බුදු දහම අනුව සියළු ජීවීන්ගේ එකතුව නියතයක්ද?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    මචන් දන්න කෙනෙක් මේ ප්‍රශ්නවල උත්තර හෝ ඔබේ මතය කියන්නකෝ...

    1) බුදු දහම අනුව මේ විශ්වයේ (ජීවය ඇති සියලු ලෝක වල, අමනුස්ස ප්‍රේත හැම ජීවියෙක්ම ගත්තම ) සිටිනා ජීවීන්ගේ එකතුව නියතයක්ද?

    2) පෘථිවියේ ජීවීන් ගණන වැඩි වෙනවා කියන්නේ වෙනත් ජීවී ලෝක වල ජීවීන් මෙහි උපත ලැබීමද(පව් පින් අනුව)?

    3) කිසිම ලෝකයකට අයත් නැති අලුත්ම ආත්මයක් අලුතින් ඇති විය හැකිද?
    ado bokka,matath oya scene ekama oya vidihatama hithuna bn,eth katha karanna ekek idiye ne.
     
    • Like
    Reactions: LANKAT

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,101
    1
    58,447
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැම කෙනෙක්ම විශ්වයට මතුවුනේ එකම මොහොතක නම් ආයෙ එහෙම වෙන්නෙ නැත්නම් මේ වෙනකොට ඉන්න ජීවී සංඛ්‍යාව නියතයක් වෙනව. ඊඳල හිටල නිවන් යන එකෙක් නොසලකා ඉන්න පුලුවන්.

    ඔය ප්‍රශ්නෙට උත්තරයක් බුදුහාමුදුරුවන්ටත් තිබිල නෑ. ඒකයි කියල තියෙන්නෙ ඊතලේ විද්ද කෙනා හොයන්නෙ නැතුව තුවාලෙට බෙහෙත් කරන්න කියල
     
    • Like
    Reactions: LANKAT

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,990

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    This is not exactly the answer to the questions raised.... but will provide an insight. :P

    A group of hyper-intelligent pan-dimensional beings demand to learn the Answer to the Ultimate Question of Life, The Universe, and Everything from the supercomputer Deep Thought, specially built for this purpose.
    It takes Deep Thought 7 1⁄2 million years to compute and check the answer, which turns out to be 42. Deep Thought points out that the answer seems meaningless because the beings who instructed it never knew what the question was.

    PS: But later on the well known theoretical physicist Richard Feynman found that the answer is not really 42 as Deep Thought had calculated, but it's really is 1/137 and called it “one of the greatest damn mysteries of physics: a magic number that comes to us with no understanding”.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,773
    113
    මේ කතාව නම් ඇත්ත. ඔය දේවල් ගැන දන්නෙ බුදු කෙනෙක්ම පමණයි. ඔය දේවල් නිවන් මාර්ගයේ යන්න අදාල නැති නිසා තමයි බුදු හාමුදුරුවෝ ඕවා මිනිස්සුන්ට දේශනා කරේ නැත්තෙත්.

    මම අහලා තියෙන විදිහට මට හිතෙන දේ කියන්නම්. ඒකෙ හරි වැරැද්ද ගැන මම නොදනී :P

    1) බුදු දහම අනුව මේ විශ්වයේ (ජීවය ඇති සියලු ලෝක වල, අමනුස්ස ප්‍රේත හැම ජීවියෙක්ම ගත්තම ) සිටිනා ජීවීන්ගේ එකතුව නියතයක්ද?

    එකතුව නියතයක් කියලා කියන්න බෑ හරියටම මොකද මම සමහර ධර්ම දේශනා වල අහලා තියෙනවා මේ ලෝකේ මැරෙන මිනිස්සු වෙන සක්වලවල් වල උපදිනවා කියලා. උදා: කල්ප අවසානයේ මහා බ්රහ්මයත් ඇතුළුව ඊට පහලින් තියෙන සියලුම ලෝක විනාස වෙනවා (මට මතක විදිහට මහා බ්රහ්මයේ ඉඳන්. වැරදි නම් නිවැරදි කරන්න) මහාබ්‍රහ්මය, බ්‍රහ්මපුරෝහිතය, බ්‍රහ්මපාරිසජ්ජය, දිව්‍ය ලෝක 6, මිනිස් ලොව, ප්‍රේත, අසුර, තිරිසන්, නිරය කියන මේ හැම ලෝකෙකම ඉන්න සත්වයෝ කල්ප අවසානයේදී තමන් ඉන්න ලෝකෙන් චුත වෙලා ආභස්සර බ්‍රහ්ම ලෝකේ ගිහින් උපදිනවා. නැවත ජිවින්ට ජිවත්වීමට සුදුසු පරිසරයක් සකස් වෙනකන්ම ඔවුන් ආභස්සර බ්‍රහ්ම ලෝකෙට වෙලා ඉන්නවා. ආනන්තරීය පාපකර්මයක් කරපු කෙනෙක් වුනත් ඔය වෙලාවේදී ආභස්සර බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඒ වුනාට ධර්මයේ සදහන් වෙනවා මිත්‍යා දෘෂ්ටියේ ඉඳලා අපායට වැටුන කෙනෙක් නම් ඒ සත්වයා ආභස්සර බ්‍රහ්ම ලෝකෙට යන්නේ නැතුව වෙනත් සක්වලක තියෙන නිරයකට වටෙනවලු. ඔය එක සිද්දියක් විටරනෙ. ඔය වගේ තව කොච්චර ඇතිද.

