බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Aug 29, 2010
55
2
0
දැන් නම් මට උඹට බනින්න හිතෙන්නෙත් නැහැ බං. උඹ මාර creative කොල්ලෙක්. මාත් සිරාවට රැවටුන කාලයක්. හැබැයි අද නම් උඹේම thread එකක උඹ id මාරු කරලා posts දාන වෙලාවේ කරුමෙට මාත් ඒක open කරන් හිටියේ... වැඩේ අතේ මාට්ටු! හැබැයි කොලුවෝ මේ IT field එකේදිනම් මෙහෙම hidden id සෙල්ලම් නම් මට නිකම් montessori case! උවමනා උනොත්, use කර කර ඉන්න PC එක ළඟටම ඇවිල්ල බෙල්ලෙන් අල්ලගන්න අවශ්‍ය knowledge එක මට තියනවා. උඹට ඕනේ නම් මම ඔය ids 3 ම එක සැරේ online කරගෙන බයිලා ගහන්න හදල දෙන්නම්! ඒවායින් වැඩක් නැහැ... මම උඹට බොහොම ආදරෙන් කරුණාවෙන් කියන්නේ මීට පස්සේ ධර්මය සම්බන්ධයෙන් ඔය වගේ සෙල්ලම් කරන්න එපා! ඒකෙන් හිතන්නේ වත් නැති ප්‍රශ්න, කරදර ඇතිවෙයි!! උඹගේ posts ටිකක් මම බැලුව උඹ කවුද, කොයි වගේ කෙනෙක්ද කියල පොඩි idea එකක් ගන්න. මට තේරෙන විදියට උඹ out ගියපු එකෙක් නෙවෙයි. ඒත් ධර්මාවබෝධය කියන එක සෙල්ලමකට ගන්න ගියොත් දන්නෙම නැතුව completely out යාවි. උත්සහ නොකර නිකම් ඉඳල, ඉබේ ලැබෙන, කල්පිරුනහම ලැබෙන කතා මොකවත් මේකේ නැහැ! try නොකලොත් වෙන්නේ මේ පාරත් miss වෙන එකම විතරයි!!
දැං කියයි
නිවන් දකින්න ඉස්සෙල්ලා IT උගන්නපං කියලා:lol:
 
Aug 29, 2010
55
2
0
ඒක නෙවෙයි බං ඉසුරුවෝ, මේක මෙහෙම ගිහිල්ල උඹෙයි මගෙයි conversation එකක් උනොත් මල හත්ඉලව්වක් නේ වෙන්නේ... උඹයි මායි දැන් අඳුන ගත්තට, අනික් බලන අය දැනටත් හිතන් ඇත්තේ මේ එකෙක්ගේ 'ප්‍රෝඩාවක්' කියල... උඹ shape එකේ බලාගෙන යමන්, මට ඉතුරු හරිය compose කරන්න තියනවා. ඕනේ උනොත් call කරපං.
:yes::)මෙතනින් මගේ හවුල ඉවරයි. සමාවෙන්න මට අවස්‍ය තැනකදි මම කතා කරන්නං.වැඩේ කරගෙන යන්න.සෙත්වේවා!(නියමිත කෙනාගේ වැදගත් ලිපි මිසක් අනවස්‍ය විවාද ගනන් ගන්නෙ නැති හින්දා මම මේක හරියට දැක්කෙ දැං):sorry:
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම හරි අමාරුවක වැටුන හිත සම්බන්ධ කතන්දරේදී... ඇත්තටම අනික් අයගේ ඒවා ගැන අපට පෙන්නේ, තේරෙන්නේ නැහැනේ... මම හිතන් හිටියෙම මේ මගේ වගේ නැත්නම්, අනික් ලඟින් ආශ්‍රය කරන හොඳ 'මීටර්' යාළුවොන්ගේ වගේ, හොඳ පැහැදිලි, කිව්ව ගමන් තේරෙන, දැක්ක ගමන් 'click' වෙන 'හිත්' අනික් අයටත් ඇති කියලයි... අපි මුලදී නම් අනික් උන්ට බැන්න මුන්ට මෙච්චර පොඩි දෙයක් වත් තේරෙන්නේ නැහැනේ...කියල. කොච්චර ඇඟිල්ල දික්කරල පෙන්නන්න හැදුවත්, බලන්නෙම ඇඟිල්ල දිහා! පෙන්නන්නේ මොකද්ද කියල තේරෙන්නේ නැහැ, අහුවෙන්නේ නැහැ! පස්සේ නිකම් ඉන්න ගමන් එක එක්කෙනාගෙන් ඇහුව උඹට කොහොමද තේරෙන්නේ, මොනවද දැනෙන්නේ වගේ ඒවා. දැන් තමයි දන්නේ මේ මනුස්සයෝ කියන අයගෙන් ලොකූ පිරිසකට වෙලා තියන ඇබැද්දිය! හුඟක් අයගේ හිත් පැටලිච්ච නූල් බෝල වගේ!! කුණුගොඩවල්. එක අරමුණක ඉන්න බැහැ, දුවනවා හතර වටේ. මොහොතකට කලින් හිටපු තැනත් මතක නැහැ. ඇත්තටම ඒ තමයි කර්ම ශක්තියෙන්, පින්/පව් වලින් උදාකරල දෙන ඵල විපාක! එහෙම හිත් එක්ක මේවා කරන්න, තේරුම් ගන්න බැහැ!! ඒත් හැබැයි බුදුහාමුදුරුවෝ ඡලාභිජාති සුත්‍ර දේශනාවේදී (විශේෂ උප්පත්ති 6 පිලිබඳ සුත්‍ර දේශනාව) සඳහන් කළා මේ ඉන්න හුඟක් උදවියටත් වඩා අන්ත අසරණ තත්වයේ උදවියටත් උත්සහ කලොත් මේ ධර්ම මාර්ගයෙන් ජයගන්න පුළුවන් බව! බුදුහාමුදුරුවෝ මුල්තැන දුන්නේ උවමනාව, උනන්දුව, වීර්ය වගේ දේවල් වලට! අනික් බෑ බෑ කතන්දර මේ එක එක පිස්සෝ කියපුව. ඒවාට අහුවෙන්න ඕනේ නැහැ!

    හිත ගැන හොඳටම පැහැදිලිවෙන්න තේරුම් ගන්න පුළුවන් වෙයි මෙන්න මේ 'ගොනා model' උදාහරණෙන්. උදාහරණෙ මොක උනත් ඇත්ත 'seen' එක නම් වෙන්නේ මේ විදියටම තමයි!! දැන් බලන්න, අපිට ඔය bump වෙන රබර් බෝලයක් වගේ එකක් ගත්තම, ඒක බිත්තියකට වගේ එකකට ගහන්න පුළුවන් නේ bounce වෙලා ආයේ අතටම එන්න. අපි එල්ල කරන surface එක, මතුපිට හොඳ ස්ථාවර, සමතල (stable & even) එකක් උනොත් අපිට අතින් අවශ්‍ය විදියට පාලනය කරලා බෝලේ යවත හැකි, ඒක ආයේ අතටම එනවා! මේක හොඳට practice කලොත්, බාහිර පරිසරයේ බලපෑම් මොකවත්ම නැහැ කියල හිතමු, සෑහෙන දුරක ඉඳන් මේක කරන්නත් පුළුවන් නේ. ඒ උනාට ඕක කරන්න පුලුවන්ද ස්ථාවර නැති, හැමතිස්සෙම සෙලවෙන, වෙනස් වෙන මතුපිටක් පාවිච්චි කරලා. අපිට බෝලේ යවතහැකි, ඒත් ඒක කොහෙට විසිවෙලා යාවිද දන්නේ නැහැ! අතටම එන එකේ නම් කිසිම sure එකක් නැහැ. ඔය cricket pitch කඩතොළු උනාම බෝල කැලේ යන්නේ... අන්න ඒවගේ වෙනවා.

