දුකෙන් මිදීමට ඇති මාර්ගය

hpalpola

Well-known member
  • වර්තමානය තුළ දක්නට ලැබෙන බහුතරයක් සිදුවීම් වලදී පෙනෙන්නේ බුද්ධ ධර්මය තම ආගමික විශ්වාසය කරගත් මිනිසුන් විශාල වශයෙන් අන්‍යාගම්වල විශ්වාස අදහයි. බුදුරජාණන්වහන්සේ තම දේශනා වලින් අරමුණු කරනු ලැබුවේ දුක නැති කිරීම ය. මේ දුක ඇසට පෙනෙන සහ නොපෙනන දුක්වලින් සංයුක්ත වේ. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගයක් බුදුරජාණන්වහන්සේ දේශනා කළ සේක.

    අද බෞද්ධයන් අනුගමනය කරන්නේ මේ මාර්ගය ද යන්න සලකා බැලීමේ දී පෙනී යන්නේ බහුතරයක් දෙනා ඒ මාර්ගය අනුගමනය නොකරන බවයි. දේවාල, පූජකවරු, ගස් ගල් වන්දනාව, හඳහන් ආදී තිරශ්චීන ක්‍රම තුලින් දුකෙහි නිවීම සඳහා යොමුවන නාමික බෞද්ධයන්ගේ ප්‍රතිශතය දැන් වැඩි ය.

    කෙසේවෙතත් මෙහි වරදක් කීමට ද නොහැක. බුදුරජාණන්වහන්සේ පහලවීමට පෙර මංගල කෝලාහලය ලොව ඇති වේ. මංගල කෝලාහලය ඇතිවීම සඳහා සුදුසු පරිසරය ලොව තුළ ඇති විය යුතු ය. ක්‍රම ක්‍රමයෙන් ඒ සඳහා කාලය සකස් වෙමින් පවතින බව පෙනේ.

    අනෙක් අතට බුදුරජාණන්වහන්සේ දේශනා කරන ආකාරයට ශාසනයේ අෂ්ට වර්ගයක පුද්ගලයෝ වෙති. ඒ පුද්ගල පරිහානිය ද දැන් දැකිය හැක. හඳහන්, නැකැත්, දේවාල, පූජකවරු, ගස් ගල් වන්දනාව ආදී තිරශ්චීන දෘෂ්ටීන් දුක නිවීමේ මාර්ගය ලෙසින් අනුගමනය කරන විට සෝවාන් ඵලයක් පැත්ත පලාතක නොමැත. සෝවාන් ඵලයක් නැති තැන අනෙක් මග ඵල ගැන කුමන කතා ද?
     
    hpalpola

    Well-known member
  • මංගල කෝලාහලය? :rolleyes:
    ahuweth ada bn. vistharayk dahn balnna...............
    හැම බුදුවරයකුම දේශනා කරන සූත්‍ර 5 ක් තියෙනවා. එයින් එකක් තමයි මහා මංගල සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන්න බුදුරජාණන්වහන්සේට අවස්ථාව සැලසෙන පරිසරයට තමයි මංගල කෝලාහලය කියන්නේ. මොකක් ද මංගල කියන්නෙ කියලා දෙවි මිනිසුන් අතරෙ ඇති වන විවාදයක් ඒක.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    හැම බුදුවරයකුම දේශනා කරන සූත්‍ර 5 ක් තියෙනවා. එයින් එකක් තමයි මහා මංගල සූත්‍රය.