    2) පෘථිවියේ ජීවීන් ගණන වැඩි වෙනවා කියන්නේ වෙනත් ජීවී ලෝක වල ජීවීන් මෙහි උපත ලැබීමද(පව් පින් අනුව)?

    අපි මේ ඉන්න සක්වලට කියන්නෙ මගුල් සක්වල කියලනේ. ධර්මයේ සඳහන් වෙන විදිහට නම් බුදු කෙනෙක් පහල වෙන්නෙ මේ අපි ඉන්න පෘථිවියේ විතරයි. අපිට ඉතින් හරියටම කියන්න බෑ ඕවගේ ඇත්ත නැත්ත. මොකද අපි ධර්මය ඉගෙනගන්නේ ත්‍රිපිටකයෙන්නෙ. මේ විශ්වයේ අනන්ත අප්‍රමාණ සක්වලවල්
    ප්‍රමාණයක් තියෙනවනෙ. මේක මගුල් සක්වල කියලා අපි ගත්තොත් එහෙම ඔය අනිත් සක්වලවල් වල ඉන්න සත්වයොන්ටත් ගොඩක් පින් කරන්න ඕනේ ඇති මේ මගුල් සක්වලේ ඉපදෙන්න. එහෙම බැලුවොත් මේ ඔයා කියලා තියෙන එකත් එක හේතුවක් වෙනවා පෘථිවියේ ජනගහනය වැඩිවෙන්න. ඒක එක හේතුවක් විතරයි. තව දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, අසුර, තිරිසන්, නිරය කියන මේ ලෝක වල ආයු කාලය ගෙවලා ඉවර වෙලා නැවත මේ පෘථිවියේ භවය සකස් වෙන්න පුළුවන් ඒ ඒ සත්වයාගේ කර්මය පලදීම අනුව. එතකොට ඒ දේවලුත් හේතුවක් වෙනවා පෘථිවියේ ජනගහනය වැඩි වෙන්න. තව දෙයක් කියන්න ඕනේ ඔය කර්ම විෂය කියන්නෙත් බුදුන්ට අයිති දෙයක්. ඒ කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්ට තියා සැරියුත් මුගලන් රහතන් වහන්සේලටවත් බෑ කර්මය, කර්ම පල දීම ගැන සියලුම දේ කියන්න. එකත් හරියට ලෝකයේ ආරම්භය අවසානය, විෂවයේ කෙලවර වගේ කෙළවරක් නැති දෙයක්.

    3)
    කිසිම ලෝකයකට අයත් නැති අලුත්ම ආත්මයක් අලුතින් ඇති විය හැකිද?

    බෑ. අපේ මේ විඥ්ඥාණය වුනත් කොහෙන් පටන්ගත්තද කියලා කියන්න බෑ. මන් උඩින් කියල තියෙනවා වගේ එකෙත් ආරම්භයක් නෑ. මේ දේවලුත් දකින්න පුළුවන් බුදු කෙනෙක්ට පමණයි.

    මේ උඩ maxtalker කියල තියෙනවා වගේ මේ දේවල් ගැන හෙව්වා කියලා, මේ දේවල් ගැන දැනගත්තා කියලා එකෙන් අපිට ඇති වැඩක් නෑ. කරන්න ඕනේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය වටහාගෙන ඒ පාරේ යන එක. බුද්ධ විෂය, ඉඬි විෂය , කම්ම විෂය හා ලෝක විෂයය කියන මේ හතරට සතර අචින්ත්‍ය ධර්මයන් කියලා කියනවා. සාමාන්‍ය මනුස්සයෙක්ට කවදාවත් මේ දේවල් ගැන හිතුවා කියලා ඔය දේවල් තේරුම් ගන්න බෑ. අන්තිමට පිස්සෙක් වෙලා තමයි නතර වෙන්න වෙන්නෙ.
    Hodtama pahadili kirima karala tiyenawa
     
