ඔන්න එකෝමත් එක ඉස්කෝලෙක ( මිශ්ර පාසලක් ) අලුතෙන් මිස් කෙනෙක් ආවලු 10 වසරේ පන්තියට උගන්වන්න . එතන ඉඳන් කතාව මෙහෙමයි .
මිස් : ආයුබෝවන් ළමායි …
ළමයි : ආයුබෝවන් ටීචර් .
මිස් : මම තමයි අද ඉඳන් මේ පන්තියට උගන්වන්නේ . ඔක්කොටම කලින් අපි අඳුනගෙන ඉමු . මගේ නම රෝසි . ඔයගොල්ලෝ හැමෝම දැන් නැගිටලා තමන්ගේ නමයි , තමන්ගේ විනොදාන්ශයයි කියන්න ඕනා . හරි අපි පිරිමි ළමයිගෙන් පටන් ගමු .
1 පිරිමි ළමයා : මගේ නම අචල . මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න .
මිස් : ( ටිකක් කොර වී ) හ්ම්ම් හරි අමුතු විනොදාන්ශයක්නේ .. හරි ඊළඟ කෙනා කියන්න බලන්න .
2 පිරිමි ළමයා : මගේ නම මෙත්සිරි . මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න .
මිස් : ( තව ටිකක් කොර වී ) කමක් නැහැ උදව්වට යාලුවෙකුත් ඉන්න එක හොඳයි . හරි ඊළඟ …
3 පිරිමි ළමයා : මගේ නම ධනංජය . මමත් ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න .
මිස් : (!#$%&*@ වී ) ළමයි මොනවද මේ කියන්නේ . ඔයගොල්ලෝ විහිලු කරනවද ? නැත්නම් ඔයාලට පිස්සුද ? මටනම් තේරෙන්නේ නැහැ මේ වගේ මානසික මට්ටමෙන් අඩු ළමයි ටිකකට කොහොම උගන්වන්නද කියලා . හා දැන් පිරිමි ළමයි කිව්වා ඇති . ගැහැණු ළමයි තමතමන්ව අඳුන්වලා දෙන්න . ඔය අයිනේ ඉන්න කෙනා පටන් ගන්න .
1 ගැහැණු ළමයා : මගේ නම හිමානි . මම කැමතිම කුරුල්ලෝ බලන්න .
මිස් : අන්න බලන්න . ගැහැණු ළමයි කොච්චර හොඳද කියලා .. හොඳ දුව .. වාඩි වෙන්න . දැන් අර පිටිපස්සේ ඉන්න දූ කියන්න බලන්න .
2 ගැහැණු ළමයා : මගේ නම තනූෂා . මම කැමතිම පර්ෆියුම් එකතු කරන්න .
මිස් : ගැහැණු ළමයි පිරිමි ළමයිට වඩා බුද්දිමත් වැදගත් බව පේනවා . හා දැන් ඔය මැද ඉන්න ලස්සන දුව කියන්න බලන්න ඔයා කැමතිම මොනවටද කියලා …
3 ගැහැණු ළමයා : ටීචර් මගේ නම බුබුළු . මම කැමතිම දවසේ වැඩි හරියක් බාත් ටබ් එකට වෙලා නනා ඉන්න ….
මිස් කලන්තේ දාල වැටුනලු