    ඊළඟට මේ අපිට හම්බවෙලා තියන හිත කියන එක ගැන බැලුවහම, හොඳ පැහැදිලි, නිරවුල් හිතක් නම්, චේතනාවක් පහල කරනකොටම ඒ චේතනාවට අදාලව මතකයේ තියන දේවල් සේරම පීරලා අදාළ තොරතුරු එක්ක ලස්සන ප්‍රතිචාරයක් හිතෙන් ආපිට ලැබෙනවා. (මේ කියනේ අර කලින් විදියට හිතත් එක්ක පැටලිලා, ගැලවෙන්න බැරුව, ඇදිල ගිය එක ගැන නෙවෙයි) එහෙම උනාම හිතන්න හිතන්න ආසාවෙන්, කැමැත්තෙන් ඉස්සරහට ඉස්සරහට හිතාගෙන හිතාගෙන යන්න පුළුවන්. අවුල් වෙච්ච හිතක් ඇතුව වැඩට බැස්සම මොකද දන්නවද වෙන්නේ? අපි පාන් ගෙඩියක් ගැන හිතුවොත් වාහනයක් ගැන මතක් වෙයි, නැත්නම් වෙන මොකක් හරි ජංගියක් ගැන කල්පණා වෙයි. දෙවරක් දෙක කීයද කියල හිතනකොට 75 කියල එයි, නැත්නම් සීතලයි කියල එයි! මතක නේ මේ මතකය කියන එකට අහන, දකින, විඳින, හඳුනා ගන්න, දැනගන්න සේරම එකගොඩේ, කෑලි කෑලි හැටියටයි එකතුවෙන්නේ. හිතෙන් තමයි ඕව සේරම ගැලපිල, සකස්වෙවී එන්නේ. ඉතින් හිත කියන එක පිස්සු නටන්න ගත්තම සේරම පිස්සුම තමයි. බුදුහාමුදුරුවෝ විඥාණය ගැන කිව්වේ වඳුරෙක් උපමා කරලා නේ... ඒකියන්නේ එක තැනක ඉන්නේ නැහැ, එකින් එකට, අරමුණෙන් අරමුණට මාරු වෙවී ඔහේ යනවා, කොහේ යනවද දන්නේ නැහැ. මේ හිත ඇවිල්ල ඔය විඥාණයේ ක්‍රියාකාරිත්වයනේ... සත්වයාගේ හේතුවටයි, අහේතුවටයි සේරටම මුල ඔය හිත කියන එක පුරුදු කරලා, පුහුණු කරලා ඕනේ ඕනේ විදියට හසුරුවන්න පුළුවන් වෙච්ච එක! අපිව සකස්වෙලා, පුරුදුවෙලා ඇවිල්ල තියෙන්නේ දිගින් දිගටම පවතින, 'වැඩේ ඇනෙන' විදියට. අපිට වෙලා තියෙන්නේ ඒ කතාන්දරය 'කණපිට' හරවන්න!

    ඉතින් මුලින් මේ හිත පුරුදු කරලා, පුහුණු කරලා ස්ථාවරව, නිශ්චලව තියෙන්න හදා ගන්න ඕනේ! එතකම් තමයි ඔය පිස්සු මනස්ගාත ඔලුවට ඇවිල්ල වද දෙන ගතිය තියෙන්නේ, ඊළඟට ලොකු සතුටක්, ප්‍රීතියක් විඳින්නත් ලැබෙයි. සේරම දේවල් කියන්නම් ඉස්සරහට. කස්ටියට තියෙන්නේ වැඩේ කරන් යන්න තමයි. ආයේ තව එක කරුණක් තියනවා. හිත තමන්ට හොඳටම contol උනායින් පස්සෙත්, දෙයක් ගැන හිතන්න හිතන්න වෙන දෙයක් ගැනම කල්පනාවට එන, එතකොට තමන්ට තමන් එක්කම කේන්තියන සිදුවීමක්, case එකක් තියනවා. සමහරුන්ට වෙලත් ඇති. මටත් වෙච්ච එකක්. ඒ හරියටම කියනවනම් වැරදි තැනකට sync උනා වගේ දෙයක්. මොකද මතකයේ තියෙන්නේ එකදිගට වැල නොකැඩී යන තරංග සමූහයක් නේ. ඒකෙන් එකක් හරියට තෝරලා බේරලා ගන්නවා කියන්නේ, නිශ්චිත තැනකින් පටන් අරන් අවශ්‍ය කොටස් ටික පිළිවෙලට පෙළගස්වගන්න එකට. මේ බොහොම වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක්! (මට මෙතැනදී කල්පණා වෙන්නේ මගේ අත්දැකීම් අනුව, oscilloscope එකක වෙන කතන්දරේ තමයි. අපිට ඒකෙදි නම් trigger pulse, level, slope කියල controllers තියෙනවා ඕනේ ඕනේ විදියට වෙනස් කරලා අවශ්‍ය විදියට හදා ගන්න) නමුත් හිතේ වේගෙත් එක්ක අපට දුවන්න බැහැ! එතකොට කරන්න ඕන හොඳමදේ, එම සිදුවීම අමතක කරලා දාල ටිකක් නිදහසේ, relax එකේ, ඉන්න එක. (මේ ගැන මම අහපු දේශනා කීපයකම සඳහන් වෙනවා) මොකද මේ, අනිත්‍යවූ හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච, අපිට ඕනේ විදියට පවත්වන්න බැරි දෙයක්. මේ එකක් වත් අපේ නෙවෙයි. ඉතින් හීන් සීරුවෙන් කල යුතු දේවල් ඒ විදියට කරන්න වෙනව. ඔහේ ගිහිලා ගිහිලා සන්සිඳෙනකම් අතහැරලා තියල, කල්පනාවෙන් ඉඳල, පස්සේ ආයේ පටන් ගන්න. බලහත්කාරයෙන් මොකවත් කරන්න ගියාට හරියන්නේ නැහැ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔය කට්ටියට දැන් පැහැදිලි ඇතිනේද මේ මම, ආයේ ඊළඟට ඔය මේ කතන්දරෙන් දිනුව කියල කියපු අය, කොයිවගේ මානසිකත්වයක් තියන උදවියද කියන එක? ඉතින් ඔයාලට පොඩ්ඩක් කල්පනාවෙන් බැලුවොත් තේරෙයි තම තමන්ගේ හිත්වල ස්වරූපය. ඔයාලගේ හිතුත් මේ කිට්ටුවට තියනවනම් 'වැඩේ' ලෙසිවෙයි! හැබැයි මේ අහලකින්වත් තියන්න බැරිතරම් සවුත්තු, චංචල හිත් තබුන කියල, මේක බොලට හරියන්නේ නැහැ, පලයල්ලා කියල කතාවක් නැහැ! ඒ අය වඩ වඩාත් උත්සහ කිරීම විතරයි අවශ්‍ය. මට හිතේ ස්වභාවය තව දුරටත් පැහැදිලි කරන්න ලස්සන උදාහරණයක් කල්පණා උනා. බුදුහාමුදුරුවෝ විඥාණය වඳුරෙකුට උපමාකරලා පෙන්නුව, අරමුණෙන් අරමුණට මාරුවෙවී යන ස්වභාවය තේරෙනවනේ... ඊළඟට දන්නවනේ හැමෝම මේ 'අපි' කියල හිතන් ඉන්න මුලුකතන්දරේම ඇවිල්ල විඥාණයේ ක්‍රියාකාරිත්වය කියන එක. ඊළඟට මේ සේරම, සසර සැඩපහරට අහුවෙලා ගසාගෙන යමින් තියන සත්ව ජීවිත කියන එකත් දන්නවනේ... ඉතින් ඕක පොඩ්ඩක් කල්පණා කරලා බලන්න මෙන්න මෙහෙම. ඔන්න, ඉවුරු සීමා මොකුත් පේන්නේ නැති මහා හයියෙන් ගලාගෙන යන විශාල ගඟකට වැටිච්ච කෙනෙක්, වතුරේ කැළඹි කැළඹී, ගහගෙන එන ලී කොට කෑලි, අතු කෑලි, ආයේ ඔය එල්ලෙන්න පුළුවන් මොන මොනවා හරිවල එල්ලි එල්ලී, ජීවිතේ ගැටගහගන්න, පණ බේරගන්න උත්සහ කර කර ඉන්නවා. දැන් ඔය වතුරෙන් උඩට මතුවෙලා එන ඒවා කැලඹීල්ල නිසා උඩ එනවා යට යනවා, එහෙට මෙහෙට විසිවෙනවා මිසක් එක විදියට තියෙන්නේ නැහැනේ... ඉතින් එල්ලිලා ඉන්න එක්කෙනාට, අල්ලගන්න පුළුවන් පුළුවන් ඒවා බල බලා, එල්ලි එල්ලී ගිලෙන්නේ නැතුව ඉන්නවා මිසක් වෙන මොකවත් කරන්න වෙන්නේ නැහැ! එවෙලේ අල්ලගත්තු එකක ස්වභාවය ඕනේ නම් පෙනෙයි, තේරෙයි, දැනෙයි. ඒවත් මතක හිටින්නේ නැහැ... ඇයි දිගින් දිගට මේකම කරන්න වෙනවනේ, එහෙම නේද? පුදුම වෙහෙස කාරී, පීඩාකාරී ගමනක මේ යෙදිලා ඉන්නේ... ඒත් ගැලවිල්ලක් නැහැ! පණ බයේ, ඒකම දිගින් දිගට කරන් යන්න වෙලා තියෙන්නේ!! සාමාන්‍ය මිනිස්සු ඕනෙම කෙනෙකුට වෙලා තියෙන්නේ ඕක!! එයාල ඇස/කණ/නාසය/දිව/කය කියන ඒවා මුල්කරගෙන එන අරමුණු වල එල්ලි එල්ලී යනවා! ඒවයෙන් විශේෂ මොකුත් නැති වෙලාවල, මනසින්, විඳපු/අඳුනගත්තු/චේතනා පහලකරලා කරපු කියපු දේවල් ගැන මෙනෙහි කර කර ඒ අරමුණු වල එල්ලි එල්ලී යනවා. ඔයිට වඩා දෙයක් දන්නෙත් නැහැ! කරන්නත් බැහැ!! ඕක තමයි සාමාන්‍ය, සමාජ සම්මත උසස්, පහත්, මධ්‍යම, ඕනෙම මනුස්සයෙකුට ජීවිතේ කියල අහුවෙලා තියන දේ!!!

    අපි හිතමු කෙනෙක් භාවනාවේ යෙදිලා, හිත තැන්පත් කරගන්න උත්සාහයක යෙදුන කියල. එයා ඒකෙන් ප්‍රතිඵල ලබන්න ලබන්න එයාගේ භාවනා අරමුණ දියුණුවෙනවා. ඒ කියන්නේ හරියටම කියනවනම් පොඩි පොඩි ගහගෙන යන දේවල් ටික ටික එකතුකරගෙන, එකට සම්බන්ධ කරකර, ලොකු පාවෙන පුවරුවක් හදාගත්ත වගෙයි. දැන් බලන්න පොඩි ඔරුවක වගේ ඉන්න කොට තරම් සෙලවෙන්නේ, ගැස්සෙන්නේ නැහැ ටිකක් ලොකු බෝට්ටුවක ඉන්නකොට. ඒ තරම් වත් ගැස්සෙන්නේ නැහැ බෝට්ටුව ලොකු වෙන්න වෙන්න. මේක මහා විශාල නැවක් වගේ උනොත් නිකම් ගෙදරවගේ තමයි නැද්ද? ඉන්නේ සැඩපහරක කියල හිතාගන්න වත් බැරුව යනවා. භාවනාව දියුණු වෙන්න වෙන්න වෙන්නේ ඕකම තමයි. එතකොට ඉතින් මහන්සියක් නැහැ, බයකුත් නැහැ! පුදුම නිදහසක්, සැනසිල්ලක් ඇතිවෙනවා. අන්න එතකොට පුළුවන් තමන්ට නිදහසේ වෙන ඕනේ දෙයක් කරන්න. ආයේ තව, හිතට ඕනේ දෙයක් හතාගන්න ඇරලා නිකම් ඔහේ උන්න කියමු. ඕනේ උනොත් ආපස්සට ආපස්සට මෙනෙහි කරගෙන යන්න පුළුවන් ආ... මේකට ආවේ මේකේ ඉඳල නේද? මෙහෙම හිතුනේ මේක ගැන කල්පනා කරන්න ගිහිල්ල නේද? එහෙම කියලත්. ඒ තත්වේ පුරුදු කරපු කෙනා තමයි දැනගන්නේ 'අඩේ... මේකනේ නියම ජීවිතේ කියන්නේ!! මොනවද අපි කර කර ඉඳල තියෙන්නේ' කියල. ඒත් ඉන්නේ සැඩ පහරේ හන්ද, තමන්ට ඒකට අහුවෙන්නේ නැතුව 'වෙනම ඉඳගෙන' ඒ සැඩ පහරේ යන දේවල් දිහා බලන් ඉන්න පුළුවන් තත්වයකුත් එනවා! තේරෙනවද කියන එක? ඇස/කණ/නාසය/දිව/කය කියන ඒවා මුල්කරගෙන එන අරමුණු, ආයේ විඳපු/අඳුනගත්තු/චේතනා පහලකරලා කරපු කියපු දේවල් ගැන මෙනෙහි කරලා ඒවයෙන් එන අරමුණු, ඔක්කොම බාහිර දේවල් හැටියට, තමන්ගෙන් වෙන්වෙලා තියන දේවල් හැටියට, all un-linked!, no bindings!! විදියට දැනෙන්න ගන්නවා! තේරෙන්න ගන්නවා!! ඒත් මේ අත්දැකීම කලින් විඳපු අත්දැකීම් වලට වඩා කෝටි, ප්‍රකොටි වාරයක් සතුටුයි, සනීපයි, සැහැල්ලුයි!! සමහරු ඇහුව සක්ඛාය දිට්ඨියෙන් නිදහස් උනාම කොහොමද දැනෙන්නේ කියල... මේ කිව්වේ ඒ දැනෙන විදිය ගැන තමයි! හැබැයි සක්ඛයදිට්ඨියෙන් නිදහස් වීම මෙහෙම unlink වෙලා පේන්න පටන් ගත්තු ගමන් වගෙයි! මේ සේරම භාවනාවෙන්ම වැඩෙන දේවල් නේ... හිත තැනපත් වෙන්න වෙන්න දියුණු වෙන්න වෙන්න තමයි සේරම ලස්සනට පැහැදිලිවෙලා පේන්න ගන්නේ. මේ හිත තැන්පත් කරගැනීමේ ක්‍රියාවලිය පියවර 4 කින් බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්න. ඒකෙ සඳහන් විදියට 4 වන ධ්‍යනයටම පුහුණු කලා කියන්නේ ඉතින් තැන්පත් කිරිල්ල ඉවරයි. නිකම් හිතන්නකෝ ඕනේ නම් ඔය ගනනට ස්ථාවර තැනක අල්පෙනෙත්ති 100 ක් විතර එක උඩ එක තියල රිටක් වගේ හදල තියන්න පුළුවන් කියල! එච්චරට stable!! ආයේ දැහැනින් මිදෙනකම් ඒක එහෙම්මම තමයි!
     
