බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අරුණ මල්ලි, මෙතන කිහිප දෙනෙක්ම ඉන්නවා නේ ඔයා කවුද කියල ලොකු ප්‍රශ්ණයක් මතුවෙච්ච? බුදුහාමුදුරුවෝ කිව්වේ තමං ගැන බලාගන්න කියල... ඒත් මුං බලන්නෙම අනික් එවුන්ගේ රෙද්දවල් ගැන!! කොහෙද හිටපු පොන්සියෙකුත් set වෙලා ඒ මදිවට ඔයා ගැන බලන්නම. මල්ලි ඔන්න ඔයාගේ අහවල් එකෙත් photo ටිකක් අරන් මෙයාලට PM කරන්න, බල බල ඉන්න.
     
    • Like
    Reactions: conservative

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    අරුණ මල්ලි, මෙතන කිහිප දෙනෙක්ම ඉන්නවා නේ ඔයා කවුද කියල ලොකු ප්‍රශ්ණයක් මතුවෙච්ච? බුදුහාමුදුරුවෝ කිව්වේ තමං ගැන බලාගන්න කියල... ඒත් මුං බලන්නෙම අනික් එවුන්ගේ රෙද්දවල් ගැන!! කොහෙද හිටපු පොන්සියෙකුත් set වෙලා ඒ මදිවට ඔයා ගැන බලන්නම. මල්ලි ඔන්න ඔයාගේ අහවල් එකෙත් photo ටිකක් අරන් මෙයාලට PM කරන්න, බල බල ඉන්න.

    මගේ බෙල්ල අනෙක් පැත්තට කැරකිලා තියන හන්ද මට පෙන්නේ පස්ස පැත්ත විතරයි... කාට හරි පුළුවන් නම මගේ අහවල් එකේ ෆොටො එකක් අරං මටම එවපල්ලා.. අවුරුදු ගානකින් දැක්කේ නැහැ... හික් හික්
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    අනිච්ච කියන එකට ගොඩාක් දෙනෙක් විවිධ අර්ථකතන දෙනු ලබනවා. එකක් තමයි අනිත්‍ය, අනෙක තමයි කැමති සේ නෑ කියන එක. අපි මේක විග්‍රහ කරලා බලමු.

    පාලියේ වචන දෙකක් තියෙනවා ඒ තමයි, "ඉච්ඡා, අනිච්ඡා" කියල. අනෙක තමයි නිච්ච අනිච්ච කියල. අපි දැන් මේකේ තේරුම බලමු.


    ඉච්ඡා, අනිච්ඡා කියන්නේ කැමැත්ත, කැමති නෑ කියන එක. උදාහරණයක් ලෙස,

    "න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං" - "මෙය වනාහී කැමැති වීමෙන් නො ලැබිය හැකි දෙයකි.."

    අනිච්ඡා පිණ්‌ඩමෙසනා, අනිච්‌ඡා සයනාසනං; "


    දැන් අපි බලමු නිච්ච අනිච්ච කියන එක. උදාහරණයක් ලෙස

    බුදු රජාණන් වහන්සේ "තං කිම්මඤ්ඤති භික්ඛවේ, රූපං නිච්චං වා අනිච්චං වා?" කියා පස්වග ස්වාමීන් වහන්සේලා ගෙන් විමසනවා.. එහි තේ‍රුම "මහණෙනි, රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද යන්න යි.

    දැන් ඔතන ඇහුවේ නිච්චං වා අනිච්චං කියල මිසක් ඉච්ඡා, අනිච්ඡා කියල නෙවෙයිනේ. එක නිසා ත්‍රිලක්ෂණයේ තියෙන්නේ ස්ථිර නෑ කියන එක මිසක් කැමති සේ නෑ කියන එක නෙමෙයි.


