බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    tap දාල තියෙද්දී ඇදගෙන නානවා! අනික මෙයා නාන්න ඇවිල්ල තියෙන්නෙත් නොගැලපෙන තැනකට! නිකම් රැස්වීමක් මැද්දේ stage එකට නැගල ප්‍රසිද්ධියේ නානවා වගේ වැඩක් කරන්න, මෙයා කොච්චර 'මොලේ කොලොප්පන් වෙච්ච' පුද්ගලයෙක් වෙන්න ඇත්ද? පව්!
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    tap දාල තියෙද්දී ඇදගෙන නානවා! අනික මෙයා නාන්න ඇවිල්ල තියෙන්නෙත් නොගැලපෙන තැනකට! නිකම් රැස්වීමක් මැද්දේ stage එකට නැගල ප්‍රසිද්ධියේ නානවා වගේ වැඩක් කරන්න, මෙයා කොච්චර 'මොලේ කොලොප්පන් වෙච්ච' පුද්ගලයෙක් වෙන්න ඇත්ද? පව්!

    එකනම් ඇත්ත . :yes::yes::yes:ඕක තමයි මෙගොලන්ට කියල දීල තියන සාමය . හරිම මෝඩ රැලක් :lol:.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එකනම් ඇත්ත . :yes::yes::yes:ඕක තමයි මෙගොලන්ට කියල දීල තියන සාමය . හරිම මෝඩ රැලක් :lol:.

    මැට්ටෝ, ඕවට හිනාවෙන්නත් එපා! ඔය උන් දන්නේ නැති හන්ද නේ... කියල දෙන්න පුලුවන්ද බලපං! (තරහ නැහැ නේ...)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ... දැන් මේක බලපු අය ඇයි නිස්සද්ද වෙලා?? Mr. වසවර්ති IM, PM, SMS නැත්නම් email එකක් වත් එව්වද "මොන නිවන්ද බොලල්ල, ඔන්න ඔහේ කාල බීල ජොලියේ හිටහල්ල. මාව දාල යන්න එපා! ඉඳල හිටලා පන්සලකට ගිහින් මලක්, හඳුන්කූරක් පූජා කරලා, පිළිමවලට වැඳලා, බෝ ගහකට වැඳලා, අපල දුරුවෙන්න කොඩියක් එහෙම එල්ලලා ආවනම්, ගෙදර උදේ හවස පිරිත් දාල තිබ්බ නම් ඇති! ඊට වඩා මහන්සිවෙන්න දෙයක් නැහැ!" කියල?:D ශිහ්... අර 'තුන් කට්ටුව' ආවෙත් නැහැනේ... නිකම් පාලුයි පාලුයි වගේ! හැබැයි ඉතින් මුලින්ම මාව පිස්සෙක්, joker කෙනෙක් හැටියට පෙනිච්ච අයට නම් ටිකක් case වගේ වෙලාද කියලත් හිතෙනවා... ගණන් ගන්න එපා! ඒවායේ අවුලක් නැහැ! දන්නේ නැති කම කියන 'හේතුව' හන්ද ඇතිවෙච්ච ඒවගේ 'ඵල' ඇත්ත දැනගත්තයින් පස්සේ අදාළ නැහැ. හොරු, මංකොල්ල කාරයෝ, මිනීමරුවෝ හිටන් ප්‍රතිඵල ලබපු එකේ, ආයේ වෙන මොනවට බයවෙන්නද? පොඩි කතන්දර කෑලි දෙකක් දාන්නම් change එකකටත් එක්ක.

    අපේ හාමුදුරුවෝ උදාහරණයක කිව්වා, 'අත කපපු කෙනෙක් හැමතිස්සෙම අත නෑ, අත නෑ කියා කියා ඉන්නවද? නැත්නම් සාමාන්‍ය විදියටම ජීවත් වෙනවා, අත උවමනා වෙච්ච, අත සිහිවෙච්ච වෙලාවට, අත නැතිබව මතක් වෙනවා විතරද?' කියල... උන්වහන්සේ මේක යෙදුවේ මොහොකටද කියල මට මතක නැහැ. හැබැයි ජීවිතාවබෝධය සම්පූර්ණ උනායින් පස්සේ වෙන්නෙත් මෙහෙම දෙයක් තමයි. එහෙම උදවිය සාමාන්‍ය සමාජයේ, අනික් උදවිය වගේම හරි හරියට ජීවත් උනාට අනික් අය ඇලෙන, ගැටෙන, සෝකවෙන, පසුතැවෙන දේවල් වලදී එයාලට කිසි හැඟීමක්, අවුලක්, upset එකක් නැතුව ඉන්න පුළුවන්! ඇයි 'අත කපල' නේ... හැබැයි ඕක පිට අයට නුහුරට පෙනෙන්න පුළුවන්! චුට්ටක් බැනුම් අහන්නත් වෙන්න පුළුවන්. කියාවි "මූට කිසි ගණනක් නැහැ, මූ නම් මොකෙද්ද දන්නෙ නැහැ, මහා හිතක් පපුවක් නැති එකෙක්" එහෙම කියල... (මටත් වෙච්ච දේවල්...) ඒත් ඉතින් ඒව 'සද්ද' විතරනේ... අල්ලං ගැහුවයි කියලත් වැඩක් වෙයිද... ඒවා 'පහසක්' විතරනේ... ඇත්තෙන්ම මොක කලත් වැඩක් නැහැ! ගෞතම බුදුරජාණන්වහන්සේ සරණ ලබල, ජීවිතාවබෝධය සම්පූර්ණ කළා කියන්නේ, ආයේ ඉතින් කිසිකෙනෙකුට අල්ලන්න, හොල්ලන්න හම්බවෙන්නේ නැහැ! නිදහස්!! එහෙම්පිටින්ම නිදහස්!!!

    තව මහරහතන් වහන්සේ නමකගේ උදාහරණයක් තිබුන, "කෙනෙක්, මැරිච්ච ගවදෙනකගේ පිට හම ගොඩක් තුවාල නොවෙන්න, ඇඟ ඇතුලට තියුණු පිහියක් දාල, පිට මස තුවාල නොවෙන්න ඇතුලේ මස, නහර, බන්ධන සේරම කපල කපල දාල, කීතු කීතු කරලා පිටින් මොකුත් වෙනසක් නොපෙනෙන්න තියල තිබ්බ" කියල. "ඉතින් දැන් මේ හරක් කුණ දකින කෙනෙක් කිව්වොත්, 'ආ... මේ කුණට මොකුත් වෙලා නැහැ. ඇතුලේ බන්ධන සේරම, අවයව සේරම ඒවිදියටම තියනවා' කියල, ඒක හරිද?" කියල. අන්න ඒවගේ ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන, සම්පූර්ණ වශයෙන්ම නිවී සැනසුන කෙනෙක්ය කියලත් පිටට පෙනෙන වෙනස්කම් මොකුත් නැහැ! හැබැයි එයාගේ සසරට, සසර ගමනට, හේතුවන බන්ධන මොකවත් නැහැ! එයා මේ ජීවිතේ අවසානයේදී සියලු දුක් වලින් නිදහස්ව පිරිණිවන් පානවා.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේ කතන්දරේ ප්‍රචාරය කරන්නයි මට ඕනේ! මගේ නම, මගේ ගැන සැලකීමෙන් නම් කිසිම වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශකලේ "ඇසි පිය හෙලන මොහොතකට වත් මම නම් සංසාරය වර්ණනා කරන්නේ නැහැ, එන්නට නම් එපා යලිත් දුකින් පිරුණු සංසාරෙට" කියලයි. ඒක අපිට එක පාරටම තේරෙන්නේනැහැනේ! "මොකද්ද ඒ කෙහෙල්මල් කතාව" කියලනේ හිතෙන්නේ. ඇත්තටම මේක තේරෙන්න නම් ඒ ගැන ඉගෙනගන්න/හොයන්න ඕනේ,හොයන්න/ඉගෙනගන්න නම් ඒ ගැන තේරෙන්න ඕනේ! තව විදියකට කිව්වොත් කෙනෙක් හික්මෙන්න/නිහතමානි වෙන්න ජීවිතය අවබෝධ වෙන්න ඕනේ, ජීවිතය අවබෝධ කරන්න නම් හික්මෙන්න/නිහතමානි වෙන්න ඕනේ! නිකම් හරියට කිකිලිද බිත්තරේද මුලින් ආවේ වගේ කොනක්/පොටක් හොයාගන්න බැරි දෙයක්!

