මම තේරෙන විදිහට කියන්නම්..මචන් දන්න කෙනෙක් මේ ප්‍රශ්නවල උත්තර හෝ ඔබේ මතය කියන්නකෝ...
1) බුදු දහම අනුව මේ විශ්වයේ (ජීවය ඇති සියලු ලෝක වල, අමනුස්ස ප්‍රේත හැම ජීවියෙක්ම ගත්තම ) සිටිනා ජීවීන්ගේ එකතුව නියතයක්ද?
2) පෘථිවියේ ජීවීන් ගණන වැඩි වෙනවා කියන්නේ වෙනත් ජීවී ලෝක වල ජීවීන් මෙහි උපත ලැබීමද(පව් පින් අනුව)?
3) කිසිම ලෝකයකට අයත් නැති අලුත්ම ආත්මයක් අලුතින් ඇති විය හැකිද?
බුදු දහම කියන්නේ ස්වභාව ධර්මයගේම පොඩි කොටසක්. බුදු දහමේ "ලෝක චිෂය" කියලා හඳුන්වන්නේ මේ සම්පුර්ණ ස්වභාව ධර්මයාගේ අධ්‍යනය. එතකොට බුදු දහම කියලා කියන්නේ සත්වයෙක් මේ "දුකෙන් නිදහස් වෙන්න ඕන කරන" theories ටිකට. නැතුව සම්පුර්ණ "ලෝක චිෂය" අධ්‍යනය බුදු දහමට අදාල නෑ.
"ලෝක චිෂය",
1. බුදුදහමට අදාළ නැති දෙයක්.
2. එක පුද්ගලයෙකුගේ සීමිත ජිවිත කාලය තුල උගන්නලා ඉවර කරන්න බැරි දෙයක්.
3. සාමාන්‍ය පුද්ගලයෙකුගේ මොලය ඒ හැම දේම අවබෝධ කරන්න පරිමාවක් නැති එකක්.
දැන් බලමු ඔයාගේ ප්‍රශ්න,
1) බුදු දහම අනුව මේ විශ්වයේ (ජීවය ඇති සියලු ලෝක වල, අමනුස්ස ප්‍රේත හැම ජීවියෙක්ම ගත්තම ) සිටිනා ජීවීන්ගේ එකතුව නියතයක්ද?
-- දැනුවත්ව බුද්ධ දේශනා වල එහෙම සඳහනක් නෑ. ඒ වගේම නිර්වාණයට පත් වෙන සත්වයින් system එකෙන් ඉවත් වෙනවා.
2) පෘථිවියේ ජීවීන් ගණන වැඩි වෙනවා කියන්නේ වෙනත් ජීවී ලෝක වල ජීවීන් මෙහි උපත ලැබීමද(පව් පින් අනුව)?
-- සත්වයින් කියන්නේ මිනිස්සු, සත්තු, නිරයේ ඉන්න කට්ටිය, දෙව්‍යලෝක වලට ඉන්න කට්ටිය, පෙරේත බුත ඔක්කොම. ශුද්‍ර ජීවියා කියන්නෙත් සත්වයෙක්. මේ ලෝකේ ශුද්‍ර ජීවියෝ කියක් ඉන්නවද? ඒ අනුව ගත්තම ඉලක්කමක් කියන්න බැරි සත්වයින් ප්‍රමානයක් දැනටමත් මේ system එකේ ඉන්නවා. system එක කිවුවේ පෘථිවිය, දිව්‍යලෝක, බ්‍රහ්මලෝක, නිරය කියන sub systems වලින් හැදිච්ච main system එක. මේ system එකේ සත්වයින් විශ්වයේ අනිත් systems වලට transfer වෙනවද නැද්ද කියන්න මම දන්නේ නෑ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
3) කිසිම ලෝකයකට අයත් නැති අලුත්ම ආත්මයක් අලුතින් ඇති විය හැකිද?
-- බුදු දහම අනුව ඕනෑම ජ්වියෙක් කිසියම් ලෝකයකට අයිති වෙනවා. ඒකයි ජීවින් උප්පත්තිය ලබන ක්‍රම 4ක් දේශනා කරලා තියෙන්නේ. අලුතෙන් හැදෙනවද, නැද්ද, හැදෙනවා නං හැදෙන්නේ කොහොමද, කියන්න කිසිම බුද්ධ දේශනාවක මම දැනුවත්ව සඳහන් වෙන්නේ නෑ.
ඔයාගේ ප්‍රශ්න වල වැඩි කොටස බුදු දහමේ සඳහන් නොවන කරුණු. "සඳහන් නොවේ" කියන්නේ, එහෙම දෙයක් නැහැ කියන එක වත්, බැහැ කියන එකවත්, බුදු රජාණන් වහන්සේ නොදන්නවා කියන එකවත් නෙවේ. බුදු කෙනෙක් මුලික අරමුණ වෙන්නේ සත්වයින් දුකෙන් මුදවාගන්න එක මිසක් "ලෝක චිෂය" උගන්නන එක නෙවේ. "ලෝක චිෂය" කියන්නේ බුදු කෙනෙකුට විතරක් අවබෝධ වෙන විෂය 4න එකක්. නමුත් බුදු රජාණන් වහන්සේ "ලෝක චිෂය" ට අදාළ කරුණු දේශනා කරන අවස්ථා 2ක් මම දැකලා තියනවා.
1. කෙනෙක් ඒ ගැන විශේෂයෙන් ඇහුවොත්.
2. කිසියම් ධර්ම කරුණක් දේශනා කරන්න උවමනා උනොත් ඒ ධර්ම කරුණට අදාළ වල මුලික පසුබිමට අවශ්‍ය කරුණු සඳහා.
ඔයාට ඔය ප්‍රශ්න වල මේ ජිවිතයේදී කිසිම මනුසයෙකුගෙන් හෝ දෙවියෙකුගෙන් හෝ උත්තර හබ වෙන්නේ නෑ. කවදාවත් නෑ.
ඒ නිසා ඔයාට options 2ක් තියනවා.
1. මේ වටිනා අවස්ථාව මග හැර ගන්නේ නැතුව බුද්ධ දහම අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වෙලා යන්න.
2. ඔයා හරියටම target කරලා, මයිත්‍රී බුදු රජාණන් වහන්සේ ගේ කාලේ ඉපදිලා උන් වහන්සේගෙන් අහලා දැනගන්න.
නමුත් ඉහත option 2 ට ඔයාට ටිලියන ගානකින් 1 ක වත් සම්බවිතාවක් වත් නැහැ කියන එක මම කියන්න ඕන. එක හරියට option 2 කියලා එකක් නැති එකටම සමානයි.
තව දෙයක්, "ලෝක චිෂය" ඉගන ගත්තා කියලා හෝ ඔයාගේ ඔය ප්‍රශ්න වලට උත්තර් ලැබුනා හෝ කියලා ඔයාට ලැබෙන කිසිම කෙහෙල්මලක් නෑ. අර black holes ගැන කියවල දැන ගන්න එකේ අනිත් එක ඕක. black holes ගැන දන ගත්තා කියලා මොනවා කරන්නද? ඒ වගේ තමයි. දැන් මගෙත් එක්ක එල්ලෙන්න එන්න කලින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තමන්ට පෞද්ගලිකව black holes ගැන දැනුමෙන් ඇති පලය මොකද්ද කියලා.