බුදු දහම හදවතින් සහ මොළයෙන්

hpalpola

Well-known member
  • බුදු දහම හදවතින් සහ මොළයෙන්.

    මෑත කාලයේ දී තරම් බුදු දහමට කරදර පීඩා පැමිණෙන කාලයක් ලංකාවේ කාලිංග මාඝ යුගයේදී හෝ තිබූ බවක් පෙනී යන්නේ නැත. කාලිංග මාඝත් සමහර විහාර ආරක්ෂා කරනු ලැබුවේ ය. නමුත් වර්තමානයේදී සිංහලයන් විසින් ම බෞද්ධ විහාර නිධන් සොයමින් විනාශ කරන අතරේ බෞද්ධයන් අතරෙන් ම පැන නැගුණු මුග්ධයන් බුදු දහමේ මූලික හරයන් පවා වෙනස් කරමින් තම මතයන් ඇතුල් කරමින් බුදු දහම අන්තර්ධාන කිරීමේ උත්සාහයේ යෙදී සිටී. මේ තත්ත්වයන් නිසා විචක්ශනශීලීව බුදු දහම අනුගමනය කරන්නා වූ සහ බුදු දහම අනුගමනය කිරීමට උත්සාහ කරන්නන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. මීට මෑත කාලයෙන් ලැබෙන හොඳම නිදසුන එක්තරා මහණක් විසින් මුෂාවාදා කීමේ ප්‍රතිඵලයක් ලෙසින් ගැහැණු දරුවන් උපදින බව කීමත්, පසුව වැඩේ වැරදුන විට චේතිය ජාතකයට අනුව මුෂාවාදා කීමේ ප්‍රතිඵලයක් ලෙසින් පිරිමි දරුවන් ද උපදින බවට කීමට කටයුතු කිරීමයි. මේ කියනා සම්ප්‍රප්ඵලාපත් බුදු දහමැයි කියා අසන්නෝ සිටිති. ඒ තැනට අසන්නා පත් කිරීමට තරම් ධර්ම ප්‍රතිරූපකයෝ දක්ෂ ය. එය එසේ තිබියදෙන්.

    මේ ලිපිය තුළින් මා සාකච්ඡා කිරිමට බලාපොරොත්තුවන්නේ බුදු දහම පිළිබඳව අතීත යුරෝපීයන් තුළ පැවැති දැක්ම පිළිබඳව ය. එහිදී විශේෂයෙන් ම යුරෝපය තුළ බුදු දහම ගැන කතිකා කළ අයුරු පිළිබඳව සටහන් තැබීමට අදහස් කරමි. එදා කතා කළ බුදු දහමත් අද කතා කරන බුදු දහමත් අතර යම් වෙනසක් පවතින්නේදැයි ඒ ඔස්සේ ඔබට මොළයෙන් කල්පනා කර බැලීමට අවශ්‍ය පාර කැපීමට මා උත්සාහ කරමි.

    ශ්‍රී ලංකාවේ ඉන්නා එක්තරා කොටසක් කුමක් හෝ හේතුවකට මෑත කාලයේ දී බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ යැයි මතයක් ප්‍රචලිත කිරීමට දාඩිය මහන්සිය වගුරයි. ඒ සඳහා වාද විවාද කරයි. එය එසේ නොවන බවට වන වාද විවාද ය පවතී. බුදුරජාණන්වහන්සේගේ ධර්මය ශ්‍රී ලංකාවට පැමිණියේ වංශකතාවට අනුව ක්‍රි.පූ.2 – 3 සියවස්වල ය. ඒ දේවානම්පියතිස්ස රාජ කාලයේ දී මහින්ද රහතන්වහන්සේගේ පැමිණීමෙනි. කෙසේවෙතත් වංශකතාවම අපට කියන්නේ ක්‍රි.පූ.4 -5 සියවසේ දී බුදුරජාණන්වහන්සේ ලංකාවට තෙවරක් වැඩම කළ බවත්, ඒ අවස්ථාවලදී ධර්මය ඇසූ ලාංකිකයන් මාර්ග ඵල ලබා ගත් බවයි. අද අපි බැතියෙන් අදහන සුමන සමන් දෙවියන් ඉන් එක් අයෙකි. අටුවාවට අනුව සමන් දෙවියන් විසින් නිර්මාණය කළ මහියංගන සෑයට, බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පැවැති ධාතු බෙදා දීමේ දී ග්‍රීවා ධාතූන්වහන්සේ ලබා ගත් සරභු රහතන්වහන්සේ විසින් එය පරිත්‍යාග කර තිබේ. වංශකතාවේ දැක්වෙන ආකාරයට බුද්ධ කාලයේ දී ලංකාවේ චෛත්‍යන් කීපයක් ම නිර්මාණය වී ඇත්තේ බුදුරජාණන්වහන්සේ වැඩ සිටි ස්ථානවලදී ය. ඒ නාගදීපයේ රාජායතනය, මහියංගනය, කැළණිය, කිරි වෙහෙර ඒ අතර වේ. මීට අමතරව ලෝකයේ මිනිසුන් විසින් ගෞතම බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් කළ මුල් ම චෛත්‍යය ඉදි වන්නේ ත් ලංකාවේ ය. ඒ තපස්සු භල්ලුක් වෙළඳ දෙබෑයන් විසිනි. මේවායේ ඓතිහාසික තත්ත්වය කෙසේවෙතත් වංශකතාවේ ඒ බව සඳහන් වේ. ඒ අනුව බැලූ විට දේවානම්පියතිස්ස කාලය වන විට ලංකාවේ යම් ආකාරයකට බුදු දහම නැත්නම් බුදුරජාණන්වහන්සේ ගැන දැනුමක් සිටි අය සිටි බව අමුතුවෙන් කිව යුතු නොවේ. විශේෂයෙන් ම නාග වංශිකයෝ සහ යක්ඛ වංශිකයෝ බුදුරජාණන්වහන්සේ ගැන දැනුවත්ව සිටි අය වේ. ඒ කෙසේවෙතත් දේවානම්පියතිස්ස සමයේ දී බුදු දහම අශෝක රජුගේ සහායකත්වයෙන් ලංකාවට ලැබුණු බව වංශකතාවේ දැක් වේ. අටුවාවේද ඒ බව සඳහන් වේ.

    අශෝක රජුගේ රාජ්‍ය කාලයට පෙර මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාව බලා ගමන ඇරඹූ අතර චන්ද්‍රගුප්ත නම් රාජ්‍ය කාලයේ දී ඔහුගේ මරණය ද සිදු වේ. චන්ද්‍රගුප්ත නැත්නම් චන්ද්‍රකොට්ටස් අශෝකගේ සීයා ය. මේ චන්ද්‍රෙකාට්ටස්ගේ රාජ සභාවේ සිටි එක් වැදගත් චරිතයක් වූයේ මෙගැස්තනීස් ය. මේ මෙගැස්තනීස් වැදගත් වන්නේ වෙනත් කිසිවක් නිසා නොව, ඔහු විසින් චන්ද්‍රගුප්ත ගැන පමණක් නොව ඒ කාලයේ දී ඔහුට අසන්නට දකින්නට ලැබුණු දේ ලියා තැබූ නිසාවෙනි. මොහුගේ කාලය ක්‍රි.පූ. 350 – 290 ලෙස සාමාන්‍යයෙන් පිළිගනී. මෞර්ය ඉන්දියාව තුළ මෙගැස්තනීස්, 1 වන සෙල්‍යුලස් නිකේටර්ගේ රාජ්‍ය දූතයා ලෙසින් කටයුතු කළේ ය. මොහු විසින් රචනා කළ ‘ඉන්දිකා‘ කෘතිය අද හැඳින්වෙන්නේ අතුරුදන් වූ කෘතියක් ලෙසිනි. ඉන්දිකා කෘතිය තුළ ඔහු දුටු ඉන්දියාව සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කර තිබේ. අද අපි ඉන්දිකා ගැන කියවන්නේ ඒ පොතේ උපුටන රැගෙන පසු කාලීනව ස්ට්‍රාබෝ, දියොදෝරස් සික්‍යුලස්, ප්ලීනි, ඇරෙයන් ආදීන් ලියා ඇති කෘතීන් ඇසුරෙනි. මින් ඇරෙයන් ද ‘ඉන්දිකා‘ නමින් කෘතියක් ඉන්දියාව ගැන ලියා තිබේ. මින් මේ ලිපිය සඳහා මා ආශ්‍රය කරගන්නේ ස්ට්‍රාබෝ ‘ජියෝග්‍රෆි‘ කෘතියේ 15 වන වෙළුමේ දී උපුටා දක්වා ඇති ඉන්දියාව සම්බන්ධ කරුණු ය. එසේම එහිදීත් මා කථා කරන්නේ බුදු දහම ගැන හඳුනා ගත හැකි කරුණු සම්බන්ධයෙනි.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    didnt read family guy GIF
    haters gonna hate didnt read GIF
    Elmo Reaction GIF by MOODMAN
    Reaction GIF by MOODMAN
    didnt read rashida jones GIF by Tiffany
    idc laughing GIF
    honey badger lol GIF
    didnt read GIF
    dont care lol GIF
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    නියම ලිපියක්
    කුරුසත්‍රස්තයන් ට සක්කිලි ජෙප්පන්ට ඉන්න බෑ ඉත්තෑවො දුවනවා
     

    hpalpola

    Well-known member
  • ඉතිහාසය හැදෑරීමේ දී රචකයන්ගේ කෘති ද මූලාශ්‍ර ලෙස සලකයි. බුදු දහමේ ඉතිහාසයට ද එය වලංගුය. බුදු දහමේ පැරණිම ස්වභාවය ගැන කියවෙන පැරණිම පද්ධති ලෙස ඒ අනුව අතීත පියරවාදය (මේ එලිස් හි පියරේ (Pyrrho)ගේ ඉගැන්වීම් වේ.) හා පිලියස් හි ටිමොන් (Timon) ගේ ඉගැන්වීම් හඳුනාගත හැකි වේ.

    ලංකාවේ වංශකතා ද මුල් බුදුසමය ගැන කරුණු දක්වන්නේ නමුත් ඒවා මහා විහාරයට පක්ෂග්‍රාහීව සිදු කරයි. අභයගිරි ගුරුකුලය ක්‍රියාත්මකව පවතින කාලයේ දී ලියැවෙන දීපවංශය හා මහාවංශය තුල අභයගිරි ගුරුකුලයේ ඉගැන්වීම් ගැන සඳහන් නැත. එහි ඇත්තේ මහා විහාරයේ ඉගැන්වීම්ය. මේ නිසා බුද්ධ පරිනිර්වාණයෙන් පසු තෙවන ධර්ම සංගායනාව දක්වා පැවති සහ වෙනස් වුණු බුදුදහම ගැන ද ඉන්පෙර බුදුදහම ගැන ද ඉගැන්වෙන්නේ ථෙරවාදයට අදාළවය. එය එසේවුවත් අභයගිරි ගුරුකුලයේ ඉගැන්වීම් අද වන විට ලංකාව පුරා බුදුසමය තුල ජනප්‍රියව ඇති අතර එදාද එසේ තිබෙන්නට ඇතුවාට සැක නැත. මන්දයත් එම ඉගැන්වීම් ඉක්මනින් සිත් ගන්නා සුළු නිසාවෙනි. එසේම ත්‍රිපිටකයට ද යම් අවස්ථාවලදී කොතරම් වැළැක්වුවත් එම ඉගැන්වීම් ඇතුල් වී ඇත. නිදසුනකට පුබ්බකම්මපිලෝතිකාවදාන සූත්‍රය. මෙනිසා මුල් බුදුසමය ගැන ඉගැනීමේ දී ලංකාවේ සාහිත්‍යය තුලින් එතරම් සාධාරණ පිටුවහලක් නොලැබේ.

    පෙර කී පියරේගේ ඉගැන්වීම්, ටිමොන්ගේ ඉගැන්වීම් බොහෝ දුරට මුල් බුදුසමය සමඟ ගැලපේ. එම ඉගැන්වීම් සමඟ ශක - කුෂාණ කාලයේ දී බුදුදහමට එකතු වූ අදහස් ගැටී නැත. අද වන විට බුදුසමය තුල ඇත්තේ එම වෙනස්කම් ද සහිතව ඇති ඉගැන්වීම් ය. මුෂාවාද නිසා ගැහැණුන් ඉපදෙන බවට බණ කීමේ හේතුව එයයි.

    අද අපි කථාකරන සංඝ සමාජයද කුෂාණ - ශක යුගයේ දී බිහිවූවකි. තවත් දේ ඇතත් ඒ සියල්ල මෙහි දී මා සඳහන් නොකරමි. කෙසේවෙතත් බුද්ධ වන්දනාව පවා බුදු සමයට එකතු වන්නේ ශක - කුෂාණ කාලයේ දීය. ඒ බව දන්නෝ දනිති.

    මේ වෙනස්කම් බුදු සමයට එකතු වන්නේ ක්‍රි.පූ. 304 න් පසුව බව කිව යුතුය. මන්දයත් පියරේ ක්‍රි.පූ 330 – 325 අතර කාලයේ ද මෙගස්තනීස් ක්‍රි.පූ 305 – 304 කාලයේ ද ඉන්දියාවට පැමිණ තිබීම නිසාවෙනි. මොවුන්ගෙන් අයකු දාර්ශනිකයෙකි. ඒ පියරේ වේ. ඔහුගේ ඉගැන්වීම් බුදු දහමෙන් පෝෂණය ලබා ඇත. මෙගස්තනීස්, ඔහු චනද්‍රගුප්ත මෞර්‍යෙග් රාජ සභාවේ සිටි ග්‍රීක රාජ දූතයෙකි. දෙදෙනාගේම වාර්තා මුල් ආකාරයෙන්ම දැකිය හැකි නොවුනත් සාධනීය මට්ටමකින් අදටත් කියවීමට ලැබේ. ඒ ඔස්සේ මුල් බුදු සමය ගැන ද හැදැරීමට ලැබේ.

    මෙගස්තනීස් ආදීන්ගේ වාර්තා අනුව මුල් බුදු සමය සමඟ ගැලපෙන ආකෘති කීපයක් හඳුනාගත හැක.
    • මුල් පියර්වාදය - මෙහිදී ත්‍රිලක්ෂණය, දෘෂ්ටියේ නොඇල්ලීම, සරලවම ගත් විට මැද මාවත හඳුනාගත හැක.
    • ශ්‍රමණ - මෙගස්තනීස් ශ්‍රමණයන් ගැන ලියයි.
    • මුල් තාඕවාදය
    • ධර්මය - දේවානම්පියතිස්ස රජු විසින් පෙන්වා දුන් ධර්මය.
    • ශුද්ධ භූමිය පිළිබඳ දහම
    එසේම බුදුදහම සමඟ නොගැලපෙන ආකෘති ද හඳුනා ගත හැක.
    • නිරුවත් අයගේ දහම - අපි අද කථා කරන නිඝණ්ටයින්ගෙන් එක් කොටසක් නිරුවත්ව සිටි අය වෙයි. මේ පිරිසි කොහෙත්ම බෞද්ධ නොවේ. ග්‍රීකයින්ගේ බොහෝ වාර්තාවල මොවුන් ගැන සඳහන් වේ.
    • බ්‍රාහ්මණ - මෙගැස්තනීස් ශ්‍රමණ මෙන්ම බ්‍රාහ්මණ යන කොට්ඨාශ දෙක වෙනස්ව දක්වා ඇත. බ්‍රාහ්මණ දහමේ අනුගාමිකයින් පොහොසත් ඉඩම් හිමි පුද්ගලයින් වේ. අවුරුදු 37 ක කාලයක් ඔවුන් සන්‍යාසි ජීවිතයක් ගත කරයි. ඉන් පසුව ආපසු ගිහි ජීවිතයට ගොස් හැකි තරම් කාන්තාවන් සමඟ විවාහ වී දරුවන් හදයි. ඒ දේපොල රැක ගැනීමටත් ආදායම් උපයා ගැනීමටත් ය. මොවුන්ගේ ස්වභාවය නම් ඔවුන් ඉගෙන ගෙන කාන්තාවන් ඉන් වැළැක්වීමයි. බ්‍රාහ්මණ දහමෙන් කාන්තාවන්ට සහනයක් නම් නැත. මේ කියනා බ්‍රාහ්මණයන් අනුගමනය කළ දහම සෘග් වේදයේ සඳහන් බමුණු දහම නොවන බව පෙනී යයි. ඒවා සමාන වූයේ මුල් කාලීන සොරොස්තන්ත්‍රවාදී මූලධර්මයන්ට ය.
    • මුල් කාලීන සොරොස්තන්ත්‍රවාදය - අදටත් ඉන්දියාවේ යම් ප්‍රදේශවල සොරොස්තානික මූලධර්ම අනුගමනය කරයි. ඉතා පැරණි දහමකි. ඉන්දියාවට ද පැතිරෙන්නට ඇත. ලංකාවේ දී ද ධාතුසේන කාලයේ සොරොස්තානික පුරෝහිතයකු වූ මඝ විසින් සීගිරිය නිර්මාණය කිරීමට උපදෙස් දී ඇති බවට කියයි. ලංකාවේදී අද අපි පවත්වාගෙන යන අවමංගල උපචාරවිධි (මළ මිනිය තබන දිශාගතව තබන ආකාරය) මේ දහම හා බැඳී ඇත.
    මේ ඉහතින් කී මතවාද බැලු බැල්මට බුදු දහම සමඟ ගැලපෙන්නේ නැත. නමුත් අද බුදු දහම වී ඇත්තේ මේ මතවාද බව ඕනෑ ළදරුවකුට පෙනී යනු ඇත.