    ඉතිරි සූත්‍ර හතර මොනවද?
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අනෙක් අතට බුදුරජාණන්වහන්සේ දේශනා කරන ආකාරයට ශාසනයේ අෂ්ට වර්ගයක පුද්ගලයෝ වෙති. ඒ පුද්ගල පරිහානිය ද දැන් දැකිය හැක. හඳහන්, නැකැත්, දේවාල, පූජකවරු, ගස් ගල් වන්දනාව ආදී තිරශ්චීන දෘෂ්ටීන් දුක නිවීමේ මාර්ගය ලෙසින් අනුගමනය කරන විට සෝවාන් ඵලයක් පැත්ත පලාතක නොමැත. සෝවාන් ඵලයක් නැති තැන අනෙක් මග ඵල ගැන කුමන කතා ද?
    ඔකේ හඳහන්,නැකත් කියන කොටස දැනට බහුතරය බවිත කරන්නේ දුක නිවන්න අන්ද විදියට නිසා ඇත්තක් තියනවා.නමුත් බුදු රජාණන් වහන්සේත් මනුස්සයෙක්. උන් වහන්සේ ළමා කුමාර අවදියේ ඉගෙන ගත් ප්‍රමාණයට තමා විෂය දැනුම තිබිලා තියෙන්නේ.බුදු බව යනු ස්වබාවධර්මයේ ජීවය නම් කොටසේ පරතෙර නිමා කිරීම මිස සියලු බවුතික විෂයන් ගැන දැනුම නෙමේ.උන් වහන්සේ චිරස්තීන විද්‍යාවක් ලෙස සැලකු වෙදකම උදවුවෙන් තමා පිරිනිවන් පාන තුරාවට බවුතික කය නඩත්තු කරේ.ජ්‍යෝතිෂ්‍ය ගැන දැන ගන්න ඒ විෂය පරතෙරට ඉගෙන ගන්න ඔනා. උන් වහන්සේ එහෙම ඉගෙන ගත්ත කෙනෙක් නෙමේ.
    අද උන්වහන්සේ හිටියානම් පරිගණකයක් ලඟට දීල වැඩ කරන්න කිවුවොත් ඒ හැකියාවේ ස්කෝප් එක කොයි වගේ වෙයිද කියල කියන්න ඕනා නැනේ. ඉගෙන ගත්තු විෂය ආසා කරපු විෂයට අදාලයි දැනගත්තු මාර්ගය,මට කියන්න තියෙන්නේ ඔච්චරයි.මේ කියපු ටිකත් වැටහෙන්නේ නැති නං කරන්න දෙයක් නෑ.

    ------ Post added on Jan 24, 2025 at 7:34 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    වර්තමානය තුළ දක්නට ලැබෙන බහුතරයක් සිදුවීම් වලදී පෙනෙන්නේ බුද්ධ ධර්මය තම ආගමික විශ්වාසය කරගත් මිනිසුන් විශාල වශයෙන් අන්‍යාගම්වල විශ්වාස අදහයි. බුදුරජාණන්වහන්සේ තම දේශනා වලින් අරමුණු කරනු ලැබුවේ දුක නැති කිරීම ය. මේ දුක ඇසට පෙනෙන සහ නොපෙනන දුක්වලින් සංයුක්ත වේ. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගයක් බුදුරජාණන්වහන්සේ දේශනා කළ සේක.

    අද බෞද්ධයන් අනුගමනය කරන්නේ මේ මාර්ගය ද යන්න සලකා බැලීමේ දී පෙනී යන්නේ බහුතරයක් දෙනා ඒ මාර්ගය අනුගමනය නොකරන බවයි. දේවාල, පූජකවරු, ගස් ගල් වන්දනාව, හඳහන් ආදී තිරශ්චීන ක්‍රම තුලින් දුකෙහි නිවීම සඳහා යොමුවන නාමික බෞද්ධයන්ගේ ප්‍රතිශතය දැන් වැඩි ය.

    කෙසේවෙතත් මෙහි වරදක් කීමට ද නොහැක. බුදුරජාණන්වහන්සේ පහලවීමට පෙර මංගල කෝලාහලය ලොව ඇති වේ. මංගල කෝලාහලය ඇතිවීම සඳහා සුදුසු පරිසරය ලොව තුළ ඇති විය යුතු ය. ක්‍රම ක්‍රමයෙන් ඒ සඳහා කාලය සකස් වෙමින් පවතින බව පෙනේ.