    ගොඩාක් වැදගත් දෙයක් තියනවා කරන්න. ඒක කෙරෙන තැනට කෙනෙක් යොමු වෙන්න නම් ඒ ගැන ඉස්සෙල්ල තේරෙන්න ඕනේ. හරියටම කියනවා නම් බණ අහන්න ඕනේ! අපි කාලයක් තිස්සේ අහපු බණකතා වගේ ඒවා නෙවෙයි, බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයම අහන්න ඕනේ! ආවට ගියාටත් නෙවෙයි,බොහොම උවමනාවෙන්ම අහන්න ඕනේ! ඔය කරුණ කෙරෙන්නේ නැහැ නේද ලේසියෙන්? බණ අහනවට වඩා වැදගත් වැඩ කොච්චරක් නම් තියෙනවද අපිට, නැද්ද? ඕවට කොහෙද වෙලාවක් තියෙනේ. හුඟක් අය හිතන්නේ බණට දහමට යොමුවෙන්න තියෙන්නේ වෙන මොකවත් කර කියාගන්න බැරි කාලේ ආවම කියල නේ. ඉතින් ඔහොම ගිහිල්ල ගිහිල්ල අන්තිමට කාලය ඉවර වෙනවා, යමක් කරගන්න තිබුණු/ලැබුණු අවස්ථාවත් ගිලිහෙනවා.

    සාමාන්‍ය ක්‍රමයට ගිහිල්ල වැඩක් වෙන්න, කවද කොහොම හරි කෙළවරක් දකින්න යොමුවෙන්න නම්, එතකම් ආරක්ෂාවෙන්න පින්, කුසල් ගොඩක් ඕනෙවෙනවා. ඒක මේ ලෝකේ හැටි! ඒ ගැන දැනගන්නත් බුදුහාමුදුරුවෝ කියපු දේවල් අහන්න දැනගන්න ලැබෙන්න ඕනේ. එහෙම ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන්න, අහල තේරුම් ගන්න ලැබෙන්න නම් එකටත් පින් තියෙන්න ඕනේ!! ආයිත් කිකිලිද බිත්තරේද වගේ එකක්! හරිනේ ඉතින්... මේක ලේසියෙන් කරන්න බැරි, හරිම දුෂ්කර, දුර්ලභ දෙයක්! සම්පූර්ණ ඇත්ත!! එත් කලින් ඔය කරන්න ඕනේ දේවල් ඔක්කොම කරලා ඉවරකරපු, තව හැකියාවලුත් ගොඩක් තියන කෙනෙකුට, මොනවා හරි වෙනසක් කරන්න බැරිවෙයි කියල හිතෙන්නේ නැද්ද? මට හිතෙනවා මොනවා හරි කරන්න පුළුවන්මයි! කියල. ප්‍රධානම දේ බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගිය, ධර්ම මාර්ගය සම්පූර්ණ කල කෙනෙක් කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි.

    මම ටිකක් අමුතු කෙනෙක්! මුල් කාලේ නම් මම ගොඩක් වෙලාවට හිටියේ ලෙඩින්. මට ගෙදර එච්චර ඇල්ලුවෙත් නැහැ. මුලින්ම හිතුනේ අපායට ඇවිල්ල ඉන්නවා පව් ටික ගෙවල යන්න කියල වගේ හැඟීමක්. මට නිකම් කුඩම්මාගේ සැලකිලි වගේ කියලයි මට තේරුනේ. දැනටත් එහෙමයි, එත් මට දැන් සේරම පැහැදිලියි... කිසි upset එකක් නැහැ දැන්. මම හුඟක් වෙලාවට තනියෙන් අයිනක් අල්ලන් කල්පනා කර කර ඉන්න කෙනෙක්. forecast එකක් තිබුන incisive technical minded කෙනෙක්, පින්වත් කෙනෙක් කියල එහෙම නම්. එත් මුලදිනම් හරි මැට්ට! technical දේවල් වලටම තමයි interest එක තිබුනේ නම්. කෑම බීම, ඇඳුම් පැළඳුම් වගේ දේවල් ගැන neutral! පස්සේ electronics වලට ඇදිල ගියා. හිතාගන්න බැරි development එකක්! මට මුල අල්ලලා දීපු අයත් පස්සේ මගෙන් අහගන්න ගනනට ආව. අලුත් අලුත් designing වගේ දේවලුත් කලා. බැහැ කියල කියපු repairs වගේ ඒවත් කරලා තියනවා. තාත්ත බැනපු හැටිත් මතකයි "මුට මේ කෙහෙල්මල් අල්ල ගත්තම කන්න බොන්න ඕනෙත් නැහැ..." කියල එහෙම.

    ගොඩාක්ම (සමාජ සම්මත විදියට නම්) ඉහලටම යන්න ලැබෙන විදියට කරුණුත් යෙදුන. ඒපාරේ ගියානම් ලෝකේ leading engineer කෙනෙක් වෙලා සල්ලි/දේපල ඇතිපදමට, පරම්පරා ගණනකට ඇතිවෙන්න හම්බකරන්න තිබුන කියල දැන් හොඳට තේරෙනවා. එත් වෙලාවට ඒක miss උනා... නැත්නම් හරි අපරාදේ! පස්සේ computer field එකට set උනා. දැන් කරන්නෙත් ඒවම තමයි. කතාකරන්න දෙයක් නැහැ ඒගැනත්! ඊළඟට microprocessor based designs, robotics වගේ දේවලුත් ඉගෙනගත්ත. හරි interesting ඒත් වැඩිය එලෙව්වේ නැහැ සල්ලි ප්‍රශ්න හන්ද. කොහොම හරි අන්තිමට තමයි තේරුනේ මේ එහෙට මෙහෙට යැවුනේ, අවශ්‍ය knowledge එක build-up වෙන්න. අන්තිමට තමයි ඉගෙන ගන්න ලැබුනේ ඉගෙනගන්න ඕනේම දෙය! ඒ අපේ හමුදුරුවොන්ට, අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ට පින්සිද්ධවෙන්න! දැන් වැඩකරන තැන තමයි ධර්මය ලබන්න internet පහසුකම, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සේරම ලැබුණු තැන. දැන් ඉතින් නිවන් අවබෝධ කරලත් ඉවරයි! හුඟ දෙනෙක් පිළිගන්න එකකුත් නැහැ. ඒත් ඇත්ත ඒකයි.

