බුරුජ්ජිමත් Z Gen නේපාල හිල්ටන් හෝටලයටත් ගිනි තබති
========================================
අවුරුදු 8ක් තිස්සේ ගොඩනගන ලද කත්මන්ඩු හිල්ටන් හෝටලය පෙරේදා නේපාල බුරුජ්ජිමත් Z Gen විසින් ගිනිතබා අළු බවට පත් කළහ
මෙම හෝටලය ඉදිකිරීම සඳහා නේපාල රුපියල් බිලියන 8ක් පමණ වැය කර තිබේ
කාමර 176කින් ද භෝජනාගාර 5 කින්ද සහ තවත් පහසුකම් රැසකින්ද සමන්විතවූ කත්මන්ඩු හිල්ටන් හෝටලය නේපාලයේ උසම හෝටලය විය
හෝටලය පළමු වරට විවෘත කරන ලද්දේ 2024 ජුලි මාසයේදීය
හෝටලයට ගිනි තැබීමෙන් නතරනොවූ බුරුජ්ජිමත්හු එහි නැවතී සිටි සංචාරකයන්ට පහර දී තිබේ
නේපාලයේ ඉකුත් දින තුනේ සිදුවුයේ 2022දි ලංකාවේ සිදුවූ අරගලයට සමාන අරගලයක් නොව 1983 කළු ජූලියේදී සිදු කරන ලද විනාශයට සමාන විනාශයකි
කළු ජූලියේදී දෙමල ජනතාවට එල්ල කරන ලද තිරිසන් ප්‍රහාරවලදී අහුඋන අහුඋන දෙමල වැසියා මරා දැමු අතර දෙමල ජනයට හිමි දෙපොල සහ ව්‍යාපාර පුළුස්සා දමන ලදී දෙමල ජනයාගේ ආර්ථික ශක්තිය කඩා දැමීම කළු ජූලියේ එක අරමුණක් විය
නේපාලයේ සිදුවෙන්නේ දේශපාලනඥයන්ගේ ජීවිත සහ දේපොළ විනාශ පමණක් නොව ඇති හැකි අයගේ ද දේපොල විනාශ කිරීමයි
මේ නිසා නේපාල ආර්ථිකයට සිදුවූ විනාශයෙන් ගොඩ යාමට ථ්ව්කථ් අවුරුදු 10ක් වත් ගතවනු ඇත
නේපාලයේ ඉකුත් දින තුනේ කරන ලද විනාශය හේතුවෙන් ලක්ෂයකට අධික පිරිසකගේ රැකියා සහ ආදායම් මාර්ග අහිමි කර තිබේ
2008 සිට නේපාලය වරින් වර ආණ්ඩු කර ඇත්තේ නේපාල කොන්ග්‍රසය සහ මාක්ස්වාදී දෙශපාලන පක්ෂ විසිනි
නේපාලයේ පැවතී අවසාන ආණ්ඩුව නේපාල කොන්ග්‍රසයේ සහ මාර්ක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ සහ සමාජවාදී මත දරන්නන්ගේ සන්ධානයක් විය
පෙරේද (9) රාත්‍රියේ සිට එරට පාලනය කිරීම නේපාල හමුදාව අතට ගෙන තිබේ
නේපාලය දුප්පත් රටක් වුවත් එරට විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 17.63 කි