    අපි ගොඩාක් වචන වල පැටලිලා තේරුම හොයන්න යනවා. එක වැරදියි.
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ඒයි! මම කතාකලේ බුදුහාමුදුරුවෝ කියපු දේවල් දකින්න විතරයි... මෙතන වෙන වෙන ඒවා බලන්න ලෑස්තිවෙන්න එපා.:P

    ඔන්න බලපන් අවිද්‍යාවක මහත මට උන් හිටි තැන් අමතක උනා...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    conservative හොඳ post එකක් දාල තිබුන. ඇත්තටම හරි ක්‍රමය ඒක තමයි! බුද්ධ දේශනා අහල, ඒවාට අනුව කල්පනා කරලා, තේරුම හරියට වටහගන්නවා මිසක් වචන අල්ලගත්තොත් 'ගස්' තමයි. මේටික දේශනා අහල/කියවල හොයාගත්තද? නැත්නම් වෙන කෙනෙකුගෙන් අහගෙන දැම්මද දන්නේ නැහැ... මොකද වෙන කෙනෙකුගෙන් අහගෙන වැඩ පෙන්නන්න, අනික් අයට කියන්න පුළුවන් උනාට වඩා වැදගත් තමන්ටම ධර්ම කරුණු හොඳට දිරවන එකයි. ඒක තමයි වෙන්න ඕනේ...

    මාත් පොඩි පොඩි දේවල් ටිකක් ලියන්න ගත්තත් කම්මැලි නිසා ඉවරයක් කරලා post කරන්න බැරි උනා... ඇත්තටම මේ thread වලට ලියන්න ගත්තට පස්සේ දැනගන්න ලැබුණු ගොඩක් දේවල් තියනවා. සමහර ඒවා අහන්න ලැබුනම මාව කරකවල අතහැරිය වගේ වෙච්ච තැනුත් තිබුන. මං මුලින්ම මේකේ register උනේ නිකම්ම නිකම් බයියෙක් හැටියට හිටපු කාලේ සින්දු, videos search කර කර යනකොට ලැබිච්ච links දිගේ ඇවිල්ලයි. ඒකෙන් එච්චර වැඩක් ගැනුනෙත් නැහැ. පස්සේ තමයි දෛවය අනුව අපිට වෙන්න තිබිච්ච දේවල් උනේ... ඊටත් පස්සේ ළඟ පාත හිටපු / ඉන්න හැමෝටම බණ කියල කියල මදි අඩුපාඩුවට තමයි net එකටත් බැස්සේ. මුලින්ම බැස්සෙත් මෙතනට නෙවෙයි... මේ වගේ technical කතන්දර එක්කලත් නෙවෙයි... අතරමගදී තමයි technical පසුබිම මටත් පේන්න පේන්න ගත්තේ. ඒ ගමන ඉතින් කලින් site එකෙයි, මේකෙයි දෙකේම simultaneously වැඩේ කරගෙන කරගෙන ගියා. කොහොමින් කොහොම හරි නොහිතපු දුරක් යැවුනා... මෙතන වැඩේ අනික් site එකේ කරපු එකට වඩා නැගලත් ගියා... ඔය මොනවා කරන්නත් මම නම් ආවේ gancy පිටින් නැත්නම් multiple IDs හදාගෙන එහෙම නෙවෙයි. මොකද ආවේ joke කර කර ඉන්න, පිස්සු කෙලින්න උවමනාවකට එහෙම නොවෙන නිසා. ඒත් මේවයේ එක්කෙනාම IDs 7-8 කින් ඉඳන් තනියෙන් කරන threads තියනවලු... යාලුවෝ set වෙලා කරන ඒවා තියනවලු... බැලුවම පිස්සු ලෝකයක්. පිටින් ඇවිත් බලන උදවියට ඔය කතන්දර තේරෙන්නේ නැහැ නේ... නිකම් byte වෙන්න, විහිලුවට ලක්වෙන්න ඉඩ තියනවා!! ආයේ මේ කිසි වැඩකට නැති දේවල් මහා ලොකු, වැදගත් දේවල් කියල උලුප්පල පෙන්වන්න, නැති දේවල් මවන්න මේ forums පාවිච්චි කෙරෙනවලු! මමත් ඔය මොකවත්ම දැනගෙන හිටියේ නැහැ! මේකේ එක්කෙනෙක් මාව ඔය කරුණු ගැන දැනුවත් කළා. (එයා මෙතන ලොක්කෙක්! EK එක form කරන්නත් කාලය/ශ්‍රමය/මුදල් හදල් කැපකළ කෙනෙක් කිව්වා...) ඉතින් එයා මාව දැනුවත් කල එක සැහෙන වටිනවා.

    මෙතැනදී මාව byte වෙයි, කට්ටිය මාව වටේ යවයි කියලනම් මම චුට්ටක් වත් upset උනේ නැහැ! මුලිනුත් නැහැ, දැනුත් නැහැ, මතුවටත් නැහැ. මොකද මෙතන මේ කතාකරන මාතෘකාව joke එකක් නෙවෙයි! මම ලකුණුගන්න, ප්‍රසිද්ධවෙන්න කරපු එකකුත් නෙවෙයි! වැඩේට බැස්සෙත් full seriously, හොඳටම දැනගෙන. ඉතින් ආයේ වෙන මොනවද? හැබැයි ඉතින් මට නොයෙකුත් නොයෙකුත් ආකාර වල PMs ආව. සමහර කට්ටිය මාව test කරන්න try කරනව කියලත් තේරුණා... test කරන්න හදනවද කියලත් මට හිතුන. ඇත්තටම මගේ නම් test කරන්න මොකවත් නැහැ!! මම PM කරපු හැමෝටම 'බොක්කෙන්' පිළිතුරු ලිව්වා. මම ඕනෙම කෙනෙකුට එකම වචනයයි. කරන දේ කියනවා, කියන දේ කරනවා, කියන දේත් කෙලින්ම මූණටම කියනවා (හොම්බට ඇන්න වගේ). ඒ හැරෙන්න බොරු රඟපෑම්, මායම් මොකවත්ම නැහැ. මම දන්නේ මොනවද නොදන්නේ මොනවද කියලත් දන්නවා. මට පුළුවන් මොනවද බැරි මොනවද කියලත් හොඳටම දන්නවා. ප්‍රසිද්ධ වෙන්න, තැන ගන්න, නොදන්න දේවල් කරන්න මම යන්නෙත් නැහැ. ඒ වගේම මට පුළුවන්, දන්න දේවල් වලදී පස්ස ගහන්නෙත් නැහැ, doubts මොකවත් ඇත්තෙත් නැහැ. මේකත් හොඳටම දැනගත්ත දෙයක්!! ඉතින් කාගෙන්වත් advices ඕනෙත් නැහැ, assistances ඕනෙත් නැහැ. self confidence ඇති පදමට තියනවා. ඉතින් ඔන්න කවුරු කවුරුත් වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම දේ මම කළා. මෙච්චරයි මට කියන්න ඕනේ. මේ jokes වලටනම් වෙලාවක් නෙවෙයි!!! මේ අපිට අපේ දෛවය තීන්දු කරගන්න ලැබිල තියන බොහොම දුර්ලභ වටිනා අවස්ථාවක්. මේක බලන කෙනෙක් සම්පූර්ණ විශ්වාසයෙන් මේ කියාගෙන ආව වැඩපිලිවලේ යෙදෙමින් ඉස්සරහට ඉස්සරහට යන්න. දන්න දන්න හැමෝටම මේක කියන්න. වැරදීමකින් වත් බණ අහන්නේ නැති, 'ධර්මය වැදගත් නැති' උදවිය ගොඩාක් ඉන්නවනේ... මෙතන බොරු 'පඩ ෂෝ' මොකවත්ම නැහැ!! අපි Done!!! ඒකයි මෙතරම් relax එකේ, cool එකේ, fit එකේ ඉන්නේ දැන්... හොඳටම දන්නවා මේ සේරම සෙල්ලම් ආයුෂ 'තෙල්' ඉවරවෙනකම් විතරයි කියල. මේ බලන උදවිය හැමෝමත් එහෙම 'පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤූහි' කරගන්නවා නම් එච්චරයි ඕනේ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ... ඇත්තම කියනවා නම්, අර කලින් වතාවක ධර්ම පර්යේෂණාලයකද මොකකද කෙනෙකුගේ article එකකුත් මෙතනට අවේ... අන්න ඒ උදවිය උනත් මාත් එක්ක වත්, මේ thread එක සම්බන්ධයෙන් වත් crash වෙන එකක් නැහැ!! ඒකෙ අර කවුද හාමුදුරුවෝ කියනවා වගේ, බුදුරජාණන්වහන්සේ නමක් බුද්ධත්වයට පත්වෙනවා කියල අවබෝධ කරගෙන ධර්මය හැටියට ලෝකයට එළිකරන්නේ මේ පවතින ස්වභාවික සිද්ධි මාලාවක සැබෑ තත්වය තමයි. මාත් ඕකමයි කියන්නේ... ඒ ධර්මතාවය බුදුකෙනෙක් ලෝකයට පහලවෙලා හෙළිකරලා දුන්නත් නැතත්, කවුරු පිළිගත්තත් නැතත්, කවුරු දැනගෙන හිටියත් නැතත් ඒ විදියටම සිද්ධ වෙනවා!!! ඉතින් මේ ජීවිතය පටන්ගත්තේ පලවෙනි පාරට අලුතෙන්මයි ඒ වගේම මෙතැනින්ම ඉවර වෙනවා ආයේ ඉපදෙන්නේ නැහැ කියල හිතන් හිටියත් සංසාර කතන්දරේ එහෙම්ම මයි! මෙතනින් පස්සේ දෙයියෝ ගාවට ගියාම වැඩේ හරි කියල හිතාගෙන හිටියත් සංසාර කතන්දරේ එහෙම්මමයි!! කරන කියන දේවල් වලට පස්සේ 'බඩු' හම්බවෙන්නේ නැහැ කියල හිතුවත් සංසාර කතන්දරේ එහෙම්මමයි. ඒක හරිම භයානකයි... කිසිම පිළිසරණක් නැහැ... බේරගන්න කාටවත්ම බැහැ... කිසිම දෙයියෙකුට මොකවත්ම කරන්නත් බැහැ! වැඩේ තියෙන්නේ ඒක බුදුකෙනෙකුටම හෝ බුදුන්වහන්සේව සරණගොස් බුදුඋපදෙස් පිලිපැදීමෙන්ම ත්‍රිවිද්‍යාව උපද්දවා ගත්තු කෙනෙකුට හැරෙන්න වෙන උදවිය කාටවත්ම පෙනෙන්නේ නැහැ!! මේ අනතුර දැක්ක බුදුවරු ලෝකයට ඒ බව එලිකරලා, නිදහස් වෙන්න ක්‍රමයයි, පාරයි කියල දෙනවා. තම තමන් ඒ අනුව ක්‍රියාත්මක වෙලා තමන්ගේ ගැලවීම සලසා ගන්න ඕනේ. අපි ඒක කරගත්තා... දැන් මේ බලන ඔයාලගේ වාරය.

    එක එක පිස්සු මිනිස්සු එක එක දේවල් කියනවා. ඕව ඔහොම කරන්න බැහැ, ඕවට අරව මේවා තියෙන්න ඕනේ... අරම මෙහෙම වෙන්න ඕනේ කියල. ඉතින් කවුරුහරි කෙනෙක්, සිවුරක් දාගත්ත මහණ කෙනෙක්, නැත්නම් national එකක් දාගත්ත, කලිසමක් කමිසයක් ඇඳගත්ත එහෙමත් නැත්නම් හෙලුවෙන්ම ඉන්න කෙනෙක් හරි කිව්වොත් මේ ධර්මය සම්බන්ධයෙන් 'බැරි' කතාවක්, ඒ කියලා තියෙන්නේ එයාට බැරි බව කියන එක හොඳට තේරුම් ගන්න!! කෙනෙක් එයාට බැහැ කිව්වට ඔයාලට බැරි නැහැ!! ඔයාල හිතාගන්න මට පුළුවන්!! මම ධර්මය අවබෝධකරනවා!!! කියල. එහෙම කිව්වටම හරියන්නෙත් නැහැ! වැඩේට බහින්න ඕනේ... බැහැල වීර්යයෙන් අවසානයක් දකිනකන්ම වැඩපිලිවලේ නිරත වෙන්න ඕනේ. අපි කොච්චරක් නම් දේවල් නොසලකා හැරලා, අතපසුකරලා, බැහැර කරලා පස්සේ කණගාටු වෙලා තියනවද? මෙතැනදී එහෙම උනොත් මහා විශාල පාඩුවක්! මේ සැරේ වරද්දගන්න එපා!! හැබැයි සේරටම මූලික තමන් බොහොම නිහතමානී, තව කෙනෙක් කියන දේ අහන්න, පිළිගන්න ලැස්ති කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට බොහොම අහිංසක කෙනෙක් වෙන්නත් ඕනේ. ඒ ගතිගුණ නැති උදවිය උනොත් තමයි වැඩ වරදින්නේ. පිරිසුදු බුද්ධ දේශනා අහල තේරුම්ගන්න අවස්ථාවක් නොලැබුණා නම් අපි මේ පාරත් ඉවරෙටම ඉවරයි... මේක විහිළුවක් නෙවෙයි. අපේ හාමුදුරුවොන්ටයි, මාව බලාගත්තු කල්‍යාණ මිත්‍ර පිරිසටයි පින්සිද්ධ වෙන්න මම ගොඩ ගියා. මට ඕනේ පුළුවන් තරමක් පිරිසට ඒ විදියට මෙතැනින්ම පුළුවන් නම් මෙතැනින්ම, මේ කෙහෙල්මල් සංසාර ගමනෙන් නිදහස්වෙන්න උපකාර කරන්නයි, බැරිනම් අඩුම ගනනේ ආයේ කවදාවත් ආපස්සට නොවැටෙන්න ධර්ම මාර්ගයේ ස්ථාවර කරන්නයි විතරයි. ඒක බුදුරජාණන්වහන්සේවම සරණ ගිහින්, උන්වහන්සේ කියා දීපු විදියටම කටයුතු කරලා බොහොම සීරුමාරුවෙන් කරගන්න තියන දෙයක් මිසක් වෙන කිසිම ක්‍රමේකින් ගැලවෙන්න නම් ලැබෙන්නේ නැහැ නැහැමයි!!
     