    මම කැමතියි මේ මාතෘකාව ගැන කතාකරන්න. මේ ලෝකේ වෙන කිසිම වැදගත් දෙයක් තියනවා කියල මට පෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ කිව්වේ, "ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් දාගන්නවට වඩා හදිස්සියක් තියෙන්න ඕනේ 'සක්ඛාය දිට්ඨියෙන්' නිදහස්වෙන්න" කියලයි. ඒකත් බුදුහාමුදුරුවොන්ට ඇති පල ප්‍රයෝජනයක් හන්ද නෙවෙයි, මේ ඉන්න තරමක් දෙවි-මිනිසුන්ටම හිත සුව පිණිස! 'සක්ඛාය දිට්ඨිය' කියන්නේ කනදෙයක්ද කියලවත් දන්නේ නැති මිනිස්සු කොහොමද ඒකෙන් නිදහස් වෙන්නේ. මේවා දැනගන්න කවුද බණ අහන්නේ? ඒත් මේ ජීවිත කාලෙදිත් මුණ ගැහිච්ච, ජීවිතේට ගොඩක් උපකාර වෙච්ච, ලොකු පිරිසකුත් ඉන්නවා හොඳ බුද්ධිමත්, හිතන්න පුළුවන් කම තියන. එයාල එක්කෝ වෙන වෙන 'තොවිල්' වලට අහුවෙලා ගොනාට ඇඳගෙන, හුඟදෙනෙක් මේදේවල් ගැන මොකුත්ම දන්නේ නැහැ! එයාල reaserch & development වගේ ලොකු ලොකු වැඩ karanawa අලුත් අලුත් දේවල් කරන්න/හොයන්න.

    හොයන්නේ දන්නේ නැති හන්දනේ! දන්නවා නම් අමුතුවෙන් හොය හොයා ඉන්න ඕනේ නැහැනේ! හුඟක් සාමාන්‍ය මිනිස්සු කවුරුවත් නොදන්නවා උනාට දන්න කෙනෙක් ඉන්නවා. එයා සේරම දන්නවා!! එක්කෙනෙක් නෙවෙයි මේ පහුගිය කල්ප 91 ඇතුලේ ඒ වගේ අය 7 දෙනෙක් මේ ලෝකයට කාලෙන් කාලෙට පහලවෙලා සේරම කියල දීලත් තියෙනවා. ඉස්සරහට තව එක්කෙනෙක් එන බවත් කියල තියනවා, හැබැයි තව කල්ප කීයකින්ද කියන්න දන්නේ නැහැ. අපි මේ වෙනකොටත් කල්ප කීයක් පරක්කුවෙලද?කල්පය කියන්නෙත් ප්‍රමාණයක් මෙච්චරයි කියල පෙන්වන්න බැරි තරම් ඉතා දීර්ඝ කාලයක්. බුදුහාමුදුරුවෝ උදාහරණ ගොඩක් පෙන්වල තියනවා ඒ ගැන. ඒත් අපි මේ මහා ලොකුවට කරන දේවල් වල වටිනාකම සාමාන්‍ය මනුස්සයෙකුට වැදගත් වෙන්නේ අවුරුදු 50-60 වගේ පොඩිකාලෙකට විතරයි. අවුරුදු 500-600 විතර යනකොට ගොඩක් ඒවා අභාවයටම ගිහිල්ල. අවුරුදු 5000-6000 යනකොට කතාකරන්න දෙයක් වත් නැහැ!

    මචන් අද තමයි මම මේ ත්‍රඩ් එක කියෙව්වේ උබ හිතනවාද උබ නිවන් අවබොද කරගෙනද කියලා?

    If you can open your heart i can guide u to see "the ultimate reality"


    knock the door will be open
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මචන් අද තමයි මම මේ ත්‍රඩ් එක කියෙව්වේ උබ හිතනවාද උබ නිවන් අවබොද කරගෙනද කියලා?

    උඹට අලුත් උනාට අපිට දැන් මේවා පරණ කතන්දර බං! පුළුවන් තරම් පිරිසකට ඒ 'වටිනාම වස්තුව' ලබාගන්න උපකාර කරන එක තමයි දැන් main task එක! උඹ අන්‍ය ආගමික කෙනෙක් කියල දැනගන්න ලැබුන. ඒකෙන් කමක් නැහැ! ඉස්සෙල්ල බුදුහාමුදුරුවෝ, ශ්‍රී සද්ධර්මය ගැන හරියට දැනගෙන වැඩේ කරන් යමන්කෝ. බුද්ධිමත්, ඥාණවන්ත මනුස්සයෙක් වීමයි, කල්යාණමිත්‍ර සම්පත්තියෙන් ශ්‍රී සද්ධර්මය අහන්න ලැබීමයි, ණුවනින් කල්පනා කිරීමයි තිබුනොත් කෙනෙක් ධර්මාවබෝධය සම්පූර්ණ කරනවා කියලයි බුදුරජාණන්වහන්සේ දේශනාකරලා තියෙන්නේ. උඹත් හොඳ මීටරයක් නම්, හරි දේ තෝරාගෙන, හරියට, නිවැරදි ආකාරයට කල්පණා කරන්න පුළුවන් කෙනෙක් නම්, දැන් ඔන්න ශ්‍රී සද්ධර්මය අහන්න දුර්ලභ අවස්ථාවක් ඇවිල්ල තියනවා! try කලොත් උඹටත් ගොඩ යන්න පුළුවන් මයි!! වෙන අය ගැන බල බල ඉන්න ඕනේ නැහැ, මාත් කරන්නේ additional support එකක්! හැබැයි ඉතින් ලිඳෙන් වතුර බීල ගඟට ආවඩන එක හරි නැහැ නේ... ඒ හන්ද පස්සේ කාලෙක ආගම් කතන්දරේ ගැන බලපං. මූලිකම දේ බුදුරජාණන්වහන්සේ නමක් කියල දෙන්නේ ලෝකධර්මතාවය ගැන!! එතැනදී ජේසු, අල්ල, සක්‍රය, බ්‍රහ්මය, අපි, බල්ලෝ, පූසෝ කියල කිසිකෙනෙකුට වෙනසක් නැහැ! සේරටම එකම හැන්දෙන් තමයි බෙදන්නේ... උඹගේ යාළුවො හැමෝටමත් කියපං.


    If you can open your heart i can guide u to see "the ultimate reality" , knock the door will be open

    makkayi me kiyanne ???
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මැට්ටෝ, ඕවට හිනාවෙන්නත් එපා! ඔය උන් දන්නේ නැති හන්ද නේ... කියල දෙන්න පුලුවන්ද බලපං! (තරහ නැහැ නේ...)

    අපොයි නෑ . ඔහොම නෙමෙයි මොනවා කිව්වත් තරහනම් ගන්නේ නෑ . මොකද තරහ කියන්නේ මොකක්ද කියල මට තේරෙනවා
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපොයි නෑ . ඔහොම නෙමෙයි මොනවා කිව්වත් තරහනම් ගන්නේ නෑ . මොකද තරහ කියන්නේ මොකක්ද කියල මට තේරෙනවා

    එල! එල!! ඒ උනාට ගොඩ දෙනෙක් මේවා දන්නේ නැහැ නේ... කොයි වෙලේ, කොයි විදයට කෙලවර වෙයිද කියල නොදන්නා ජීවිතේ, ඊළඟට මොකක් වෙනවද කියල කිසිම තේරුමක් නැතුව, හුඟදෙනෙක් පිස්සු කර කර ඉන්නවා. දැන් නම් දකිනකොටත් upset ! ඒත් ඉතින් පිළිගන්න අය අඩුයි නේ... මොනවා කරන්නද නේද? 'අජානන්තන් අපස්සන්තන් කින්සි කරෝමි' කියල බුදුහාමුදුරුවොම කිව්වනේ... අපිත් අපිට පුළුවන් දෙයක් කරන්න බලමු!! ඊට පස්සේ හිත හදාගෙන පැත්තකට වෙන්න පුළුවන්! අපිත් යමක් කරන්න උත්සහ කරලනේ...
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    එල! එල!! ඒ උනාට ගොඩ දෙනෙක් මේවා දන්නේ නැහැ නේ... කොයි වෙලේ, කොයි විදයට කෙලවර වෙයිද කියල නොදන්නා ජීවිතේ, ඊළඟට මොකක් වෙනවද කියල කිසිම තේරුමක් නැතුව, හුඟදෙනෙක් පිස්සු කර කර ඉන්නවා. දැන් නම් දකිනකොටත් upset ! ඒත් ඉතින් පිළිගන්න අය අඩුයි නේ... මොනවා කරන්නද නේද? 'අජානන්තන් අපස්සන්තන් කින්සි කරෝමි' කියල බුදුහාමුදුරුවොම කිව්වනේ... අපිත් අපිට පුළුවන් දෙයක් කරන්න බලමු!! ඊට පස්සේ හිත හදාගෙන පැත්තකට වෙන්න පුළුවන්! අපිත් යමක් කරන්න උත්සහ කරලනේ...

