .

    sira kathawa :)
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් ඉතින් සමහරක් උබෙන් අහයි මේවා උබ ප්‍රායෝගිකව අවබෝද කරගත්තද කියලා. .
    පාර පෙන්නලා තියෙද්දි ඒ පාරේ යනවා වෙනුවට ගොඩක් අය කරන්නේ ඒ පාරට බැන බැන ඉන්න එක. .
    ඒපාරේ ගිහින් මේදේ ලබාගත්ත කොපමන පිරිසක් හිටියා කිව්වත් පිලිගන්නෙත් නෑ ඒ නොපිලිගන්න අය අඩුම තරමේ මේවා ඇත්තද කියලා අත්හදාබලන්න වත් උත්සහයක් ගන්නේ නෑ. .

    ඒ නිසා කවුරුහරි ඔයවගේ තර්ක ඉදිරිපත්කලොත් ඌව නොසලකා හැරපන් නිකන් උබේ කාලේ අපරාදේ. .
    මේ වගේ ත්‍රේඩ් තව තවත් දාපන් බුද්දිමතුන් කිහිප දෙනෙක්ට හරි මේ දේවල් තේරුම් ගනියි. .

    තෙරුවන් සරණයි. .
    බෞද්ධ කියල කියාගත්තු උන් කියනව ඔය කතා ඇත්ත කියල. මුස්ලිම් උන් කියනව අල්ලා ඇත්ත කියල. කතෝලිකයො කියනව දෙවියන් වහන්සේ ඇත්ත කියල. නිර් ආගමිකයො ඔය මුකුත් විශ්වාස කරන්නෙ නතුව විද්‍යාවෙන් ලෝකෙ දියුණු කරනව. ආගම් එක තැන පල් වෙනව.
    Atheism always wins
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බෞද්ධ කියල කියාගත්තු උන් කියනව ඔය කතා ඇත්ත කියල. මුස්ලිම් උන් කියනව අල්ලා ඇත්ත කියල. කතෝලිකයො කියනව දෙවියන් වහන්සේ ඇත්ත කියල. නිර් ආගමිකයො ඔය මුකුත් විශ්වාස කරන්නෙ නතුව විද්‍යාවෙන් ලෝකෙ දියුණු කරනව. ආගම් එක තැන පල් වෙනව.
    Atheism always wins

    යෝග කරල පට්ට වෙන්න ඇඟ හදාගන්නව නේ:lol::lol::lol::lol: