බුදු පදවි පතාගෙන....

rclakmal

Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    බුදු පදවි පතාගෙන....

    බුදු පදවි පතාගෙන
    දරුවන් රකිනා
    අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ

    මහළු මඩමකට විවරණ පිනිස ගියාදෝ
    උඩුමහන්තලාවේ රතු පලසේ වැජඹෙනදා
    ඇගේ දරුවෝ

    බුදුපදවි පිනිස දූ පුතුන්ට
    හිත දන්දුන් අම්මා
    තවමත් ගිනි උහුලනවා මේ සසරේ
    තවමත් ගිනි උහුලනවා අම්මා කතරේ

    mothers-love.jpg


    අම්මා ගැන ලියවුනු සංවේදී ගීතයක් කාලෙකට පස්සේ ආයිමත් අහන්න ලැබුනා...... අපේ අම්මලා තාත්තල අපි වෙනුවෙන් කොච්චරනම් දේ කරලා තියෙනවද ? හිතාගන්නත් බැරිතරම් !! එත් කීයෙන් කීදෙනාද අම්මලා තාත්තලට වාරු නැති කාලෙට ඒගොල්ලොත් එක්ක ඉන්නේ !! අපි අනාගතේ කොයි තත්වයක හිටියත් අපිව බල කියාගත්ත අම්මලා තාත්තලට වාරුවක් වෙන එක අපේ වගකීමක් ! යුතුකමක් !!​
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away