    අනිවා අනිවා ! අපි වපුරපු දේවලින් අපිට අස්වැන්න ලැබෙයි . ඔව්න් වපුරපු දෙයින් ඔව්න්ට අස්වැන්න ලැබෙයි !
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    උඹට අලුත් උනාට අපිට දැන් මේවා පරණ කතන්දර බං! පුළුවන් තරම් පිරිසකට ඒ 'වටිනාම වස්තුව' ලබාගන්න උපකාර කරන එක තමයි දැන් main task එක! උඹ අන්‍ය ආගමික කෙනෙක් කියල දැනගන්න ලැබුන. ඒකෙන් කමක් නැහැ! ඉස්සෙල්ල බුදුහාමුදුරුවෝ, ශ්‍රී සද්ධර්මය ගැන හරියට දැනගෙන වැඩේ කරන් යමන්කෝ. බුද්ධිමත්, ඥාණවන්ත මනුස්සයෙක් වීමයි, කල්යාණමිත්‍ර සම්පත්තියෙන් ශ්‍රී සද්ධර්මය අහන්න ලැබීමයි, ණුවනින් කල්පනා කිරීමයි තිබුනොත් කෙනෙක් ධර්මාවබෝධය සම්පූර්ණ කරනවා කියලයි බුදුරජාණන්වහන්සේ දේශනාකරලා තියෙන්නේ. උඹත් හොඳ මීටරයක් නම්, හරි දේ තෝරාගෙන, හරියට, නිවැරදි ආකාරයට කල්පණා කරන්න පුළුවන් කෙනෙක් නම්, දැන් ඔන්න ශ්‍රී සද්ධර්මය අහන්න දුර්ලභ අවස්ථාවක් ඇවිල්ල තියනවා! try කලොත් උඹටත් ගොඩ යන්න පුළුවන් මයි!! වෙන අය ගැන බල බල ඉන්න ඕනේ නැහැ, මාත් කරන්නේ additional support එකක්! හැබැයි ඉතින් ලිඳෙන් වතුර බීල ගඟට ආවඩන එක හරි නැහැ නේ... ඒ හන්ද පස්සේ කාලෙක ආගම් කතන්දරේ ගැන බලපං. මූලිකම දේ බුදුරජාණන්වහන්සේ නමක් කියල දෙන්නේ ලෝකධර්මතාවය ගැන!! එතැනදී ජේසු, අල්ල, සක්‍රය, බ්‍රහ්මය, අපි, බල්ලෝ, පූසෝ කියල කිසිකෙනෙකුට වෙනසක් නැහැ! සේරටම එකම හැන්දෙන් තමයි බෙදන්නේ... උඹගේ යාළුවො හැමෝටමත් කියපං.






    makkayi me kiyanne ???


    මචන් මම උබ නිවන් දැකලා කියලා තිබුන නිසා අහුව්වේ ඕබට අපහස කරන්න නෙමෙයි මාම කියන්නෙ නැ මම 100% බුද්දාගම දන්නවා කියලා නමුත් එක ලස්සන දහමක් ලස්සන විතරක් නෙමෙයි එක යතාර්තවාදි නමුත් බුදු බනට අනුබ දැන් කව්වුරුවත් රහත් වෙන්නෙ නැ අවුරුදු 5000 යන කොට දහමත් අමතක් වෙවි නමුත් තවත් බුදු කෙනෙකු පැමිනෙ වි එ විට මිට වඩා ගොඩාක් නිවන් දකිනවාලු රහත් වෙනවාලු මන්ද යත් එ මේ බ්‍රදු කල්පයෙ අවසාන බුදුවරයා වන නිසා එක නිසා අපි පිලිවන් තරම් බොරු වාද නොකරන් ධර්මය ගැන පමනක් කතා කරමු , මගෙ දහම ගන නෙමයි මම ඉහලි ගරුකරන ඕබෙ දහම ගැන
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මචන් මම උබ නිවන් දැකලා කියලා තිබුන නිසා අහුව්වේ ඕබට අපහස කරන්න නෙමෙයි මාම කියන්නෙ නැ මම 100% බුද්දාගම දන්නවා කියලා නමුත් එක ලස්සන දහමක් ලස්සන විතරක් නෙමෙයි එක යතාර්තවාදි නමුත් බුදු බනට අනුබ දැන් කව්වුරුවත් රහත් වෙන්නෙ නැ අවුරුදු 5000 යන කොට දහමත් අමතක් වෙවි නමුත් තවත් බුදු කෙනෙකු පැමිනෙ වි එ විට මිට වඩා ගොඩාක් නිවන් දකිනවාලු රහත් වෙනවාලු මන්ද යත් එ මේ බ්‍රදු කල්පයෙ අවසාන බුදුවරයා වන නිසා එක නිසා අපි පිලිවන් තරම් බොරු වාද නොකරන් ධර්මය ගැන පමනක් කතා කරමු , මගෙ දහම ගන නෙමයි මම ඉහලි ගරුකරන ඕබෙ දහම ගැන

    මේ මොනවද බං කියවන්නේ??

