බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ආර්යෂ්ඨාන්ගික මාර්ගයෙන් සම්මා සමාධි කියන කොටසේ තියන වැදගත්කම පේනවා නේද? ඔය විදියට හිත සංසිඳවා ගන්න බැරි උනොත්, කොහොමද අපි ඒක අපිට ඕනේ දේවල් වලට පාවිච්චිකරන්නේ? අපි නිකම් රූකඩ වගේ 'හිත' කියන එකට අහුවෙලා, ඒකෙන් පෙන්වන පෙන්වන 'තෝරන්' වලට රැවටිලා වෙච්ච මහා අවුලක් නේ මේ සංසාර ගමන පිළිබඳව ඛේදවාචකය තනිකරම. ඉතින් තේරුණා නම් දැන් කිසි දේකට කලබල වෙන්න ඕනේ නැහැ. මේ කරුණු කාරණා සේරම හරි ආකාරවම අවබෝධකරගන්න විතරක් හදිස්සි වෙන්න! අනික හිත හොඳට පුහුණු කරගත්ත කියන්නේ මේ වැඩෙත් හරියට කරලා, ජීවත් වෙනකම් එන ප්‍රශ්න ඕනෙම දේකටත් කිසිම පැකිලීමකින් තොරව වෙඩි වගේ මුණ දෙන්නත් පුළුවන් වෙනවා. ඊළඟට, කිසි ප්‍රශ්නයක් නැතුව මුළු ජීවිත කාලයම ගතකරන්න පුළුවන් තත්වයක් හදාගත්තාම ආයේ මොනවයින්ද අඩු?? අන්න එතකොට තේරෙයි 'ඉධ නන්දති පෙච්ච නන්දති, පුඤ්ඤං මේ කතන්ති නන්දති...' කියපු එකේ හරි තේරුම! මේ වැඩේට උවමනාවකින් යොමුවෙන ඕනෙම කෙනෙකුට මේ නිරාමිස සැප සම්පත් සේරම උරුමයි!!

    අර, මුලින් ඉඩ තියන තියන විදියට කරන්න පුහුණු වෙන්නය කියපු විදියට, එදිනෙදා ජීවිතයේ ගාලගෝට්ටි සේරම මැද්දේ හරි හිත තැන්පත් කරගන්න උත්සහ කරන්න යොමු වෙච්ච උදවිය දන්නවා ඇති, දැනගන්න ඇති, කාලෙකදී දැනගනී, ඒකෙන් කොච්චර සහනයක් ලබන්න පුලුවන්ද? කියල. දන්නෙම නැතුව තමන්ගේ මානසික දියුණුව ඇතිවෙනවා, හැමදේම වගේ කලින්ට වඩා හොඳින් කරන්න හැකියාව ලැබෙනවා... හැබැයි ඔයවිදියට ලබන්න පුළුවන් ප්‍රතිඵලත් සීමා සහිතයි! මොකද බාහිර පරිසරයත් එක්ක ගැටෙන්න, ප්‍රතිචාර දක්වන්න වෙනවා කියන්නේ බාධා, inturrupts වැඩියි! ඒ හන්ද අපිට භාවනාවටම කියල කාලයක් වෙන්කර ගන්න, බාධා නැති, නිදහස් පරිසරයකට වෙලා පැය දෙකතුනක් හරි ඉන්න තිබුනනම් තවගොඩක් දුරට යන්න තිබුන. ඒත් මට එහෙම අවශ්‍ය උනේ නැති හන්දත්, අපිට උත්සහ ගන්න තියෙන්නේ අකාසඤ්ඤායතන, විඤ්ඤානංචායතන නැත්නම් නිරෝධසමාපත්ති වගේ තත්වයන්ට යාමක් නොවෙන නිසාත්, මට හිතෙන්නේ සාමාන්‍ය ජීවිතයේ අනික් වැඩ අතරතුරේම, උත්සහ කරලා කරලා පැය 2-3 ක් එක දිගට, තමන්ට sure කරලා එක අරමුණක ඉන්න, තත්වයට හිත දියුණු කරගත්තොත් ඇතිවෙයි! ඒත් පැහැදිලිවම දන්නවා, ඉක්මනටම අවසාන ප්‍රතිඵලය ලබන එකයි, බලවත් චිත්ත ඒකාග්‍ර තාවයයි, හිතේ එකඟ බවයි නම් ඉතාමත් දැඩි ලෙස එකකට එකක් සම්බන්ධයි!

    ඊළඟට තව ගොඩාක් වැදගත් දෙයක් තියනවා. දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී, වෙන වෙන දේවල් අතරතුරේ භාවනාවට යොමුඋනා කියන්නේ, ඇඟට විවේකයක් නොදී හිතට විතරක් නිදහස දෙනවා වගේ එකක් නේ... එහෙම නැතුව සුඛාසන, පද්මාසන වගේ භාවනා ඉරියව් වලින්ම ඉඳන් මේක කලොත් කොහොම වෙයිද? චුට්ටක් කරලම බලන්න. දැන් ඔය ඉරියව් සේරගේම සමානත්වයක් තියෙනවා දැක්කද? ඔය විදියට ඉන්න කොට අපිට ඇඟ සමබර කරගන්න කිසිම මහන්සියක් ගන්න ඕනෙවෙන්නේ නැහැ. සේරම relax කරලා ඉන්න පුළුවන්, වැටෙන්නේ පෙරලෙන්නේ මොකවත් නැහැ. අර, මුලින් කතාඋන stability, mobility කතන්දර මොකවත් නැහැ! ඉතින් එතකොට ඇඟට කරන්න කියල වැඩකුත් නැහැ නේ... දැන් මේකේ (ඇඟේ) හුස්ම වැටෙන එක, ලේ ගමන් කරන එක එහෙම වෙන්නේ මොකටද? නිකම් ඉන්න බැරුවටද, ආසාවටද? ඒවා ඔක්කොම හැදිලා තියෙන්නේ මේ ඇඟ පුරාම තියන සජීවී සයිල වලට ජීවය පවත්වාගන යන්න අවශ්‍ය අහාර, වාතය සපයන ගමන් ඒවයෙන් හැදෙන අපද්‍රව්‍ය බැහැරට ගෙනයන්න නේ. සයිල වලටත් වැඩක් තිබුනොත් නේ ක්‍රියාශීලී වෙන්න, නැත්නම් බුදි. එතකොට අවශ්‍යතා සීමිතයි! කෑම, oxygen ඕනේ වෙන්නේ නැති තරම්. දැන් ඔය fridge එකකට වගේ අවශ්‍ය දේවල් ගෙනල්ල පුරවගත්තයින් පස්සේ ඒවා පාවිච්චි උනොත් නේ ආයේ ගෙනත් පුරවන්න වෙන්නේ. අන්න එහෙම ඇඟත් භාවනා ඉරියව්වක තියාගත්තම, සයිලවලට අහාර, oxygen පවිච්චිවෙන එක අඩු වෙනවා. ඉතින් සැපයුමට සකස්වෙලා තියන ඒවයෙත් ක්‍රියාකාරිත්වය, හුස්ම වැටෙන එක, ලේ ගමනාගමනය වගේ ඒවා, ඉබේටම අඩුවේගන අඩුවේගන යනවා.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින් අපි හිතමු ඔහොම නිවැරදි, කියා දීපු ආකාරයටම අපි භාවනාවට ලෑස්ති උනා කියල. මෙතැනදී අපිට හිතේ දියුණුව උපරිමයටම ගෙනියන්න පසුබිම සකස්වෙනවා! අර කලින් වතාවේ කරන්න පුළුවන් උනේ ඉන්න අරමුණෙන් වෙනස්වෙන්න හදද්දිම දැනගන්න තත්වයට හිත ගේන්න නේ! දැන් ඔන්න වැඩේ ඊට වඩා අමාරු වෙනවා. දැන් හරියට, හැංගිලා හොරෙන් මාරුවෙලා යන්න හදනකොටම අල්ලගන්න වගේ serious situation එකක්, කලින්ටත් වඩා අමාරු තත්වයක් එනවා! මේකට අපි ගන්නේ ආනාපානසති භාවනාව තමයි. මතකනේ බෝසතානන් වහන්සේ පවා, මාර පරාජයෙන් පසුව කුමක් කරන්නද කියල හිත හිතා ඉන්දැද්දී, කුඩාකල වප්මගුල් උළෙලේදී ආනාපානසති භාවනාවේ යෙදුනු විදිය මතක් වෙලා, ඒ අයුරින්ම භාවනාවේ යෙදිලා, ධ්‍යානවලට සමවැදිල නේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ!
    ඉතින් දැන් අපිත් හරි ආකාරයට භාවනාවේ යෙදෙන කොට, හුස්ම අරමුණු කරන් හිටියට, එන්න එන්න හුස්ම වැටීම අරමුණු කිරීම දුෂ්කර වෙනවා. ඇයි ඒක අඩුවෙවී අඩුවෙවී යනවනේ. ඉතින් එතකොට මොකද කරන්නේ? දැන් අපි ඔය මොකක් හරි අහනකොට සද්දේ අඩු නම් වැඩිකරගන්නේ... ආයේ හරියට පෙන්නේ නැත්නම් ඇස් ලොකු කරගෙන බලන්නේ... අන්න ඒවගේ ආශ්වාස ප්‍රශ්වාසය සියුම් වෙන්නේ කොහොමද, අන්න ඒකත් එක්කම යන්න, follow කරන්න පුළුවන් ගනනට හිතේ sensitivity, සංවේදීතාවය වැඩිකරන්න වෙනවා!! වැඩිකරගන්න කියල උත්සහ කරන එක නෙවෙයි ඇත්තටම කරන්න තියෙන්නේ. අපි අරමුණු කරන්නේ ආශ්වාස ප්‍රශ්වාසයනේ... ඒක කොච්චර සියුම් වේගන වේගන ගියත් කමක් නැහැ, ඒකම ඒකම මෙනෙහි කරමින් යන්න! එතකොට ලස්සන වැඩක් වෙයි... ඊළඟට තියෙන්නේ ඔය එක එක 'චායතන'... ඒත් හැබැයි අපේ target එක ඒවා නෙවෙයි... ඉතින් ඕවයි ගිහින් 'චා' උනොත්! අර අලාරකාලාම, උද්දකරාමපුත්ත උන්නැහැල හිරවෙලා හිටිය වගේ උනොත්, ඒකත් ලෙඩක් වෙනවා නෙව! අපි කරන්න ඕනේ ඔය හරියට යන එක නෙවෙයි, මේ හිත පාලනය කරගැනීම හොඳට දිරෙව්වට පස්සේ, ඒකියන්නේ ධ්‍යාන මට්ටම් දියුණු වෙද්දී, පුළුවන් ලඟම තැනකින් 'කෝච්චිය අපිට ඕනේ පැත්තට හරවගන්න' එකයි.

    තේරෙනවා නේද? නිකම් අර මම ගත්ත උදාහරණත් එක්කම බලන්න. මේ දැන් වෙන්නේ ඉහලට ඉහලට නගිනවා වගේ වැඩක් නේ... එතකොට, අපිට මේ මුළු සක්වලම පේන තරමට උඩකට යන්න ඕනේ නැහැනේ, මේ බඹයක් විතර 'size එකක්' කරකව කව බලන්න! හරිද? අපි, හිත අපේ පාලනයට නතුකරගෙන, මේ ඇඟයි, ඒකෙ වැඩකෑල්ල එහෙම්පිටිනුයි දකින්න පුළුවන් ගණනක ස්ථාවර වෙච්ච ගමන්, 'ලෝකය අවබෝධ කරගැනීමේ' යෙදෙන්න පටන් ගත්තානම් හරි! මේ සිත, විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරය අවබෝධ කරගන්න උත්සාහයේ යෙදුන නම් හරි!! බුදුහාමුදුරුවෝ කිව්වේ, පලවෙනි ධ්‍යානය උනත් ප්‍රමාණවත්ය කියලයි! මතකනේ... වෙන වෙන අයගේ අදහස් අනුව, අමතර දේවල් වලට කාලය නාස්ති කරන්න එපා! හැබැයි කරන්න තියෙන කොටස එහෙමපිටින් කරලා ඉවරයක් කරපු කාලෙක, ඔය ඕනේ 'චා' එකක් try කරලා බලන්න. මේ බුදුරජාණන්වහන්සේ නමක් කියාදෙන මාතෘකාවේ, ඔය අනික් විෂය ඉගෙනගද්දි වගේ, ඉගෙන ගන්න ඉගෙන ගන්න තව තව ඉගෙන ගන්න තියනවා, 'මැරෙනකම්ම ඉගෙන ගන්න තියනවා' කියල කෙහෙල්මල් කතා මොකවත් නැහැ! මේකේ destination එකට ගියා, එච්චරයි! එතනින් ඉවරයි!! පස්සේ ඉතින් වෙන වෙන අමතර දේවල්, computer, electronics වගේ ඕනේ කෙහෙල්මලක් ඉගෙන ගන්න, අත්හදා බලන්න, අවුලක් නැහැ!! වෙන්න ඕනේ හරි විදිය තමයි, සංවර භාවය උපරිමයෙන් ආරක්ෂාකරගෙන ඉන්න එක, නැත්නම් හරි නැහැ නේ!

    කායෙන සංවරෝ සාධූ, සාධු වාචාය සංවරෝ,
    මනසා සංවරෝ සාධූ, සාධු සබ්බත්ථ සංවරෝ,
    සබ්බත්ථ සංවරෝ භික්ඛූ, සබ්බ දුක්ඛා පමුන්චති.
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    [FONT=&quot]මට මේක අහන්නත් මොකක්ද වගේ............. මට දැනගන්න ඕනේ ඔය අසබ්‍ය පින්තූරු සහ ෆිල්ම්ස් බැලීම බුදු දහමට එකගද නැද්ද කියන එක? මොකද ඉතින් අපි හැමෝම කරන දෙයක් නේ ඕක. එක නිසා තමයි මට මේ ප්‍රශ්නය අහන්න හිතුනේ[/FONT]
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    [FONT=&quot]මට මේක අහන්නත් මොකක්ද වගේ............. මට දැනගන්න ඕනේ ඔය අසබ්‍ය පින්තූරු සහ ෆිල්ම්ස් බැලීම බුදු දහමට එකගද නැද්ද කියන එක? මොකද ඉතින් අපි හැමෝම කරන දෙයක් නේ ඕක. එක නිසා තමයි මට මේ ප්‍රශ්නය අහන්න හිතුනේ[/FONT]


    ඇහැට පෙනෙන්නේ මොනවද? දන්නවද?? ඇහැට පෙනෙන්නේ ආලෝකය විතරනේ...
    බුදුහාමුදුරුවෝ කියල දුන්නේ, ඇහේ විඥාණයෙන් දැනගන්නේ රතු පාට, කොළ පාට හා නිල් පාට පමණයි! කියලයි.
    ඉතින් ඔයාට පෙනෙන්නෙත් ඒවම තමයි, ඇයි ඉතින් ඔය 'පාට' එක එක විදියට, එක එක රටාවලට, එක එක ප්‍රමානවලට මිශ්‍ර වෙලා හැදිච්ච රූපයක් දැකල පිස්සු හදාගන්නේ???
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ඇහැට පෙනෙන්නේ මොනවද? දන්නවද?? ඇහැට පෙනෙන්නේ ආලෝකය විතරනේ...
    බුදුහාමුදුරුවෝ කියල දුන්නේ, ඇහේ විඥාණයෙන් දැනගන්නේ රතු පාට, කොළ පාට හා නිල් පාට පමණයි! කියලයි.
    ඉතින් ඔයාට පෙනෙන්නෙත් ඒවම තමයි, ඇයි ඉතින් ඔය 'පාට' එක එක විදියට, එක එක රටාවලට, එක එක ප්‍රමානවලට මිශ්‍ර වෙලා හැදිච්ච රූපයක් දැකල පිස්සු හදාගන්නේ???

    :angry::angry::angry: අනේ පලයන් යන්න බොරු නොකියා...උඹයි මායි දන්න බුද්ධ ධර්මය...:angry::angry::angry: පාට බලලා පිස්සු හදාගන්න...එහෙම ඕන නම් පාට පෙට්ටියක් අරන් පාට බලහන්...
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    අනේ අම්මප මගේ සිහිය.!!! මම මගේ mobile එක කෝච්චියේ දාලා ඇවිල්ලා. සම්මා සතිය කියන එක කොච්චර වැදගත් ද කියල දැන් තමයි තේරෙන්නේ. මම කෝච්චියේ එනකොට අනංමනං බහුබූත හිතහිත එන්නේ, එක නිසා තමයි මේ ඔක්කොම.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අනේ අම්මප මගේ සිහිය.!!! මම මගේ mobile එක කෝච්චියේ දාලා ඇවිල්ලා. සම්මා සතිය කියන එක කොච්චර වැදගත් ද කියල දැන් තමයි තේරෙන්නේ. මම කෝච්චියේ එනකොට අනංමනං බහුබූත හිතහිත එන්නේ, එක නිසා තමයි මේ ඔක්කොම.

    ඈ? සම්මා සතියට mobile phones අයිති නැහැ නේ...
    අපේ හාමුදුරුවොත් කියනවා වගේ, අත කපාගන්නේ නැතුව පලා ලියන්න, බිත්ති වල දොරවල් වල හැපෙන්නේ නැතුව යන්න, අවශ්‍යවෙන කල්පනාව නේ ඔය!
    'සම්මාසති' කියන්නේ සතර සතිපට්ඨානය නෙව!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    චුට්ටක් විතර concentration එක out ගියා... අර කලින් දවසක් කියපු designing වැඩේ ඉවරයක් කලා. ඉතින් ආයි ලියන්න ගන්න කලින් මේකට හරියට set වෙන්න ඕන හන්ද කලින් ලියපුවා තැන් තැන් වලින් බලාගෙන බලාගෙන ගියා. දැන් බලනකොට මාර මාර ඒවානේ කට්ටිය මේකේ කියල තියෙන්නේ... හොඳ වෙලාවට EK එකේ පරණ posts delete කරන්න දෙන්නේ නැත්තේ... ඉතින් ඕනේ කෙනෙකකුට තම තමන් හිතපුව, කියපුව ගැන මතක් කරගන්න පුළුවන් වෙයි පොඩ්ඩක් බැලුවනම්. දැන් හැබැයි හුඟක් සද්ද බද්ද අඩුවෙලා නේද? මම නම් දැනගෙනම තමයි පටන්ගත්තේ 'කස්ටියගේ' ප්‍රතිචාරය කොහොම වෙයිද කියල. ඒත් දැන් ඉතින් කාටවත් බනින්න, 'නෝන්ඩි කරන්න' අවශ්‍ය නැහැ. හුඟක් අය ඇත්තටම දැනගෙන නෙවෙයිනේ දන්නවා වගේ කතා කරන්නෙත්! ඉතින් මට නම් ඕනේ උනේ යමක් කියන්න. මම ඒක කරගෙන ආව පුළුවන් තරම් හොඳට. හැබැයි මගේ posts පවා අනික් අයගේ ප්‍රතිචාරය අනුව ඉඳල හිටලා පොඩ්ඩ පොඩ්ඩ drift වෙච්ච තැන් දැකල චුට්ටක් විතර shock උන. ඒවත් හරියටම check වෙන්නේ මෙහෙම මානසිකත්වය වෙනස් වෙලා අලුතෙන් වගේ වැඩට බහිද්දී නේ. ඒත් කොහෙදිවත් මගෙන් වැරදි දෙයක් කියවිලා නැහැ. එහෙම වරදින්නෙත් නැහැ! හොඳටම දන්න දෙයක් නිසානේ මාත් මෙහෙම කියන්න ගත්තේ... අනික short notes ගහගෙන, කියන්න ඕනේ දේවල් hints වෙන වෙනම හදාගෙන තමයි දැන් නම් මේක කරගෙන යන්නේ, මොකද joke එකක් නෙවෙයිනේ... ඉතින් upset විදියට පටන් ගත්තත් පස්සේ යමක් දැන ඉගෙන අරන් 'හොඳ වෙච්ච' අය ගැන සන්තෝසයි! හැබැයි කට්ටියක් ඉන්නවා කොච්චර කලත් මම හරි, මම දන්නවා, මම හිතන/කියන දේ තමයි හරි කියලම කියන/හිතන. එයාල ගැන කරන්න දේකුත් නැහැ. මොකද ඒ විදිය මාන්නයක් තියන කෙනෙකුට මොනවා කිව්වත්, කලත් වැඩක් වෙන්නේ නැති නිසා. අනික් මේක බලන උදවිය දියෙන් කිරි වෙන්කරගන්න දක්ෂ උනොත් හරි. එතකොට අනවශ්‍ය පිස්සු කතන්දර පැත්තකට දාල අවශ්‍ය දේ, හරි දේ තෝරලා බේරලා ගන්න පුළුවන් වෙයි. කොහොම කොහොම හරි මේ වැඩෙන් හුඟ දෙනෙක් අතරේ ධර්ම කතාවලට තැනක් ලැබුන නම්, ධර්මය ගැන උනන්දුවක් උවමනාවක් හරි ඇති උනා නම් එල ම තමයි!

    දැන් නම් ඉතින් මේකේ ලියන්න ඕනේ කරපුවත් ගොඩක් ලියල ඉවරයි. තව ටිකයි තියෙන්නේ. ඒත් මේ කිසිම එකක් ඉස්සරහට කරන් යන්න බැරි වෙනවා හැබැයි භාවනා කටයුතු වෙනුවෙන් උනන්දුවක්, උත්සහයක් නොදැරුවොත්. නිකම් කියවගෙන කියවගෙන යන අයට නම් අන්තිමේ ශෝක් article එක, ඉවරද? වෙන නැද්ද? කියල අහන්න, එහෙම අහල මෝඩ චුන් එකක් ගන්නවා හැරෙන්න ඇත්තට ප්‍රයෝජනයක් ලබන්න බැරිවෙයි. ඉතින් භාවනා කටයුතු වලට චුට්ට චුට්ට හරි උනන්දු වෙන්න. ඔය දවල් දවසේ social networking sites වල ඕපාදූප කියවන්න, රෑ උනාම tele නාට්‍ය 20 30 ක් බලන්න තියන වගේ කාර්යබහුල උදවිය හැරෙන්න, සාමාන්‍ය උදවියට නම් මේවට ඉඩක් හදා ගන්න අමාරු නැහැ. භාවනා කටයුතු වල යෙදෙන, ඒවායින් ගොඩක් දියුණු තත්ත්ව වලට ආව උදවිය ගැනත් අපි දන්නවා. අපිත් ඇත්තටම මේ ජීවන අරගලයෙන් ගැලවිලා ඉන්න පුළුවන් තත්වයක් ආවොත්, හිතමු accident එකක් වෙලා අතපය කැඩිලා ටික කාලෙකට හරි ඇඳක ඉන්න උනා කියල, සිහිකල්පනාව හොඳට තිබුනොත් ඇඳේ නම් ඉන්න අදහසක් නැහැ! ඒත් ඉතින් ඕව කොහොම වෙයිද දන්නේ නැහැනේ! ඒ උනාට මේ විකාර වැඩ නෙවෙයි, අවශ්‍ය අවබෝධය සම්පූර්ණ කරගැනීමටයි අපි මුල්තැන දෙන්න ඕනේ. ඉතින් අපි කලයුතුදේ කළා නේ... දැන් ඔයාල ඔයාලගේ part එක සම්පූර්ණ කරගන්න බලන්න. හිත පාලනය කරගන්න, ටික ටික දියුණු කරගන්න ලැබෙන කොට මේකේ තියන කරුණුත් මුලින් upset විදියට දැක්කට පස්සේ හරියට පෙනෙන්න ගනී. ඒකට මේකත් නැවත නැවත බලන්න. තව අපේ හාමුදුරුවොන්ගේ site එකෙන් දේශනා අහල, පොත් කියවල හොඳටම දැනුවත් වෙන්න. හැකියාව ඇතිකරගෙන කරුණු කියවල බලන ගමන් ණුවනින් විමසන්න, කල්පණා කරකර බලන්න ගන්න. එතකොට හොඳටම තේරේවි. දේශනා වල තිබුන අස්ලෝමයක් 7 ට පළල ඒකෙනුත් එකකින් තව එකක් දෙකට පැලෙන්න විදින කතාවක්... මේ ultra precise වැඩක් නේ... හැබැයි මේ විදිය දේවලුත් කරලා තියෙන්නේ ඔය හිත දියුණුකරපු උදවිය තමයි. දැන් කාලේ එහෙම හිත දියුණුකරගන්න උත්සහ ගන්න උදවිය අඩු මිසක්, මේ කිසිම දෙයක් දැන් කාලේ බැහැ කියල කතා මොකවත් නැහැ! උනන්දුව, උත්සහයම තමයි ඕනේ!! මේක උවමනාවෙන්ම බලාගන ආව අය පිළිවෙලට වැඩේ යනවා ඇති කියල හිතනවා, මට විස්තර දැනගන්න කාගෙන්වත් ප්‍රතිචාරයක් නැහැ නේ... කමක් නෑ... ප්‍රශ්ණ තිබුනොත් පස්සේ අහන්න...
     
