මට දැන් පොඩි contradiction එකක් හිතුන...
ෂාහ්! එල නේ කොලුවෝ... උඹ ඉඳල හිටලා පිස්සු කියෙව්වට මාර මීටරයක් නේ... ඔන්න ඕකට තමයි කල්පණා කරනවා කියන්නේ.
උඹ හරියටම හරි. ඔතන ලොකු කොස්සක් තමයි. ඒත් ඒක කොස්සක්ම නෙවෙයි බන්... ඔය ස්වභාවික සංසිද්ධියක් විතරයි.
අපි හිතමු ලෙඩ වීම දුකක් උනාට ලෙඩේ සනීප වෙනකොට සැපයි කියල. ඒත් අපේ මූලික ප්‍රශ්නේ තියෙන්නේ එක පාරක් ලෙඩවෙලා සනීප වෙච්ච එකක් ගැන නෙවෙයි නේ. මේ විදියට අනන්ත වාරයක් වෙලා තියනවා. ඒ සේරම මැද්දෙන් මේ පවත්වාගෙන ආව සංසාර ගමනත් කිසිම වැඩකට නැති කෙහෙල්මලක්. ඊළඟට මේ දිගින් දිගට පැවැත්ම සිද්ධ උනේ සත්‍ය නොදන්නා නිසා ඒ ගැන තිබුණු ඇල්ම හන්දයි. දැන් අපි කරන්න ඕනේ එතකොට ඇල්ම දුරුවෙන තැනට කටයුතු කරන එකයි. ඉතින් අපි ඇලෙන්න හේතුවෙන විඳීම බැහැර කරලා, නොඇලී ඉන්න පුළුවන් වෙන විඳීම විතරක් මෙනෙහි කරනවා. හරිද?
ඔතන වෙන දේ බුදුහාමුදුරුවෝ පෙන්වුයේ දුක්ඛේ දුක්ඛ සංඥාවයි, දුක්ඛේ සුඛ සංඥාවයි හැටියට. (දුකක් ඇතිකරන දෙයක් තමන්වෙත එනකොට දුකයි. ඒ දෙයම තමන්ගෙන් බැහැරවෙනකොට සැපයි)
electonics වලදී wave එකක් සම්බන්ධයෙන් බැලුවොත් +ve half එකයි -ve half එකයි කියල කොටස් දෙකක් තිබුනට (දුක/සැප කියමු) 0 ඉඳල +ve පැත්තට යනකොට [leading edge] +ve (සැපයි කියමු) ආයි +ve පැත්තේ ඉඳල 0 ට එද්දී [trailing edge] -ve වෙනවා (දුක කියමු). ඒ වගේම 0 ඉඳල -ve පැත්තට යද්දී -ve උනාට -ve ඉඳල 0 ට එනකොට +ve. හරි නේ. අපිට ඕනේ නොඇලී ඉන්න! ඉතින් අපි -ve පැත්ත ගැන විතරක් කල්පණා කරනවා. rectifire එකක් දාල -ve output එකක් ගන්නවා.
දැන් දුප්පත්ව ඉඳල ස්වීප් එකක් ඇදිල පොහොසත් උනාම දුප්පත්කම අනිත්‍යවෙලා ගිහින් සැපයක් ලැබෙනවා නේ... ඊළඟට ඒ සල්ලිවලට ආසාවෙන් මැරිලා ගිහිල්ල එතනම පෙරේතයෙක් වෙලා උපන්නොත් සැප කනේ!!