    Last edited:

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    සමහරු ඇහුව සක්ඛාය දිට්ඨියෙන් නිදහස් උනාම කොහොමද දැනෙන්නේ කියල... මේ කිව්වේ ඒ දැනෙන විදිය ගැන තමයි! හැබැයි සක්ඛයදිට්ඨියෙන් නිදහස් වීම මෙහෙම unlink වෙලා පේන්න පටන් ගත්තු ගමන් වගෙයි! මේ සේරම භාවනාවෙන්ම වැඩෙන දේවල් නේ...

    මේ .. මට මේක තව ටිකක් පැහැදිලි කරල දීපන්... මේකට භාවනාව සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා... ඒ කිව්වේ .. ඔතිනින් සෝවන් කියලා නේද කියන්නේ.. බොරු ඉලෙක්ට්‍රෝනික්ස් බයිලා එපා... තේරෙන සිංහලෙන් කියපන්...
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    dhyana laba geneemai sowan weemai athara sambandayak ne.
    jesuthuma gena unath aramunu karagana dhyana awasthawalata yanna puluwan.
    siduhath kumarath, paswaga thawsoth me dhyana awastha walata pathwela thiyanawa (bududahama nodena)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ .. මට මේක තව ටිකක් පැහැදිලි කරල දීපන්... මේකට භාවනාව සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා... ඒ කිව්වේ .. ඔතිනින් සෝවන් කියලා නේද කියන්නේ.. බොරු ඉලෙක්ට්‍රෝනික්ස් බයිලා එපා... තේරෙන සිංහලෙන් කියපන්...

    භාවනාව කියල කියන්නේ ඇවිදිනවා, කුඹුරුකොටනවා, කියවනවා කියල හඳුන්වන ක්‍රියා වගේම, හිත විතරක් පාවිච්චිකරන් කෙරෙන ක්‍රියාවකට කියන නමක් නේ. ස්වභාවයෙන් හිතකියන්නේ control නැති කෙහෙල්මලක්. (කැලේ ඉන්න වල් අලියෙක් කියමු) ඉතින් ඒක කොහොමද ගත්තුගමන් වැඩකට පාවිච්චි කරන්නේ... ඉතින් මුලින් හිත පාලනය කරගන්න පුහුණු කරන්න ඕනේ (අලියා හීල කරලා, පුහුණු කරලා ගන්න ඕනේ). ඕකට කියනවා සමථ භාවනා කියල. ඊළඟට ඒ පාලනය කරගත්තු හිත මෙහෙයවල, ණුවනින් විමසල අනික් ගැඹුරු කරුණු තේරුම් ගන්න දරන උත්සාහයට කියනවා විදර්ශණා භාවනා කියල. මේ කියන කතන්දර කිසි එකක් පියවි ඇහෙන් දකින්න පුළුවන් ඒවා නෙවෙයි! සේරම හිතින්, මනසින් කෙරෙන, දකින දේවල්! ඉතින් තනිකරම භාවනා තමයි!! අනික් මූලික දේ මෙහෙම වෙන්වෙලා වගේ පෙනෙන, තේරෙන ගතිය දැක්ක ගමන් සෝවාන්ය කියල එහෙම එක එක තීරණ වලට එන්න එපා! මේවට අපි මොකවත් definition දෙන්න ගියොත් සේරම අවුල් වෙනවා!!! බුදුහාමුදුරුවෝ අපිට සේරම කියල දීල තියෙන්නේ. අපි ඒවිදියට කරමු! ඇත්තට මම මේවා ලියන්න හිතන් හිටියෙත් නැහැ. එත් අපේ හාමුදුරුවෝ ලඟටත් යන, ගොඩක් උනන්දුව, උත්සාහය තියන පිරිසකුත් කතාවට set උනා. මම අර කලින් කිව්වා වගේ, අපි හිතන් හිටිය විදිය නිරවුල් මනසක් ඇතුව ඇවිල්ල තියෙන්නේ සීමිත පිරිසක්ද කොහෙද. හුඟක් අය ඉන්නේ අවුල් ගොඩක. ඉතින් ඒ අයට ධර්ම කරුණු ගැන අල්ලගන්නත් මුලින් හිත settle කරගන්න උදව් කරලා ඉන්න එපාය. මේවා කල්පණා කරන්න, ලියන්න ගත්තේ ඉන් පස්සේ තමයි.

    මේ... ඇත්තටම මේ කරන්නේ පාරක් කියනවා වගේ දෙයක්! මග සලකුණු, පෙනෙන, දැනෙන විදිය වගේ ගොඩක් detail කියන්නේ, ලියන්නේ හුඟ දෙනෙකුට හිතල මෙහෙම මෙහෙම කරන්න ඕනේ, මේ මේ විදියටයි යන්න ඕනේ කියල තනියම කරගන්න අමාරු බව දැක්ක නිසයි. මේ විදියටම කියන්නම් කරන්න ඕනේ දේවල් සේරමත්. ඒ ටික අනිවාර්යයෙන් ඔයාල උනන්දුවෙලා ප්‍රයෝගිකව කරන්න ඕනේ!! එතකොට වරදින්නෙම නැතුව අවශ්‍ය දේ කෙරෙන තැනට පාර හදන්න තමයි මම try කරන්නේ. මම අත්දැකීමෙන් දන්නවා මට සැහෙන හැකියාවක් තියනවා ඒකට. මම මුලින්ම කියල ඇතිනේ... අනික සමථ භාවනා කරපු පලියට නිවන් මාර්ගයට යොමු වීමක් ගැන කොහෙත්ම කතාවක් නැහැ!!! බුදුරජාණන්වහන්සේ උපදෙස් ගන්න ගියපු ආලාරකාලාම, උද්දකරාමපුත්ත වගේ අය 4 වෙනි ධ්‍යානයෙන් එහාට තියන විඥාණංචායතනය, ආකාසාණංචායතනය, ආකින්චඥායතනය වගේ තැන්වල හිරවෙලා, ඒක තමයි නිවන කියල රැවටිලා හිටිය අහල නැද්ද? මතක නැද්ද? මම ඔයසේරම ලියනවා... චුට්ටක් ඉවසන්න වෙයි, අනික් දේවලුත් කරගන්න ඕනෙනේ... අනික මමත් කිව්වේ, මම උවමනාවෙන් භාවනා කරලා නැහැ! ඒත් හිත ධ්‍යානගතවෙන්නේ ඉබේටම, මොකද පුරුද්ද පුහුණුව කලින් කෙරිලා ඇති. දැන් මතක නැහැනේ ඒගැන... දැන් කරන්නේ අවශ්‍යදේට හිත යොමුකරන ඒක විතරයි... අනික් ටික auto set වෙනවා. 'ජනක'ත් කියල තියනවා වගේ ඔයවිදියට ධ්‍යාන වලට යන පිරිස මහා හුඟක් ලෝකේ ඉන්නවා, තමන් ඒගැන දන්නෙවත් නැතිඋනාට! එහෙම අයට මේක simple. අවාසනාව කියන්නේ උන්ට ශ්‍රී සද්ධර්මයට කිසි උනන්දුවක් උවමනාවක් ඇතිවෙන්නේ නැහැනේ... මම මේවගේ දේකට යොමු උනෙත්, බැස්සෙත් ඔය කරුණු නිසාමනේ... මුලදී මාව 'කොමිටලයක්' හැටියට පෙනුන, දැක්ක අය ඕනේ නම් මුල හරිය බලන්නකෝ ආයේ!