    Aug 3, 2010
    55
    7
    0
    පිස්ස්සෝ දැන් ඔය ටල්ක් වලින් වැඩක් නැ . ඕව අහන්න කමෙන්ට් දෙන්න දැන් ඉස්සර වගේ කට්ටිය එන්නෙත් නැ . අන්න ලස්සන නුලක් පටන් අරගෙන තියනවා අන්‍යාගමික කොල්ලෙක් . උඹත් එහෙන් මෙහෙන් ADD එක දල උඹේ එක ප්‍රමොටේ කරන්න ට්‍රය් එක දුන්න මම දැක්ක . දැන් ඉතින් මොන කරන්නද ? ඕක නවතාල වැඩක් ඇති වැඩක් කරපන් අපිට electronic උගන්වපන් . නැත්තම්


    http://www.elakiri.com/forum/showthread.php?t=819444
    නුලට ගිහිල්ල දෙයක් ඉගෙනගනින්. දන්නා දෙයක් කවියට කියල දීපන් .හැබැයි පුරුදු විදිහට උඹ නිවන් දැකල කියලනම් කියවන්න එපා . දැන් අපිට එක අහලම උඹව එපා වෙලා .:lol::lol::lol::lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ග්‍රාමසේවක;8519964 said:
    පිස්ස්සෝ දැන් ඔය ටල්ක් වලින් වැඩක් නැ . ඕව අහන්න කමෙන්ට් දෙන්න දැන් ඉස්සර වගේ කට්ටිය එන්නෙත් නැ . අන්න ලස්සන නුලක් පටන් අරගෙන තියනවා අන්‍යාගමික කොල්ලෙක් . උඹත් එහෙන් මෙහෙන් ADD එක දල උඹේ එක ප්‍රමොටේ කරන්න ට්‍රය් එක දුන්න මම දැක්ක . දැන් ඉතින් මොන කරන්නද ? ඕක නවතාල වැඩක් ඇති වැඩක් කරපන්...

    මෙදා පාර නම් මෙයා වැදගත් point එකක් තමයි අරන් තියෙන්නේ... හරියටම හරි කතාව! ධර්ම කතාවක තිබුන, තමන්ගේ පුත්‍රයා වියෝ වෙච්ච ශෝකයෙන් තැවි තැවී ඉන්න කෙනෙකුට බුදුන් වහන්සේ දුන්න පිළිතුරක්. උන්වහන්සේ ඒ පුද්ගලයාගේ ශෝකයට කරුණු විමසල ප්‍රකාෂකලා, "ඔව් ගෘහපතිය, කැමති දේ හන්ද තමයි ශෝකය උපදින්නේ" කියල. ඒ පුද්ගලයා මේ කතාව පිළිගත්තේ නැහැ. "එහෙම කොහොමද එහෙම වෙන්නේ? කැමති දේවල්වලින් කොහෙද ශෝකයක් උපදින්නේ!" කියල, ගසල බසල දාල ගියා! ඇත්තටම බුදුරජාණන්වහන්සේ කවුද කියල දන්නා ඕනෙම කෙනෙක් දන්නවා, උන්වහන්සේ තේරුමක් නැතුව, එක හිස් වචනයක් වත් ප්‍රකාශ නොකරන බව!! එත් මේ පුද්ගලයාගේ මුග්ද (මෝඩ, මොට්ට) කම හන්ද එයා ධර්මය දැක්කේ වැරදියට! නිවැරදි ආකාරයට කල්පනා කරන්න හැකියාව තියන (යෝනිසෝමනසිකාරය) බුද්ධිමත් කෙනෙක් උනා නම්, ඒ කරුනෙන්ම ධර්මය අවබෝධ කරන්නත් ඉඩ තිබුන...

    ඊළඟට මේ පුද්ගලයා බුදුරජාණන්වහන්සේට හිතින් බැන බැන යද්දී, පිරිසක් ඉන්නවා දැක්ක බුරුව ගහ ගහ. මෙයා ගිහින් ඒ උදවියත් එක්ක කිව්වා, අද මට අහවලා මාර කතාවක් කියන්න ආවනේ... මම දුන්න ඇට්ටි හැලෙන්නම එල talk එකක්! මේ මේ විදියට කියල!! ඉතින් අර එතන හිටපු පුද්ගලයොත් ඒ කතාව හිස්මුදුනින්ම පිලිඅරගන කිව්වා, උඹ හරියටම හරි! නියමයි දීපු උත්තරේ... කියල. මොකද බූරුවන්ට ගැලපෙන්නේ බූරු ධර්මය නේ... ඉතින් මෙයා කියල තියන post එකෙත් ඔය වගේ කතාවක් යනවා. බුදුරජාණන්වහන්සේ අවශ්‍ය සේරම තෝරලා බේරලා කියල දීල තියෙන්නේ සියලු දෙවි මිනිස්සුන්ට ඒ මාර්ගය අනුගමනය කරලා සසර ගමනින් නිදහස් වෙන්න නේ... ඒ උපදෙස් පිළිපැදල මේ වෙනකොට කොටි ගණනක් සසර දුකින් එතෙර වෙලත් ඉවරයි!! අපි උනත් ගොඩ ගියේ, උන්වහන්සේ දීපු උපදෙස් ඒ අයුරින්ම පිලිපැදපු නිසයි!!

    මෙතන මෙයා දාල තියන thread එකේ, කට්ටියක් කර්ම, කර්ම ඵල, දිව්‍ය/ප්‍රේත ලෝක වගේ දේවල් ගැන අලුතෙන් විග්‍රහ කොරන්න යනවා! එයාල දන්නෙත් නැහැ එයාලට මොකද්ද වෙලා තියෙන්නේ කියල! මාත් චුට්ටක් ලියන්න ගියා ඇත්තටම යමක් හොයන කෙනෙක් වෙන්න ඇති කියල. ඒත් බැලුවම යන්නේ වෙනමම කතාවක්! එයාල කරන්නය කියපුදේ නැතුව වෙන වෙන මොනවද කරගෙන කරගෙන යනවා... මෙයාටත් ගැලපෙන්නේ ඒවා තමයි! තමන්ගේ ජාතියට ගැලපෙන්න එපාය ධර්මය උනත්... වැඩේ තියෙන්නේ අන්තිමට අන්තිමට මොකක් අවබෝධවෙයිද කියල sure නැති කම විතරයි!! ඕනේ කෙනෙක් ඒක බලන්න, බුදු උපදෙස් වලට පිටින් ලොකු ලොකු වැඩ කරන්න හදන උදවියට වෙන දේවල් ගැන දැනගන්න පුළුවන් වෙයි! මෙයාගේ ජාතියේ අය තම තමන්ට ඕනේ විදියට කරන් යාවි. ඔයාල මොලේ කල්පනා කරලා හරි දේ හරි විදියට කරන් යන්න!!

    සමහර උදවිය පටලව ගත්තු දෙයක් මම කියන්නම්! මේ බුදුරජාණන්වහන්සේ මූලික කරගෙන පවතින ධර්ම මාර්ගය, ශාස්තෘ ගෞරවයෙන් යුතුව, ධර්ම ගෞරවයෙන් යුතුව, අහිංසකව, බොහොම නිහතමානීව අනුගමනය කරලා, තම තමන්ගේ ගැලවීම සලසා ගැනීමට තියන එකක් මිසක් ලොකු කම් පෙන්වන්න, ලොකු talks දාන්න තියන දෙයක් නෙවෙයි! හැබැයි සමහරු ඔය ලක්ෂණ සේරම තියනවා උනත් තම තමන්ට අවේනික වෙනස් වෙනස් ශෛලීන් වලින් ඒ සත්‍ය ධර්මයම ප්‍රකාශ කරනවා. එහෙම අය එක්ක ගැටෙන්න කිසිම හේතුවක් නැහැ! දෙන්නෙක් එකම විදිය වෙන්නේ නැහැනේ කොහෙත්ම! ඒත් තමන් බුද්ධිමත් වෙන්න ඕනේ හරය වටහාගන්න!! සංසාර ගමන භයානකය, ඉක්මනට ගැලවෙන්න බලන්නය කියල කිව්වේ හැමෝටම පොදුවේ නේ... ඒත් මේ බුද්ධිමත්ය කියල හිතාගෙන ඉන්න හුඟක් උදවියට ඒක වත් තේරෙන්නේ නැහැ! උන් අල්ලගන්නෙම, උන්ට අහුවෙන්නෙම කොනක් විතරයි!! ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. අපේ හාමුදුරුවෝ කියන විදියට පින් මදිකමමයි ඒකට හේතුව. එහෙම උදවියට තව සෑහෙන කාලෙකට, කල්ප හැටහුටහමාරකට විතර, සසරින් මිදෙන්න බැරිවෙයි! එච්චරයි!! ඊට වඩා upset එකක් වෙන්නේ නැහැ!

    මේ අනාගන්න අයට බුදුහාමුදුරුවෝ කිව්වේ අශ්‍රුතවත් පෘතග්ජනයෝ කියලයි! එයාල අරියානං අදස්සාවී (ආර්ය ශ්‍රාවකයෝ දකින්නේ, ආශ්‍රය කරන්නේ නැහැ) අරියදම්මස්ස අකෝවිදෝ (ආර්ය ධර්මයට කැමති නැහැ) අරිය ධම්මේ අවිනීතෝ (ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ) සප්පුරිසානං අදස්සාවී (සත්පුරුෂයන් දකින්නේ නැහැ) සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ (සත්පුරුෂ ධර්මයට කැමති නැහැ) සප්පුරිස ධම්මේ අවිනීතෝ (සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැහැ). පේනවනේ මෙයාලගේ qualiti එක? ඉතින් ඔය කොච්චර මහප්පරාන කතා දැම්මත් ඒ අය කවුද, ඇනගෙන තියන ඇනගනිල්ල කොහොමද කියල තේරෙනවා නේද?? අපිට මේ සේරම එකින් එකට උගන්වල, හැදෙන්න ඕනේ විදිය හිටන් කියල දීල, හික්මෙන්න කියල දීල, සේරම කරලා දුන්න, අපේ පිනට පහලවෙච්ච උත්තමය තමයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ!! ඒ උත්තම පුරුෂයා ආශ්‍රය කරන කෙනෙකුට වරදින්නේ නැහැ! මම ඒකමයි අපේ හමුදුරුවොන් විතරක්ම අගය කරන්නේ! හැමවෙලේම උන්වහන්සේවම විතරක් පෙන්වන්නේ!!
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මෙදා පාර නම් මෙයා වැදගත් point එකක් තමයි අරන් තියෙන්නේ... හරියටම හරි කතාව! ධර්ම කතාවක තිබුන, තමන්ගේ පුත්‍රයා වියෝ වෙච්ච ශෝකයෙන් තැවි තැවී ඉන්න කෙනෙකුට බුදුන් වහන්සේ දුන්න පිළිතුරක්. උන්වහන්සේ ඒ පුද්ගලයාගේ ශෝකයට කරුණු විමසල ප්‍රකාෂකලා, "ඔව් ගෘහපතිය, කැමති දේ හන්ද තමයි ශෝකය උපදින්නේ" කියල. ඒ පුද්ගලයා මේ කතාව පිළිගත්තේ නැහැ. "එහෙම කොහොමද එහෙම වෙන්නේ? කැමති දේවල්වලින් කොහෙද ශෝකයක් උපදින්නේ!" කියල, ගසල බසල දාල ගියා! ඇත්තටම බුදුරජාණන්වහන්සේ කවුද කියල දන්නා ඕනෙම කෙනෙක් දන්නවා, උන්වහන්සේ තේරුමක් නැතුව, එක හිස් වචනයක් වත් ප්‍රකාශ නොකරන බව!! එත් මේ පුද්ගලයාගේ මුග්ද (මෝඩ, මොට්ට) කම හන්ද එයා ධර්මය දැක්කේ වැරදියට! නිවැරදි ආකාරයට කල්පනා කරන්න හැකියාව තියන (යෝනිසෝමනසිකාරය) බුද්ධිමත් කෙනෙක් උනා නම්, ඒ කරුනෙන්ම ධර්මය අවබෝධ කරන්නත් ඉඩ තිබුන...

    ඊළඟට මේ පුද්ගලයා බුදුරජාණන්වහන්සේට හිතින් බැන බැන යද්දී, පිරිසක් ඉන්නවා දැක්ක බුරුව ගහ ගහ. මෙයා ගිහින් ඒ උදවියත් එක්ක කිව්වා, අද මට අහවලා මාර කතාවක් කියන්න ආවනේ... මම දුන්න ඇට්ටි හැලෙන්නම එල talk එකක්! මේ මේ විදියට කියල!! ඉතින් අර එතන හිටපු පුද්ගලයොත් ඒ කතාව හිස්මුදුනින්ම පිලිඅරගන කිව්වා, උඹ හරියටම හරි! නියමයි දීපු උත්තරේ... කියල. මොකද බූරුවන්ට ගැලපෙන්නේ බූරු ධර්මය නේ... ඉතින් මෙයා කියල තියන post එකෙත් ඔය වගේ කතාවක් යනවා. බුදුරජාණන්වහන්සේ අවශ්‍ය සේරම තෝරලා බේරලා කියල දීල තියෙන්නේ සියලු දෙවි මිනිස්සුන්ට ඒ මාර්ගය අනුගමනය කරලා සසර ගමනින් නිදහස් වෙන්න නේ... ඒ උපදෙස් පිළිපැදල මේ වෙනකොට කොටි ගණනක් සසර දුකින් එතෙර වෙලත් ඉවරයි!! අපි උනත් ගොඩ ගියේ, උන්වහන්සේ දීපු උපදෙස් ඒ අයුරින්ම පිලිපැදපු නිසයි!!

    මෙතන මෙයා දාල තියන thread එකේ, කට්ටියක් කර්ම, කර්ම ඵල, දිව්‍ය/ප්‍රේත ලෝක වගේ දේවල් ගැන අලුතෙන් විග්‍රහ කොරන්න යනවා! එයාල දන්නෙත් නැහැ එයාලට මොකද්ද වෙලා තියෙන්නේ කියල! මාත් චුට්ටක් ලියන්න ගියා ඇත්තටම යමක් හොයන කෙනෙක් වෙන්න ඇති කියල. ඒත් බැලුවම යන්නේ වෙනමම කතාවක්! එයාල කරන්නය කියපුදේ නැතුව වෙන වෙන මොනවද කරගෙන කරගෙන යනවා... මෙයාටත් ගැලපෙන්නේ ඒවා තමයි! තමන්ගේ ජාතියට ගැලපෙන්න එපාය ධර්මය උනත්... වැඩේ තියෙන්නේ අන්තිමට අන්තිමට මොකක් අවබෝධවෙයිද කියල sure නැති කම විතරයි!! ඕනේ කෙනෙක් ඒක බලන්න, බුදු උපදෙස් වලට පිටින් ලොකු ලොකු වැඩ කරන්න හදන උදවියට වෙන දේවල් ගැන දැනගන්න පුළුවන් වෙයි! මෙයාගේ ජාතියේ අය තම තමන්ට ඕනේ විදියට කරන් යාවි. ඔයාල මොලේ කල්පනා කරලා හරි දේ හරි විදියට කරන් යන්න!!

    සමහර උදවිය පටලව ගත්තු දෙයක් මම කියන්නම්! මේ බුදුරජාණන්වහන්සේ මූලික කරගෙන පවතින ධර්ම මාර්ගය, ශාස්තෘ ගෞරවයෙන් යුතුව, ධර්ම ගෞරවයෙන් යුතුව, අහිංසකව, බොහොම නිහතමානීව අනුගමනය කරලා, තම තමන්ගේ ගැලවීම සලසා ගැනීමට තියන එකක් මිසක් ලොකු කම් පෙන්වන්න, ලොකු talks දාන්න තියන දෙයක් නෙවෙයි! හැබැයි සමහරු ඔය ලක්ෂණ සේරම තියනවා උනත් තම තමන්ට අවේනික වෙනස් වෙනස් ශෛලීන් වලින් ඒ සත්‍ය ධර්මයම ප්‍රකාශ කරනවා. එහෙම අය එක්ක ගැටෙන්න කිසිම හේතුවක් නැහැ! දෙන්නෙක් එකම විදිය වෙන්නේ නැහැනේ කොහෙත්ම! ඒත් තමන් බුද්ධිමත් වෙන්න ඕනේ හරය වටහාගන්න!! සංසාර ගමන භයානකය, ඉක්මනට ගැලවෙන්න බලන්නය කියල කිව්වේ හැමෝටම පොදුවේ නේ... ඒත් මේ බුද්ධිමත්ය කියල හිතාගෙන ඉන්න හුඟක් උදවියට ඒක වත් තේරෙන්නේ නැහැ! උන් අල්ලගන්නෙම, උන්ට අහුවෙන්නෙම කොනක් විතරයි!! ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. අපේ හාමුදුරුවෝ කියන විදියට පින් මදිකමමයි ඒකට හේතුව. එහෙම උදවියට තව සෑහෙන කාලෙකට, කල්ප හැටහුටහමාරකට විතර, සසරින් මිදෙන්න බැරිවෙයි! එච්චරයි!! ඊට වඩා upset එකක් වෙන්නේ නැහැ!

    මේ අනාගන්න අයට බුදුහාමුදුරුවෝ කිව්වේ අශ්‍රුතවත් පෘතග්ජනයෝ කියලයි! එයාල අරියානං අදස්සාවී (ආර්ය ශ්‍රාවකයෝ දකින්නේ, ආශ්‍රය කරන්නේ නැහැ) අරියදම්මස්ස අකෝවිදෝ (ආර්ය ධර්මයට කැමති නැහැ) අරිය ධම්මේ අවිනීතෝ (ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ) සප්පුරිසානං අදස්සාවී (සත්පුරුෂයන් දකින්නේ නැහැ) සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ (සත්පුරුෂ ධර්මයට කැමති නැහැ) සප්පුරිස ධම්මේ අවිනීතෝ (සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැහැ). පේනවනේ මෙයාලගේ qualiti එක? ඉතින් ඔය කොච්චර මහප්පරාන කතා දැම්මත් ඒ අය කවුද, ඇනගෙන තියන ඇනගනිල්ල කොහොමද කියල තේරෙනවා නේද?? අපිට මේ සේරම එකින් එකට උගන්වල, හැදෙන්න ඕනේ විදිය හිටන් කියල දීල, හික්මෙන්න කියල දීල, සේරම කරලා දුන්න, අපේ පිනට පහලවෙච්ච උත්තමය තමයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ!! ඒ උත්තම පුරුෂයා ආශ්‍රය කරන කෙනෙකුට වරදින්නේ නැහැ! මම ඒකමයි අපේ හමුදුරුවොන් විතරක්ම අගය කරන්නේ! හැමවෙලේම උන්වහන්සේවම විතරක් පෙන්වන්නේ!!

    උන්වහන්සේගෙන්ම මම අහපු කතාවකුත් කියන්නම් . උන් වහන්සේ කිව්වා බුද්ධ දර්මය අනුගමනය කරන කෙනා හරියට මහා ලොකු සලිකරයෙක් වගේ වෙන්න ඕනේ කියල . දුප්පතෙක් වගේ වෙලා මේ දහම අල්ලන ගියොත් වෙන්නේ තවත් අමාරුවේ වැටෙන එක .
    තේරුනේ නැහැ නේද කියපු එක . ? ඉන්න පැහැදිලි කරනකම් .
    හරියට මහා සල්ලි ගොඩක් තියන මිනිහෙකුයි , සාලි ටිකක් තියන මිනිහෙකුයි shoping ගිය කියල හිතමුකෝ . දැන් මොකද වෙන්නේ . සල්ලි කරය කෙලින්ම යන්නේ හොදම සාප්පුවට ගිහිල්ල තියන ඉස්තරම්ම වර්ගයෙන් තමයි එයට ඕනේ කරන දේවල් තෝරාගන්නේ . හැබැයි එය ගන්න දේවල් නුලට තිතට සෙට් වෙනවා. වගකීමක් , හොද ගුණාත්මක බාවයක් , අලවියෙන් පසු හොද සේවයක් අනිවාර්යයි . ඒ වගේම යේ අඩුපාඩු කිසිවක් නැහැ. හැමදේම හොදටම තියනවා .

    නමුත් සල්ලි නැති මිනිහ මොකද කරන්නේ ? කෙලින්ම යන්නේ පේමන්ට් එකට ගිහිල්ල අව්වේ කරවේවි තොර තොර එහෙන් මෙහෙන් අටවපු දෙයක් අරගෙන එනවා . ඕක ගෙදර ගෙනාවට පස්සේ රතේ නැති ලෙඩ . අයෙ ගිහිල්ල මාරු කරනත් බැහැ , හරියට වැඩ කරනෙත් නැහැ. මාරු කරන්න ගියත් සමහ වෙලාවට විකුනපු මිනිහත් එතන නැහැ .සල්ලිත් අපරගේ එටත් වැඩ වෙච චාටරේ ?

    දැන් මොකද කියන්නේ . හොද බව්දයත් ඒ වගේ දහම් මග යන කෙනා අයෙ දෙවියන්ගේ සන්තිකර්මවල අරයගෙ මෙඅගේ පස්සේ යන්නේ නැහැ . ඒවා හරියට පේමන්ට් එකේ තියන බඩු වගේ .
    නමුත් බුදුන් වදාල දර්මය ? අහ් ! කොහොමද නිකන් branded qulity ඒවා . අයෙ කිසිම තැනක වැරද්දක් නැහැ පෙන්නන . ගත්ත කෙනෙක් මැරෙනකන්ම පාවිචි කරනවා .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උන්වහන්සේගෙන්ම මම අහපු කතාවකුත් කියන්නම් . උන් වහන්සේ කිව්වා බුද්ධ දර්මය අනුගමනය කරන කෙනා හරියට මහා ලොකු සලිකරයෙක් වගේ වෙන්න ඕනේ කියල . දුප්පතෙක් වගේ වෙලා මේ දහම අල්ලන ගියොත් වෙන්නේ තවත් අමාරුවේ වැටෙන එක ...