    • Like
    Reactions: LANKAT

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මමය මාගේය කියන බැදිම නිසා අපි මේ වගේ ඉන්නවා මම නම් හිතන්නේ
    අපි අපිටම කියල ආත්මයක් හදාගෙන තියෙනවා මේ තණ්හාව ආසාවල් වගේ දේවල් නිසා
    ඒවා ප්‍රහින කලොත් අපිට අල්ල ගන්න දෙයක් නැ
    නැති වෙන්න දෙයක් නැ නිර්වාණයට සමාන වෙනවා
    කරපු හොද නරක උනත් බලපාන්නේ නැ
    කොටින්ම ඉපදෙන්නෙත් නැ කොහෙවත්
    මුකුත් නැති වෙන්ව
    අපි නින්දක් නිදා ගත්තම උදේ නැගිටිනකන් මොකුත් දැන් නැ ඒ වගේ වෙන්නැති නිවනත්
     
    • Like
    Reactions: NRTG and LANKAT

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    This is not exactly the answer to the questions raised.... but will provide an insight. :P

    A group of hyper-intelligent pan-dimensional beings demand to learn the Answer to the Ultimate Question of Life, The Universe, and Everything from the supercomputer Deep Thought, specially built for this purpose.
    It takes Deep Thought 7 1⁄2 million years to compute and check the answer, which turns out to be 42. Deep Thought points out that the answer seems meaningless because the beings who instructed it never knew what the question was.

    PS: But later on the well known theoretical physicist Richard Feynman found that the answer is not really 42 as Deep Thought had calculated, but it's really is 1/137 and called it “one of the greatest damn mysteries of physics: a magic number that comes to us with no understanding”.
    Hitchhikers guide to the galaxy එකේ නේද ඕක තියෙන්නේ .
    1/137, මේ මොකක් ගැනද කියන්නේ ?
     
    • Like
    Reactions: LANKAT

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    Hope this may help a little,it means birth at any place is possible

    In the Maha-Saccaka Sutta of the Majjhima Nikaya of the Pali Canon, Gautama Buddha said:

    In the Itivuttaka edition of the Khuddaka Nikaya and in the Māpuññabhāyi Sutta of the Anguttara Nikaya, the Buddha told about his past lives:
    සිංහල valin දාන්න බුද්ධාගම english posh ද
     
    • Like
    Reactions: LANKAT
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බුදු හාමුදුරුවො තමා යේක වදාරලා තීනවා , ලෝකෙ ඉන්න හැම කෙනාම නිවන් දකිනවා කීලා. ඒත් ශංශාරේ ඉවර වෙන්නෙ නැති ලු. යේක කියන්නේ ඔක්කොම ඉන්න ජීවීන් ගාණ ගැනල ඉවර කොරන්ඩ බේ. අනන්තයි. එතින් නියත නෙවෙයි.
     
    • Like
    Reactions: LANKAT

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    Typical sinhalese
    When we express Buddhist thoughts in English. English vocabulary not provide the correct meaning or the feeling so please....මාස්ක් එක ඔලුවට දාන බණ අහන්නේ ඔන්න එහෙම අය තමා

    And this is written by.me what a poor mind
     
    Last edited:
    • Like
    Reactions: LANKAT

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,990
    113
    When we express Buddhist thoughts in English. English vocabulary not provide the correct meaning or the feeling so please....මාස්ක් එක ඔලුවට දාන බණ අහන්නේ ඔන්න එහෙම අය තමා

    Net eke tiyena ekak copy karala damme sweetheart
     
    • Like
    Reactions: LANKAT

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    බුදු හාමුදුරුවො තමා යේක වදාරලා තීනවා , ලෝකෙ ඉන්න හැම කෙනාම නිවන් දකිනවා කීලා. ඒත් ශංශාරේ ඉවර වෙන්නෙ නැති ලු. යේක කියන්නේ ඔක්කොම ඉන්න ජීවීන් ගාණ ගැනල ඉවර කොරන්ඩ බේ. අනන්තයි. එතින් නියත නෙවෙයි.
    ලෝකෙ ඉන්න හැම කෙනාම නිවන් දකිනවා කීලා. ඒත් ශංශාරේ ඉවර වෙන්නෙ නැති ලු......< නිවන් දැක්ක කෙනාගේ සංසාරයට මොකද වෙන්නේ>. මේ varahan ඇතුලේ අදහස varadi
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ලෝකෙ ඉන්න හැම කෙනාම නිවන් දකිනවා කීලා. ඒත් ශංශාරේ ඉවර වෙන්නෙ නැති ලු......< නිවන් දැක්ක කෙනාගේ සංසාරයට මොකද වෙන්නේ>
    යේක මේකට අදාල නෑනේ මාත්තියා !
     
    • Like
    Reactions: LANKAT