    අනෙක් අතට බුදුරජාණන්වහන්සේ දේශනා කරන ආකාරයට ශාසනයේ අෂ්ට වර්ගයක පුද්ගලයෝ වෙති. ඒ පුද්ගල පරිහානිය ද දැන් දැකිය හැක. හඳහන්, නැකැත්, දේවාල, පූජකවරු, ගස් ගල් වන්දනාව ආදී තිරශ්චීන දෘෂ්ටීන් දුක නිවීමේ මාර්ගය ලෙසින් අනුගමනය කරන විට සෝවාන් ඵලයක් පැත්ත පලාතක නොමැත. සෝවාන් ඵලයක් නැති තැන අනෙක් මග ඵල ගැන කුමන කතා ද?
    Disagreed.

    හාදහන් කේන්දර ඔවා කවුරුත් දුකෙන් මිදීම කියන කොටස යටතේ කරන්නේ නෑ. තමන්ගේ පෞඩලික ජීවිතේට යම් උඩව්වක් ගන්න විතරයි භාවිතා වෙන්නේ මන් දාන්න තරමින්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,304
    2,156
    113
    Disagreed.

    හාදහන් කේන්දර ඔවා කවුරුත් දුකෙන් මිදීම කියන කොටස යටතේ කරන්නේ නෑ. තමන්ගේ පෞඩලික ජීවිතේට යම් උඩව්වක් ගන්න විතරයි භාවිතා වෙන්නේ මන් දාන්න තරමින්.

    මේ ලෝකයේ මිනිස්සු කිසියම් දෙයක් කරත් කරන්නෙ, තිබුන, තියෙන, ඉදිරියට තියෙන, දුක, අකමැත්තක්, බයක්, අපහසුතාව්යක්, නැති කරගන්න තමයි..

    කෙන්දර බලන්න්නෙත්, ඉදිරියට මොනවද වෙන්නෙ කියන බය අඩු කරගන්න නෙ.
     
    hpalpola

    Well-known member
  • මේ ලෝකයේ මිනිස්සු කිසියම් දෙයක් කරත් කරන්නෙ, තිබුන, තියෙන, ඉදිරියට තියෙන, දුක, අකමැත්තක්, බයක්, අපහසුතාව්යක්, නැති කරගන්න තමයි..

    කෙන්දර බලන්න්නෙත්, ඉදිරියට මොනවද වෙන්නෙ කියන බය අඩු කරගන්න නෙ.
    ඕකෙ සිද්ධිය තියෙන්නෙ තියෙන අවිද්‍යාවෙ තරමට ඒ බව වත් නොතේරීම
     
    • Haha
    Reactions: lankalk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඕකෙ සිද්ධිය තියෙන්නෙ තියෙන අවිද්‍යාවෙ තරමට ඒ බව වත් නොතේරීම

    ඔය ඔයා කියන එක "තේරෙන්නෙත්" අවිද්යාව නිසාම තමයි
    දෙගොල්ලොන්ගේ වෙනස මිත්යා දිට්ටි දෙකක ඉන්නේ, එච්චරයි, එක්කෙනෙක්ට තව කෙනෙක් superior වෙන්නැහැ

    හඳහන්, නැකැත්, දේවාල, පූජකවරු, ගස් ගල් වන්දනාව ආදී තිරශ්චීන දෘෂ්ටීන් දුක නිවීමේ මාර්ගය ලෙසින් අනුගමනය කරන විට සෝවාන් ඵලයක් පැත්ත පලාතක නොමැත.

    බුදු පිලිම දැම්මොත් මේ වදිනවා කියන ගොඩට අවුලක් වෙයිද? 😏
    ------ Post added on Jan 24, 2025 at 3:17 PM
     
    • Dislike
    Reactions: lankalk

    hpalpola

    Well-known member
  • ඔය ඔයා කියන එක "තේරෙන්නෙත්" අවිද්යාව නිසාම තමයි
    දෙගොල්ලොන්ගේ වෙනස මිත්යා දිට්ටි දෙකක ඉන්නේ, එච්චරයි, එක්කෙනෙක්ට තව කෙනෙක් superior වෙන්නැහැ

    බුදු පිලිම දැම්මොත් මේ වදිනවා කියන ගොඩට අවුලක් වෙයිද? 😏
    ------ Post added on Jan 24, 2025 at 3:17 PM
    කිසිම අවුලක් වෙන්නෙ නැහැ.