    අර සද්ද ඒවා ගඳ නැහැ කියල අහල නැද්ද? මේ ලොකුවට සද්දේ දාන හුඟක් මහත්තුරුන්ගෙත් ඒවගේ... සද්දේ විතරයි, මෙලෝ රහක් නැහැ! බුද්ධිමත් නෙවෙයි, එක යට බුද්ධිමත්! (1/බුද්ධිමත්!) size එක වැඩි වෙන්න වෙන්න quality එක බහිනවා. මේවගේ ඕනෙම පොඩි එකෙකුටත් තේරෙන උදහරණවත් තේරෙන්නෙ නැහැ. මෙයා හිතන් ඉන්නේ එයා වගේ පිස්සෙක් වගේ කෑගහන අය නැහැ කියන්නේ මේක උවමනාවෙන් follow කරන, නිහඬව මේ උත්සාහයෙන් වැඩක් ගන්න try කරන උදවිය නැහැයි කියල! මාර මැට්ටෙක්!! මොනවා කරන්නද? ලෝකේ මෙච්චරට දියුණු වෙලත් තාම මෝඩ කමට බෙහෙත් හොයාගෙන නැහැ නේ... ඒක නෙවෙයි වැඩේ. 'පොරක්' වැරදිලා වගේ මාව contact කළා නේ... පොරගෙන් ID 3 ගැන ඇහුවම නිස්සද්දයි. බනින්න හිතෙන්නෙත් නැහැ! බලමු, අං කපල හදල ගන්න පුළුවන් උනොත්...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට ගොඩක් වැදගත් වෙච්ච යමක් කියන්න කල්පණා උනා! මමත් අර පොඩිකාලේ ඉඳලම තිබුන කියල කියපු ගතිගුණ, විශේෂ හැකියාවල් තිබුනට බණට දහමට යොමුවෙලා හිටිය එකෙක් නෙවෙයි නේ... මුලින් යාළුවා බණ දාන කොට ඌටත් අනම් මනම් කිව්වා කියල මම ලියල තියනවනේ... ඇත්තටම මේ change එක පටන් ගත්තේ එක්තරා සිදුවීමකුත් එක්කයි! ගෙවල් වල seens හන්ද මට කලකිරීම උපරිමයෙන් තිබුනට ඔහේ කාගෙන හිටිය. ඒත් කාලයක් TV එකේ, බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවෝ රතන සුත්‍රය තෝරලා දෙනවා අහන්න ලැබුණා. කොහොම හරි උදේට radio එකේ, TV eke යන පිරිත් වලට මම හරි ආසයි. හුඟක් ඒවා පාඩම් වෙලා තිබුනෙත්. ඒත් රතන සුත්‍රය එහෙම යනවා අඩුයි හන්ද වැඩිපුර අහන්න ලැබුණේ නැහැ. ඒත් අර හාමුදුරුවෝ ඒක තේරුම් කරනවා අහල, රතන සුත්‍රය හොය හොයා නැටුවා කාලයක්! පස්සේ අපේ පන්සලේ ලොකු හමුදුරුවොන් ගෙන් copy එකක් ඉල්ලන් ඇවිල්ල, දාගෙන අහල අහල කට පාඩම් හිටිය! තේරුමත් ලියපු එකක් හොයාගෙන, ඒකත් එක්කම බලල බලල, සේරම තිතටම මතක හිටලා තිබුනේ!

    රතන සුත්‍රය දන්නවද? ඒකෙ කියවෙන 'භූත' කතාව හන්ද, ඒකට කස්ටිය බයේ උන්නට, ඒක තමයි මම කැමතිම, ආසම සුත්‍ර දේශනාව! මේ ධර්ම මාර්ගයේ සඳහන් වෙන කරුණු කාරණා තොගයක් ඒකෙ කියවෙනවා!! තුණුරුවනේ ගුණ කිය කියා කරන සත්‍යක්‍රියාවක් නේ ඒක! මට මේ ගමන පටන් ගත්තු කාලේ ඉඳල අවසානය දක්වාම, වැඩක් නැතිවෙලවට screen saver එක activate වෙන්න දාල තියනවා වගේ උනා රතන සුත්‍රය! idle වෙච්ච ගමන් හිතේ ඒක play වෙන්න ගන්නවා!! මහරෑට නින්දෙන් නැගිට්ටුනත් ඉස්සෙල්ලම පටන් ගන්නේ රතන සුත්‍රය! උදේ නැගිට්ටුන ගමන් start වෙන්නෙත් ඒක!! කියල වැඩක් නැහැ. ආරක්ෂාවටයි, හිත විසිරෙන්න නොදී තියාගන්නයි ඒක මට මහා බලයක් උනා!!! කිසිම පාළුවක්, තනිකමක් දැනුනේ නැහැ! හැම තිස්සෙම බුදුහාමුදුරුවෝ මතක් වෙනවා, මහරහතුන් වහන්සේලා, අපේ හාමුදුරුවෝ මතක් වෙනවා... මම කිසිම බාධාවක් නැතුව කෙළවරටම ගියා! ඔයාලත් ඒ සුත්‍ර දේශනාව හිතට දාගන්න! ඒක ගොඩක් වටීවි!!


    http://rapidshare.com/files/426523326/Rathana_Suthraya.mp3

     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කෙනෙක් කිව්වා, එයාට සමාධියක් හදාගෙන හොඳට ඉන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. ඒත් රස්සාවේ ගැටුම්, ඒවායේ ප්‍රශ්න ආවම සේරම අවුල් වෙනවා, එතකොට මේක හරියයිද කියලත් සැකයි... එහෙම කියල! මට කියන්න තියෙන්නේ එහෙම සැක මොකවත් හිතන්න එපා! ඒ පැත්තකින් අපේ අවාසනාව. ජීවමාන බුදුකෙනෙක් වැඩ ඉන්න කාලේ ලෝකෙට පහළවෙන උදවියට වගේ නිදහස සැනසිල්ල මේ කාලේ ඉපදිච්ච අපට උරුම නැහැ! සසර දුකින් නිදහස් වෙන්න අදහස් කරන්, ගිහිගෙයින් නික්මිලා වනගත වෙන, සසුන්ගතවෙන උදවියට මේ අපිට වඩා chance එක වැඩිඋනොත් වැඩිවෙන්නේ, එයාලගේ success rate එක වැඩිඋනොත් වැඩිවෙන්නේ ඔය බාහිර ප්‍රශ්න, ගැටුම් අඩු හන්ද තමයි! ඒත් විශේෂයක් කරන්න ඕනෙම නැහැ! මෙහෙම ගිහි ගෙදර ඉඳන්, අනික් අබල් බබල් සේරම මැද්දේ මේක කරලා දිනන්න පුළුවන්!! කවුරු හරි බැහැ කියල තර්ක කලොත්, ඒක විහිළුවක්! මොකද මේ සේරම 'යුද්දේ' කරන්න තියෙන්නේ, මේ බඹයක් විතර එක ඇතුලේ!! කොහේ කොයි විදියට හිටියත් මේකත් එක්කම නේ වසන්න වෙන්නේ... ඉතින්, මේකේ මූලික අවුල තියන තැන, හිත, නිවැරදිව හඳුනගෙන ඒක පාලනය කරගත්තා නම් ඕනේ තැනක ඕනේ විදියකට ඉඳන් තමන්ට අවශ්‍යදේ කරගත්ත හැකියි!

    පොඩි උදාහරණයක් බලමු. අපිට යන වාහනේක අත අතහැරලා යන්නවත් බැහැනේ හුඟක් වෙලාවට. ඒත් ඔය කොච්චි, bus වල එක එක දේවල් විකුණලා ජීවිතේ ගැටගහගන්න උදවිය, පොදිගහල ඔලුවෙත් තියාගෙන, අතින් කටිනුත් එල්ලගෙන, යසට ඇවිදින්නේ... දැකල නැද්ද? එතන තියෙන්නේ තනිකරම තමන්ගේ උනන්දුව, උත්සාහය, අවශ්‍යතාවය! මේකත් තනිකරම තමතමන්ගේ උනන්දුව, කැපවීම මත තියෙන්නේ. වෙන ප්‍රශ්න ගණන් ගන්න එපා! මෙතැනදී අමතක නොකළයුතු දෙයක් තියනවා. අර කොච්චි, bus වල යන අය උනත්, ඒවා අසාමාන්‍ය විදියට ගැස්සෙන වෙලාවල upset වෙනවානේ! මෙතනත් වෙන දේ මතක නේ... (මම හිත තැන්පත් කරගැනීම සම්බන්ධයෙන් ගත්තු උදාහරණ) අපි මේ සේරටම පාවිච්චිකරන්නේ අපේ දෙයක්, අපිට ඕනේ ඕනේ විදියට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ. ඉතින් ඒක කැළඹිච්ච වෙලා වල සමාධිය බිඳෙයි! ගනන්ගන්න එපා! මෙතන තියනවා කරුණු දෙකක්. එකක් තමයි මොකක් හරි හේතුවකින් හිත කැළඹුනානම් ඒ හේතුව හිතේ රැඳිලා තියනකම් අවුල හරියන්නේ නැහැ. ඉබේටම අමතක වෙලා යන්න හැරියම, settle වෙන්න හැරියම, සැහෙන කල් යනවා, කාලේ අපතේ යනවා. කරන්න ඕනේ, upset වෙච්ච හේතුවට ප්‍රතිවිරුද්ධ දේක උවමනාවෙන්ම යෙදෙන එකයි. ද්වේශයට මයිත්‍රී භාවනාව, රාගයට පිළිකුල් භාවනාව, මෝහයට අනිත්‍ය භාවනාව වගේ... කඹ ඇදිල්ලක් නේ තියෙන්නේ... හරිනම් හිත මධ්‍යස්තව (උපේක්ෂාවෙන්) තියෙන්න ඕනේ! පැත්තකට ඇදුනා නම් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට සමාන බලයකින් ඇදල balance කරගන්න ඕනේ! එච්චරයි කරන්න තියෙන්නේ. ඊළඟ එක තමයි, සමාධිය වැඩෙන්න වැඩෙන්න ඔය කැළඹිලි වලට ඔරොත්තු දීමේ හැකියාවත් වැඩි වෙනවා! ඊටපස්සේ no problem! ආරම්භය තමයි අමාරු!! ඒහන්ද කල්පනාවෙන්, උවමනාවෙන් වැඩේට බැහැල ඉන්නවනම්, success වෙන්න පුළුවන් definitely!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    බුදුහාමුදුරුවෝ අපට කියාදුන්නේ භාවනාවෙන් තොරව මේ ජීවිතාවබෝධය ලැබීමේ ක්‍රියාවලිය කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ කියලයි! ඉතින් මේ වැඩේ පරිපූර්ණත්වයට පත්වෙන එක නිකම් කියව කියව හිටියම ඉබේ ලැබෙන්නෙ නැහැ. ප්‍රතිඵල ලබන්න නම් සමථ භාවනාවෙන් හිත හික්මවාගෙන, ධර්ම කරුණු හිතේ ධාරණය කරගෙන, ඒවා නැවත නැවත මෙනෙහි කරමින් අවබෝධ කරගන්න උත්සහ දරන්න, විදර්ශණා භාවනාවේ යෙදෙන්නම ඕනේ! ඔයාලට සාමාන්‍ය උදවිය හැටියට, විශේෂ හැකියාවන් නැති උදවිය හැටියට ඉඳල භාවනා කටයුතු වල යෙදෙන්න පටන් ගත්ත නම්, හිත කියන එකත් එක්ක සෙල්ලම් කරන්න හරිම අමාරු බව වැටහෙන්න ඇති. අන්න ඒ අමාරුකම තමයි මෙතන තියන ලොකුම අමාරුකම. ඊට වඩා අමාරු දෙයක් නැහැ! කොහොම හරි ඔය බාධාව ජයගන්න බලන්න. ඊළඟට තමන්ගේ හැකියාවන් දියුණු වේගන යනකොට පස්සෙන් ඉඳල උපදෙස් දෙන්න ඕනේ වෙන එකකුත් නැහැ හුඟ දෙනෙකුට. එයාල නිකම් තටු ආව වගේ ඉගිල්ලිලා යාවි! ඒකටත් කමක් නැහැ! මෙතනට අවශ්‍ය වෙනවයි කිව්ව යෝනිසෝමනසිකාරය, හරි දේ හරිවිදියට කල්පනා කිරීමේ හැකියාව හොඳට තියනවා නම් එච්චරයි ඕනේ! ඉතින් දැන් තම තමන්ගේ හැකියාවන් වැටහෙන්නේ ඔයාලටම තමයි. වෙහෙසක් දරල දියුණුවක් ඇතිකරගන්න මහන්සි ගත්තු අය දිනුම්, මෙතැනදී බොරු කාරයෝ නම් ඉබේම හැලිලා යනවා. ඒකයි මේ වැඩේට වීර්යමයි උවමනා කිය කියා කියල තියෙන්නේ! අවංක උවමනාවක් ඇතුව පිළිවෙලකට වැඩේ කරන් ආව අයට දැන් ඉතින් අවසානයක් දකිනකම් දිගටම කරගෙන කරගෙන යන්න තමයි තියෙන්නේ...