    Last edited:

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    අනිච්ච කියන එකට ගොඩාක් දෙනෙක් විවිධ අර්ථකතන දෙනු ලබනවා. එකක් තමයි අනිත්‍ය, අනෙක තමයි කැමති සේ නෑ කියන එක. අපි මේක විග්‍රහ කරලා බලමු.

    පාලියේ වචන දෙකක් තියෙනවා ඒ තමයි, "ඉච්ඡා, අනිච්ඡා" කියල. අනෙක තමයි නිච්ච අනිච්ච කියල. අපි දැන් මේකේ තේරුම බලමු.


    ඉච්ඡා, අනිච්ඡා කියන්නේ කැමැත්ත, කැමති නෑ කියන එක. උදාහරණයක් ලෙස,

    "න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං" - "මෙය වනාහී කැමැති වීමෙන් නො ලැබිය හැකි දෙයකි.."

    අනිච්ඡා පිණ්‌ඩමෙසනා, අනිච්‌ඡා සයනාසනං; "


    දැන් අපි බලමු නිච්ච අනිච්ච කියන එක. උදාහරණයක් ලෙස

    බුදු රජාණන් වහන්සේ "තං කිම්මඤ්ඤති භික්ඛවේ, රූපං නිච්චං වා අනිච්චං වා?" කියා පස්වග ස්වාමීන් වහන්සේලා ගෙන් විමසනවා.. එහි තේ‍රුම "මහණෙනි, රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද යන්න යි.

    දැන් ඔතන ඇහුවේ නිච්චං වා අනිච්චං කියල මිසක් ඉච්ඡා, අනිච්ඡා කියල නෙවෙයිනේ. එක නිසා ත්‍රිලක්ෂණයේ තියෙන්නේ ස්ථිර නෑ කියන එක මිසක් කැමති සේ නෑ කියන එක නෙමෙයි.


    අපි ගොඩාක් වචන වල පැටලිලා තේරුම හොයන්න යනවා. එක වැරදියි.

    බුද්ධදේශනාව කිසිම තැනක පරස්පර වෙන්න බැහැ. හේතුව ඒක එකතැනක කිව්වා නම් ඒක හැමතැනටම හරි යන්න ඕන. පාලියේ තියෙන "අනිච්ච" කියන වචනයට සිංහල අර්තකතනය දීලා තියෙන්නේ "අනිත්‍ය" එහෙම නැතිනම ස්තීර නැහැ කියන එක...