    මචෝ මේවට උත්තර අමුතුවෙන් දෙන්න දෙයක් නැහැ! උඹල වැරදියට අහල, වැරදි දෙයක් ඉගෙන ගෙන ඒකට හරි එක ගලපන්න යනවා! ඕක හරියන්නේ නැහැ!!
    බුදුරජානන්වහන්සේලා කියන උදවියගේ වෙනසක් නැහැ! හැම බුදුවරයෙක්ම එකයි! ඒත් බුද්ධ සාසනයක් කියන එකත් අනිත්‍යයි, සදාකල් තියෙන්නේ නැහැ! අනික මේකට එරෙහිව මාරයා කියල සියලු ලෝකයන්ට බල පරාක්‍රමය පතුරුවන් ඉන්න පුද්ගලයෙකුයි, එයාගේ සේනාව හැටියට හඳුන්වපු දේවල් ගොඩකුයි තියනවා. ඒ සේරම බලවේගයි, මේවයෙත් ඉන්න තරමක් මාර බලවේග වල වසඟයට පත්වෙච්ච උදවියයි සේරම කරන්නේ ධර්මය කියා කියා අධර්මයම මතු කරන එකයි. ඉතින් කෙනෙක් ධර්ම අවබෝධ කරනවා කියන්නේ එන්න එන්නම දුෂ්කරදෙයක් වෙනවා තමයි. ඒත් ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි!! ඒ කියන්නේ මේ දැනුත් පුළුවන්!!! මචන් උඹට ඇත්තටම අවබෝධයක් ලබාගන්න ඕනේ නම්, පිරිසුදු බුද්ධ දේශනාම අහපන්. උවමනාවකින් මේ thread එක එහෙමපිටින් බැලුවොත් මේකෙත් ගොඩක් දේවල් දාල ඇති.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කට්ටිය 'නිවණ' කියල හිතාගෙන හිටියේ කොයිවගේ දෙයක්ද කියල දන්නේ නැහැ! ඇත්තටම නිවණ කියන්නේ බොහොම සරල, අත ලඟම තියන දෙයක්! අවුරුදු 7 පොඩි උන්නාන්සෙලත් අවබෝධ කළා කිව්වම තේරෙන්නේ නැද්ද? කොච්චර සරල උනත්, කොයි තරම් ළඟ තියෙන දෙයක් උනත්, මෙතනට එන්න බැරි හේතුව, මේ වැඩේ ඉතාමත් දුෂ්කර වීමට හේතුව, කරුණු ගොඩක් ඊට බාධා පිණිසම හේතුවෙලා තිබීමයි! මේ ලෝකය හැදිලා තියන ස්වභාවය අනුව, ඔය අහන දකින විශාල තේ වතු, පොල් වතු, ඇපල් වතු, මිදී වතු වගේ දේවල් වලට කාලෙන් කාලෙට එක එක උදවිය අයිතිය ප්‍රකාශ කරනවා වගේ, මේ මුළු විශ්වය පුරා ඉන්නා තරමක් සතර මහා ධාතුන්ගෙන් හට ගත් සියලු සත්වයන්ගේ සලායතන වලටත්, ඒ සලායතන තමන්ගේය කියා සිතන ඕනෙම 'කෙනෙකුට'ත් අයිතිය ප්‍රකාශ කරන තවත් මහා බලසම්පන්න පුගලයෙක් ඉන්නවා. ඒ තමයි මාරය! එයාව තමයි ඔය දේව සංකල්ප මූලික කරගෙන ගොඩ නැගිච්ච සේරම ආගම් වල 'දෙවියන් වහන්සේ' කියල වරදවා හිස්මුදුනින් පිලිඅරන් තියෙන්නේ! එයා සර්ව බලධාරී තමයි! මොකද මනුස්ස, දිව්‍ය ලෝක වලට විතරක් නෙවෙයි බ්‍රහ්ම ලෝක වලටත් එයා, එයාගේ අණසක පවත්වාගෙන ඉන්නවා! ඒත් හැබැයි එයා මේ මනුස්සයන්ගේ ආරක්ෂාවට, මනුස්සයෝ ගලවා ගැනීමට, එහෙම නැත්නම් මනුස්සයන්ට පිහිට වීමට සිටින කෙනෙක් නෙවෙයි!! වත්තක හිමිකරුවෙක් ඒ වත්තේ දේවල් වෙන කෙනෙක් ගන්නවට කැමති වෙන්නේ නැහැ වගේම, මාරය මේ ඉන්නා කිසිම කෙනෙක් එයාගේ වසඟයෙන් ගැලවී යනවාට කැමති නැහැ! එයා උත්සහ දරන්නේ ඉන්නා තරමක් පිරිස මෙහිම රඳවා ගැනීමට පමණයි!!

    ඉතින් මාරයා, එයාගේ අදහස ඉටුවෙන තාක් කල් කාටවත් බාධාවක් කරන්නේ නැහැ! ඒ නිසයි ඔය අනෙක් ආගම් කිසි එකකට, ලෝකේ කිසිම තැනක කිසිම ආකාරයක බාධාවක් නැත්තේ! බුදුරජාණන්වහන්සේ මේවිදියටයි කියා දුන්නේ... මේ විදියටයි කරන්න තියෙන්නේ... කියල තම තමන්ට ඕනේ විදියට වෙනස්කරගෙන, හදාගෙන අදහන් යන 'බුද්ධාගම්' වලටත් මාරයාගෙන් බාධාවක් නැහැ! මොකද ඒ කිසිම එකක් එයාට, එයාගේ අරමුණ ඉටුකර ගැනීමට බාධාවක් නොවෙන නිසා!! ඒ කිසිම ආගමික ඇදහීමකින් කවදාවත් කිසිම කෙනෙකුට සදාකාලික විසඳුමක්, නිදහසක් ලැබෙන්නේ නැහැ! ඒත් මේ පිරිසුදු බුද්ධ දේශනාම මූලික කරගෙන තියන ධර්ම මාර්ගය ශ්‍රද්ධාවෙන්ම අදහාගෙන, ඒ අනුව කටයුතු කරන, බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්‍රාවක පිරිස යන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් මගක! එයාල අනිවාර්යයෙන්ම මේ ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන සදාකාලික නිදහස ලබා ගන්නවා!! ඒ නිසා මේ පිරිසුදු බුද්ධ දේශනාම මූලික කරගෙන යන සත්‍ය වැඩපිළිවෙල මාරයාට වහක්!!! ඒ නිසා මේකට ගහන්න පුළුවන් හැම විදියකින්ම පහර ගහනවා! එක එක පුද්ගලයෝ ලව්වා එක එක විදිය දේවල් කිය කියා පහර ගහනවා! අන්න ඒකෙන්ම බුද්ධිමත් ඔබ කල්පනාකරලම තීරණය කරන්න, මේක හරි පාර නොඋනා නම් ඇයි මෙච්චර බාධා කියල!!! ඉතින් හොයා හොයා ඉන්නේ හරි එක මොකද්ද කියල නම්, තවත් හොයා හොයා කාලේ නාස්ති කරන්න එපා! දැන් දැන්ම මේවා ඉගෙන ගන්න උත්සහ ගන්න. නිකම් අවට ගියාටත් නෙවෙයි, තේරුම් ගන්න අවංක උත්සාහයක යෙදෙමින්ම කරන්න. එතකොට ඇත්ත තම තමන්ටම වැටහේවි!! මෙතන වෙන කෙනෙක් කියන දෙයක් අදහන්න, පිළිගන්න නෙවෙයි තියෙන්නේ. තමන්ට සාමාන්‍යයෙන් නොපෙනෙන, නොඇසෙන, ගම්‍යනොවෙන කරුණු ගොඩාක් පෙන්වල දෙනවා, තම තමන් විසින් ණුවනින් විමස විමසා අවබෝධ කරගන්න!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි මේ මාරය කියන කෙනා ගැනත් ඕනෙවට වඩා හිතන්න ඕනේ නැහැ! එයත් නිත්‍ය කෙනෙක් නෙවෙයි!! එම තනතුරටත් කලින් කලට එක එක උදවිය පත්වෙනවා, එතනට යැවෙන කෙනා කවුරු උනත්, ඊළඟට කරගෙන යන්නේ අනික් මාරයෝ කරපු විදියටම තමයි! දැන් ඔය වතු අයිති උදවිය හැමදාම ඉන්නේ නැහැ නේ... ඒත් එක්කෙනක් මළාම තව එක්කෙනෙක් ඒක බදාගන්නවනේ... ඔය විදියම කතාවක් තමයි මාරයා සම්බන්ධයෙනුත් බුදුරජාණන්වහන්සේ කියාදීල තියෙන්නේ. උන්වහන්සේ ප්‍රකාශකලා පිරිමියෙකුට මිස ගැහැනියකට බුදු වීමට වත්, සක්‍රදේවෙන්ද්‍රයා වීමටත්, මාරයා වීමටත් බැහැ කියල. ඊළඟට මාරයා සතු අද්භූත බන්ධන කිසිවක් නැතිබවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම පෙන්වා දුන්නා. එත් එයා සරවබලධාරී පුද්ගලයෙක් මයි! ඒ ඔහුට, මාර තනතුරට පත්වන පුද්ගලයාට, ස්වභාවික උරුමයක් හැටියට සතරමහා ධාතුන්ගෙන් හැදෙන සංඥා ආයතන සියල්ලකම අයිතිය හිමිවන බැවිනුයි! ඉන්න තරමක් උදවිය, මේ thread වලත් ඉන්න බොහෝ දෙනෙක්, ඔය ආයතන 6 ක් බදාගෙන, ඒවායේ වැඩ කෑල්ල දන්නේ නැති හන්දයි ඔය පිස්සු කියව කියව කාලේ කකා ඉන්නේ! හැබැයි කවුරුත් නොදන්නවා උනාට, ඕනෙම කෙනෙක් මේ මගේ ඇහැ, මේ මගේ කන, මේ මගේ නාසය, මේ මගේ දිව, මේ මගේ ශරීරය ඊළඟට මේ මගේ හිත කියල කිව්වොත්, ඒ කියන ඕනෙම කෙනෙකුත් අයිති මාරයටයි!!! මොකද ඔය ඕනෙම කෙනෙක්ගේ ඕනෙම ආයතනයක් අයිති මාරයටයි! ඒක එයාට ලැබුණු ලෝක උරුමයක්!! කවුරුහරි එයාගේ දේවල් අයිතිකරගන්න හැදුවොත් වැඩේ එහෙම්පිටින්ම වැරදියිනේ... එතකොට එයා බකන් නිලන් ඉන්නේ නැහැ! (අරිනවම තමයි!!!)

    දැන් මේ ඉන්න තරමක් බුද්ධිමත් නෝනලා, මහත්තුරු හිතන් ඉන්නෙත් මගේ ඒවා කියලම නේ නේද? ඊළඟට මේක අහවර වෙන දවසට යනවා කියලනේ හිතන් ඉන්නෙත්!! ඉතින් කලිනුත් ඔය විදියටම හිතාගෙන හිටිය තොග ගණනක් නෑයෝ, යාලුවෝ මලාට, එයාලගේ ඒවා කියල මොකුත් ගලවාගෙන අරන්ගියා දැකල එහෙම තියනවද?? තමන්ගේ නම් අරන් යන්න එපාය! ඇයි දාල ගියේ? ඔය තියෙන්නේ හිතන්න දේවල්! මොකටද මේ නිකම් පිස්සු කියව කියවා ඉන්නේ? බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයන්ට උන්වහන්සේ මාරයාගේ ගැනයි, එයාගේ වසඟයට පත්වෙන්නේ කොහොම උනොත් දැයි, මාරයාගේ වසඟයෙන් ගැලවෙන්නේ කොහොමදැයි, මොකද්ද මේ වෙලා තියන පටලැවිල්ල කියලයි සේරම කියල දෙනවා!! ඉතින් ශාස්තෘ ගව්රවය තියන ආර්ය ශ්‍රාවකයෝ, උන්වහන්සේගේ උපදෙස් හිස්මුදුනින්ම පිළිඅරන්, මාර වසඟයට පත්නොවී, නිදහස් වීමේ වැඩපිලිවලේ යෙදිලා, ආයතන 6 හි ක්‍රියාකාරීත්වය අවබෝධකරගෙන, ආයතන 6 න්ම නිදහස් වෙනවා. සදහටම නිදහස් වෙනවා!! මේවා හිතන්න තරම් වත් මේ 'බුද්ධිමත් පිරිස' බුද්ධිමත් නැද්ද???


    මට පොඩි jokes අදහසක් ආව! දැන් අර සොහොනේ දඬුවමද මොකද්ද කියල famous video seen එකක් එහෙම තියනවනේ... දැන් technology ත් සැහෙන දියුණුයි නේ... ඉතින් මැරෙන මැරෙන උදවියගේ පෙට්ටි වලට wireless infrared cameras හයිකරලා වල දැම්මනම් ඇත්ත බලාගන්න තිබුන නේ... ඊළඟට රාත්තල් 14 කුළුගෙඩියි, super glue card ටිකකුයි අරන් අර විස්තරය කියන පුද්ගලාව හම්බවෙන්න ගියානම් හරි, දේව දුතියෝ නෙවෙයි ඔන්න අපිම ආව කියල! තෝ ආයි මෙහෙම බොරු කියනවද කියල අහනවා, පලනවා, superglue දාල අලවනවා! ආයි අහනවා, පලනවා, අලවනවා!! ආයි... ආයි...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ පොඩ්ඩක් විතර හිටපු මාතෘකාවෙන් පිටට ගියේ, කට්ටිය චුට්ටක් හරි භාවනාව කියන දෙය ගැන බලනවා, කරන්න try එකක් දානවා ඇති, කියල හිතලයි! වැඩිහරියක්ම. ඊළඟට බලමු ඒකෙ දියුණුවටම යන්න තියන ක්‍රමයයි, ධ්‍යාන අවස්ථා ගැනයි. ඒ ටික type කරන්නත් අමාරුයි චුට්ටක්! සේරම මතකත් නැහැ, ඉතින් හමුදුරුවොන්ගේ පොතකින් copy එකක් හදාගෙන ළඟ තියන් ඉන්නේ... ඒත් ඒක unicode නෙවෙයි, ඉතින් type කරන්නම වෙනවා. හදල දාන්නම්. මේ... මට පොඩි 'hint' එකක් කියන්න මතක් උනා... භාවනාවට ගොඩක් වැදගත් වෙයි! හරියට අවබෝධයක් නැති කෙනෙකුට කෙලින්ම idea එකක් ගන්න පුළුවන් වෙයි මේකෙන්.

    ඔයාල දැකල තියෙනවද ඔය video කෑලි හදපුව තියනවා, එක රූපයකින් තව එකකට හිමීට මාරුවෙලා යන විදියට පෙනෙන? cross fade transition කියන video effect එක? ඔය video editing application එකක් එහෙම පොඩ්ඩක් පුරුදුවෙලා පටන් ගත්තොත් එල තමයි! ඕකෙදි පුළුවන් නේ කාගේ හරි මූණක්, ඇඟක් වෙන කෙනෙකුගේ මූනකට, ඇඟකට මාරුවෙන විදියට හදන්න. මේකට ඉතින් ඔය සේරම දැනගන්න ඕනේ නැහැ! චුට්ටක් ඒ විදිය සිදුවීමක් හොඳට බලල, තමන්ගේ හිතින් ඒ විදිය animation එකක් මවා ගන්න, හිතෙන් animate කරන්න හැකියාවක් ගොඩනගා ගත්තා නම් හරියටම හරි. (මට ඔය ability එක 'සිරාවට' තියනවා ඉස්සර ඉඳලම, ends වල details සේරමයි, මැද්දේ තැන් කීපයක details එහෙමයි තිබුන නම්, පට පට ගාල animate වෙනවා).