    ඉතින් ඇත්තටම මොකද්ද දැන් කරගන යන්න තියෙන්නේ? මෙහෙමයි, හුඟක් වෙලාවට මේ ජීවිතේ කතාන්දරය අහද්දී කිසි ගණනක් නැතුව හිටපු හුඟ දෙනෙකුට ඇත්තටම නම් මේ කරුණු මොකුත් තේරිලා නැහැ!! නැත්නම් ඒ උදවිය හිතන් ඉඳල තියෙන්නේ ආ... අපි safe! අපිට ඕව අදාළ නැහැ! අපිට ඕවයේ ප්‍රශ්නයක් නැහැ! ඔය කියල ඇත්තේ අනික් අයට වෙන්න ඇති!! එහෙම කියලයි. ඒකයි හුඟක් අය මේවා විහිලු හැටියට ගන්නේ... දැන් කල්පනා කරන්න පටන් ගන්න, මේ කිසිම දෙයක් තමන්ට උවමනා විදියට, තමන්ගේ කැමැත්ත අනුව පවත්වන්න බැරි ජීවිතේක තියන ආරක්ෂාව මොකක්ද කියල? ලෙඩ වෙද්දී, වයසට යද්දී, ඥාති/හිතයිශීන් මිය පරලොව යද්දී අපිට මොනවද කරන්න පුළුවන්? මොන මොනදේ කරලා තාවකාලිකව විසඳුම් හොයා ගත්තත් කවද හරි සේරම නැතිවෙලා ජීවිතෙනුත් සමුගන්න වෙනවා මයි නේද? ජාති ආගම් කතන්දර පැත්තකින් තියමු, ඔය 'දුක'යි කියල අඳුන්වල දීපුවට ගොදුරු නොවෙච්ච, දන්න කියන එක්කෙනෙක් වත් ඉන්නවද? ඊළඟට ඉපදුනොත් ඔය අබල් බබල් සේරටම මූණ දෙන්න වෙනවාමයි කියල බුදුහාමුදුරුවෝ කියල දුන්න. මේ ඔය විදියට දුක් විඳින්න ආව පලවෙනි පාරත් නෙවෙයි කියල කිව්වා! මේ පරක් තෙරක් නොපෙනෙන දීර්ඝ සංසාර ගමනක යෙදිලා ඇවිල්ල, යන්තම් හුස්මක් කටක් ගන්න ලැබිච්ච, හිත මෙහෙයවල යමක් කරන්න හැකියාවක් ඇතුව ඉපදිච්ච පුංචි වෙලාවක් විතරයි! ඒත් මේ මනුස්ස ආත්මයක් ලබපු පලවෙනි පාරත් නෙවෙයිලු! රජ වෙලත් ඉඳල තියනවලු! සිය දහස් වර මහණ වෙලා ඉඳලත් තියනවලු! ඒ විතරක් නෙවෙයි දිව්‍යලෝකවල දෙවි දේවතාවෝ හැටියටත් ඉපදිලා ඇතිපදම් සැප විඳලත් තියෙනවලු! ඒ කියන්නේ සේරමලා, ඕනෙම කූඹියෙක් ගත්තත්, මීට කලින් අම්බානට පින් කරලා 'හඳටත් ගියපු' එවුන්!! හැබැයි මෙච්චර කාලයක් තිස්සේ ඔහොම ගිහිල්ල ගිහිල්ල එකතුකරගත්තු මොකවත් කාගෙවත්ම ළඟ නැහැ මේ වෙනකොට!!! බුදුහාමුදුරුවෝ කිව්වේ තනිකරම අරටුවක් තියන ගහක් හොය හොයා කෙහෙල්ගස් පතුරුගහනවා වගේ වැඩක් කියලයි මේක!! ඒත් තව පින් කර කර යන්න කතා කරනවා... ඔය හදිස්සියට ධර්මය අවබෝධකරන්න බැහැ, ඒකට තවත් කල් ඕනේ කියනවා... ඔල්මාදෙද මන්ද?

    ඊළඟට මේ ඉන්න යාලුවෝ නෑදෑයොම පිරිවරාගෙන පතාගෙන ඔතාගෙන යන ගමනකුත් නෙවෙයි, තනි තනියෙන් විඳව විඳව ආව ගමනක්ලු මේක! මේ ආව ගමනේ දුක්බර පැත්ත අරන් බැලුවොත් මේ එක එක්කෙනා හරක්, ඌරෝ, එළුවෝ, කුකුල්ලු හැටියට ඉපදිලා සත්සමුදුරු පුරවන්න ලේ හලලා තියනවලු! අපායේ වැටිලා කල්ප කෝටි ගණන් විඳවල තියනවලු! සේරම හැබැයි තනි තනියෙන්!! මේ දැන් ඉන්න බහුතරයක් උදවිය මේ ජීවිතෙන් පස්සෙත් ආයේ set වෙන්නේ ඔය කල්ප ගණනක් තිස්සේ කරගෙන කරගෙන යන දේටමලු!! ඉතින් දැන් වත් මේ අනතුර පෙනෙනවද? එහෙමනම් අපි මොකද්ද ඉක්මනටම කරන්න ඕනේ... මෙතනින් පුළුවන් ඉක්මනට ගැලවෙන එක නේද?? අන්න ඒක තමයි බුදුහාමුදුරුවොත් කිව්වෙ!!! අඩුම ගනනේ සෝතාපන්න තත්වයට වත් එන්න උත්සහයක් දරන්නයි කිව්වා අනික් වැඩ සේරම පැත්තකින් තියල... එහෙම උනොත් මහා දුක් සාගරයක් කෙලවර කළා වෙනවයි කිව්වා!!

    දැන් ඉතින් මෝඩයෙක් නෙවෙයි නම් කල්පනාවෙන්න ඕනේ 'අඩේ... මටත් ඔයටික ඔය විදියටම නේද වෙලා තියෙන්නේ, ඉදිරියටත් වෙන්නේ' කියල! අනිවාර්යයෙන් බය හිතෙන්න ඕනේ ආයේ තවදුරටත් සංසාර ගමනේ යන්න, මොකද ඔය පිරිවරාගෙන ඉන්න මොකෙක්වත් එන්නෙත් නැහැනේ! මෝඩයෙකුට නම් කොච්චර කිව්වත් වෙනසක් තේරෙන එකක් නැහැ!! හැබැයි මේ thread එකේ ආව එක්කෙනෙක් වත් දැන් මේ කරුණු සම්බන්ධයෙන් 'L board' නෙවෙයි! අපි කවුරු කවුරුත් දැන හෝ නොදැන මේ ඇවිල්ල තියෙන්නේ අතිශයින් දුර්ලභ වාසනාවන්ත අවස්ථාවකට! මේකට කියනවා ක්ෂණ සම්පත්තියක් හිමි වීමක් කියල! ඒ කියන්නේ මේ සංසාර ගමන ගැන බුදුකෙනෙක් හෙළිදරව් කරන පරම සත්‍ය අහන්න අවස්ථාවක් ලැබිල... වාසනාව ගෙනාපු උත්තමය තමයි අපේ හාමුදුරුවෝ, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ!!! එහෙම නැතුව මේ චතුරාර්ය සත්‍ය, බුද්ධෝප්පත්තියෙන් අනතුරුව එක දිගට ලෝකෙට විවෘත වෙලා තිබිච්ච එකක් නෙවෙයි! දැන් ඔන්න ලැබෙන්න ඕනේ වාසනාව ලැබුණ! ඒ කියන්නේ අපි හැමෝටම හැදිලා තියන භයානක ලෙඩක් නිට්ටාවටම සනීප කරගන්න අවශ්‍ය බෙහෙත් දැන් අතටම හම්බවෙලා... දැන් බෙහෙත් ගැන වර්ණනා කර කර ඉන්න, ඒකෙ ගුණ අගුණ විමසන්න, විග්‍රහ කරන්න තියාගත්තොත් හරිද ඉතින්?? මොලේ තියන එවුන් කරන්නේ, ඉක්මනට තමන් බෙහෙත් ටික බොන එකයි ඉස්සෙල්ලම!! ඊළඟට තමන් ලඟම ඉන්න, ඥාති/හිතමිතුරු සේරටමත් බෙහෙත් දීල සනීප කරගන්නත් බලනවා! ඒකයි හරි ක්‍රමේ! එහෙමයි මොලේ තියන එවුන් වැඩ කරන්නේ!! එතකොටයි මේ සසර දුකින් මිදීමට, නිවන් අවබෝධය නමැති විසඳුම ලබාගැනීමට, ඉතාමත් දුර්ලභව ලැබිච්ච මහානර්ඝ බෙහෙතේ ප්‍රයෝජනය හරියට ගත්ත වෙන්නේ!! (අපි ඔය ටික හරියට කරගන ඉවරවෙලයි මෙහෙම ඔයාලට කියන්න ආවේ) ඉතින් දැන්වත්, for the last time!, ඇඟිල්ල දිහා නොබලා පෙන්වන දේ දිහා බලන්න.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් මේ අපි ඉන්නවා, සත්තු ඉන්නවා. මේ ඔක්කොමල වෙන වෙනම පුද්ගලයෝ, සත්වයෝ. ඒ හැමෝටම අවේණික වෙනස් වෙනස් ගතිගුණ, හැකියාවල්, ලක්ෂණ සේරම වෙන වෙනම තියනවා. සමහරු අනික් උදවියට වාතයක් වෙද්දී, සමහරු ජීවමාන දෙවිවරු වගේ අනික් උදවියට උපකාරී වෙනවා! අතීතයේදීත් ඔහොමයි, දැනුත් එහෙමයි, අනාගතයටත් එහෙමමයි. මේ අපි පියවි ඇහැට දකින ලෝකය! හැබැයි ඔය සේරම, අපිට දකින්න පුළුවන් එක පැත්තක් විතරයි කියන එක තේරුම් ගමු!! මේ ඇස්වලට පෙනෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයයි!! ඔයිට වඩා ගොඩාක් තීක්ෂණ දැකීමක් ලබන්න පුළුවන් එකක් තියනවා 'දහම් ඇස' කියල! හැබැයි ඒක තමන්ම උත්සහ කරලා තමන් තුල ගොඩනගා ගතයුතු එකක්! ඒ ඇස පහල උනා කියන්නේ ආයේ මොකුත්ම වහන්න බැහැ ඒකට! වෙන කිසිම vision එකක් ඒකට compare කරන්නත් බැහැ. ඕනෙම දෙයක් විනිවිද දකින්න, පරතෙරටම දකින්න ඒකෙන් පුළුවන්!! ඒ ඇස තමා තුල පහල කරගන්න උපකාර කරන්නේ බුදුරජාණන්වහන්සේ නමක් තමයි! ඒත් ජීවමාන බුදුරජාණන්වහන්සේ නැහැ කියල අඩුවක් නොවෙන බව උන්වහන්සේම ප්‍රකාශකරලයි තියෙන්නේ!! උන්වහන්සේ ප්‍රකාශ කලා, "යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති" (යමෙක් ධර්මය දකීද, හේ තමන්වහන්සේව දැක්කා වගෙයි) කියල. ඊළඟට තථාගතයන් වහන්සේ ජීවමානව වැඩසිටිද්දී කළ බුද්ධ කෘත්‍යය, උන්වහන්සේගේ අවෑමෙන් පසු ශ්‍රී සද්ධර්මය විසින් ඒ ආකාරයෙන්ම ඉටුකරනවා කියලත් අපට කියාදීල තියෙන්නේ. දැන් අපට ඒ ශ්‍රී සද්ධර්මය අතටම ලැබිල තියෙන්නේ... තවත් පෙරුම් පුරන්න, අනාගත බුදුකෙනෙක් පහලවෙනකම් ඉන්න වගේ මෝඩ කතා ඕනෙම නැහැ! හැබැයි මේ ටික ඔයාල හොඳට මතක තියාගන ඉන්න. ඔබ කාගෙන් හෝ බුද්ධ දේශනාවක් නමින් අහන ඕනෑම එකක්, බුදුන් වදාළ පිරිසුදු ශ්‍රී සද්ධර්මයම නම්, අනිවාර්යයෙන් එහි මූලික ලක්ෂණය, වහ වහා ජීවිතාවබෝධය ලබන්නට අවශ්‍ය කරුණු සියල්ල එහි අඩංගුව තිබිය යුතුයි!! චතුරාර්ය සත්‍යයම අඩංගු විය යුතුයි!!! නැත්නම් ඒ විකෘති කරනලද, දූෂණය කරන ලද, contaminated, corrupted එකක් මයි!

    බුදුරජාණන්වහන්සේ තමයි මේ ධර්ම මාර්ගයේ මුඳුණ, උල්පත! උන්වහන්සේට කාගෙන්වත් අහන්න දෙයක් නැහැ, ලෝක විදූ! සියලු දේ දන්නවා!! උන්වහන්සේ ධර්මදේශනාවක් කළා නම්, ඒ දේශනාව කළ පුද්ගලයාට, නැත්නම් එම අවස්ථාවේ රැස්ව සිටි පිරිසෙන් කෙනෙකුට හෝ වැඩි පිරිසකට අවබෝධවන ලෙසට අලුතෙන්මයි එම දේශනාව කලේ! කලින් කරපුවයින් copy - paste කිරිලි නැහැ! ඉතින් දේශනාවෙන් දේශනාවට භාවිත කරලා තියන වචන, උදාහරණ, දේශනා කරලා තියන ශෛලිය, සරල බව හෝ ගැඹුරු බව හුඟක් වෙලාවට වෙනස් තමයි! ඒත් ඒ හැම දේශනාවක්ම එකම ඉලක්කයකට ශ්‍රාවකයන් යොමුකිරීම පිණිසම වදාල දේවල්. ඒ එකම ඉලක්කය තමයි චතුරාර්ය සත්‍යය පැහැදිලිකොට, විස්තර-විභාග කොට, බෙදා වෙනකොට දැක්වීම. අවශ්‍යතාවය උනේ පියවි ඇසට නොපෙනෙන, දහම් ඇසට පමණක්ම පෙනෙන, මේ හැමතැනම තිබෙන අනිත්‍ය බව, දුක් සහිත බව, තමාට උවමණා පරිදි හැසිරවිය නොහැකි බව, දෙවි මිනිසුන් හට කියා දීම! උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා, පුරා අවුරුදු 45 ක සිය ජීවිත කාලය මුළුල්ලේම කලේ ඒකයි! නමුත් දැන් අපට ගැලපෙන ගැලපෙන විදියට අලුතෙන් දේශනා හද හදා දෙන්න ජීවමාන බුදුන්වහන්සේ නැහැ! ඒත් 84,000 පමණ වන සුත්‍ර දේශනා ගොන්නෙහි ඔබල ඕනෑම කෙනෙකුට ගැලපෙන දේශනාවක් අනිවාර්යයෙන් ඇති! ඒත්, 'මට හරියන එක ඇහෙනකම් දේශනා සියල්ල අහල ඉන්න ඕනෙ'ය කියල හිතුවොත් ප්‍රයෝගික නැහැ නේද? ඊටත්, කලින් කිව්වා වගේ මේ සියලු දේශනා වල ඉලක්කය එකයි! අවබෝධකළ උදවිය අවබෝධ කලෙත් ඔය සේරම අහල නෙවෙයි නේ!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙතන තියන වැදගත්ම දෙය, හරය මේකයි! තමන්ට අවබෝධය ලබා ගැනීමට නම්, අවබෝධකරගනීමට තිබෙන කරුණු සියල්ල පරිපූර්ණ වශයෙන් තමන්ගේ සිතට ධාරණය කරගැනීමෙන් පසු (record කරගත්තා) ඇසීමේ ක්‍රියාවලිය ඉවරයි!! ඊළඟට තියෙන්නේ පැත්තකට වෙලා, අයිනක් අල්ලාගෙන, ඒ ධර්ම කරුණු ගලප ගලපා, පරිපූර්ණ අවබෝධය ඇතිකරගනීමට වෙහෙසීමයි!! විදර්ශණා භාවනාවෙහි යෙදෙනවා කියන්නේ මෙයයි!!! ඒක හරියටම කිව්වොත් ද්විමාන ඡායාරූපයක් අරමුණුකරගෙන, සිතින් ඒ ගැන මෙනෙහි කරමින් සැබෑ ලෝකයේ තිබෙන ලෙසටම ත්‍රිමාණව, සවිස්තරව, ස්වභාවික ලෙසටම සිතින් දකිනවා වගෙයි!! එහෙම ධර්මාවබෝධය පරිපූර්ණ වීම හරියටම කිව්වොත් මුළුමනින්ම ඉර පෑව්වා වගෙයි! ආලෝකය උපරිමයි!! ආයේ වෙන මොකවත් 'එලි' වලින් වැඩක් ඇත්තෙම නැහැ!! අඳුරක් කොහෙවත් නැහැ! බැලු බැලූ අත සතර දිග්බාගයටම පැහැදිලිව පෙනෙනවා!!! යමෙක් තව කෙනෙකුට ධර්මය කියදීමටත් මෙසේ තමන් පරිපූර්ණ වශයෙන් අවබෝධය ලබා තිබිය යුතුයි! එසේ නොමැතිව, තමනුත් සැක සංකා ඇතුව, කළුවරේ ඉඳගෙන, light දාගෙන, torch ගහගෙන, එක එක්කෙනා කියන කතන්දර අහන්න ගියාම, කියන එකයි, අහන එවුනුයි සේරම දන්නෙම නැතුව යැවෙන්නේ මාරයාගේ ග්‍රහණයට විතරයි!! මොකද මේ මුළු සක්වලම පවතින්නේ එයාගේ පාලනයට නතුව! මම දැක්ක විදියට අපේ කාලයේ මුලින්ම හිරු පායාගෙන ආවේ, ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේට! ඒත් එලිය පතුරුවන්න කලින් උන්වහන්සේව අපවත් කලා! ඊළඟට අපේ හාමුදුරුවෝ අනුපිළිවෙලින්, උන්වහන්සේ සූර්යාලෝකයෙන් අලෝකමත්වෙලා, අනුගාමික පිරිවරටත් එම ආලෝකයෙන් ආලෝකමත් වීමට ඉඩ හදා දීලා, ආයේ කාලයකට ලෝකයම එලිය කලා... දැන් කළුවරේ ඉන්නේ ඔය හුඹස් වලට, තම තමන් හදාගත්තු ගුහා වලට රිංගගෙන ඉන්න පිරිස තමයි!

    තව දෙයක් තියනවා. සාමාන්‍ය මනුස්සයෝ වැඩි ප්‍රමාණයක් පංච කාමයන්ටම බැඳී ගියපු, කල්පනා කිරීමේ හැකියාව ඉතාමත් දුර්වල, අවබෝධකරගනීමේ හැකියාවෙනුත් බොහොම පහල අඩියක සිටිනා උදවියයි. එවැනි අයට හිත දියුණු වීමක් සිදුවෙන පසුබිමක්වත් සාමාන්‍ය සමාජ සම්මත ජීවන රටාව තුල ලැබෙන්නේ නැහැ! මෙන්න මෙතැනදී ධර්මශ්‍රවණයට යොමුවීම ඉතාමත් වැදගත් දෙයක් බවට පත්වෙනවා! පුරුද්දට මෙන් එසේ වරකට පැයක් හමාරක් බැගින් හෝ කයින්, වචනයෙන් වත් සංවර වී සිටින්නට පුහුණුවෙද්දී සිතත් සුළුවශයෙන් හෝ තැන්පත් වීමක් සිදු වෙනවා. ඊළඟට එකම ධර්ම කරුණු නැවත නැවත, නොයෙක් නොයෙක් ආකාරයෙන් අසන්නට ලැබීමේදී මතක සිටිනවාත් වැඩියි. හැබැයි අවුරුදු ගණනාවක් මේ විදියට කරගෙන කරගෙන ගියත් කෙනෙකුට ලැබෙන්නේ ධර්මාවබෝධයට අවශ්‍ය පසුබිම සකස්වීම තමයි! ඔහු විසින් ඉටුකර ගතයුතු ණුවනින් විමසීම නොකරනා තාක් කල් අවබෝධය ඉබේ සිදුවෙන්නෙත් නැහැ! කිසිම පලක් ප්‍රයෝජනයක් නොවී කාලයකදී ධර්ම කරුණු මතකයෙන් ගිලිහී යන්නටත් ලොකු ඉඩක් තියනවා! නමුත් අපි හිත තැන්පත් කරගෙන, ඒක අපට උවමනා විදියට හසුරුවා ගන්න වෙනම පුහුණු කරලා, ඊළඟට අවශ්‍ය ධර්ම කරුණු සියල්ල වෙනම හොඳට හිතට ධාරණය කරගෙන, ඉඩ ලැබෙන ලැබෙන විදියට ණුවනින් විමසීමේ, තමාට ගලපාගැනීමේ ක්‍රියාවලියේ යෙදුනොත් කොහොම වෙයිද? අන්න ඒක තමයි සත්‍යවශයෙන්ම ජීවිතාවබෝධය සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල!!