    ඒක නෙවෙයි මාර case එකක් උනා ඊයේ. කාලෙකට පස්සේ ඊයේ පොඩි designing වැඩක්, (ලොකු ගණනක් යන automatic transmission case එකකට පොඩි work around එකක්) කරන්න අතගැහුව, සල්ලිත් ඕනේ නේ ජීවත්වෙන්න. මාර වැඩේ... හිත blank! පුංච් circuit design එකක් එක්ක හැප්පෙන්න උනා පැය ගණනක්. ඔලුවත් රිදෙන්න ගත්ත. කලින් මේ නිකන් වතුරවගේ කරපු දේවල්, පස්සේ අතහැරුණ. දැන් 'මේවා' ඒ ගණනට ඇවිල්ල! හිතාගන්න පුළුවන් නේද හිත එක්ක සෙල්ලම් දාන්න හිතන තරන්ම ලේසි නැහැ කියල?? ඒකයි වැඩේ... ඕනේ දේකට එහෙමයි. මේ තනිකරම හිතින් කලයුතුදේට කොහොමට කැපවෙන්න ඕනෙද කියල හිතා ගන්න පුළුවන් නේද? ඒත් ඉතින් මේකට බෙල්ල කඩල යන්නම try කලත් මොකද? වටිනාකම මනින්න පුළුවන් එකක්යැ?
     
    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    Ado uba ta sirawatama manasika ledak da? Me Post wala thiyenne elctronic kaaliy wire kaaliy battery kaaliiy thawa Buddhagamai genai koththu gahala ne?

    Uba buddhagama haraha technical knowledge penannada yanne?
     
    භාවනාව මොකදද කියලා මම දන්නවා... මම ඇහුවේ.. භාවනාවෙන් සෝවාන් වෙන්නෙ කොහොමද කියලා .. අනික උඹ කියලා තියෙන්නෙ සක්කාය දිට්ඨිය ගැන විතරයි.. අනෙක් දෙකට මොකද වෙනේ... සීලබත්ත පරාමාසයි... විචිකිච්චාවයි... ඒවා නැති වෙන්නෙ කොහොමද...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    භාවනාව මොකදද කියලා මම දන්නවා... මම ඇහුවේ.. භාවනාවෙන් සෝවාන් වෙන්නෙ කොහොමද කියලා .. අනික උඹ කියලා තියෙන්නෙ සක්කාය දිට්ඨිය ගැන විතරයි.. අනෙක් දෙකට මොකද වෙනේ... සීලබත්ත පරාමාසයි... විචිකිච්චාවයි... ඒවා නැති වෙන්නෙ කොහොමද...

    aaa ban nikam prashnayak ahannama one kamata mokak hari ahuwada? nathnam me umbata aththatama hithena widiyada?? umba sirawata nam mechchara 'gon prashna' ahanna widiyak naha! habayi umba me sirawata ahapu ekak nam, mata umba gana kanagaatuyi. ehema unoth mama guess karapu tharam meetarayak neweyi umba! ekko umba meka uwamanaawakin balapu 'yakek' neweyi!

    poddak hithala balapan seelabbatha paraamaasa, wichikichcha kiyana ewa hatharamaha dhathungen hadichcha, ahata penena, athata ahuwena dewalda kiyala? eelangata oya vichikichcha kiyanne sakaya ne... sakaya kiyanne athe paye nathnam bade thiyana deyakda, nathnam oya mallaka pettiyaka daala thiyanna puluwan ekakda? oya okkkoma hithin hadaagaththu manasgaatha. attha ahanna, dakinna, danaganna, watahenna gatthama owa ibetama wisikka wenawa. me mulukathandarema nodanuwath kama, avidyawa nisa hadichcha ekak! avidyawa nathiwenakota serama prashna wisandenna gannawa. awidyawa ehempitin mokuthma ithuru nathuwa iwarauna dawasata wade hari!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Note: මේ ටික කලින් පොස්ට් එකත් එක්කම compose කරලා තිබුනත් සම්පූර්ණ නැති නිසා දාන්න උනේ නැහැ! ඒ අතරේ කතාවට කට්ටිය සම්බන්ධ උනනිසා චුට්ටක් අවුල් වගේ දැනෙයිද දන්නෙ නැහැ!

    මේ කතාවෙච්ච, සැඩපහරේ ඉඳගනම ස්ථාවර සිටින්න පුළුවන් පසුබිමක් සකස්කර ගැනීම, අනිත්‍ය සිත සමථයකට පත්කර ගැනීම, කර්මණ්‍ය කරගැනීම, තමයි අපට උවමනාවෙන් යමක් හිතන්න කරන්න පටන් ගන්න පුළුවන් අවස්ථාව. මෙතැනදී හිතේ දියුණුවක් කියල ගත්තොත් ඒ ස්ථාවරව ඉන්න එක සම්බන්ධයෙන් ලබපු දියුණුවක් විතරයි. මේකෙ ගත්තු උදාහරණෙ හැටියටම හිතුවොත්, ගිලෙන්නේ නැතුව, එල්ලෙන්න ඒවා හොය හොයා දඟලන්නේ නැතුව, හතිඅරින්න පුළුවන් තත්වයක්! අපි එහෙම ටිකක් settle වෙලා, ඊළඟට වට පිටාව බැලුවොත් කොහොමද? අපිට මේ බිම ඉඳන් බලන කොට පේන්නේ වටේට සීමිත දුරක් විතරයිනේ... උස දේවල් වලින් එහායින් තියන ගොඩක් ඒවා වැහෙනවා! දැන් හිතන්න අර කලින් බෝලයක් bounce කරපු කතන්දරේ වගේ එකක් මේ සැඩපහරේ තියන, ඒත් ස්ථාවර වෙච්ච පුවරුව පාවිච්චි කරලා කලොත් කොහොමද වෙන්නේ, සංසිඳුණු හිත ධර්ම කරුණු ඔස්සේ මෙහෙයවල ඇත්තටම 'නුවණ' දියුණු කලොත් කොහොමද කියල... හරියටම කිවොත් ටිකක් උඩකට ගිහින් වට පිටාව බැලුව වගේ! කලින්ට වඩා පේනවා නේ... තව ටිකක් උඩට ගියොත්, ඊටත් වඩා දුරට පේනවා නේ... උස building එකක ඉඳන් වටේ බැලුවම, නැත්නම් plane එකක යද්දී වගේ පෙනෙන විදිය කොහොමද? google maps අරගෙන zoom in zoom out කරලා බලන්නේ... අන්න එහෙම ඕනේ තරම් දුරක, පලාතක දේවල් දකින්න පුළුවන්. මේ ඇවිල්ල අනිත්‍යවූ විඥාණයේ ක්‍රියාකාරීත්වය දියුණු කරලා, හිත දියුණු කරලා ලබන ප්‍රතිඵලය තමයි! හිත දියුණු කරන්න කරන්න ඉන්න උස වැඩිවෙනවා වගේමයි! යන්න පුළුවන් දුර අනන්තයි!! පෙනෙන සීමාව එන්න එන්න වැඩිවෙනවා!! සැහෙන ගණනකට ආවම ආයතන වලින් එන හැම විඳීමක්ම ඈතින් ඉඳන් බලන් ඉන්නවා වගේ බලාගෙන ඉන්න පුළුවන්. සේරම පැහැදිලිවෙලා පේන්න ගන්නවා.

    මෙතැනදී නම් මම නොදන්නා දෙයක් තියනවා. මෙහෙම 'සලායතන වලින් වෙන්වෙලා ඉන්න' හැටියට පෙනෙන එක, නිවන් අවබෝධ නොකලත් හතරවෙනි ධ්‍යානයට හිත දියුණු කලයින් පස්සේ සිදු වෙනවද කියල දන්නේ නැහැ. හරිනම් එහෙම වෙන්න විදියක් නැහැ! මොකද ධ්‍යාන වැඩීමයි, නිවන් අවබෝධය ලැබීමයි කියන්නේ දෙකක්. මම කිව්වනේ, මං උවමනාවෙන් භාවනාවල යෙදිලා නැහැ! මට මේවා මෙහෙම පරතෙරටම පේන්න, තේරෙන්න ගත්තේ නම් 'දැන් ඉතින් සේරම සම්පූර්ණයි නේද' කියලත් තේරිලා, සෑහෙන කාලෙකට පස්සෙයි. අන්තිමේ වෙන්නේ මේකයි කියන එකනම් දේශනා ගොඩකම සඳහන් වෙනවා. 'රහතුන් වහන්සේලා සැප විඳින්නේ සැපයත් එක්ක එක් නොවී'ය කියලනේ කියන්නේ. ඉතින් ඇත්තනේ! මේ බාහිර ලෝකයා දකින්නේ කයට ස්පර්ශවෙන, දැනෙන, විඳින ඒවා විතරනේ... හිත කොයිලෝකේ තියනවද කියල පේන්නේ කාටද? රහතුන් වහන්සේලා කියන්නේ ආයතන එක්ක හුරතල් වෙවී ඉන්න අය නෙවෙයි. හිතෙන් ලබන්න පුළුවන් දේවල් එක්ක බලනකොට, කයෙන් ලබන ඒවා නිකම් සතපනහේ, රුපියලේ සැප ගනනයි!!

    google maps වගේ අරගෙන බලන්න... දැන් මේ ඉන්න තැනකට උපරිම zoom කලාම පෙනෙන area එක, වපසරිය තරමට වත් අපිට පේන්නේ නැහැනේ නිකම් බිම ඉඳන් වටේට බැලුවට. ඒත් හිත දියුණු කරන්න කරන්න zoom out කරනවා වගෙයි. ඉන්න ප්‍රදේශයම පෙනෙන්න බලන්න පුළුවන්, ඊළඟට රට එහෙමපිටින් පෙනෙන්න බලන්න පුළුවන්, තව ලෝකෙම ඕනේ නම් පේන්න බලන්න පුළුවන්. ඊටත් එහාට අනික් ග්‍රහලෝක, චක්‍රාවාට පෙනෙන්න බලාගෙන යන්න පුළුවන්. ඔය කතන්දරේ google maps, PC support නැතුව හිතෙන්ම කරන්නත් පුළුවන්! (අනේ මමනම් කරලත් නැහැ, දන්නෙත් නැහැ) ආකාසාණංචායතනය (විඥාණය අහස වගෙයි කියල) වඩන්න, හිත දියුණු කරන්න පුළුවන්. ඊළඟට විඥාණංචායතනය (විඥාණය අනන්තයි කියල) වඩන්න පුළුවන්. ඊළඟට ආකින්චඥායතනය (කිසිවක් නැත කියල) වඩන්න පුළුවන්. ඊළඟට නේවසංඥානාසංඥා (සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති ගනනට) වඩන්න පුළුවන්. මේක හිතන්නකෝ නිකම් සලායතන වලින් එන සංඥා දැනෙන නොදැනෙන දුරකට, ඈතට ඈතට හිත ගෙනිච්ච කියල. මේ මොනවා කලත් සේරම කෙරෙන්නේ 'මම' භාවනා කරනවා, 'මම' ධ්‍යාන වඩනවා කියල. එතන පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අවබෝධකරලා, එහි ඇතිවීමත් නැතිවීමත් ගැන පූර්ණ අවබෝධයක් ලබල, අවිද්‍යාව පරිපූර්ණ වශයෙන් නැතිවීමක් වෙන්නේ නැහැ. ඒකියන්නේ ධර්මාවබෝධයක් කරලා නෙවෙයි, නිකම් හිත දියුණු කිරීමක් කරලා විතරයි! එතකොට තමන්ට සංඥා දැනෙනවද නැද්ද කියන එක වැඩක් නැහැ, සලායතන වල ක්‍රියාකාරිත්වය එහෙම්මම තියනවා! මේවිදියට ධ්‍යාන වඩල ඉන්දැද්දී මේ ජීවිතය නිම උනා කියමු, එයාල 'අසංඥතලය' කියල හැඟීම් දැනීම් නැති සත්ව කොට්ඨාසයක් හැටියට උපත ලබනවා කියල බුදුරජාණන්වහන්සේ පෙන්වල දුන්න. එයාල කල්ප ගණන් එහෙම ජීවත් වෙලා ආයේ සංසාර ගමනටම ඇදන් වැටෙනවා කියලයි උන්වහන්සේ දේශනා කලේ. අර අලාරකාලාම, උද්දකරාමපුත්ත වගේ තාපස තුමන්ලාට වෙන්නේ ඒක තමයි. දැනටත් ඔය භාවනා පන්ති වගේ ඒවායින් එක එක ක්‍රම අනුව හිතෙන හිතෙන දේවල් කලත්, බුදුරජාණන්වහන්සේ උගන්වා වදාළ විදියට නිර්වාණය සාක්ෂාත් කරනකම් ඉවරයක් දකින්න නම් ලැබෙන්නේ නැහැ! අපිට ගොඩ යනවානම් යන්න පුළුවන් බුදුරජාණන්වහන්සේ සරණ ගිහින් උන්වහන්සේ කියදීපු විදියට ජීවිතය අවබෝධ කිරීමෙන්ම විතරයි.
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    aaa ban nikam prashnayak ahannama one kamata mokak hari ahuwada? nathnam me umbata aththatama hithena widiyada?? umba sirawata nam mechchara 'gon prashna' ahanna widiyak naha! habayi umba me sirawata ahapu ekak nam, mata umba gana kanagaatuyi. ehema unoth mama guess karapu tharam meetarayak neweyi umba! ekko umba meka uwamanaawakin balapu 'yakek' neweyi!

    poddak hithala balapan seelabbatha paraamaasa, wichikichcha kiyana ewa hatharamaha dhathungen hadichcha, ahata penena, athata ahuwena dewalda kiyala? eelangata oya vichikichcha kiyanne sakaya ne... sakaya kiyanne athe paye nathnam bade thiyana deyakda, nathnam oya mallaka pettiyaka daala thiyanna puluwan ekakda? oya okkkoma hithin hadaagaththu manasgaatha. attha ahanna, dakinna, danaganna, watahenna gatthama owa ibetama wisikka wenawa. me mulukathandarema nodanuwath kama, avidyawa nisa hadichcha ekak! avidyawa nathiwenakota serama prashna wisandenna gannawa. awidyawa ehempitin mokuthma ithuru nathuwa iwarauna dawasata wade hari!

    හරි උඹ මහ ලොකුවට දැක්කයි කියන නිවනත් සතර මහ භූත වලින් හැදිච්ච එකක් නෙමෙයි නේ.. ඉතින් උඹ කොහොමද ඒක වින්දයි කියන්නේ...

    අනෙක් ප්‍රශ්නේ තමයි... කෝ ත්‍රිලක්‍ෂනයක් අවබෝධ වෙලා ... කෝ චතුරාර්‍ය සත්‍ය .... ඒවා එකක්වත් නැතුව කොහොමද බොල සෝවන් වෙන්නේ...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    bla blaa blaaa

    ඕක තමයි යකෝ ධර්මයත් එක්ක පිස්සු කෙලින්න එපාය කියල කියන්නේ! තෝ පිස්සු කෙලලා කෙලලා දැන් තොට ඔල්මාදේ! සේරම 'මඤ්ඤං' කියවන්නේ... බලපිය ආයේ මුල ඉඳල! තව mahamevna.org site එකේ තියනවා ධර්ම කරුණු සේරම වගේ තියන දේශනා, පොත් මහා හුඟාක්!! පිස්සු කෙලිල්ල නවත්වල බාගෙන අහපිය! කියවපිය!! නැත්නම් තොට ඇනගන්නම තමයි වෙන්නේ...
     
    ඒකනේ උඹටත් අවබෝධ වෙලා නැහැ... බොරු බයිලා එපා අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් කෝ... අනික මට මහමෙව්නාවෙ සයිට් එකට යන්න ඕන නම් උඹෙන් අහනවද... මට ඕන උඹ කොහොමද අවබෝධ කරගත්තේ කියලා දැනගන්න.. ඒක කියන්න බැහැ කියන්නෙ උඹ මොකට හරි රැවටිලා...
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    ඒකනේ උඹටත් අවබෝධ වෙලා නැහැ... බොරු බයිලා එපා අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් කෝ... අනික මට මහමෙව්නාවෙ සයිට් එකට යන්න ඕන නම් උඹෙන් අහනවද... මට ඕන උඹ කොහොමද අවබෝධ කරගත්තේ කියලා දැනගන්න.. ඒක කියන්න බැහැ කියන්නෙ උඹ මොකට හරි රැවටිලා...
    ඕක කියන්නත් දෙයක්ද? පුදුමේ කියන්නෙ මූ මේව මහා මමංකාරෙකින් කියන ගමන් මේ කතාව කියන එකයි. මූ ඇත්තටම දැඩිව ඒ විශ්වාසයේ එල්බ ගෙන ඉන්නෙ. මූ නිවන් දැක්කාමයි කියන එක විමසා බලන්න ඉස්පාසුවක්, සංයමයක්, විනයක් නැහැ. දැඩිව අල්ලගෙන, රැවටිලා ඉන්නෙ. මූ රැවටිලා කියල මූ දන්නෙ නැහැ. ඒක කියන එවුන්, ඒකට චැලෙන්ජ් කරන එවුන්, එක්ක මල පනිනවා.

    ඒ එක්කම මහා ගොන් කතා ටොන් එකක් විතර කියනවා. එක තැනක මූ කියනව හුස්ම ගන්න එක හිතෙන් පාලනය වෙනවයි කියල ඌට පේනවලු.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒකනේ උඹටත් අවබෝධ වෙලා නැහැ... බොරු බයිලා එපා අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් කෝ... අනික මට මහමෙව්නාවෙ සයිට් එකට යන්න ඕන නම් උඹෙන් අහනවද... මට ඕන උඹ කොහොමද අවබෝධ කරගත්තේ කියලා දැනගන්න.. ඒක කියන්න බැහැ කියන්නෙ උඹ මොකට හරි රැවටිලා...

    ඈ යකෝ, තෝ හිතුවේ මම මේ උඹෙන් certificate එකක් ගන්න ආව කියලද? එහෙම නැත්නම් තෝ මගේ අවබෝධය copy කරගන්න හිතන් ඉන්නවද?
    very sorry මචන්! උඹට අනුකම්පා කරන්න ගියහම මේ වැඩේටයි, අනික් උන්ටයි බාධයි! ඔය හොඳටෝම ඇති. මම ආයේ උඹට respond කරන්නේ නැහැ!!
    උඹ මොන ID එකෙන් ආවත් respond කරන්නේ නැහැ!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් ඉතින් මම, අපි ගැනත් කරුණු ගොඩක් දන්නවනේ නේද? ඉතින් පැහැදිලිවම කියනකොට අපි නිවන් අවබෝධකලා! කියල, මේ විදියට ගිහියෙක්ව ඉඳගෙන, ගිහිගෙදරම ඉඳගෙන, සාමාන්‍ය කෙනෙක් හැටියටම ගෙවල් දොරවල්වල වැඩකටයුතු, ළමයින්ගේ වැඩකටයුතු, රස්සාව සේරමත් කරනගමන්, මේ වැඩෙත් කරන්න පුළුවන් කියන එක හොඳටම පැහැදිලියි නේද?? මූලික අවශ්‍යතාවය උනේ බුදුරජාණන්වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මය ගැන, ආර්ය සංඝරත්නය ගැන නොසෙල්වෙන පැහැදීමයි, අවංක උවමනාවයි, ඒ වෙනුවෙන් කරපු කැපවීමයි විතරයි!! දැන් අවශ්‍ය දේවල් සේරම ඉවර කළා! ඒත් අපිට ජීවිතේ එපාවෙලා, ගෙදර ඉන්න එපාවෙලා, පිස්සු හැදිලා, ඔලුව නරක්වෙලා වගේ අබල් බබල් මොකුත්මත් වෙලා නැහැනේ... පිටින් බැලුවට පේන්න කිසිම වෙනසකුත් නැහැ. ඒත් අපේ හිත් දැන් එහෙමපිටින් පිරිසුදුයි, bullet වගේ වැඩ කරනවත් එක්ක. කන්න බොන්න නැතත් සැනසිල්ල උපරිමයෙන් තියනවා, දැන් මලත් මොකෝ කියල පුදුම නිදහසකින් ඉන්නත් පුළුවන්වෙලා... දැන් මේක ඔයාලට බැහැ, කරන්න තහනම්, කියල කවුරුවත් කිව්වද?? අපි වගේ උත්සහයක් දරුවොත් ප්‍රතිඵල ලබනවා වෙනුවට සේරම නැතිනාස්තිවෙලා යාවි, ඔක්කොම එපාවේවි කියල කවුරුහරි, සිවුරක් දාගෙන ඇවිල්ල හරි, කිව්වොත් පිළිගන්නවද? බයයිද? සැකයිද? ඒ සේරම අල්ලලා දාන්න! වෙන වෙන මනස්ගාත හිත හිතා ඉන්න ඕනේ නැහැ!! දැන්වත් වැඩේට බහින්න...

    පෙර පුරුදු, රැස්කරගත්තු පින් අනුව අපේ වෙනස්කම් ඕනේ තරම් ඇති. ඒත් දැන් සෑහෙන ප්‍රමාණයකට හිතන්න කල්පණා කරන්න හැකියාව තියන උදවියනේ මේ හැමෝම වගේ. ඉතින් ඉන්න තැන ඉඳන් ඉදිරියට කරන් ගියානම් හරි... එක එක්කෙනා අතරේ කොයි කොයි වෙනස්කම් තිබුනත්, පුරුදු පුහුණු කරලා තියෙන්නේ මොනවා උනත්, සසර ගමනින් එතෙර වීම, නිවන් අවබෝධය කියන final result එක කොයි කාටත් පොදු එකම දෙයක්. ඒ වෙනුවෙන් තියන වැඩපිළිවෙලත් කොයි එක්කෙනාටත් පොදු එකම දෙයක්. මුලින්ම මේ සඳහා තියන ආරම්භක අවස්ථාවට ආවොත් මිසක්, කෙනෙකුට වැඩපිළිවෙල අනුගමනය කරන්නවත්, ප්‍රතිඵල ලබන්නවත් පුළුවන් කමකුත් නැහැ! ඊළඟට, අපි හැමෝම මූනදීල තියෙන්නේ සසර ගමන පිලිබඳ එකම ප්‍රශ්ණයකට හන්ද, කවද කොහොම හරි, කාට උනත්, ඉපදෙන මැරෙන සංසාර ගමනේ නිෂ්ඵලත්වය තේරිලා, ඒකෙන් නිදහස් වෙන්න ඕනේ කියල හිතුනොත්, අනිවාර්යයෙන් කරන්න වෙන්නෙත් බුදුරජාණන්වහන්සේ පෙන්වා වදාළ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමම තමයි!! එතකොට තේරෙනවනේ ඉතින්, මේක තවත් කල්දාළ බැහැ! බුදුරජාණන්වහන්සේ අවසන් වරටත් "හන්දදානී භික්ඛවේ ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත" යනුවෙන් අපට ප්‍රකාශ කලේ ඒකනේ! ඉතින් අප්‍රමාදීව ධර්මාවබෝධය, ජීවිතාවබෝධය ලබාගන්න!

    ඉතින් දැන් මේ වෙනකොට තම තමන් ඉන්න තත්වය මොකක් උනත්, උත්සහ කරලා කරලා, වීර්ය කරලා කරලා, පුළුවන් ඉක්මනට ආරම්භක අවස්ථාවට එන්න පුළුවන් නම්, ඒක තමයි දැන් මුලින්ම කෙරෙන්න ඕනේ වැඩේ. මේ සඳහා ධ්‍යාන වැඩිය යුතු බව බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා. ධ්‍යාන අවස්ථා 4 ක් ගැනත් ඉගැන්වුවා. ඒකෙදි හැබැයි පලවෙනි ධ්‍යානය දක්වා හිත දියුණු කරගත්තත් නිවන් අවබෝධයට ප්‍රමාණවත්ය කිව්වා! ඊළඟට ඒ නිවන් අවබෝධය සම්පූර්ණ වෙන ආකාර 4 කුත් පෙන්වල දුන්න. එක්කෝ සමථ භාවනාව මූලික කරගෙන. එක්කෝ විදර්ශනා භාවනාව මූලික කරගෙන. ඊලගට සමථයත්, විදර්ශනාවත් එකවිට ප්‍රගුණ කිරීමෙන් හා මීට අමතරව තව අවස්ථාවක් තියනවා ටිකක් අමුතු එකක්. ඒක තමයි භාවනා මොකවත්ම නොවැඩුනත් (පිස්සු කෙලින එක විතරක් දිගින් දිගටම කරගෙන කරගෙන අන්තයටම ගිහිල්ල අන්තිමේ වැඩේ වැරදුනා නේද කියල තේරිලා කරකියා ගන්න දෙයක් නැති උනා, shock උනා කියමු) මුලාවේ අන්තයේදී හිත නිශ්චල වෙලා, සමාධිගත වෙලා අවබෝධය සම්පූර්ණ වීම. හැබැයි ඔය අන්තිමට සඳහන් වෙන විදිය හරිම unsure, uncertain. ඒ හන්ද ඒකෙන් වැඩක් නැහැ! හොඳම, ඉක්මන් ප්‍රතිඵල දායී ක්‍රමය සමථ/විදර්ශණා දෙකම එකට දියුණු කරගැනීම තමයි. හැබැයි ඔය කොයි ක්‍රමේකට හරි අවබෝධවෙන්න, කරුණු දැනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලම. ඉතින් ඔය මුල ඉඳන් කියවෙච්ච ආයතන වල ක්‍රියාකාරිත්වය, අපි රැවටිල්ලට අහුවෙලා තියෙන හැටි, පටිච්චසමුප්පාදය හටගැනීම, නිරුද්ධවීම පිලිබඳ කරුණු සුතා, ධතා, වචසා පරිචිතා කරගන්න (අහල/කියවල දැනගෙන, ධාරණය කරගෙන, වචනයෙන් පුහුණු කිරීම) කරගන්න. හිත තැන්පත් කරගන්න සමථ භාවනා එක්කම යනකොට මේවා අමාරු වැඩ නෙවෙයි.
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    තමන් දැනගත්ත දෙයක් අනෙක් අයට කියන එක හොඳ දෙයක් ඒක මම අගය කරනවා... ඒත්..

    ඈ යකෝ, තෝ හිතුවේ මම මේ උඹෙන් certificate එකක් ගන්න ආව කියලද? එහෙම නැත්නම් තෝ මගේ අවබෝධය copy කරගන්න හිතන් ඉන්නවද?
    very sorry මචන්! උඹට අනුකම්පා කරන්න ගියහම මේ වැඩේටයි, අනික් උන්ටයි බාධයි! ඔය හොඳටෝම ඇති. මම ආයේ උඹට respond කරන්නේ නැහැ!!
    උඹ මොන ID එකෙන් ආවත් respond කරන්නේ නැහැ!!

    මට response කරන්නෙ නැහැ කියන්නෙ... උඹ දන්නෙ නැහැ කියන එකයි.. .ඒ කියන්නෙ උඹ රැවටිලා කියලවත් අවබෝධයක් නැහැ... උඹේ පෝස්ට් කියවන කොට මට තේරුන දේ තමයි... උඹ .. මොකක් හරි ලෞකික සමාධියකට .. නිවන කියලා රැවටිලා... හරි මාර්ගෙ අහුවුනේ නැතුව තමන්ට ඕන ඕන දේවල කරන්න ගියාම ඔහොම රැවටෙනවා... මම මේක කොහොමද දැනගත්තෙ කියලා උඹට කියන්නම්... මේ උඹම ලියපු එකක්...

    ඒක නෙවෙයි මාර case එකක් උනා ඊයේ. කාලෙකට පස්සේ ඊයේ පොඩි designing වැඩක්, (ලොකු ගණනක් යන automatic transmission case එකකට පොඩි work around එකක්) කරන්න අතගැහුව, සල්ලිත් ඕනේ නේ ජීවත්වෙන්න. මාර වැඩේ... හිත blank! පුංච් circuit design එකක් එක්ක හැප්පෙන්න උනා පැය ගණනක්. ඔලුවත් රිදෙන්න ගත්ත. කලින් මේ නිකන් වතුරවගේ කරපු දේවල්, පස්සේ අතහැරුණ. දැන් 'මේවා' ඒ ගණනට ඇවිල්ල! හිතාගන්න පුළුවන් නේද හිත එක්ක සෙල්ලම් දාන්න හිතන තරන්ම ලේසි නැහැ කියල??

    බුදුහාම්දුරුවෝ දේශනා කරපු දහම් මගක යන කෙනෙකුට... භාවනා කරන කෙනෙකුට මනස තීක්‍ෂණ වෙනවා (අතීත අත්බැව් පවා පෙනෙන්න ගන්නවා ) හැරෙන්න මේ වගේ විකාර වෙන්නේ නැහැ .. ඒ කියන්නෙ උඹට සාමන්‍යයෙන් කරපු දේවත් මතක නැහැ...

    මට කිව්වා වගේ "බලපිය ආයේ මුල ඉඳල! තව mahamevna.org site එකේ තියනවා ධර්ම කරුණු සේරම වගේ තියන දේශනා, පොත් මහා හුඟාක්!! පිස්සු කෙලිල්ල නවත්වල බාගෙන අහපිය! කියවපිය!! නැත්නම් තොට ඇනගන්නම තමයි වෙන්නේ..." කරලා බලපන්...