බුර්කා-නිකාබ

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බුර්කා-නිකාබ තහනම ඉවත් කිරීම පාස්කු බෝම්බයෙන් මිය ගිය අයටත් නිගාවක්.. ස්තිර නීතියකින් බුර්කා-නිකාබ තහනම් කල යුතුයි..

    ජාතික හෙළ උරුමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
    බුර්කා සහ නිකාබ් තහනම ඉවත් වීම සම්බන්ධව
    මීට මාස පහකට පෙර එල්ල වූ පාස්කු දින ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව බුර්කා සහ නිකාබ් වැනි සම්පූර්ණ මුහුණම ආවරණය කරනු ලබන ඇඳුම් සම්බන්ධයෙන් පනවා තිබූ තහනම, මේ වන විට තවදුරටත් බලපවත්වන්නේ නොමැති බව දක්වමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් අපගේ දැඩි අවධානය යොමුව ඇත.
    මේ බුර්කා සහ නිකාබ් තහනමට හේතු වූ කරුණු යළිත් සිහිපත් කිරීම මේ අවස්ථාවේදී ප‍්‍රයෝජනවත්ය. පසුගිය අපේ‍්‍රල් මස 21 වෙනිදා එල්ල වූ බිහිසුණු සහ ම්ලේච්ඡු ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා එතෙක් පොදු සමාජයේ එතරම් අවධානයකට ලක් නොවූ ඉස්ලාම් අන්තවදය පිළිබඳ විශාල සංවාදයක් ආරම්භ විය. එහිදී විශේෂයෙන් සාකච්ඡුා වූ කරුණු දෙකක් වන්නේ ඉස්ලාම් අන්තවාදී ත‍්‍රස්තවාදයට හේතු වූ ආගමික අන්තවාදී රැුඩිකල්කරණය ආපසු හැරවීම සහ මෙබඳු ත‍්‍රස්ත ප‍්‍රහාර අනාගතයේ එල්ල වීම වලක්වා ගැනීමයි. බුර්කා සහ නිකාබ් වැනි ඇඳුම් තහනම් කිරීමට තීරණය කරන ලද්දේ එය එම කරුණු දෙක සම්බන්ධයෙන්ම තීරණාත්මක වීම නිසාය.
    එක අතකින් බුර්කා වැනි ඇඳුම් රැුඩිකල් අන්තවාදී ඉස්ලාමයේ කැපී පෙනෙන සුළු අංගයක් විය. මුස්ලිම් සමාජය ඉතා හානිකර ත‍්‍රස්තවාදයක් කරා ගමන් කළේ මේ බුර්කාව වැනි අංග ඇතුලත් වූ අලූතෙන් හඳුන්වා දෙන ලද උමතු ආගමික අන්තවාදයෙහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව මුස්ලිම් සමාජය නිර්-අරාබිකරණය කිරීම සහ නිර්-රැුඩිකල්කරණය කිරීම, ඉස්ලාම් ආගමික ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙහිලා අත්‍යාවශ්‍යය යන අදහස මධ්‍යස්ථ ඉස්ලාම් භක්තිකයන් විසින් පවා මතු කරනු ලැබිණ.
    අනෙක් අතට, බුර්කා සහ නිකාබ් වැනි ඇඳුම් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඍජු බලපෑමක් කරන බව බොහෝ දෙනා විසින් පෙන්වා දෙනු ලැබීය. පුද්ගලයෙකු පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව මෙබඳු ත‍්‍රස්තවාදී තර්ජනයකට මුහුණ දී ඇති රටක අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. බුර්කා සහ නිකාබ් තහනම පනවන ලද්දේ මේ කරුණු දෙක ඉතා බැ?රුම්ව සලකා බැලීමෙන් අනතුරුවය.
    ඊට අමතරව ඉස්ලාම් අන්තවාදය විසින් අති බිහිසුණු සහ ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කොට ඇති පසුබිමක, එම අන්තවාදයේ ඍජු ප‍්‍රකාශනයක් සහ සංකේතයක් වන ඇඳුමකට ඉඩ දීම සමාජය තුළ අසහනයක්, කෝපයක් සහ වෛරයක් ඇති වීමට හේතු වන බවද පැහැදිලි වී තිබුණි. ඒ අනුව මේ නොගැලපෙන ඇඳුම තහනම් කිරීම ජනවර්ගයන් අතර සංහිඳියාව අත්‍යවශ්‍ය පියවරක් විය.
    මේ කිසිදු තත්ත්වයක් තවම වෙනස් වී නොමැත. විශේෂයෙන්ම පාස්කු දින ප‍්‍රහාරයේ බියකරු මතකය ඉවත්ව යන්නට තරම් කාලයක් තවම ගත වී නැත. එබඳු පසුබිමක යළිත් බුර්කා සහ නිකාබ් ඇඳුමට ඉඩදීම එම ප‍්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූවන්ට කරන මහත් අවමානයකි. එමනිසා හදිසි කටයුත්තක් ලෙස සලකා මේ ඇඳුම ස්ථිර ලෙස තහනම් කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කටයුතු කරන මෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ප‍්‍රමුඛ රජයෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටිමු. එය තවදුරටත් පමා කිරීම මගින් බිහිසුණු ප‍්‍රතිඵල ඇති වීමේ විශාල ඉඩක් ඇතිබවද පෙන්වා දීමට කැමැත්තෙමු.
    අනුරුද්ධ ප‍්‍රදීප් කර්ණසූරිය
    මාධ්‍ය ප‍්‍රකාශක/ නියෝජ්‍ය ලේකම්
    ජාතික හෙළ උරුමය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් පාටලී ඇයි ඕක අපිටද කියන්නෙ, අපිද දැන් බුර්කාව තහනම් කරන්ඩ ඔනෙ????? පාටලී පාන්ඩුවෙ ඇමති කෙනෙක් නේද, දැන් ඕව තහනම් කරන්ඩත් ඔනෙ සාමන්ය ජනතාවද... :confused::confused: