බුදු දහම හා සමාජ සහජීවනය
අසත්‍ය තොරතුරු වෙබ් අඩවිවල පළකරමින් හා බොදුබල සේනා වැනි අන්තවාදී සංවිධාන ක්‍රියාකරුවන් ඉස්ලාමයට හා මුස්ලිම් වරුන්ට එරෙහිව නින්දා සහගත ලෙස ප්රචාරයේ යෙදී සිටින ඊනියා බෞද්ධ හා සිංහල දේශප්‍රේමීන්ට බුදුන් වහන්සේගේ අලංකාර සමාජ සහජීවන ඉගැන්වීම් ගැන ඇති තොරතුරු වලින් බිඳක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
අසත්යවාදියෙකුට හා වෛරය, ක්‍රෝධය වපුරන්නට කටයුතු කරන්නෙකු සැබැවින්ම යහපත් බෞද්ධයෙකු විය නොහැකි බව සියලු බෞද්ධයින් දන්නා කරුණකි. මේ සියල්ලටම වඩා භයානක වන්නේ ඔවුන් අද ඉටුකරමින් ඉන්නේ වීරෝධාර රණවිරුවන් හා මෙරට සිංහල, මුස්ලිම් ද්‍රවිඩ ජනයා ජීවිත පරිත්‍යාගයෙන් බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජයට පත්කොට දිනාගත් නිදහස නැතිකොට කොටි ඩයස්පෝරාවේ අපේක්ෂාවන් ජයග්‍රහණය කරවන්නට බව නොරහසකි.
සුත්ත පිටකයේ දීඝ නිකායේ පළමු සුත්තයවූ බ්‍රහ්මජාල සුත්තයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
“බුදුරජහු: මහණෙනි, පිටස්තර අය මට හෝ ධර්මයට හෝ භික්ෂු සංඝයාට හෝ දොස් කියතොත් නුගුණ කතා කරතොත් තොප ඒ ගැන කෝප විය යුතු නැත. අසතුටු නොවිය යුතුය. සිත අමනාප නොකර ගත යුතුය. අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියන විට නුගුණ කතා කරන විට තොප කෝප වෙතොත් අසතුටු වෙතොත් අමනාප වෙතොත් එයින් අනතුරක්, අලාභයක්, හානියක් වන්නේ තොපටමය. එසේ දොස් කියන විට තොප අමනාපකම් දක්වතොත් ඔවුන් ඒ කියන දෙය ඇත්තද නැත්තද කියා තොපට තේරුම් ගත හැකිද? වටහා ගත හැකිද?
භික්ෂුහු: වටහා ගත නොහැක ස්වාමීනි. කෝපවූ අමනාපවූ නොසතුටු සිතකින් යමක ඇත්ත නැත්ත තේරුම් ගත නොහැකිය.
බුදුරජහු: මහණෙනි, අනුන් මට හෝ දහමට හෝ සඟනට හෝ දොස් කියතොත් එහිදී තොප කෝප නොවී අමනාප නොවී, මේ කාරණා නිසා ඔබ කියන දෙය අසත්‍යයකි, නැති දොස් කීමකි. ඔබ කියන දෝසය අප තුල නැතැයි කරුණු කිව යුතුය. එසේම මහණෙනි, අන් අය මගේ හෝ දහමෙහි හෝ සඟනගේ හෝ ගුණ කියත් නම් එහිදී තොප ඒවායින් උදම් විය යුතුද නොවේ. උඩඟු විය යුතුද නොවේ”
ඉහත බුද්ධ භාෂිත දේශනය අපට උගන්වන්නේ කුමක්ද? අප මෙම ඉගැන්වීම් අද අනුගමනය කරමින් සිටින්නේද? අපගේ හැසිරීම් හා ක්‍රියාකාරකම් තුලින් සැබෑ බුදු දහම විචිත්‍ර වන්නේද? කරුණා කර සිතා බලන්න.
වර්තමානයේ බොදුබලසේනා වැනි ත්‍රයි නිකායික මහා නාහිමිවරුන්ගේ අනුමැතියට පාත්‍ර නොවූ ප්රචණ්ඩ හා ත්‍රස්තවාදී සංවිධාන මගින් කර ගෙන යන්නාවූ අබෞද්ධ ක්‍රියාකාරකම් පිළිබඳව අති මහත් බහුතරයක් වූ සාමකාමී හා යහ සිංහල බෞද්ධයින්ගේ නිහැඬියාව මෙම නොමනා ක්‍රියාවන්ට දෙනු ලබන වක්‍ර සහෝයෝගයක් බවට පත්වෙමින් තිබේ. එනිසා අපගේ කාරුණික ඉල්ලීම වන්නේ වියරුවෙන් මෙන් කටයුතු කරමින් ඉන්නාවූ මෙම ඉතාම සුලුතරයක්වූ අන්තවාදීන් පිළිබඳව තමන්ගේ විරෝධය දැක්වීමට ඉදිරි පත් වන ලෙසය.
මෙම සියවසේ හොඳම විහිළු කතාවට හිමි ත්‍යාගය හිමි කර ගන්නට තරම් සුදුසු කම් අති ප්රකාශනයක් වූ සීග්‍ර ජනගහන වර්ධනයක් තුලින් මුස්ලිම් වරුන් 2032 දී ශ්‍රී ලංකාවේ මහා ජාතිය බවට පත් වෙන්නට ඉන්නා බව ට කරන්නාවූ පදනම් විරහිත හා අමුලික අසත්‍ය ප්‍රකාශන මගින් මුස්ලිම් භීතිකාවක් අති කර වන්නට ඔවුන් උත්සාහ දරමින් සිටිති. මෙම අසත්‍යය ප්රකාශනය පිළිබඳව සංවාදයකට එන ලෙස කාරුණිකව ආරාධනා කරන්නෙමු. අසත්‍යයට ආයුෂ ඉතාම කෙටියි. මෙම පිරිසගේ සත්‍යය ස්වරුපය රටට හෙළිදරව් වන දවස වැඩි ඈතක නොවේ. බුදුන් වහන්සේව සංකේතවත් කරන චීවරය කෙරෙහි මෙරට බෞද්ධ ජනයාගේ සිත්සතන් තුල ඇති ගෞරවය කඩතුරාවක් කර ගනිමින් මෙම අන්ත වාදීන් කරන්නාවූ නොමනා ක්‍රියාවන්ගෙන් සැබැවින්ම අපහාසයක් ඇති කරවන්නේ බුදුන් වහන්සේට හා බුදු දහමටයි. එනිසා අප නැවත වරක් ත්‍රයි නිකායික මහා නාහිමිවරුන්ටත් අති මහත් බහුතරයක් වූ සාමකාමී යහ බෞද්ධ ප්‍රජාවගෙනුත් ඉතා කාරුණිකව හා ගෞරව පුර්වකව ඉල්ලා සිටින්නේ මෙම අන්තවාදීන්ව හෙළිදරව් කරන්නට ඉදිරිපත් වන ලෙසය. මෙයට අදාළ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.
සාමයික සහජීවනය
සාමයික සහජීවනය යනු අන්තර් ආගමිකයින් හා අන්තර් ජනවාර්ගිකයින් අතර පවත්වාගෙන යායුතු යහ සම්බන්ධතාවයයි. බුදු දහම බිහිවූ යුගයේ භාරත දේශයේ පැවතියේ බහු ආගමික හා බහු ජනවාර්ගික සමාජයකි. විවිධ ආගමික ඇදහිලි හා විශ්වාස එහි විය. ඒ අවස්ථාව වනවිට භාරත දේශයේ මහාපරිමාණ ලෙස ව්‍යාප්තවී තිබුනේ බ්‍රාහ්මණ දහමයි. ඒ අතර විවිධ ආගමික දෘෂ්ටි ගරුකළ ශ්‍රමණ කණ්ඩායම්, ආජීවකයන්, පරිබ්‍රාජකයන්, ජටිලයන්, සහ වෙනත් තාපස යෝගී නිකායයන් එහි ක්‍රියාත්මකවිය. මේ අතර ෂට් ශාස්තෘ දර්ශනයන්ද විය. මේ හැම ආගමික සම්ප්රදායක්ම විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළහ. මොවුන් ඉදිරිපත් කල දෘෂ්ටි අතර බ්‍රාහ්මණ වාදය, ඊශ්වර නිර්මාණ වාදය, දේව වාදය, අධිච්ච සමුත්පත්ත වාදය, අහේතු අප්රත්ය වාදය, නියතිසංගතික වාදය, අකිරිය වාදය, සංසාර සුද්ධික වාදය, ශාස්වත වාදය, උච්ඡේද වාදය, දිට්ඨධර්මනිර්මාණ වාදය, මේ ආදී මත වාදයෝ එහි ප්‍රචලිතව තිබිණ.
මේ කාලයේ බුදුන් වහන්සේ සමගද වාද කිරීමට ඇතැම් බ්‍රාහ්මණ පඬිවරු පැමිණියහ. එවැනි මහා තාර්කිකයෙකි සච්චක බ්‍රාහ්මණයා. බුදුන් වහන්සේ මෙම සංකීර්ණ ආගමික රටාවේදී ක්‍රියා කලේ සාමයික සහජීවනය තහවුරු කරන ආකාරයටය. බුදුන් වහන්සේ මෙහිදී ප්‍රකාශකර සිටියේ හැම දෙයකම යථා භුතය හෙවත් යතාර්ථය මැනවින් ප්රත්යක්ෂ කරගත යුතු බවය. බ්‍රහ්මජාල සුත්තයෙහි සඳහන් වන පරිදි බුද්ධ කාලීන භාරත දේශයේ දෘෂ්ටි දෙසැටක් ව්‍යාප්තවී පැවත ඇත. බුදුන් වහන්සේ අන්‍යාගමික පැවිද්දන් හා ඔවුන්ගේ ඉගැන්වීම් හෙලා දැකීමට ඉදිරිපත් නොවුහ. එසේම ඕනෑම ආගමික ගුරුවරයෙකුගේ ඉගැන්වීම්වල ඇති යහපත් ගුණාංග බුදුන් වහන්සේ අගය කළහ. උන්වහන්සේ නොයෙක් ආගමික ගුරුවරුන් වෙත ගියහ. ඔවුන් සමග සතුටු සාමීචියෙහි යෙදී සිටියහ. ඇතැම් ආරාමවලට බුදු රදුන් වැඩම කරවූ අවස්ථාවේ ඒ ආගමික ගුරුවරු තම ශිෂ්‍යයන් නිහඬ කරවා උන්වහන්සේව ගෞරවයෙන් පිළිගත්හ.
චුල සකුළුදායි පරිබ්‍රාජක ගුරුවරයා බුදුන් වහන්සේ තම ආරාමයට වැඩම කරනවා දැක සිය ශිෂ්‍ය පිරිස නිශ්ශබ්ද කරවීය. එසේම බුදුන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාගේ ආරාමයටද වරින් වර වැඩම කළහ. කලකට පසුව තම ආරාමයට බුදුන් වඩිනු දුටු වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ඉදිරියට ගොස් උන්වහන්සේව පිළිගෙන එන්න ස්වාමීනි, බොහෝ කාලයකින් මෙහි වැඩියේ, මෙන්න ආසනය, ඉදිගන්නැයි ගෞරවාන්චිතව ප්‍රකාශ කර සිටියේය (තේවිජ්ජ වච්ඡගොත්ත සුත්ත – මජ්ජිම නිකාය). ආගමික මතබේධ මත විරසකවී සිටි මේ යුගයේ බුදුරදුන් අනුගමනය කළ ආගමික සහනශීලිතාවය කුමක්ද යන්න මෙයින් පැහැදිලි කර ගැනීම අපහසු කාර්යයක් නොවේ. එයින් පැහැදිලිවන්නේ බුදුරදුන් කිසිම ආගමික සම්ප්රදායක් හෙලා නොදුටු බවය.
ආගමික නිකායයන් අතර බොහෝ විට මත ගැටුම් ඇතිවන්නේ එක් ආගමක් අත්හැර අනිත් ආගම වැළඳ ගැනීමේදීය. බුදුන් වහන්සේ වෙත පැමිණ ධර්මය අසා ප්‍රසාදයට පත් ප්‍රධාන පෙළේ ජෛන ශ්‍රාවකයන් දෙදෙනෙකුවූ උපාලි ගෘහපතියා සහ සීහ සේනාපතියා බුදුන් සරණ යාමට ඉල්ලා සිටි විට උන්වහන්සේ ප්‍රකාශ කළේ ඉක්මන් නොවන ලෙසය. එහෙත් බුදුන් සරණ යාමට අවශ්‍ය බව ඔවුහු දැඩි ලෙස කියා සිටියහ. මෙහිදී බුදුන් වහන්සේ ඒ දෙදෙනාට කොන්දේසියක් ඉදිරි පත් කළහ. එම කොන්දේසිය තමන් බුදුන් සරණ ගියත් ජෛන ශාස්තෘවරයාට කළ සැළකිලි සංග්‍රහ ආදිය එසේම පවත්වාගෙන යාමට ක්‍රියා කළයුතු බවය. ඔවුහු එය පිළිගත්හ.
උදුම්බරික සීහනාද සුත්තයෙන්ද බුදුන් වහන්සේගේ ආගමික සහනසීලිතාවය මැනවින් ප්‍රකට වෙයි. එහිදී උන් වහන්සේ “නිග්‍රෝධය, මා වරදවා තේරුම් ගන්න එපා. මා ධර්ම දේශනා කළේ කරුණු පැහැදිලි කර දීමටයි. ඔබ මාගේ ධර්මයට හරවා ගැනීමට නොවේ” යැයි ප්‍රකාශ කළහ. එයින් පැහැදිළි කළේ තමන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ අන්‍යාගමිකයන් තමන්ගේ දහමට හරවා ගැනීමට නොව ඔවුනට කරුණු කාරනා පැහැදිළි කරදීමට බව පැහැදිළි වෙයි. එහිදී බුදුන් වහන්සේ තව දුරටත් කරුණු පැහැදිලි කරමින්, ඔබේ ගුරුවරයා හෝ ඔබ හෝ විවේචනය කිරීමට මට අවශ්‍යතාවයක් නැත, ඒ සියල්ල දැනට තිබෙන විදියටම තිබේවා යැයි ද දන්වා සිටිසේක. මෙයින් පැහැදිළි වන්නේ බුදුන් වහන්සේ යහමග පෙන්වීමට දහම් දෙසු බවත් අන්‍යාගමිකයින් තමන් වෙතට හරවා ගැනීම පදනම කරගෙන දහම් නොදෙසූ බවත්ය.
ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමිකයෙකුට කවර වූ හෝ කාරණයක් උන්වහන්සේ පැහැදිළි කර දුන්නේ කාරුණිකත්වයෙන් හා මුදු මොලොක් භාවයෙන් යුක්තවය. උන්වහන්සේ කිසි විටෙකත් තම දේශනයෙන් අන්‍යයන් ප්රකෝපයට පත් නොකළහ. පැරණි බ්‍රාහ්මණ ආර්යවරු අභිඥාලාභීන් නොවුවද ඔවුන් සීලය හා සෘජු බව මැනවින් ප්‍රකාශ කළ අය හැටියට බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. එසේම, බුදුන් වහන්සේගේ ගෞරවයට පාත්රවූ වෙනත් දෘෂ්ටි අනුගමනය කළ අය වුහ. ජෝතිපාල, හත්තිපාල, කුද්දාලක, ආරක, සුනෙත්ත, යන ගුරුවරුන්ගේ ඉගැන්වීම් අනුගමනය කළ බොහෝ දෙනා ස්වර්ගගාමී වූ බව බුදුන් වහන්සේ ප්‍රකාශ කර ඇත. ඔවුන් කාමභෝගී ජීවිතයෙන් වෙන්වූ අය වශයෙන් උන්වහන්සේගේ ගෞරවාදරයට පාත්‍ර වුහ. බුදුන් වහන්සේගේ ආගමික සහනසීලි තාවයෙන් පැහැදිළි වන්නේ සියළුම ආගමික දෘෂ්ටීන් කෙරෙහි දැක්වුයේ මිත්‍රශීලී සුහද ආකල්පයකි.
දීර්ඝ වශයෙන් බුදු දහමේ සාමයික සහජීවනය පිළිබඳව කරුණු සාකච්චා කරන්නට අදහස් කෙරුවේ බුදුන් වහන්සේ හා උන්වහන්සේ විසින් පන් සාලිස් වසරක් තිස්සේ දෙසු දහම විකෘත කරමින් සමාජයේ වෛරය හා ද්වේශය වපුරන්නට වර්තමානයේ පිරිසක් ඉදිරිපත් වී ඇති හෙයිනි. අපට කොටි ත්‍රස්තවාදය පරාජය කරන්නට යුධ කරන්නට සිදුවුයේ ද්‍රවිඩ ජනයා සමග තිබු වෛරයක් නිසා නොවන බව සැවොම ඉතා හොඳින් දන්නා සත්‍යයකි. බුදු දහම හැම විටම අගය කරන්නේ කරුණාව හා මෛත්‍රිය පදනම් කරගත් සාමයයි. යුද්ධය තුලින් කෙනෙකුට ජය අත්වෙයි. එම ජයග්‍රහණය තවත් කෙනෙකුගේ වෛරය සඳහා හේතුවෙයි. පරාජිත පුද්ගලයා හැම විටම දුකට පත්වෙයි. එය යුද්ධයේ ස්වභාවයයි. බුදුන් වහන්සේ ඒ බව ධම්ම පදයෙහි දේශනා කර වදාළේ මෙසේය:
ජයං වෙරං පසවති
දුක්ඛං සෙති පරාජිතෝ
උපසන්තෝ සුඛං සෙති
හිත්වා ජය පරාජයං
අර්ථය: ජය ගන්නා පුද්ගලයා අනුන්ගේ වෛරය තමා වෙත යොමු කරවයි. පැරදුනු පුද්ගලයා දුකසේ වෙසෙයි. ජය පරාජය දෙකම අත්හැර සංසිඳීමට පත් පුද්ගලයා සුවසේ වාසය කරයි.
බුදුන් වහන්සේ ධම්ම පදයෙහි දේශනා කර වදාළ අයුරු ක්‍රෝධය, වෛරය පැරදවීම සඳහා කළයුතු ක්‍රියා මාර්ගයද පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
අක්කොධෙන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියං දානෙන
සච්චෙන අලිකවාදිනං
අර්ථය: ක්‍රෝධ කරන පුද්ගලයාට ක්‍රෝධ නොකිරීමෙන් ඔහු පැරදවිය යුතුයි, හෙවත් ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධය ජය ගත යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂ ගුණයෙන් පැරදවිය යුතුය. තද මසුරා යම් යම් දේ දීමෙන් ජයගත යුතුය. බොරු කියන්නාව ඇත්ත කීමෙන් පැරදවිය යුතුය.
දැනට වෛරය වැපිරීම සඳහා වෙබ් අඩවි මගින් හා අන්තවාදී සංවිධාන මගින් කරගෙන යන්නාවූ ක්‍රියාවන් පිළිබඳව බුදු දහම පදනම් කරගෙන එහි ඇති මිනිසත් භාවයට නොහොබිනා තත්වය පැහැදිළි කරන්නට කරුණු ඉදිරි පත් කළෙමු. සැබැවින්ම මෙම වෙබ් අඩවි කාරයින් හා අන්තවාදී සංවිධාන කරුවන් බුදු දහමේ නාමයෙන් දැනට කරගෙන යන්නාවූ අසත්පුරුෂ ක්‍රියාවෙන් අපහාසයට ලක් කර ඇත්තේ බුදුන් වහන්සේව හා බුද්ධ ධර්මයයි. බුදු දහම ත්‍රස්තවාදී දහමක් ලෙස මොවුන්ගේ ක්‍රියාකාරකම් මගින් ලෝකයාට හුවා දක්වා ඇත. මෙම තත්වය වහාම නැවැත්වීමට බලධාරීන් මෙන්ම සාමයට කැපවූ සියළු ලාංකීය ජනයා කටයුතු කළයුතුව ඇත.
යුද්ධයක අවසානයක් දුටු සමාජයක් එකී යුද්ධය අවසානයේ ගොඩ නගන සමාජය ගැන බරපතල ලෙස කල්පනා කළ යුතුව ඇත. එසේ නොවුණු විට නැවතත් අප ඇදීයන්නේ යුද්ධයකට විය හැක. නැවතත් යුද්ධයේ ගිනිසිළු දල්වන්නට වෙර දරන දේශ ද්‍රෝහීන්ව හඳුනා ගනිමු, බුදුන් වහන්සේට හා බුදු දහමට අපහාස කරමින් බෞද්ධ වෙස් ගත්තු වෙබ් වීරයින්ගේ හා බොදුබල සේනා වැනි අන්තවාදී සංවිධාන කරුවන්ගේ ක්‍රියාකාරකම් නැවත්වීමට වහාම ක්‍රියාකරමු. පශ්චාත් යුධ සමාජයක් වු අපට අප ගැන නැවත සිතා බලන්නට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි.
ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතුව ඇත. වෛරය ක්‍රෝධය ඉවතලා සැමට සතුටින් සාමයෙන් ජීවත්විය හැකි සමාජයක් ස්ථාපිත කරන්නට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවතලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුල සියළු කරුණු සාමකාමීව විසඳා ගැනීමට අධිෂ්ටාන ශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියළු දරුවන් එකට අත් වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් පිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.