    එකම එක තැනක සූත්‍රපිටකයෙ අනිච්ච සංඥාව ගැන විස්තර කරලා තියෙනවා.. ඒ කිව්වේ ඒ වචනයෙන් එන අදහස කියලා තියෙනව... "කතමාචානන්ද සබබ සංකාරන්තු අනිච්ච සංඥා" - ආනාන සියළු සංකාර වල අනිච්ච සංඥාව කුමක ද කියලා අහල "ඉඳං භික්ඛු ආනනද සබ්බ සංකාරන්තු අනිච්ච සංඥා අට්ටියති ... හරායති... ජිගුච්ඡති" ... ඒ කිව්වේ අනිච්ඡ සංඥාව කියනන්නේ ... හරියට අට්ඨියති - ඇට ගොඩ වගේ ... කොච්චර කෑවත් බඩපිරෙන්නේ නැහැ ... බල්ලෙක් ඇටගොඩක් කනවා වගේ උගේ ලේ රහට කනවා මිසක් උගේ බඩ පිරෙන්නේ නැහැ... හරායති - කෙසෙල් කඳක් අරගෙන පලාගෙන පලාගෙන ගියත් කිසි හරයක් හම්බුවෙන්නේ නැහැ වගේ .... ජිගුච්ඡති - මල මූත්‍ර වලට ඇති කැමත්ත වගේ... කියලා... මිසක් ස්තීර නැහැ කියලා නෙමෙයි...

    මෙහෙම හිතන්න ... යමක් පරිහරණයේදි ... ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස අග එනව නම් ඒක පරිහරණයට නිසිද අනිසද (නිච්චං වා අනිච්චංවා) ඕකයි ඔතන ඇහුවේ... නැතුව ස්තීර නැති කතාවක් නෙමෙයි...

    ස්තීර නැතිනම දුකයි නම් ස්තීර වුණාම සැප එන්න ඕනනේ... ඉතින් දුක්වේදනාවක් ස්තීර වුනොත් මොකද වෙනේ.. සැප වේදනාවක් ස්තීර වුනොත් මොකද වෙන්නේ.. ඔයාම හිතලා බලන්න...

    නමුත් මම දුක එනවට කැමති නැහැ.. ඒත් එනවා... සැප යනවට කැමති නැහැ ... ඒත් සැප යනවා... කැමති සේ නැහැ කියන එකද ගැලපෙන්නේ ස්තීර නැහැ කියන එකද ... කියලා හිතලා බලන්න...


     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සහෝ, ඕක මත්තේ ඔච්චරට නැහෙන්න හදන්න ඕනේ නැහැ! ඔයාට හරි මට හරි අවබෝධ වෙච්ච විදියටම අනික් කෙනාටත් අවබෝධ වෙන්න ඕනේ කියල එකක් නැහැනේ... පොඩි drift එකක් තිබුනට කමක් නැහැ! එහෙම්පිටින් වරද්දගෙන නෙවෙයි නේ... කොහොම හරි දිගින් දිගටම ධර්ම මාර්ගයේම ගමන් කලොත් අවසානයේ මේ අල්ලාගෙන, බදාගෙන ඉන්න සේරම (මමය, මම වෙමි කියන සංකල්පය හා ඊට අදාළ සියල්ල) නිසරු, නිෂ්ඵල දෙයක් බව වැටහිලා ඉබේටම අතහැරිලා ගිලිහිලා යන දවසක් එනවා! ඒත් කෙනෙකුගෙන් තව කෙනෙකුට ඕක සිද්ධවෙන විදියත් වෙනස් නේ... අහල ඇතිනේද, 1) සමහරුන්ට ලේසියෙන්ම ධර්මය මුණගැහෙනවා, ලේසියෙන්ම/ඉක්මනින්ම අවබෝධ කරනවා 2) සමහරෙකුට බොහොම අහම්බෙන් දුෂ්කරවයි ධර්මය මුණගැහෙන්නේ ඒත් වහා අවබෝධ කරනවා 3) සමහරෙකුට ලේසියෙන්ම ධර්මය ලැබුනත් බොහොම අමාරුවෙන්/පරක්කුවෙලයි අවබෝධය ඇතිවෙන්නේ 4) තවත් කෙනෙකුට ධර්මය ලැබීම හා අවබෝධ කිරීම යන දෙකම බොහොම දුෂ්කරව ප්‍රමාද වෙලයි සිදුවෙන්නේ කියල. ඉතින් මේ වගේ තැන් වල එච්චරට worry වෙන්න ඕනේ නැහැ! කෙනෙක් සම්පූර්ණයෙන් වැරදි දිශාවකට යනවා දැක්කොත් එතැනදී ඉක්මනටම ක්‍රියාත්මක වෙන්න! නැත්නම් බලාගෙන ඉන්න හරියට යනවද, කැලේ පනින්න හදනවද කියල... මම නම් එහෙමයි.
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    හරි. එහෙමනම මෙහෙම හිතමු. සියලු සංස්කාර ධර්මයන් කැමතිසේ නෑ!!! අනිත්‍යයි.(අපි කැමති ඒවා නිත්‍ය ලෙස පවත්වන්න එත් ඒවා වෙනස්වෙනවා, අනිත්‍යයි).

    ඒවා අනිත්ය වූ නිසාත්, කැමති සේ නැති නිසාත් දුකක් හටගනියි.

    එහෙනම් ඒ කැමතිසේ නැති දේවල් සහ අනිත්යවූ දේවල් වලට ඇල්ම , උපාදානය , තන්හාව ඇතිකරගන්න එපා. ඒවා අසාරයි . පස්සෙන් ගිහින් වැඩක නැහැ. :no::no::no:

    මෙහෙම හිහන කොට මට පුදුම සහනයක් දැනෙනවා. :yes::yes::D:D:D

    මම නම හිතන්නේ ඔය කැමති සේ නෑ කියන එකේ අනිත්‍ය කියන එක ගැබ් වෙලා තියෙනවා.
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    එහෙමනම මෙහෙම හිතමු...
    මෙහෙම හිහනකොට මට පුදුම සහනයක් දැනෙනවා...

    ඔන්න ඔය 'සහනය' තමා යාළුවා අන්තිමට බලාපොරොත්තුවන එකම දෙය. ඒකෙත් උපරිම එක, සදාකාලික සහනය!!
    හිතන්න පටන්ගත්තු සැනින් තේරෙනවා නේද වෙනස? ඕක තමයි කතන්දරේ... හිතන ආකාරය තමයි සේරටම මුල! "මනෝ පුබ්බංගමා ධම්මා..."
    සංසාර ගමන පටන්ගත්තේ ඔය හිතන ආකාරය වැරදිච්ච තැන ඉඳලයි... ඒක කවදා කොහේදී කොයිවිදියකින් සිදු උනාද කියල බුදුනෙතට වත් පෙනෙන්නේ නැහැ කිව්වනේ. ඉතින් ඒ වැරදීම හන්ද සකස්වෙන්න ගත්තු 'අපි' මේ පැවැත්මේ රැඳිලා ඉන්න තාක් කල් සහනය කියන එක උපරිමයෙන් ලබන්න බැහැ!!
    ඒ කියන්නේ අපිව, safely 'park' කරලා තියන්න පුළුවන් තැනක් මේ විශ්වයේ කොහෙවත් නැහැ!!
    සදාකාලික සහනය ලබාගැනුමට කරන්න පුළුවන් එකම දෙය මේ නැවත නැවතත් සකස් වීමට හේතු උන ක්‍රියාදාමය 'පටිච්චසමුප්පාදය' ක්‍රියාවිරහිත කරන එක පමණයි. ඒක තනිකරම 'සිතන ආකාරය' පදනම් වෙච්ච දෙයක්!!
    ඔහොම යං... ඔහොම යං...
    වෙලාවක් ඒවි හරියටම click වෙන... ඊට පස්සේ ඉතින් සේරම තේරෙන්න, පේන්න පටන්ගනීවී ලස්සනට... lightning speed තමයි!!!
     
    Last edited:

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    හරි. එහෙමනම මෙහෙම හිතමු. සියලු සංස්කාර ධර්මයන් කැමතිසේ නෑ!!! අනිත්‍යයි.(අපි කැමති ඒවා නිත්‍ය ලෙස පවත්වන්න එත් ඒවා වෙනස්වෙනවා, අනිත්‍යයි).

    ඒවා අනිත්ය වූ නිසාත්, කැමති සේ නැති නිසාත් දුකක් හටගනියි.

    එහෙනම් ඒ කැමතිසේ නැති දේවල් සහ අනිත්යවූ දේවල් වලට ඇල්ම , උපාදානය , තන්හාව ඇතිකරගන්න එපා. ඒවා අසාරයි . පස්සෙන් ගිහින් වැඩක නැහැ. :no::no::no:

    මෙහෙම හිහන කොට මට පුදුම සහනයක් දැනෙනවා. :yes::yes::D:D:D

    මම නම හිතන්නේ ඔය කැමති සේ නෑ කියන එකේ අනිත්‍ය කියන එක ගැබ් වෙලා තියෙනවා.

    ඔව් මේ ස්තීර නැති ස්වභාවයමයි සසර හදන්නේ.. තමන්ගේ කැමත්තට පවත්වන්න බැහැ...
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    [FONT=&quot]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඇත්තටම මේ ශරීරය පිනවීම හොඳයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තව තවත් හොඳින් පිනවන්න (නියම මාර්ගයෙන්)[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අත්දැකීම් ගන්න අවශ්‍යයි කියල අපේ කට්ටිය හිතන් ඉන්න දුර්මතය පරිබ්‍රාජක දහමේ එන ඉගැන්වීමක්. ඔය පරිබ්‍රාජක සූත්‍ර වලත් තියෙනවා [/FONT][FONT=&quot]“ආරෝග්‍ය පරමා ලාභා... නිබ්බානං පරමං සුඛං” කියල. එකේ තේරුම බුදු හාමුදුරුවෝ ඇසූ විට “මේ ශරීරයේ නිරෝගී කම ගැන තමයි එතනින් අදහස් වෙන්නේ” කියල මාගන්ධිය පරිබ්‍රාජකයා කිවුවා. මේ කුණු ශරීරයේ නිරෝගී කම ගැන නෙමෙයි එතන කියන්නේ කියල බුදු හාමුදුරුවෝ දේශනා කලාම පරිබ්‍රාජකයා ලැජ්ජාවට පත් උනා (ඔන්න අපේ ගොඩක් “සැබෑ බෞද්ධයොත්” හිතන් ඉන්නේ “ආරෝග්‍ය පරමා ලාභා” කියන්නේ ශරීරයේ නිරෝගී කම ගැන කියල). එදා මාගන්ධිය පරිබ්‍රජකයා වහසි බස් දොඩලා බුදු හාමුදුරුවොත් එක්ක තර්ක කරලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැරදිලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැවිදි වුණා. . [/FONT][FONT=&quot]
    [/FONT]



    [/FONT]​

    :baffled::baffled::baffled:
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ඇත්තටම ආරෝග්‍යා පරමා ලාභා කියන්නෙ මොකක්ද එතකොට

    ආරෝග්‍යා පරමා ලභා---- සිතෙහි නීරෝගි කම
    සන්තුට්ඨි පරමාණ ධනං ---- සිතෙහි සන්තෝෂය
    විශ්වාෂා පරමා ඥාති ------ සිතෙහි ඇති විශ්වාශ බව, බුදුන් , ධර්මය , සඟුන් කෙරෙහි

    නිබ්බානං පරමාණ සුඛං ------ සිතෙහි ඇතිවන නිවන

    මේ ටික කනාවට කිව්වේ, හරිද දන්නේ නැහැ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇත්තටම ආරෝග්‍යා පරමා ලාභා කියන්නෙ මොකක්ද එතකොට

    මේ ගැන බුදුන්වහන්සේම කියල ඇති. ඒත් මගේ data bank එකෙන් මොකුත් ආවේ නැහැ... මම එච්චරට අවධානය යොමුකරපු නැති දෙයක්!

    හැබැයි මේකයි ඇත්තම ලාභය!! නිරෝගී නැති උනා නම් අනික් සේරම හබක්!

    එතකොට හැමතිස්සෙම රෝගයෙන් පීඩාවට පත්වෙලා... සිහි කරකර ඉන්න වෙන්නේ ඒ රෝගය ගැන! වෙන මොකවත් හිතන්න, ධර්මයේ හැසිරෙන්න තවත් දුෂ්කර වෙනවා.

    ලෙඩෙක් උනා නම් එයාගේ ප්‍රධාන කටයුතු වෙන්නේ speciallists ල හොය හොය යන්න, බෙහෙත් ගෙන්න, ඒවා පාවිච්චි කරන්න... තනිකරම ලෙඩේ බදාගෙන ඉන්න වෙන්නේ.

    ජීවිතේ sorry වෙනවා. අපිට එහෙම නොවෙන්න හේතු උන අපි ලබාපු ලොකුම ලාභය තමයි නිරෝගී කම!!