බුදු රජාණන් වහන්සේ 2

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
බුදු රජාණන් වහන්සේ 2


ශතවර්ෂ භාගයකට පමණ ආසන්න කාලයක් බුදු රජාණන් වහන්සේ ඉන්දියාවේ දූලි ගැසුණු මං මාවත් ඔස්සේ ඇවිදිමින් තමන් සොයාගත් ධර්මය මිනිසුන්ට අවබෝධ කරමින් ගමන් කලේය. එම ධර්මය අවබෝධ කොටගෙන භාවිතා කරන්‍නන්ද සත්‍යාවබෝධය ලබා ගන්නා ලදි. ඔහු භික්ෂූන්ට හා භික්ෂුණීන්ට විනය මාලාවක් පැනවීය. ඉන්දියාවේ දරුණුවට පැවති කුල පද්ධතියට අභියෝග කලේය. කාන්තාවන්ගේ තත්වය නගා සිටුවූයේය. ආගමික නිදහස හා විමර්ශණ නිදහස ඉගැන්වීය. සෑම තත්වයකම අයට තමන් විසින සොයා ගනු ලැබූ ඒ ආර්ය සත්‍යය සොයා ගැනීමට දොරටු විවර කලේය. උස්, පහත්, හිංසක, අහිංසක භේදයක් ඔහුට නොවිනි. අංගුලිමාල වැනි අපරාධකරුවන්ද අම්බපාලි වැනි තැනැත්තියන්ද යහමගට ගනු ලැබුවේය.

ඔහු පඥාවේ හා බුද්ධියේ පතිමූර්තිය විය. සෑම පැණයකටම විසඳුම ඔහු සතු විය. කිසිවෙකුට වාදයන් මගින් ඔහුව පරාජයට පත් කල නොහැකි විය. අඩුම තරමේ ඔහුගේ ශිෂ්‍ය මනා සේ හික්මුන සත්‍යාවබෝධය ලැබූ භික්ෂුවක්වත් තවකෙකුට වාදයන් මගින් පරාජයට පත් කල නොහැකි වූ අතර අදටත් එය එසේමය. මනස හා සංකල්පනා පිළිබඳව අදටත් සිටින අසහාය ගුරුවරයා ඔහුය. ඉතිහාසයේ පළමු වරට ඔහු තමන් පිළිබඳව සිතීමට මිනිසුන්ට බලය, අවස්ථාව ලබා දුන් අතරම, මනුෂ්‍ය වර්ගයාගේ වටිනාකම ඉහල නැංවීය. එසේම තම මෙහෙයවීම තුලින් තමන්ටම අති උත්තම වූ සත්‍යාවබෝධය කර ගත හැකි බව පෙන්වා දුන්නේය.

තමන්ගේ උත්තම භාවය නිසා කිසිදු විටක ඔහු දුප්පත් ගම් වැසියන් අත්හැර දැමුවේ නැත. සමාජයේ පැවති පංතීන් හා කුලභේදය ඔහුට කිසිවක් නොවිනි. කිසිවෙක් ඔහුට කුඩා හෝ පහත් නොවිනි. ඒ සැමටම ඔහුගේ උපකාර එක සමාන විය. කුල හීනයයි කියා ගන්නෙක් තමන් වෙත උපකාර ඉල්ලා පැමිණි විට ඔහු විසින් ඒ තැනැත්තා‍ගේ ආත්ම ගෞරවය නැවත වඩවා එම තැනැත්තාගේ ජීවිතය උත්තම ජීවිතයක් බවට පත් කිරීමට උපකාරය ලබා දුන්නේය.

කරුණාවෙන් හා පඥාවෙන් පරිපූර්ණ වූ බුදු රජාණන් වහන්සේ එක් එක් පුද්ගලයාගේ දියුණුව සඳහා ඔහුගේ තත්වය අනුව සුදුසු වන්නේ කුමන මට්ටමේ ඉගැන්වීමක්ද යන්න මැනවින් දැන ඉගැන්විය. චුල්ල පන්ථක, කම්මාකාර තැනැත්තා ආදීන් ඊට හොඳම නිදසුන් වේ. එක් තනි පුද්ගලයෙකුට උපකාර කිරීමට බොහෝදුරක් ඔහු තනිවම පයින් ගමන් කර ඇත්තේය.

ඔහු සෑම විටම තම ශිෂ්‍යයන් පිළිබඳව සොයාබලා ඔවුන්ගේ දියුණුවට මග පෙන්වීය. ආරාමයේ වාසය කරන විටදී සෑම විටම පාහේ අසනීප වී සිටින මහණුන්ගේ දුක් සැප විමසීමට අමතක නොකලේය. රෝගී වූවන් කෙරේ පැවති ඔහුගේ කරුණාව රෝගීන්ට උපකාර කරන්නා මට උපකාර කරයි යන්නාවූ අවවාදයෙන් හොඳින් පැහැදිලි වේ. බුදු රජාණන් වහන්සේ අන්‍යොන්‍ය ගෞරවය පදනම් කරගෙන විනය පාලනය කරනු ලැබුවේය. පසේ නදි කොසොල් රජුට මෙය මහත් පුදුමයක් වූයේ මරණ දඬුවම් වැනි දැඩි දඬුවම් තිබියදීත් අඩුම තරමේ තම අධිකරණ ශාලවේදීවත් ඒ ආකාරයේ විනයක් පවත්වාගෙන යාමට නොහැකි වීම නිසාවෙනි.

නොයෙකුත් ඍද්ධිමය බලයන් ඔහු සතු විය. එහෙත් ඔහු ඒ කිසිවක් වැදගත් කොට නොසැලකුවේය. ඔහුට අනුව ඉතාමත් වැදගත් කාර්යය වූයේ දේශනාවන් මගින් මිනිසාට සත්‍ය පැහැදිලි කොට එය අවබෝධ කරවීමයි.

බුදු රජාණන් වහන්සේ ලෝක විදූ වන්නේය. ලෝක පිළිබඳව සියලුම දේ දත් සේක. ඔහු විසින් අනෙක් සෑම බුදුවරයෙක් මෙන්ම ලෝකයේ පවතින මනුෂ්‍යාට විෂය නොවූ සත්‍ය ධර්මතාවය නැවතත් මනුෂ්‍යාට ගෙන හැර පෑවේය. සත්‍යය සොයා ගැනීමේදී ඔහු විසින් අප‍ මේ ගෙවන්‍නාවූ අති භයංකාර වූ සංසාර චක්රය නතර කරවා ඉන් එගොඩ වීමේ ආකාරය, මාර්ගය සොයා ගනු ලැබූ අතර අදටත් ඒ මාර්ගයෙන් ඵලය ලබන්නෝ විශාල ගණනකි.

අවුරුදු 45ක කාලලයක් සැම හට සෙත සැලසූ බුදු රජාණන් වහන්සේ අවුරුදු 80 දී කුසිනාරවේදී දහස් ගණනක් වූ අනුගාමිකයන්, භික්ෂු - භික්ෂුණීන්, හා මහා ධර්මස්කන්ධයක් ඉතිරි කොට පරිනිර්වාණයට පත් විය. ඔහු විසින් සීමා රහිතව අප හට දැක්වූ මහා මෙත්තාව, කරුණාව, මුදිතාව හා උපේක්ෂාව අදටත් අපට විඳීමට ලැබීම කෙතරම් නම් අරුමයක්ද ?


"සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපදම්පදා
සතිච්ච පරියො දපනං - ඒ තං බුද්ධානු සාසනං"


gautama-buddha.jpg