    ඊළඟට ඉතින් හරිම සුලුදෙයක් තමයි කරන්න තියෙන්නේ ඔය ඔයාලගේ හොඳ handy photo එකක්, ලස්සන figure එකක්, ඔය මැරිච්ච කෙනෙක්ගේ (මල සිරුරක) රූපෙකට, හොඳ, කුණුවෙලා පනුවෝ හැලෙන රූපෙකට, මාරුවෙන විදිය animate කරලා බලන්න කොච්චර 'ආතල්' ද කියල!! ඊළඟට ඇටකටු set එකකට එහෙමත් දාල බලන්න. net එකේ ඕනේ පදං තියනවා ඕව! දැන් ඉතින් කුලප්පු වෙයිද දන්නෙත් නැහැ, මේ යකා මේ මොනවා කියනවද කියල... එහෙම දෙයක් නැහැ! ඇත්ත කියන එක දකින්න හිත ලැස්ති නැහැ තමයි! ඒක ආස කරන්නෙම full ආතල් දේවල් වලටනේ හුඟක් වෙලාවට. ඒත් ඉතින් මේ 'ඇත්තට' අපි කවද නමුත් මූණ දෙන්නම ඕනේ! ඉතින් ඒක කලින්ම දැනගෙන, තේරුම් අරගෙන ඉන්න එක upset එකක් නැහැ නේ... හුරු උනාම ගණනක් නැහැ! අනික, වැදගත්ම දෙය, මේ අපිව කාපු ඔය 'හිත' කියන එකාගේ 'පිස්සු කෙලිල්ල' එන්න එන්න අඩුවෙනවා!! ඕකට 'පිස්සු කෙලින්න' ඉඩ දුන්නොත්, අපි මේ පාරත් අමාරුවේ වැටේවි! දැන හෝ නොදැන මෙච්චර කාලෙකට වෙලා තියෙන්නේ ඒක!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් ඉතින් මේ කරගෙන ආව වැඩෙනුත්, වෙනස් වෙනස් දේවල් වලින්, වෙනස් වෙනස් ආකාර වලින්, ටිකෙන් ටික කෙරිලා තියෙන්නේ ධර්මාවබෝධයට අවශ්‍ය කරන මාර්ගය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කිරීමේ වැඩපිලිවෙලම තමයි. ජීවිතය අවබෝධ කරගැනීමට අවශ්‍ය සේරම කරුණු ඔය ටිකේ කියවුණා. ඉතින් ඒ කරුණු ඒ ආකාරයෙන්ම අවබෝධ කරගැනීම සඳහා තිබිය යුතුයි කියල බුදුන්වහන්සේ පෙන්වා වදාළ 1) ධර්මය ඇසීමේ, දැනගැනීමේ කැමැත්ත 2) සවන්, නෙත් යොමුකිරීම 3) අවබෝධයෙහි සිත පිහිටුවාගැනීම 4) අදාළ දේ ගැනීම 5) අදාළ නැති දේ බැහැරකිරීම 6) තමන්ට ගලපා ගැනීම කියන ලක්ෂණ වලින් යුතු කෙනෙක් උනා නම්, ඒ අයට, දැනගත් කරුණු වලින් සුතා කොටස සම්පූර්ණ වෙනවා. ඊළඟට එම කරුණු ධාරණය කරගෙන, වචනයෙනුත් පුහුණු වෙලා, ණුවනින් විමස විමසා තේරුම් ගැනීමට උත්සාහයක යෙදෙනවානම්, ඒ සඳහා වීර්ය කරනවා නම්, ඉතිරි කොටස, දිට්ඨියා සුප්පටිවිද්ධා සම්පූර්ණ වේවි! මේ තනිකරම තම තමන්ගේ උනන්දුව, උත්සාහය මතම රඳා පවතින දෙයක්! ඉතින් ඒ සඳහා අවංක උත්සහයක් දරන්න. අපි සින්දුවක් උනත් අහනවනේ 20-30 පාර, ඇතිවෙනකම්. අන්න ඒ විදියට මේ ධර්ම කරුනුත් අහල අහල, කියවල කියවල හිතට දාගන්න. මේක සංසාර ගත රෝගයට බෙහෙත නිසා 'රස' නැහැ කියල නිකම් හිටියොත් තමන්ටමයි පාඩු. මොකද බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකලේ "නකෝ පනේතන් ඉච්චාය පත්තබ්බන්" (ජරා, මරණ ආදී අනේකවිධ දුක් කරදර වලින් ගැලවෙන්න ප්‍රාර්තනාවකින් බැහැ) කියලයි. ඉතින් උත්සාහය ඕනෙමයි!! ඉතින් දැන් ඔය අවබෝධය සම්පූර්ණ වීම සඳහා අවශ්‍ය වෙන සම්මා සමාධි කියන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අවසාන කොටසට තමයි දැන් මේ ඇවිල්ල තියෙන්නේ! මෙතනට එන්න පහසුවෙන්න පූර්ව පුහුණුවක් තමයි අර කලින් පුළුවන් පුළුවන් විදියට කරන්නය කියල කිව්වෙත්. මොකද කොයි විදියට ගියත් අන්තිමට මෙතනට එන්නම වෙනවා!

    ඉතින් මේ ඊළඟට දාන්නේ, අපේ හාමුදුරුවෝ සිංහලයට පරිවර්තනය කරපු ත්‍රිපිටකයෙහි අඩංගු, නොකිලිටිවූ බුද්ධ දේශනාවකින් උපුටා ගත් කොටසක්. මෙතන තියෙනවා ඔය එක එක්කෙනා මනස්ගාත දොඩවන, ධ්‍යාන පිළිබඳව බුදුරජාණන්වහන්සේ කරලා තියන විග්‍රහය ඒ ආකාරයෙන්ම, එහෙම්පිටින්ම! මේ කොටස වෙන කෙනෙකුට කරලා දෙන්න බැහැ!!! හැබැයි අනිවාර්යයෙන්ම අවශ්‍යයි!!! අපේ පෙර කරලා තියන පින් බලයෙන් මේ සුදුසුකම් උප්පත්තියෙන්ම ලබාගෙන ආව හන්ද අපි ඉක්මනින් ගොඩ ගියා, එච්චරයි!! ඒත් ඔයාල අපි හැමෝම ඇවිල්ල තියෙන්නේ එකම විදියට නිමක් කොනක් නැති සංසාර ගමනක යෙදීල, අනන්ත දුක් විඳගෙන! මෙතනින් එහාට ආයේ ඒ අන්ධකාරයේ යන ගමන යන්න එපා! හරි පාර පෙන්වන්නයි මේ සේරම කරන්නේ...


    මම බයේ හිටියේ මේ සේරම type කරන්න වෙයි කියල. ඒත් http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter එක කරපු උදවියගේ උපකාරයෙන් වැඩේ ලේසියෙන්ම කරගන්න ලැබුණ.

    කතමෝ ච: කුමක් ද? භික්ඛවේ: පින්වත් මහණෙනි, සම්මා: ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත් ලෙස පවත්නා, සමාධි: සිතෙහි එකඟ බව යනු, ඉධ: මේ කරුණෙහිලා, භික්ඛවේ: පින්වත් මහණෙනි, භික්ඛු: භික්ෂුව,

    විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මෙහි
    සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං
    පඨමං ඣානං උපසම්පජ්ජ විහරති.


    විවිච්චේව: වෙන්වීමෙන්ම, කාමේහි: (රූප - ශබ්ද - ගන්ධ - රස - පහස යන) කාමයන්ගෙන්, විවිච්ච: වෙන්වීමෙන්, අකුසලේහි ධම්මේහි: රාග - ද්වේෂ - මෝහ මුල්කොට ගත් අකුසල ධර්මයන්ගෙන්, සවිතක්කං: සතර සතිපට්ඨානයේ කවර හෝ කොටසකට යොමු වූ මෙනෙහි කිරීමෙන්, සවිචාරං: ඒ සඳහාම සිත යළි යළිත් යොමු කිරීමෙන්, විවේකජං: පංච නීවරණයන් සංසිඳීමෙන් හටගත් විවේකයෙනු යුතුව, පීතිසුඛං: කායික - මානසි ප‍්‍රීතියෙන් හා සැපයෙන් යුතුව, පඨමං: පළමුවෙන්ම ඇති කර ගත හැකි, ඣානං: බලවත්ව සමාධිය පැවැත්විය හැකි තත්වය (ධ්‍යානය), උපසම්පජ්ජ: තමා තුළ ඇති කරගෙන, විහරති: වාසය කරයි,
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං
    චේතසෝ ඒකෝදීභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං
    දුතියං ඣානං උපසම්පජ්ජ විහරති.