    සුත්‍ර දේශනා දහස් ගණනින් ඇසීම, ස්වාමින්වහන්සේලා විශාල පිරිසකගෙන් ධර්මය ඇසීම නෙවෙයි කරන්න ඕනේ. අවශ්‍ය කරුණු සම්පූර්ණයෙන්ම හිතට දාගෙන, අයිනක් අල්ලාගෙන, නැත්නම් එදිනෙදා වැඩකටයුතු අතරේදීම ඉඩ තියන තියන විදියට, තමන්ගේ පාඩුවේ කලපණා කරන්න ගන්න! විදර්ශණා භාවනාවේ යෙදෙන්න පටන්ගන්න!! මුලින්ම අවබෝධ කරගැනීමට ඇති කරුණු සියල්ලම පැහැදිලිකොට සිතේ ධාරණය කරගන්න. ඊළඟට එම කරුණු එකින් එක තමන්ට ගලපා ගනිමින්, තමන් සම්බන්ධයෙනුත් ඒවා ක්‍රියාත්මක වන අයුරු ණුවනින් මෙනෙහි කරන්න. ඔය කරුණ තමයි අපි වේලපහින්ම success වෙන්නයි, මෙච්චර කාලෙකට තාමත් ඔයාලට miss වෙන්නයි හේතුව! ඉතින් ඔය විදියට කෙනෙක් ධර්ම දැණුම ලබාගෙන පිරිසිඳ අවබෝධ කරගත්තා කියන්නේ ඒ තමයි තමන් බුද්ධ සාසනය සම්පූර්ණ කරගැනීම!!! සසර දුකින් එතෙරවීම, අරහත් වීම, නිවන් අවබෝධ කරගැනීම කියන මේ සේරගෙන්ම කියන්නෙත් ඒකමයි! කෙලෙස් සහිත සිත, සත්වයා, සංසාර ගමන, මේ සියල්ලම අවබෝධයක් නැතිකම නිසා හැදිලා, සකස්වෙලා තියෙන කතන්දර. කෙනෙකුගේ අවබෝධය සම්පූර්ණ වෙච්ච දවසට ඒ සේරම නැතුව යනවා. ලස්සන උදාහරණයක් තියනවා. මේක හරියට අඳුරේ තියන දොරවල් 6 ක් තියන ලොකු ගොඩනැගිල්ලක් වගෙයි. පිටින් බැලුවම හිතෙන්නෙම ඇතුලේ ගොඩක් දේවල් ඇති, බඩුමුට්ටු ඇති, කාමර ඇති, වැඩ ගොඩක් යනවා ඇති, එහෙම කියලයි. ඒත් ඇතුලට ඔලුව දාල, එලිය කරලා බැලුවම පේනවා නිකම්ම නිකම් හිස් ශාලාවක්, අවකාශයක් විතරයි! ඇතුලේ මොකුත්, මොකෙක්වත් නැහැ!!
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    බුදු දහමේ සඳහන් වෙනවා ආයුෂ අවුරුදු දහයක් පමණක් වන කාලයක් ගැන . ඒවගේම අඩි සීයයක් පමණ දිග නාගයෙක් ගේ බඩ ඇතුලෙන් රහතන් වහන්සේලා වැඩිය කියල . ඒවගේම සිද්ද්දාර්ථ කුමාරය මල හතක් උඩ ඇවිද්දා කියල. ඔබ ඒවා විශ්වාශ කරනවද ? බුදුදහමේ තිබු පමණින් අපි ඒවා විශ්වාශ කරන්න ඕනෙද ? කලාම සූත්‍රයේ බුදුන් වහන්සේ කියා තිබෙනවා නේද කිසිම දෙයක් අසු පමණින් විශ්වාශ කරන්න එපා කියල ? තමන්ගේ බුද්ධියට ගෝචර වෙනවනම් පමණක් ඒවා බාරගන්න කියල තියෙනවා නේද ? බුදුන්ගේ දහම අවුරුදු ගානක් තිස්සේ මුක පරම්පරාවෙන් ආව නිසා ඒවා යම වෙනස්වීමකට භාජනය වෙලා ඇති නේද ?
    ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි බුද්ධියෙන් සහ ඥානයෙන් හිතල බැලුවොත් ඒවා 100% ඇත්ත කියා කියන්න පුළුවන් .
    කර්මය ඥානයෙන් සහ බුද්ධියෙන් සිතා බැලුවොත් ඒවා 100% සත්‍ය කියා වැටහෙනවා.
    නමුත් මම අර ඉහත සඳහන් කල ඒවා ඥානයෙන් සහ කාලාම සූත්‍රයෙන් සිත බැලුවොත් ඒවා කොයි තාක් දුරට සත්ත්‍ය ද කියා මට හිතෙයි . මේ ගැන ඔබේ අදහස කුමක්ද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදු දහමේ සඳහන් වෙනවා ආයුෂ අවුරුදු දහයක් පමණක් වන කාලයක් ගැන . ඒවගේම අඩි සීයයක් පමණ දිග නාගයෙක් ගේ බඩ ඇතුලෙන් රහතන් වහන්සේලා වැඩිය කියල . ඒවගේම සිද්ද්දාර්ථ කුමාරය මල හතක් උඩ ඇවිද්දා කියල. ඔබ ඒවා විශ්වාශ කරනවද ? බුදුදහමේ තිබු පමණින් අපි ඒවා විශ්වාශ කරන්න ඕනෙද ? කලාම සූත්‍රයේ බුදුන් වහන්සේ කියා තිබෙනවා නේද කිසිම දෙයක් අසු පමණින් විශ්වාශ කරන්න එපා කියල ? තමන්ගේ බුද්ධියට ගෝචර වෙනවනම් පමණක් ඒවා බාරගන්න කියල තියෙනවා නේද ? බුදුන්ගේ දහම අවුරුදු ගානක් තිස්සේ මුක පරම්පරාවෙන් ආව නිසා ඒවා යම වෙනස්වීමකට භාජනය වෙලා ඇති නේද ? ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි බුද්ධියෙන් සහ ඥානයෙන් හිතල බැලුවොත් ඒවා 100% ඇත්ත කියා කියන්න පුළුවන්. කර්මය ඥානයෙන් සහ බුද්ධියෙන් සිතා බැලුවොත් ඒවා 100% සත්‍ය කියා වැටහෙනවා. නමුත් මම අර ඉහත සඳහන් කල ඒවා ඥානයෙන් සහ කාලාම සූත්‍රයෙන් සිත බැලුවොත් ඒවා කොයි තාක් දුරට සත්ත්‍ය ද කියා මට හිතෙයි . මේ ගැන ඔබේ අදහස කුමක්ද ?

    කාලාම සුත්‍රයේ තියෙන්නේ බුද්ධියට ගෝචර උනත් ගන්න එපා! රාග, ද්වේශ, මෝහ කියන අකුසල් හන්ද හටගන්නා දේවල් වල ප්‍රතිඵල ගැන ණුවනින් විමසල හරි වැරැද්ද දැනගන්න, තීරණය කරන්නයි කියලයි! බුදුරජාණන්වහන්සේ සම්බන්ධ, රහතුන්වහන්සේලා සම්බන්ධ ආශ්චර්යමත් සිදුවීම් මහා හුඟාක් තියනවා. මමනම් ඒවා සේරම විශ්වාස කරනවා. මූලික කරුණ ශ්‍රද්ධාව! ඊළඟ කරුණ නිකෙලෙස් පුද්ගලයන් හට බොරුකියන්න, ප්‍රසිද්ධියක් ලබන්න, කාවවත් රවටන්න වගේ පහත්, ලාමක ආසාවල් මොකවත් නැහැ! එයාල ධර්මය රැකගෙන ආවෙත් ජීවිතය පරදුවට තියල. ඒ ශ්‍රී සද්ධර්මය පිරිසුදුයි! 100% ම පිරිසුදුයි!! ඒවායේ බොරු කතන්දර මොකවත් නැහැ! ධර්මය හරියට දැක්කොත් තමන්ටම තේරෙයි ඕවයේ ඇත්ත නැත්ත.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තාම මේ ගමනේ ප්‍රතිඵල ලබල අවසානයක් දැක්ක කවුරුවත්ම ඔයාල අතරේ නැද්ද? වෙන අයට කියන්න නෙවෙයි, තමන්ටම බය සැක නැතුව, ආ... මේකයිනේ මේ කතන්දරේ කියල 100% පැහැදිලි උන උදවිය? ඇයි දන්නවද? මේක ඇත්තටම රබර් වගේ ඇදගෙන ඇදගෙන යන්න අවශ්‍ය කතාවක් නෙවෙයි! අවබෝධකරගන්න තියෙන කරුණු සේරම මෙතැනදී කතාවෙලා ඉවරයි! අවබෝධකරගන්න ඕනේ විදියත් සඳහන් කලා... ඊට අවශ්‍යකරන මානසිකත්වය ගොඩනගාගන්නත් කියා දුන්න... මට මෙහෙම sup එකක් තිබුන නම්, මම නම් මාර ඉක්මනට අල්ලගනී!! මට උනේ ඉස්සෙල්ල කරන්න ඕනේ මොකද්ද කියල හොයාගෙන ඉන්න. ඒක කරගත්තේ බණ අහල අහලමයි. ඉතින් කල් ගතවුනා. හැබැයි පස්සේ මම විස්තර කිව්වම යාලුවෝ කීපදෙනෙක්ම පට පට ගාල අල්ලගත්ත. ඉතින්... ඔය එළිවෙන්නේ තම තමන්ගේ ප්‍රඥාවන්ත කමයි, මේ වැඩේට ඇත්තටම තිබුණු උනන්දුව, උවමනාවයි තමයි! මෙතැනදී කතාවෙච්ච කරුණු ටික අහපු 'බාහිය දාරුචීරී' කියපු පුද්ගලයා විනාඩි ගණනකදී අරහත්ඵලය සාක්ෂාත් කරලා පිරිණිවන් පෑවත් එක්ක!! එයත් සාමාන්‍ය මනුස්සයෙක්, හැබැයි එයා තමයිලු ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධ සාසනයේ ඉතාමත් ඉක්මනින් ධර්මාවබෝධය ලැබූ රහතුන් වහන්සේ බවට පත්වුනේ. ඒත් එයා අභිධර්ම කෙහෙල්මල් මොකවත් තියා පන්සිල් වත් දැනගන ඉඳල නැහැ! එයාට තිබිල තියෙන්නේ බුදුරජාණන්වහන්සේ ගැන අහල, දැනගෙන ඇතිවෙච්ච නොසෙල්වෙන, අවංක පැහැදීමක් විතරයි!! ඊළඟ එක්කෙනා පුක්කුසාති භික්ෂුව, එයා අනාගාමි උනා! එයත් බුදුරජාණන්වහන්සේගේ ගුණ අසාදැනගෙන පැහැදීමෙන් උන්න කෙනෙක් විතරයි, අභිධර්ම කෙහෙල්මල් මොකවත් අහලවත් තිබිල නැහැ! දැන් මේවයේ ඉන්න හුඟක් උදවිය අභිධර්මයයි, අරයගෙ ධර්මයයි, මෙයාගේ ධර්මයයි කියල කෙහෙල්මල් ගොඩක් අහල අනාගෙන!! ඊළඟට ශ්‍රද්ධාව කියල අංශුමාත්‍රයක් වත් නැහැ!! ධර්මය, ධර්මකරුණු ගැන සැකයි! අලුතෙන් හොයන්න, විග්‍රහ කරන්න යනවා. ඔන්න ඕව තමයි තම තමන්ට වැරදිච්ච තැන්!! කඩ ගොඩාක් වැඩි උනාමත් සමහරුන්ට අවශ්‍ය බඩු තෝරලා ගන්න බැරි වෙනවා නේ... හැමතිස්සෙම හිතන්නේ ආ... අරකඩේ හොඳ ඒවා ඇති කිය කිය නේ... ඒ කඩේට ගිහිල්ලත් එහෙම හිතල තව එකකට යනවා... වැඩේ කෙරෙන්නේ නැහැ! වටේ යනවා විතරයි. තව ගොඩදෙනෙක් ඉන්නේ නිකම් 'window shopping' කරන අය! එයාල ඇත්තටම 'බඩු ගන්න' උවමනාවක් තියන අය නෙවෙයි! මෙතැනදී නම් අර, 'උන්ගේ තාත්ත ඌව ජාතක කලේ මේ thread එක චොර කරන්න වෙන්න ඇති'ය කියල හිතපු ඔටුවෙකුත්, මේක දිගේම එල්ලී එල්ලී ඇවිත් අවංක උවමනාවකින් මේකට සම්බන්ධ වුන උදවියට තුවාලයක් උනා. ඒවගේ දේවල් වලට නම් ඉතින් කරන්න දෙයක් නැහැ, ඒ 'අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ' කියන එක! ඉපදුනොත් විඳින්නම වෙනවා! කොහොම හරි අවුලක් නැහැ... අපේ හාමුදුරුවොත් කියනවා වගේ බොහොම සීමිත පිරිසක් ඉන්නවා මේ ජීවිත අවබෝධය ලබාගැනීමට අවංක උවමනාවක් තියන! ඒත් එයාලට තේරෙන්නේ නැහැ මොනවද කරන්න ඕනේ කියල... අන්න ඒ අය ගැන දුකයි. අපි වටෙත් ඉන්නේ එහෙම උදවිය තමයි වැඩිපුර. මට ඕනේ අන්න එහෙම අවංක උවමනාවක් තියන අහිංසක උන් ටිකට හරි මේකෙන් කොහොමහරි success වෙන්න උදව් කරන්න. මේ අපි අපිට වැරදිච්ච දෙයක්. අපිම කල්පනා කරලා හරිගස්වාගන්න තියෙන්නේ... වැඩිය දුර යන්න ඕනෙත් නැහැ!