    විතක්ක විචාරානං: සතර සතිපට්ඨානය තුළ මෙනෙහි කරමින්, යළි යළි ඊට සිත යොමු කිරීමෙන්, (උත්සාහයෙන් කළ දේ) ඇති කරගත් ස්වභාවය, වූපසමා: සංසිඳී ගොස්, අජ්ඣත්තං: සිත තුළ, සම්පසාදනං: බලවත් ශාන්ත භාවයක් ඇති වීමෙන්, චේතසෝ: මානසිකව ඇති වූ, ඒකෝදිභාවං: මනා ලෙස එකගභාවයට පත්වීම තුළ, අවිතක්කං: මෙනෙහි කිරීමෙන් තොරව, අවිචාරං: යළි යළි ඊට යොමුවීමෙන් තොරව (ඉතා පහසුවෙන්), සමාධිජං: පළමුවෙන් ඇති කරගත් බලවත් සමාධිය නිසා හටගත්, පීති සුඛං: ප‍්‍රීතියෙන් හා සැපයෙන් යුතුව, දුතියං: දෙවනුව ඇති කරගත හැකි, ඣානං: බලවත්ව සමාධිය පැවැත්විය හැකි තත්වය (ධ්‍යාන), උපසම්පජ්ජ: තමා තුළ ඇති කරගෙන, විහරති: වාසය කරයි,


    පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහරති සතෝ ච සම්පජානෝ
    සුඛඤ්ච කායේන පටිසංවේදේති, යන්තං අරියා ආචික්ඛන්ත
    උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරී’ති,
    තතියං ඣානං උපසම්පජ්ජ විහරති.


    පීතියා ච: පී‍්‍රතිය කෙරෙහි ද, විරාගා: ඇල්ම දුරු කිරීමෙන්, උපෙක්ඛකෝ ච: මධ්‍යස්ථ භාවයෙන් යුතුව, විහරති: වාසය කරයි, සතෝ ච: බලවත් සිහියෙන් යුතුව, සම්පජානෝ: බලවත් නුවණින් යුතුව, සුඛඤ්ච: (නිරාමිස) සැපයක්, කායේන: කයින්, පටිසංවේදේති: විඳිමින් සිටින්නේ වේද, යන්තං: යමකට, අරියා: ධර්මාවබෝධය කළ උත්තමයෝ, ආචික්ඛන්ති: ප‍්‍රකාශ කරත්ද, උපෙක්ඛකෝ: මධ්‍යස්ථ භාවයෙන් යුතු, සතිමා: බලවත් සිහියෙන් යුතු, සුඛ විහාරීති: සැප සහගත විහරණයක් යයි, තතියං: තුන් වෙනුව ඇති කර ගත හැකි, ඣානං: බලවත්ව සමාධිය පැවැත්විය හැකි තත්වය (ධ්‍යානය), උපසම්පජ්ජ: තමා තුළ ඇති කරගෙන, විහරති: වාසය කරයි,


    සුබස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා
    පුබ්බේච සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා
    අදුක්ඛමසුඛං උපෙක්ඛා සතිපාරිසුද්ධිං
    චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.


    සුඛස්ස ච: සැපයට ඇති ඇල්ම ද, පහානා: දුරුකොට, දුක්ඛස්ස ච: දුකට ඇති ගැටීම ද, පහානා: දුරුකොට, පුබ්බේව: කලින්ම, සෝමනස්ස දෝමනස්සානං: මානසිකව හටගන්නා සතුට මෙන්ම දුකද, අත්ථංගමා: නැති කර දැමීමෙන්, අදුක්ඛමසුඛං: සැප දුක් රහිත වූ, උපෙක්ඛා සතිපාරිසුද්ධිං: උපේක්ෂාවෙන් යුතු පාරිශුද්ධ වූ බලවත් සිහියෙන් යුතු, චතුත්ථං: සිව් වැනිව ඇති කර ගත හැකි, ඣානං: බලවත්ව සමාධිය පැවැත්විය හැකි තත්වය (ධ්‍යාන), උපසම්පජ්ජ: තමා තුළ ඇති කරගෙන, විහරති: වාසය කරයි,

    ඉදං: මෙය වනාහී, වුච්චති: කියනු ලැබේ, භික්ඛවේ: පින්වත් මහණෙනි, සම්මා: ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත් ලෙස පවත්නා, සමාධි: සිතේ එකඟ බව යයි.
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මට දැනගන්න දෙයක් තියෙනවා. යම කිසි කෙනෙක් මෛත්‍රී භාවනාව සහ අනපන සති භාවනාව විතරක්‌ වඩනවා නම් ඒ පුද්ගලයට නිවනට යන්න පුලුවන්න්ද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට දැනගන්න දෙයක් තියෙනවා. යම කිසි කෙනෙක් මෛත්‍රී භාවනාව සහ අනපන සති භාවනාව විතරක්‌ වඩනවා නම් ඒ පුද්ගලයට නිවනට යන්න පුලුවන්න්ද?

    බැහැ! පටිච්චසමුප්පාදය ගැන, අනිත්‍ය ස්වභාවය ගැන හොඳටම තේරුම් අරගන්න ඕනේ. මේ සකස්වෙලා තියන දෙයෙහි ඇතුලාන්තය, ධාතු වශයෙන්, ආයතන වශයෙන් වගේ හැම ආකාරයකින්ම දැකල, අඩුවක් නැතිව ඕනෙම පැත්තකින් බැලුවහම කෙළවරටම පෙනෙන්න, දකින්න පුළුවන් විදියට අවබෝධය දියුණු කරගන ඉන්න ඕනේ. ඊළඟට ඒ කරුණු ගැනම ණුවන මෙහෙයවන්න ඕනේ! එහෙමයි නිවණ අවබෝධයට පසුබිම සකස් වෙන්නේ.
    මයිත්‍රී භාවනාවේ යෙදෙන එක ගොඩක් වැදගත්. ඒකෙන් පින් රැස් වීම අප්‍රමාණයි. බුදුරජාණන්වහන්සේ පාරමීදම් සම්පූර්ණ කරන කාලයේ අවුරුදු 7 ක් මයිත්‍රී භාවනාවේ යෙදීමෙන්, සංවට්ට විවට්ට කල්ප 7 ක් නොකඩවා දිව්‍යලෝක වලින් බ්‍රහ්මලෝක වලට ආයේ බ්‍රහ්මලෝක වලින් දිව්‍යලෝක වලට මාරු වෙවී සැරිසැරුවා කියල කිව්වා! පවතින සමාජයේත් මයිත්‍රී භාවනාව ප්‍රගුණ කරන අය වැඩි උනානම් ලෝකේ මීට වඩා හොඳ, යහපත් තැනක් වෙයි! (ඒත් අනිත්‍යයි!)
    ආනාපානසති භාවනාව තමයි 'හිත' කියන එක අපට ඕනේ විදියට සකස් කරගන්න, වැඩක් ගන්න පුළුවන් තත්වයට පත්කරගන්න, කර්මණ්‍ය කරගන්න අනුගමනය කල හැකි හොඳම, සාර්ථකම පිළිවෙත. ඒත් දැනටත් ධ්‍යාන මට්ටම් (පළවෙනි තැන උනත් කමක් නැහැ කියල තියෙනවනේ) හුරුපුරුදු අයට වැදගත් වෙන්නේ ජීවිතය අවබෝධ කරගන්න වෙහෙසෙන, කැපවෙන එක තමයි!
     
    Last edited: